MENU

AllFeatured ArticlesIndian Box office HitsM.T.R. තරිදු රුක්ෂාන් පෙරේරාSinhala Subtitleඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකදමිළසඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)සිංහල උපසිරැසි

Thambi (2019) Sinhala Subtitles | මල්ලි [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 85 votes.
Please wait...

බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් සිටිනා සියලු රසික රසිකාවියන්ට සිනමාරසාස්වාදයෙන් පිරුණු සුභම සුභ අළුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා. පහුගිය අවුරුද්ද එනම් 2019 ඉන්දීය සිනමාවේ තවත් විශේෂිත චිත්‍රපට රැසක්ම තිරගත කෙරුණ අවුරුද්දක් උනා. ඒ මොනවද යන්න බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් ඉන්දීය සිනමා රසික රසිකාවියන් වන ඔබලා හොඳින් දැකපු කාරණාවක්.! ඉතින් අද්විතීය නළු කාර්තිටත් 2019 අවුරුද්ද ටිකක් විශේෂ අවුරුද්දක් වෙන්න ඇති ඒ දීපවාලී දිනයට සමගාමීව තිරගත කල ඔහු රංගනයේ යෙදෙන KAITHI 2019 චිත්‍රපටයට පසුව Thambi 2019 චිත්‍රපටයත් නත්තලට සමගාමීව තිරගත කරපු නිසාවෙන්.! විචාරයකයන් නම් පැවසුවේ කාර්ති සිවකුමාර් වගේම මෙහි ප්‍රධාන චරිතය රඟපාන ඔහුගේ නෑණා වන ජෝතිකාද ඉතා චමත්කාරජනක ලෙසින් නැවතත් පැමිණ උපරිම සිනමා ආශ්වාදයක් සමඟ විනෝදාස්වාදයක් ලබාදුන්න වගක්.!

සාම්ප්‍රදායික චිත්‍රපට කරණයෙ ඉහලින්ම සිටින අධ්‍යක්ෂකවරු අතරින් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන Jeethu Joseph ගැන යමක් පවසන්නට පෙරාතුව මතක් කලයුතු දෙයක් විදියට ගතහොත් ඔබ කවුරුත් බලල ඇති මෙන්න මේ චිත්‍රපට පෙල Drishyam 2013, Papanasam 2015, Oozham 2016, Aadhi 2018 මේ චිත්‍රපට පෙල රචනය හා අධ්‍යක්ෂණයෙන් වගේම  Life of Josutty 2015Lakshyam 2017 මේ චිත්‍රපට ද්විත්වයෙන් පලමුවැන්න අධ්‍යක්ෂණයෙන් පමණක් සහ දෙවැන්න රචනයෙන් සහ නිෂ්පාදනයෙන්ද ප්‍රේක්ෂකයින්ට දායාද කරමින් දකුණුු ඉන්දීය සිනමාවද හැඩකල අධ්‍යක්ෂකවරයෙක් විදියට අවිවාදයෙන්ම හඳුන්වන්න පුලුවන් ඒ වගේම ඔහුගේ මෙම නිර්මාණය ගැනත් කිසිම අවිනිශ්චිත භාවයක් තබාගත යුතු නෑ කියලයි මගේ නම් අදහස.! ඒ වගේම ඔහුගෙ චිත්‍රපට අතරින් Drishyam 2013 සහ Papanasam 2015 යන චිත්‍රපට ද්විත්වය ගැන එකල දැඩි ලෙසින් කතාබහට ලක්වුන බව ඔබටත් මතක ඇති ව‍ගේම මෙහි හිංදි ප්‍රතිනිර්මාණයක්ද පවා සිදුවූ බවද මතක් කර සිටිනවා. එසෙනම් තව තවත් මේ චිත්‍රපටය ගැන තොරතුරු කීම අවශ්‍ය වෙන්නෙ නෑ මොකද ඉහත දක්වල තිබෙන චිත්‍රපට සියල්ලම මේ වන විටත් ඔබ නරඹා ඇතැයි කියා විස්වාස කරනවා. ඒ චිත්‍රපට සියල්ලටමද අප බයිස්කෝප් සිංහලෙන් අඩවිය විසින් සිංහල උපසිරැසි ලබාදීලා තියෙනවා.                               

විචාරකයින් විසින් චිත්‍රපටය වෙත ලබාදුන් තම ප්‍රසාද ලකුණු කිහිපයක්..!

අවසාන වශයෙන් සිංහල උපසිරැසි ගැන්වීමට කිසිවකුවත් වෙන්කර නොගත් මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි ගැන්වීමට පෞද්ගලිකව විමසා බලා මා හට අවස්ථාව ලබාදුන් අප වෙබ් අඩවියේ ඇඩ්මින්වරයකු වන තිසර නියෝ සහෝට විශේෂ ස්තුතිය පිරිනමනවා.

