තවත් තෙලුගු චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. මේ චිත්‍රපටය අයිති වෙන්නේ Comedy, Horror, Thriller කියන කාණ්ඩ වලට. 2018 නොවැම්බර් 17 නිකුත් වුන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගණයෙන් දායක වෙන්නේ කවුරුත් දන්නා හඳුනන, ලැබෙන හැම නිර්මාණයක්ම බාරගන්නෙත් නැති, තමන්ටම කියා වෙනම අනන්‍යතාවයක් ග…

තවත් තෙලුගු චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. මේ චිත්‍රපටය අයිති වෙන්නේ Comedy, Horror, Thriller කියන කාණ්ඩ වලට. 2018 නොවැම්බර් 17 නිකුත් වුන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගණයෙන් දායක වෙන්නේ කවුරුත් දන්නා හඳුනන, ලැබෙන හැම නිර්මාණයක්ම බාරගන්නෙත් නැති, තමන්ටම කියා වෙනම අනන්‍යතාවයක් ගොඩ නගාගෙන සිටින කඩවසම් නළු විජේ දේවරකොන්ඩා. තම ප්‍රථම සිනමා නිර්මාණයට දායක වෙමින් Priyanka Jawalkar ප්‍රධාන චරිතයකට දායක වන අතරේ Malavika Nair ද තවත් ප්‍රධාන චරිතයකට දායක වී තිබෙනවා. Madhunandan, Ravi Varma, සහ Shiju යන අය සහය රංගණයෙන් දායක වෙනවා. Rahul Sankrityan නම් නවක අධ්‍යක්ෂක වරයාගේ අධ්‍යක්ෂණය යටතේ නිමැවුනු මේ චිත්‍රපටයට සංගීතය මුසු කරන්නේ Queen, Swathanthryam Ardharathriyil, Ranam වැනි සොඳුරු සිනමා පට වලට සංගීතය සැපයූ Jakes Bejoy විසින්.
චිත්‍රපටයේ වටපිටාව ගැනත් ටිකක් සඳහන් කළොත්, හින්දු මහා වීර කාව්‍යයක් වන මහාභාරතයේ එක් කොටසක් වන භගවද් ගීතාවේ දෙවෙනි පරිච්ඡේදයේ 23 වන ශ්ලෝකය පදනම් කරගෙන නිමවූවක් කියලයි සඳහන් වෙන්නේ. චිත්‍රපටයේ නම දැක්කම පේනවානේ ටැක්සියක් සම්බන්ධයි කියලා. ඉතින් මේකට යොදාගෙන තිබෙන්නේ 2002 වර්ෂයේදි නිෂ්පාදනය නවතා දමන ලද, Hindustan Motors වෙතින් නිෂ්පාදනය කළ Contessa කියන වර්ගයේ වාහනයක්. ඒ වගේම මේ චිත්‍රපටය නිකුත් වෙන්නත් කලින්ම මේ ගැන කතා වුනේ නිකුත් වෙන්න මාස කිහිපයකට කලින් සංස්කරණය නොකරන ලද පිටපතක් අන්තර්ජාලයට නිකුත් වීමත් සමගයි. කෙසේ නමුත් ඒ හා සම්බන්ධ පිරිස් අත් අඩංගුවට ගන්නටත් පොලිසිය කටයුතු කළා. ඉතින් මේ විදිහට අලකලංචි ගොඩක් මැද්දේ තිරගත කළ චිත්‍රපටය ආදායම් අතිනුත් සාර්ථක වෙමින් හිට් ලේබල් එක අලව ගන්නත් සමත්කම් දැක්වුවා. ඇත්තටම මේ චිත්‍රපටය මැයි මාසයේ නිකුත් කිරීමට නියමිතව තිබුණත් නොවැම්බර් දක්වා කල් දමන්නට ඔවුන් කටයුතු කළා. සාමාන්‍යයෙන් කල් දමන චිත්‍රපටයක් සාර්ථක වීමේ ප්‍රවණතාවය බොහොම අඩුයි. ඉතින් ඒ සීමිත චිත්‍රපට අතරට එක් වන්නට ලැබීමත් මේ චිත්‍රපටයේ තවත් විශේෂත්වයක්. ප්‍රේක්ශකයන්ගෙනුත් හොඳ ප්‍රතිචාර හිමි වුනු මේ චිත්‍රපටය IMDb දර්ශකයේ මේ වන විට 7.5 ක අගයක් ලබා ගන්නටත් සමත්කම් දක්වා තිබෙනවා. ඒ වගේම කෝටි 7 ක වියදමකින් නිෂ්පාදනය කළ චිත්‍රපටය කෝටි 60 ක ආදායමක් ලබා ගන්නට සමත්කම් දක්වා තිබෙනවා.
දැන් කතාව ගැන බලමු. ශිවා කියන තරුණයා උපාධිය සම්පූර්ණ කර ගත්තත් රස්සාවක් හරි යන්නේ නැති නිසා රස්සාවක් හොයාගෙන හයිද්‍රාබාද් වලට එනවා. ඒකේක රස්සාවල් කරන්න ගිහිල්ලා හරි හරි ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා. අන්තිමේදි මෙයාට දැනගන්න ලැබෙනවා ටැක්සියක් දුවලා හොඳ ගානක් හොයන්න පුලුවන් කියලා. හයිද්‍රාබාද් වල ඉන්න තමන්ගේ අයියාගෙන් සල්ලි ටිකක් ඉල්ලගෙන හැම තැනම කාර් හොයන්න පටන්ගන්නවා. ඒත් එයාගේ අතේ තියෙන ගානට හරි යන ටැක්සියක් හොයාගන්න ලැබෙන්නේ නෑ. අන්තිමේදි මෙයාට කෝල් එකක් එනවා ඔයාගේ අතේ තියෙන ගානට වාහනයක් දෙන්නම් කියලා. ඉතින් වටිනා කියන වාහනයක් මෙයාලගේ අතේ තියන ගානට ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඒ වාහනයත් එක්ක සම්බන්ධ දෙයක් මූලික කරගෙන තමයි මේ කතාව ගලාගෙන යන්නේ. එහෙනම් මේ චිත්‍රපටයත් රස විඳින්නට හැමෝටම ආරාධනා කරනවා.
