The Blue Planet II (2018) [ E03] Sinhala Subtitles | සුන්දර කොරල් පරයන්…[සිංහල උපසිරසි සමඟ]
මෙන්න එහෙනම් තුන්වෙනි කතාංගයත් අරගෙන එනවා. මේක නම් කරලා තියෙන්නේ “Coral Reefs” කියලා. අතිශය සුන්දර කොරල් පර ගැන විශාල තොරතුරු ටිකක් දැනගැනීමේ හැකියාව පවතිනවා. ලෝකයේ හතරෙන් එකක් සාගරික ජීවීන් මේ කොරල් ආශ්‍රිතව තමයි ජීවත් වෙන්නේ. පළවෙනි කතා සමයට වඩා අතිශය සියුම් අලංකාර විදියට මේ කතාංගය තුළ රූගත කිරීම් කරලා තියෙන නිසා කිසිම කම්මැලිකමක් නැතුවම එක දිගට නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් කොරල් ආශ්‍රිතව ජීවත් වන මත්ස්‍යයින් පිළිබඳව වගේම වර්තමානයේ මෙම කොරල් පරිසර පද්ධතියට වෙලා තියෙන වින්නැහිය ගැනත් මේ කොටසින් අපි කතා කරනවා. අපේ රටෙත් මේ වගේ කොරල් පර පිහිටලා තිබුණත් කීයෙන් කී දෙනාද ඒවා ගැන ඒවට වෙලා තියෙන දේවල් ගැන කතා කරන්නේ? ඉතින් අපි හැමෝම මේවා ආරක්ෂා කරගෙන අපේ අනාගත පරම්පරාවට ඉතිරි කරන්න ඕනි. එහෙනම් ඕන කළින් දවසේ කිව්වා වගේම මේ පාර ජීවීන් කිහිප දෙනෙක්ගේ තොරතුරු අරන් ආවා. අන්තර්ජාලයෙන් තමයි අරගෙන ආවේ. ඒවත් බලන්න, කියවන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ඊළඟ කතාංගයෙන් මුණගැහනකන් ගිහින් එන්නම්. ජයෙන් ජයම වේවා…!
Cuttlefish
Cuttlefish එහෙමත් නැත්තම් cuttles කියලා හදුන්වන මොවුන් Sepiida කියන ග්‍රෝත්‍රයට අයත් වෙනවා. ඔවුන් අයත් වෙන්නේ Cephalopoda වර්ගයටයි. බූවල්ලන් සහ බෙල්ලන් විශේෂ ද මේ වර්ගයට අයිති වෙනවා. මොවුන් තුළ විශේෂයෙන් සැකසූ පිට වැස්මක (cuttlebone) පවතිනවා. මොවුන්ගේ නමේ සඳහන් පවතින පරිදි සැබැවින්ම මත්ස්‍ය වර්ගයක් නොවන අතර මෘද්වංශික ජීවී විශේෂයක් වෙනවා. මොවුන් සතුව W හැඩැති විශාල කණිකාවන්, බාහු අටක්, ග්‍රාහිකාවන් දෙකක් පිහිටා තිබෙනවා. මේවා උපයෝගී කරගනිමින් තම ගොදුරු රඳවා තබා ගන්නවා. ඔවුන් සාමාන්‍යයෙන් 15cm- 25cm විහිදෙන අතර 50cm පමණ වන 10kg ක් පමණ බරකින් යුත් දැල්ලන්ද වාර්තා වෙනවා. මොවුන් ඉස්සන්, කකුළුවන්, කුඩා මත්ස්‍යයින් සහ පණුවන් ආහරයට ගන්නවා. මොවුන්ගේ විලෝපිකයන් වන්නේ මෝරුන්, ඩොල්ෆින් මත්ස්‍යයින්, සීල් මත්ස්‍යයින්, සී බර්ඩ් සහ අනෙකුත් දැල්ලන්ය. සාමන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 1-2 වෙනවා. නවතම පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ මොවුන් අතිශය බුද්ධිමත් අපෘෂ්ඨවංශීන් පිරිසක් බවයි. මොවුන් ඉතා දරුණු දඩයක්කරුවන් ද වෙනවා. ඒවගේම දැල්ලන් කියන්නේ ඉතා ප්‍රණීත උෂ්ණාධික ආහාරයක්.