ඒ වගේම මතක් කරන්න කැමතියි දැන් ඉස්සර වගේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ සිංහල උපසිරැසි බාගත කිරිමට වෙනදා මෙන් ලොගින් වීම (LOGIN) අවශ්‍යය නෑ. මීට පෙර තිබූ ආකාරයටම සාමාන්‍ය පරිදි උපසිරැසි ඔබට පහසුවෙන් බාගත කරගන්නට පුලුවන් බව.!

සහෝදර උපසිරැසිකරුවකු වන සඳුන් ධනුෂ්ක සොයුරාටද ස්තුති  කරමින් අදට සමුගන්නවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 37963 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්) සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo

Hail Hydra

63 thoughts on “Thambi (2019) Sinhala Subtitles | මල්ලි [සිංහල උපසිරසි සමඟ]

  • Subtitle ekata thanks, Film ekath supiri.

    Reply
  • Anonymous

    Thnx for sub…❤

    Reply
  • Pskulathunga

    thanks bro, Much appreciated !

    Reply
  • නිමල් දිසානායක

    සඳුන්, තරිඳු.
    දෙනාටම ස්තුතියි සිත්ගන්නා ෆිල්ම් එකකට
    ළගන්නා ලෙසින් සබ්ස් දුන්නාට!

    Reply
    • Tambi film sub zip file convert wenne na

      Reply
  • ඔබගේ කැපවීම අගය කරමි

    Reply
  • Gandhaka Indrajith

    Thanks for the subtitle

    Reply
  • tharindu10106

    Commando 3 ekta sub eka dennako

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • hesaladissanayake

    psyco 2020 sub ekh oni plz

    Reply
  • Niroshani maduka

    Sub ekata thank you dr.

    Reply
  • Lucifer Micky

    Film eka Supiri , සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ , ඔබට ජය ! දිගටම ඔහොම සබ් කරමු… එල
    90 ML telugu film eke sub eknm ikmnatam one

    Reply
  • santhusha319

    thanks bokkaaa!!!!!!!!

    Reply
  • Prasanna123

    බලපු සුපිරිමි ෆිලුමක්… බය නැතුව බාගන්න… තෑන්ක් බ්‍රෝස්ලා…

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • 1.46 H264 download kalaata filmeka weda nethooo 🙁

    Reply
  • Rumesh dhanushka

    Thanks Brother ✨

    Reply
  • sathyajith

    thanks for the sub

    Reply
  • Meke sub eka weda karanne nane

    Reply
  • Thank You Machan Sub ekat

    Podi case ekak meke 1.5gb Mkv video file eka download kara weda karanne nene……….

    Reply
  • හොඳට රස විඳපු පිලුමක්. සබට තුති දෙන්නටම. පුලුවන් නම් කමෙන්ට්ස් දාන්නත් ලොග් වෙන්නැතුව පුලුවන් වෙන විදිහට හදන්ඩ

    Reply
  • chanaka47

    Sub ekata thanks kollo උපරිමයෙන් ම

    Reply
  • සනිඳු ලක්ඛිත

    දෙන්නටම බොහොම ස්තූති උපසිරසට..කයිති තමා මම මෑත කාලයේ බලපු සුපිරිම ෆිල්ම් එක..හැමදේම සමානව බෙදිලා යන විදියට හදලා තියෙනවා..කාර්තිගෙ සිනමා ගමනේ සංධිස්ථානයක් කියලා කියන්න පුලුවන්. මේකනම් ඒ තරම් සුපිරියක් වෙයිද දන්නෙ නෑ. ඒත් අනිවාර්යයෙන් බලනවා කාර්ති නිසා..

    Reply
  • ස්තුතියි තරිඳු….
    ස්තුතියි සඳුන්….
    දෙන්නට ම ජයවේවා…

    Reply
  • Asitha.pramoth

    බොහොම ස්තූතියි

    Reply
  • arawindasunimal

    thanks sub ekata (oba samata jaya) ………….

    Reply
  • Thisara Jeewantha de silva

    Dennama dan panagoda nisa sub ithin ikman wei …All The best soldiers ….

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ…..m.t.r.පට්ට….දෙනකන් හිටපු ෆිලුමක්….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..ජය වෙිවා මචෝ…..

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • tharidu16

    login nathi ekanam loku deyak. thanks macho mahansiyata

    Reply
  • මචං zip එක unzip කලාට file එක ඇතුලේ සබ් එක නැ නේ

    Reply
    • tharidu16

      ube player eka update karaganin yako

      Reply
  • Thnks mchn Enakan hitiye❤️

    Reply
  • පලවෙනි කමෙන්ටුව මගෙන්.අද උදේම හොද කොපිය ආව ගමන් බා ගත්ත.ඊයෙම තරිදු අයිය කිව්ව නිසා….දෙන්නටම බොහොම තුති උපසිරසියට .බැලිල්ලක් තමා ඉතින්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *