The 100 [S06 : E11] Sinhala Subtitles | කූට ප්‍රයෝගයන්! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙමනම් රැගෙන ආවා THE 100 හයවැනි කතාමාලාවේ 11වැනි කතාංගය. ඉතින් මේ කොටසින් පස්සෙ තවත් එන්න නියමිත වෙලා තියෙන්නෙ කොටස් ද්විත්වයක් විතරයි. හොදයි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.
ගිය සතියේ කොටස මතක් කළොත් මතක ඇතිනේ ගේබ්‍රියල්ව හොයාගෙන ගිය ක්ලාක්ට මගදී අකරතැබ්බයක් උනා. තව පොඩ්ඩෙන් ක්ලාක්ට වෙන්නේ වනාන්තරයේ කෑමක් වෙන්න. ඒවගේම ඔය වෙලාව වෙනකොට සැන්ටම්වල ආරක්‍ෂක උන්දලා එහෙමත් ක්ලාක් පස්සෙ වැටිලා නෙව හිටියේ. කොහොමහරි ක්ලාක් මැරෙන්න ඔන්න මෙන්න යද්දී එතනට එන ගේබ්‍රියල් සහ ඔක්ටේවියාව ක්ලාක්ව බේරගත්තා මතකයිනේ. හැබැයි ඒ වෙනකොට ඉන්නෙ ක්ලාක් නෙවේ ජොසෆින්. ඉතින් මතකනෙ ජොසෆින් ආරක්‍ෂකයන්ට කතා කරලා ගේබ්‍රියල්ව හිරබාරේට අරගෙන ඔක්ටේවියාව මරන්න කිව්වා. එතකොට එතන උන්නු ආරක්‍ෂකයෙක් අනිත් ආරක්‍ෂකන්ව මරලා දැම්මා මතකයිනේ. ඒ හිටියේ බෙලමි කියලත් මතකයිනේ.
ඔය දේවල් ඔහොම වෙන කොට ක්ලාක් සහ ජොසෆින්ගෙ මනස ඇතුලෙත් සෑහෙන්න දේවල් උනා. මනසට දරාගන්න බැරුව විනාශ වෙන්න යද්දි මතකනෙ ක්ලාක් ජොසෆින්ගෙ ඇතැම් මතකයන් විනාශ කරමින් කාලය ලබාගත්ත හැටි. යම් වෙලාවක දෙන්නා යාළුවො වගේ ළගින් පවා හිටියා. ඉතින් ඒ දේවල් එහෙම වෙනකොට අන්තිමේ ගේබ්‍රියල් ඩ්‍රයිව් එක අයින් කරන්න කටයුතු කළා. කොහොම නමුත් ඒක පලක් උනේ නෑ. මොකද ජොසෆින් ඩ්‍රයිව් එකෙන් අයින් වෙලා ක්ලාක්ගෙ මනස ඇතුලේ හිටිය නිසා. අන්තිමේ ක්ලාක්ව මරන්න ගිය ජොසෆින්ට උනේ ක්ලාක්ගෙ අතින් මැරුම්කන්න. ඉතින් ඒ අනුව ජොසෆින් ප්‍රයිම් සදහටම මියගියා.
ඔය අතරේ සැන්ටම්වල රසෙල්ගෙ සූදානම තිබ්බේ කට්ටියවම පුච්චලා මරලා දාන්න. මේකට හේතුවක් වෙන්නේ සිමෝන්ගෙ මරණෙ. එකෝ සහ ගායා රයිකර් ලව්වා සැන්ටම්වල මිනිස්සුන්ට ඇත්ත හෙළි කෙරෙව්ව නිසා මතකනෙ එක්තරා පුද්ගලයෙක් සිමෝන්ව මරලා දැම්මා. ඊට පස්සෙ රසෙල් තීරණය කළා මැඩි ඇරෙන්න අනිත් හැමෝවම පුච්චලා මරන්න. ඉතින් ඔය අතරේ එකෝගෙ සැලැස්ම උනේ රසෙල්ව මරලා දාන එක, ඒත් මතකනෙ රයිකර් අන්තිම මොහොතේ පැත්ත මාරු කළා. කොහොම නමුත් ජෝන් මර්ෆිගෙ කුට මොළේ නිසා කට්ටියට තව ටික කාලයක් ලැබුනා ජීවත් වෙන්න. ඒ තමයි ඇටමිදුළුවලින් නයිට්බ්ලඩ් හදන පොරොන්දුව. ඉතින් මේ කාර්‍යයට රසෙල් කෙලින් ගන්නෙ මැඩිව.
ගිය සතියේ කතාව ඔහොම වෙන කොට ඔන්න අද ක්ලාක් ආයේ ඇවිල්ලා ඉන්නෙ. ජොසෆින් ආයේ නෑ. ඉතින් දැන් කට්ටියගේ සැලැස්ම සැන්ටම්වලට ඇතුල් වෙලා තමන්ගෙ අයව බේරගන්න එක. එහෙමනම් මම මොකුත්ම කියන්නේ නෑ අද කොටස ගැන. ලබන සතියේ හමුවෙමු ආයේ.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB සහ BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 26727 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ..
ඊලඟ එපියටත් ආපු ගමන්ම සබ් එක දෙමු.
ජයවේවා..!
thanks bro. jaya wewa….!!!
Thanks Bro !!!
thanks ………………..
thanks
Thank you
උපසැරැසියට බොහෝම ස්තුතියි සහෝදරයා……
ජය වේවා !!!!!
Thanks brother
Thank you for subs. Keep doing on ur works. Best wishes…. Elama machan… thanx
Thank you bro
Anyone can send me this torrent link?
Sub ekata thanks….!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Thanks macho
Ela
Tnx bro
thanks macho hodata karala thiyenawa
thank you ….
Thanks Brother..
thanks machn……
all the best….
thank you bro…
Ela
Thankz machn…
Thanks for sub
තැන්ක්ස්
Elma
Thank you
Thanks saho
thanks
SUB එකට තැනක් මචන්.
පුළුවන් නම් දිගටම Webrip වලට දියන්.හොද කොලටි එකෙන් එපිය බැලුවැකි එතකොට
Thanks bro
tnx..broo
නියමයි….සබ් එකට තැන්ක්ස්….
ඉක්මනටම සබ් එක දීලා….
thanks for sub
thnx bro ikmnatama sub eka genawta
machan Direct download eka weda nene…
Sub ekata tnx bro
Thank you..!
thankz
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanx brooooo
ela
Thanks aiye…
Thanks for Sub!
Thanks for sub….
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Tz sub ekata….
සබ් එකට බොහොමයක් ස්තුතිය…..
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා………..!
Thanks for sub
thanks bro…
money heist S03..???
thanks
thanks..
thank you saho
Thank You
thx ayye,,
THX BROO
Thanks for the subtitle brother ❤️
ammo danakm balan hitiye