Coral Grouper
මොවුන්ගේ විද්‍යාත්මක නාමය වන්නේ Plectropomus pessuliferus. මොවුන් සඳහා පොදු නම් විදියට Coral Hind Grouper, Coral Grouper, Miniatus Grouper, Blue-spot Rockcod භාවිත වෙනවා. ඉන්දු පැසිෆික් සාගර ප්‍රදේශවල, රතු මුහුද සහ ඉන්දියානු අවට දූපත් ප්‍රදේශවල මොවුන් දක්නට ලැබෙනවා. මොවුන් මීටර් 2- 150 අතර ගැඹුර තුළ වාසය කරනවා. කුඩා ඉස්සන්, ක්‍රිල් වැනි දේ ආහාර සඳහා ගන්නවා. මොවුන් ලා දුඹුරු පැහැයේ සිට රත් පැහැය දක්කවා වර්ණ වලින් යුක්ත වෙනවා. සම්පූර්ණ ශරීරයම නිල් පැහැති පුල්ලි වලින් ආවරණය වී තිබෙනවා. මොවුන් 45cm දක්වා වර්ධනය වෙනවා.
Turtle
ශ්‍රීලංකාව අවට සාගර තුළ ජීවත් වන කැස්බෑ විශේෂ 05 කී. leatherback turtle දාර කැස්බෑවා, green turtle කොළ කැස්බෑවා, hawksbill turtle පොතු ලෙලි කැස්බෑවා, loggerhead turtle ඔළුගෙඩි/ කණ්නාඩි කැස්බෑවා සහ olive ridley turtle බටු කැස්බෑවා යන විශේෂන් ය. මස් ලබා ගැනීම, බිත්තර විනාශ කිරීම, විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා පිට කබල යොදා ගැනීම, වෙරළ තුළ ගල්වැටි දැමීම, රසායනික ද්‍රවය සහ වෙරළ අපවිත්‍ර වීම වැනි හේතූන් නිසා කැස්බෑවුන් වඳවී යාමේ තර්ජනයකට මුහුණ පා තිබෙනවා.
Lionfish
Pterois ගණය යටතේ එන විශ සහිත සාගර ජීවියෙක් තමයි මේ lionfish එහෙමත් නැත්තම් ” ගිනිමහ” කියලා සිංහලෙන් හඳුන්වන්නේ. ඉන්දු පැසිෆික් කාලාපයට ආවේණික වන මොවුන් zebrafish, firefish, turkeyfish, tastyfish සහ butterfly-cod කියලත් හදුන්වනවා. මොවුන්ගේ වරල් අග විශ සහිත කටු යොදාගනිමින් ගොදුරු අඩපණ කරනවා. මොවුන්ගේ ශරීරයේ රතු, සුදු, ක්‍රීම් පැහැති සහ කලු පැහයට හුරු පටි වැනි තීරු පවතිනවා. වර්තමානයේ හඳුනාගෙන ඇති පරිදි මෙම මත්ස්‍යයින් බටහිර අත්ලාන්තික්, කැරිබියන් සහ මධ්‍යධරණි මුහුදු අවට ප්‍රදේශවල ආක්‍රමණික මත්ස්‍ය විශේෂයක් බවට පත්වී ඇති බව වාර්තා වෙනවා. මොවුන්ගේ ආයු කාලය වසර 5- 15 දක්වා වෙනවා.
Manta ray
මොවුන් Manta ගණයට අයිති වෙන විශාල මඩුවන් වර්ගයකී. වැඩුණු මඩුවෙකු මීටර් 7 දක්වාත් සාමාන්‍ය මඩුවෙක් මීටර් 5.5 දක්වාත් වර්ධනය වෙනවා. මොවුන් සතුව ත්‍රිකෝණාකාර විශාල වරල් සහ ඉදිරිපසට විවෘත වී ඇති විශාල කටක් පිහිටා තිබෙනවා. මඩුවන් පවුලේ විශේෂයන් 11 සිටිනවා. මොවුන් සමෝෂ්ණ, උප නිවර්තන සහ නිවර්තන ප්‍රදේශයන් වල වාසය කරනවා. මොවුන් තම ආහාරයන් පෙරා බුදින්නන් (filter feeders) වෙනවා. මොවුන් zooplankton සහ කුඩා ඉස්සන්, ක්‍රිල් වැනි සතුන් ආහරයට ගන්නවා. වර්තමානයේ මොවුන් දැඩි ලෙස වඳවී යෑමේ තර්ජනයට මුහුණ පා තිබෙනවා. විශේෂයෙන්ම අධික ලෙස මසුන් මැරීම සහ දැල් වලට හසු වීමෙන් මොවුන් විශාල ලෙස මියයනවා. IUCN: (international Union for Conservation of Nature) මඟින් අනතුරට භාජනය විය හැකි ජීවීන් ලෙස වර්ගකර තිබෙනවා. ඒ වගේම සංචාරක කාලාප හේතුවෙන් ද මොවුන්ගේ චර්‍යා රටාවන් වෙනස් වීමේ අවධානමක් පවතිනවා.
Saddleback clownfish
Amphiprion polymnus යන විද්‍යාත්මක නාමයෙන් මොවුන් හදුන්වනවා. විශේෂයෙන්ම මොවුන් sea anemones අසල තම නිවහන ගොඩනගා ගන්නවා. මෙම මත්ස්‍යයා කහ, කලු සහ සුදු පැහැති ඉරි වලින් වර්ණවත් වී තිබෙනවා. සර්ව භක්ෂක ජීවී විලාසයක් පෙන්වනවා. ප්ලැන්ටන් සහ ඇනිමනිගේ මළ කොටස් මත යැපෙනවා. මෙම මත්ස්‍යයා ඉන්දු පැසිෆික් සාගරය සහ ගල්ෆ් මුහුදේ වාසය කරනවා. වැඩි වශයෙන්ම Coral Triangle කොරල් ත්‍රිකෝණය තුළ වාසය කරනවා. මොවුන් උතුරු ඕස්ට්‍රේලියාවේදීද දැකගත හැකි වෙනවා. මීටර් 2-30 අතර ගැඹුරු ජලයේ වාසය කරනවා. මෙම මත්ස්‍යයා මුහුදු ඇනිමනි සමඟ සහජීවනයෙන් ජීවත් වන අතර ආරක්ෂාව සපයා ගැනීමටද මුහුදු ඇනිමනි යොදා ගන්නවා. 13cm දක්වා වර්ධනය වෙනවා.
Grey reef shark
Carcharhinus amblyrhynchos යන විද්‍යාතමක නාමයෙන් මොවුන් හඳුන්වනවා. මෙම මත්ස්‍යයින් ඉන්දු පැසිෆික් සාගරයේ වාසය කරන පොදු ජීවී විශේෂයක් වෙනවා. මොවුන් නොගැඹුරු කොරල් පර ආශ්‍රිත ජලය තුළ වැඩි වශයෙන් දකගත හැකියි. රාත්‍රි කාලයේදී දඩයම් කිරීමට යොමුවන අතර දැල්ලන්, කුඩා මත්ස්‍යයින්, බූවල්ලන්, කකුළුවන් වැනි ජීවීන් ආහාරයට ගන්නවා. මොවුන් ඉතා වේගයෙන් පිහිනා යනවා. කොරල් පරය තුළ මොවුන්ටම වෙන්වූ සීමාවන් පවතිනවා. මොවුන් 20 ක පමණ රංචු එකවර දැකගත හැකි වෙනවා. මොවුන් උණුසුම් නොගැඹුරු ජලයේ වාසය කිරීමට කැමැත්තක් දක්වනවා. මිනිසුන්ට සිදුවී ඇති අනතුරු වලින් මෙම මත්ස්‍යයාගේ පහර දීම් ප්‍රධාන තැනක් ගන්නවා.IUCN: (international Union for Conservation of Nature) මඟින් මෙම මත්ස්‍යයින් “Near Threatened” වඳ වී යෑමට ආසන්න, අනාගතයේ වඳ වී යා හැකි ලෙස වර්ග කර තිබෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1445 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/04/Pradeep-Madusanka.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-12-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මේකනම් සුපිරි. බොහෝම ස්තූතියි සිංහලෙන් ගෙනාවාට….
Thanks
meke torrent link eka dennako bro plz. hewwa hamba une na.
නියමයි…..සබ් එකට තැන්ක්ස්….
සබි වගේම ලිපියත් වටිනවා සහො ජය වෙිවා
ලිපිය නියමයි
අර පහල ජීවන්ත කිවුවා වගේ
නියමයි
මන් ලග ගෙදර 8 වසරේ පොඩි එකෙකුට මේක බලන්ඩ දාලා දුන්නා
මන් කිවුවා තව තියෙනවා කියල
මෙන්න මේක බලලා උගෙන් මට බේරෙන්ඩ බෑ
අනිත් ඒවත් බලන්ඩ ඕනි කියල
මේක නමි පට්ට. ගෙදර ඉන්න සේරම අැස්පිය ගහන් නැතුව බලන් ඉන්න කථාවක්. බොහොම ස්තුතියි.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela ela saho thanks