ප.ලි: චිත්‍රපටය ආපු සැනින් අසා ලිවීමක් කරන්න ගත්තත් මේ වන තුරු පමා වීම ගැන සමා වෙන්න ඕනා. සබ් එකක් කරන්න ගත්තමනේ හැම වැඩක්ම සෙට් වෙන්නේ. 😛 කොහොමින් කොහොම හරි ඉංග්‍රීසි උපසිරැසියකුත් ආපු නිසා කිසිම අඩුපාඩුවක් නැතුව දෙන්න ඕන වුන නිසා තමයි දවස් කිහිපයක් ගත වුනේ. ඒ වගේම විශේෂ ස්තූතියක් කරන්න ඕන තාරක නුවන් දිල්හාර සහෝදරයාට, බයිස්කෝප් මංසල වෙනුවෙන් පරිවර්ථනය කරපු මේ චිත්‍රපටයේ Maate Vinadhuga කියන අපූරු ගීතයේ සිංහල පරිවර්ථනය ලබා දීමත් විද්‍යාත්මක වචන වලට අරුත් සොයා ගැනීමට උදව් කිරීම සම්බන්ධයෙන්. එහෙනම් තවත් තෙලුගු සලරුවක උපසිරැසි සමගින් හමුවෙමු.
ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය Proper True HQ HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
27,145 downloadsDownload Taxiwala-2018.zip47 KB
![]()
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
59 comments
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
Udaya Saman
උපසිරසියට බොහොම තුති සදේ අයියෙ..
ඔන්න එහෙනම්නම් ඩවුන් කරා..
ඔබට ජය..ඔෂද ධනංජය
thanx sahoo
geeganagamage
බොහොම ස්තුතියි සහෝ අනිවාර්යයෙන්ම බලනවා .
කවිනු වීරක්කොඩි
සිංදු ටික මාර ලස්සනට දාලා තිබුණා.
ස්තූතියි!!!!Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!TharakaWAS
Subata thanks sande...!!!
තාරක නුවන් දිල්හාර ©T
සෑහෙන්න රසවිඳපු චිත්‍රපටියක්..
ෆේවරිට් ඇක්ටර්.. හොලිවුඩ්...
ආතල්..
ස්තුතියි උපසිරසියට
ජයෙන් ජය..!!!!malaka88426
Thanks
Kulanjana Maduranga
niyamai..subata thanks saho...
චානක ඉඳුනිල්
සබට බොහොම ස්තූතියි අයියේ,
එනකම් බලාගෙන හිටිය සබ් එකක්,Juanluis
Thnkqqqqqq❤❤
thimalF
patta machan film eka supiri
යුරාන් ධනුක (ධනූ)
බොහෝම ස්තූතියි සහෝ
Shehan putha
Thanks sade.....jaya
wajira
Thanks for sub
Shalin Herath
Tnx bro
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .
damith_janaranjana
එලම
santhusha319
thanks saho
BTC
Thanks bro..
DILEKA
උපසිරැසියට බොහොම ස්තූතියි!!
pramudikasupunk
Tnx saho ubala nathnam api film balala iwarai
Chathura ranawaka
ජයවේ සඳේ
RuwanLakshan93
එළ සහෝ.... උපසිරැට ස්තූතිය. ජය වේවා....!
harshani11112
ස්තුති සහො තෙරැවන්සරණයි
Milind@
Thanks saho
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Janith Mawela
Thank you for sub....
Sadeeshmanuja
Film එකත් පට්ට sub එකත් එලටම තිබුන.සිංදු ටිකටත් subtitles දාල තියෙන එකනම් හොඳයි.ජය වේවා
thanujamilandi
Thank you sub ekata jaya wewa!! BS!!
Sathya Bandara
sub 1ta godak sthuthi.. jaya..
Pathum N Herath
සසියා..ෆට්ට බං සබ්නම් කියක වැඩක් නෑ උබේ..අය කියන්න දෙයක් නෑ..ආදරෙයි බයිස්කෝප් සහෝදරයො ඔක්කෝටම..
Cool_maths
Ela..thnx bn..
duminda0991
thnks bro
suranuwan
thanks.....
Amila...ushan
ස්තූතියි රත්තරනේ
H_anuru
Thank you bro
SASANDA SENEVIRATHNE
THAANKS THANKS ARJUN REDDY film ekat dennooo
Gandhaka Indrajith
Thanks for the Subtitle
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Madushan Lakshitha
Thanx for sub machoo
mudar
4N ek penn na bm mx player ek
IsuruF
Thankz
Gavin Hesara
ස්තුතියි සහෝ බුදු සරණයි !!!
Bama_Boy
thank you!
Denuthu
Thank you..
Cholitha
Subtitle ganna bahane meke
Cholitha
Ay sub ganna bari.oyalage account ekak haraha log wennalu
akilashanuka49111
Thanks broo
mithnil1986
Thanks and good luck
Anonymous
sub ekata tanks
Anonymous
movie eka dwnld kLE KOHOMDA
shanuka adeeshaa
me movie eka bagnna vidiyak nadda??
Anonymous
kuruth nadda
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
බොහොම ස්තුතියි මල්ලි උපසිරැසියට මේක දෙනකන් බලාගෙන හිටියේ..!