The Aggression Scale (2012) Sinhala Subtitles | අතිශයින් දරුණුයි! [සිංහල උපසිරැසි සමඟ]
ඔයාල දන්නවද Aggression Scale කියන්නෙ මොකද්ද කියල. Aggression කියන්නෙ ‘ප්රචණ්ඩ’ වගේ අදහසක්. Scale කියන්නෙ මිනුමක්. ඒ කියන්නෙ පුද්ගලයෙකුගේ ප්රචණ්ඩත්වය මනින යම් මිනුමක්. මේක විදේශ රටවල් වල ළමයි වෙනුවෙන් පවත්වන පරීක්ෂණයක්. ඔවුන් එක් එක් ළමයින්ව පරීක්ෂාවට ලක් කරනව ඒ ළමයගෙ ආවේගශීලීත්වය කොයි තරම්ද කියල නිර්ණය කර ගන්න. ඉතින් මේ ෆිල්ම් එකේ ඉන්න ‘ඕවෙන්’ කියල ළමය මේ පරීක්ෂණයෙන් ලකුණු 99.5ක් අරගත්ත කෙනෙක්. ඒ කියන්නෙ මෙයාගෙන් කෙනෙක්ට මානසිකව හෝ ශාරීරිකව හානියක් වෙන්න තියන ඉඩකඩ 99.5%ක් වෙනව. ඒ වගේම මෙයා හොඳ මොල කාරයෙක්.
දවසක් එයාගෙ තාත්ත විශාල මුදල් තොගයක් උස්සල ගෙදර කට්ටියත් එක්ක නගරෙන් ඈත ගෙදරකට අලුතෙන් පදිංචියට යනව. කොහොම හරි මේ සල්ලි වල අයිතිකාරයට දැන් අසූ හාරදාහට නැගල ඉන්නෙ. මෙයා තමන්ගෙ ගෝලයන්ට අණ දෙනව පැය 48ක් ඇතුලත තමන්ට රටෙන් පිටවීමට අවශ්‍ය නිසා ඊට කලින් තමන්ට ඒ සල්ලි ගෙනැත් දෙන්න කියල. ඒ වගේම තමන්ගෙන් එක පැන්සයක් හරි හොරකම් කරපු හැම කෙනෙක්වම මරන්නත් කියනව. ඔහොම යනකොට මේ අපරාධකාරයන් දැන ගන්නව සල්ලි ගත්තෙ කවුද කියල. මෙයාල කෙලින්ම යනව ඕවෙන් ඇතුලු පවුලෙ අනිත් අය අලුතෙන් පදිංචියට ගියපු නිවසට. ඔන්න ඔතනින් පස්සෙ තමයි ඔයාලට මේ ළමයගෙ වැඩකිඩ බලාගන්න ලැබෙන්නෙ. සමහර තැන් වල මේ ළමය කරන වැඩ හිතා ගන්න බෑ. පස්සෙ තමයි අපිට තේරෙන්නෙ ඇයි එයා ඒ වගේ දේවල් කරන්නෙ කියල. දුර දිග බලා, බොහොම සූක්ෂම ලෙස වැඩ කරන ළමයෙක්. උගුල් අටවන්නත් උපන් හපනෙක්. ඉතින් ඔයාලම බලන්නකො මේ අපරාධකාරයන්ව මට්ටු කරන්න මේ ළමයට හැකි වෙයිද? මේ කෝටි ගානක සල්ලි තොගය කොහෙද හංගල තියෙන්නෙ? අන්තිමේදි කවුරුන් ඉතුරු වෙයිද? මේ සල්ලි තොගයේ ඇත්ත අයිති කාරයට මොනවගේ ඉරණමක් අත් වෙයිද? කියල. කොල්ල පොඩි වුනාට වැඩ නම් පොඩි නැති බව ඔයාලට වැටහෙයි මේ ෆිල්ම් එක බලද්දි එයා කරන වැඩ දැක්කම.
Ray Wise, Derek Mears සහ Dana Ashbrook යන ප්‍රවීණයින් මේ සඳහා රංඟනයෙන් දායක වෙලා තියනව. Steven C. Millerගේ අධ්‍යක්ෂණයක් වන මෙය ත්‍රාසය, භීතිය, කුතුහලයෙන් යුතුව එක දිගට බලන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක්. හැමදාම වගේම ආයෙමත් දවසක ලස්සන චිත්‍රපටයක් රැගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නම්. හැමෝටම ජය වේවා෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
3436 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-11-30
niyamai saho…article niyamta liyanwa…filuma dan banwa..
බොහොම ස්තුතියි
bana gaman
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. 😛 😛
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි සහෝ .මේකනම් අනිව බලනවා
Mekanam pattama film 1k sub dunnata bohoma sthuthi…
thanks saho sub walata onna mamath banawa…
දිදුල කොලුවෝ මේක මම බැලුවා.සුපිරි ෆිලම් එකක්.මේකට දීලා තියෙන රේටින් නම් ප්‍රමාණවත් නෑ.මේක මටනම් 7.5 ක් වත් වටිනවා.මේකේ 2 ත් අනිවා එයි.එහෙනම් මේ වගේ සුපිරි ෆිලම් එකක් සමග නැවත හමුවෙමු නේද.
ගොඩාක් ස්තූතියි
worst movie ever
thankz machan patta film ekak
අඩෝ maxxa FILM එක මචං as usually… N ‘ උබේ සබ ඊට වඩා maxxa. මං කොහොමත් උබේ වැඩ ගැන දන්නවා නෙහ්. 😉 උබට දෙයක් ඔලුවට ගැහැව්වොත් ගැහැව්වම තමා LOL….
As u ar one f ma bst frndz i kno ur taste man..!! So there is nthin to think twice…jst clicked ‘DOWNLOAD’…:)
Hail KD…….KEEP IT UP BRO….!!!!!
good machan..gindara
thank you bro
patta macn
well done
දිදුලය දෙනව නම් අනිව කොර ෆිල්ම් එකක් තමයි.ඔන්න බාන්න දැම්ම.දිගටම සබ් දෙමු හොඳේ.ජයවේවා.බොහෝ……………………..ම ස්තූතියි…!
ela machan math onna down karanna damma.thawa paya 3kin wage balanna puluwan
මේ චිත්‍රපටිය ආපු මුල් කාලේ ම වගේ මමත් ගත්තා. ඒත් ගැලපෙන උපසිරැසියක් හොයාගන්න බැරිවුනා. ඒ නිසා බැලුවේ නැහැ. දැන් ඉතින් ඒකත් බලන්න පුලවන් දිදුල සහෝ නිසා. ස්තුතියි උපසිරැසියට. මේක සුපිරි ම චිත්‍රපටයක්. අනිවා බලන්න. ටිකක් Transit සිතුවම වගේ.
Thank u very much.
දිදුල සහෝ, මේක ගැන කිව යුතු තවත් එක දෙයක් තමයි, මේකේ ගළා යෑම. අපි මේ වගේ ත්‍රාසය/ භීතිය/ දාමරිකත්වය අඩංගු ඒවා බලද්දී අපට අපේ කුතුහලය නවත්වාගන්නට බෑ. මේ දැන් වෙන දේට වඩා ඉන් පසුව වන්නට යන දේ ගැන දැනගන්නට ඉවසා ගන්නට බැරි ආශාවක් අපට එනවා. නමුත් මේකෙදි පුදුමාකාර විදිහට ඒක වළක්වා තිබෙනවා. අපට ඊගාවට වෙන දේට වඩා කැමැත්තක් ඇති වෙන්නේ දැන් මේ වෙන දේ දිහා බලා ඉන්නටයි. මේක ඊගාවට මොකද වෙන්නේ? කියන එක වෙනුවට, දැන් මොකද මේ වෙන්නේ? කියන එක බලාගෙන ඉන්නට අපව පොළඹවන්නට මේ කතාව සමත් වෙලා තිබෙනවා. ඒ කියන්නේ කුතුහලය බොහොම අරපරිස්සමින්, හික්මීමකින් සාවධාන අයුරින් භාවිතා කර තිබෙනවා මේ තුළ. මීළග දේට වඩා අපව දැන් වන දේට ග්‍රහණය කරගන්නවා මහ පුදුම විදිහකට. මම නම් මේකේ දැකපු විශේෂම දෙයක් අන්න ඒක. එහෙම ඒවා හරි අඩුයි හැදෙනවා. මමත් බලලා තියෙන්නේ බොහොම සුළු ගණනයි එවැනි ඒවා. ඒ නිසා මේක ටිකක් වෙනස් ආකාරයේ ගළා යෑමක් තිබෙන එකක් කියන එකයි මගේනම් අදහස.
කෝකවෙතත් සිංහල වෙනුවෙන් ස්තුතියි. මමත් කලකට පෙර මෙහි සිංහල දෙමුදැයි කියා කිහිප දෙනෙකුගෙන් විමසුවාට යහපත් ප්‍රතිචාර හිමි වුණේ නෑ. දැන් දන්නවා මේ වගේ එකක් ගැන අහන්ඩ ඕනි කෙනා කවුද කියලා. 😉 නියමයි සහෝ. එහෙනම් ජය!
ela ela
පට්ට මචං
you are encouraging us to watch more good movies in better way. Thank you very much !
ela ela didila digatama denna subtitles
niyama film ekak machan ..
ela..
thanks…
lassana katahawak wage, balamu download karalaa, thank’s
Can I have the English subtitle file for this movie
thanks
පට්ටම කතාවක් වගේ එල එල thanks bro……
සබ් දෙනව වගේ ම බලන්න හිතෙන විදිහට ලිපිය ලියන එකත් බොහොම වටිනවා දිදුල…….
මේ වැඩේට බොහොම ස්තූතියි සහෝ.
දිදුල උබ නම් සුපිරි වැඩ්ඩෙක් බං තෑන්ක්ස් මචං
Thanks
ස්තුති දිදුලේ අළුත්ම සබක් අපිට ගෙනාවට
ඔන්න මාත් බෑවෙන්න දානවා.
ජය වේවා..!
කියලා වැඩක් නෑ සුපිරි බයිස්කෝප් එකක්
ස්තුතියි මචන් සබ් දුන්නාට
Looks good. Thanks!
පට්ට පට්ට මචං
බොහොම ස්තූතියි දිදුල සහෝ.. මාත් ඔන්න උපසිරැසිය බාගන්නවා.. ජයවේවා!!
mama palaweniya……
hey.. thanks lot for subs.
අනිවා බලනවා මචන්.හැබැයි ලබන අවුරුද්දේ.මගේ ඩේටා ලිමිට් ඉවර වෙන්න ලගයි
සුපිරි කතාවක් වගේ.
ජයම වේවා!
ජය වේවා පට්ට හොදේ
patta patttaaaa
Thanks machan 🙂 🙂
wow.maru 🙂
තැන්ක්ස් හොදේ.
පට්ට මචං ආයේ ඔයා දුන්න කියන්නේ එලටම ඇති.
thanks
thanks machan…
බොහොම තුති…
මේක එලම ෆිල්ම් එකක්..
ජය
jaya wewa!!!!
math gannooooooo
thnazzzz
ela ela machan
එලස් මචං නියමම කතාවක් වගේ බලමු බොහොම පින්
ela ela didula maxxa akak wagey 🙂
Thanks bro