ඔන්න යාළුවනේ තවත් සුපිරි සිනමා සිත්තමකට සිංහල උපසිරැසි අරගෙන මම ආයෙත් ඔයාලා හමුවට ආවා. WWE Studio මගින් නිපදවා තිබෙන මේ සිනමා සිත්තම IMDb චිත්‍රපටි දර්ශකයේ 6.6/10ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා වගේම සම්මාන තුනකට නාම යෝජනා වෙලත් තියෙන චිත්‍රපටියක්. ඒ වගේම මේ චිත්‍රපටිය ඇමරිකාවේ පෙන්නන්න පටන් ගත්ත පල…

ඔන්න යාළුවනේ තවත් සුපිරි සිනමා සිත්තමකට සිංහල උපසිරැසි අරගෙන මම ආයෙත් ඔයාලා හමුවට ආවා. WWE Studio මගින් නිපදවා තිබෙන මේ සිනමා සිත්තම IMDb චිත්‍රපටි දර්ශකයේ 6.6/10ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා වගේම සම්මාන තුනකට නාම යෝජනා වෙලත් තියෙන චිත්‍රපටියක්. ඒ වගේම මේ චිත්‍රපටිය ඇමරිකාවේ පෙන්නන්න පටන් ගත්ත පලවෙනි සති අන්තයේ විතරක් ඩොලර් මිලියන 17කට වඩා වැඩි බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ X-Men චිත්‍රපටි මාලාවේ Storm චරිතයට පණ පෙවූ Halle Berry විසිනුයි. Catwomen (2004), X-Men: The Last Stand (2006), Movie 43 (2013) වැනි සුපිරි චිත්‍රපටි වලට රංගනයෙන් දායක උන ඇය 2014 තිරගත වීමට නියමිත X-Men: Days of Future Past චිත්‍රපටියේද Storm චරිතයට පණ පොවනවා.
තවම මේ චිත්‍රපටියට හරියන ඉංග්‍රීසි උපසිරැසි ගොනුවක් නිකුත් වෙලා නැති නිසා වෙනත් භාෂාවකින් ලබා ගත්ත පරිවර්ථනයකට තමයි උපසිරැසි යෙදුවේ. ඒ වගේම හැම වාක්‍යයක්ම අහන ගමන් ඒවට ගොඩක්ම ගැලපෙන විදිහට උපසිරැසි සකස් කරලා තියෙනවා. මම හිතනවා ඒකෙන් ඔයාලගෙ රසවින්දනයට බාධාවක් නොවේවි කියලා. පටන් ගත්ත වෙලාවේ ඉඳලා කුතුහලයෙන් බලන්න පුළුවන් මේ සුපිරි නිර්මාණය අවසානයක් නැතිව ඉවර වෙන චිත්‍රපටියක් නෙවෙයි කියලත් කියන්න ඕන. ඒ වගේම මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතර 7 වෙනි තැන තියෙන්නෙත් මේ චිත්‍රපටියයි. ඉතින් මේ චිත්‍රපටිය සුපිරි චිත්‍රපටියක් කියලා තවත් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
කතාව ගැන කියනවනම්…. ජෝර්දාන් කියන ගෑනු ලමයා තමයි මේකෙ ප්‍රධාන චරිතය වෙන්නේ. ඇගේ රස්සාව තමයි 911 හදිසි ඇමතුම් සේවාවේ එක් දුරකථන මාර්ගයක් ක්‍රියා කරවීම. එක දවසක් 911 අංකයට ඇමතුමක් එනවා ලියා ලියා ටෙම්පල්ටන් කියලා ගෑනු ලමයෙක්ගෙන්. එයාගෙ ගෙදරට හොරෙක් පැනලා කියලා තමයි ඒ ඇමතුම එන්නේ. ජෝර්දාන් මේ ගෑනු ලමයට උපදෙස් දෙනවා ඒ අවස්ථාවේ ක්‍රියා කල යුතු ආකාරය ගැන. ඒ විදිහට ක්‍රියා කිරීම නිසා ඒ ගෙදරට පැනපු හොරා අර ගෑනු ලමයව හොයා ගන්න බැරි උන නිසා යන්න යනවා. ඉතින් හොරා යන්න ගිය නිසා ලියා ටෙම්පල්ටන් දුරකථනය විසන්ධි කරනවා. ඒත් ලියාගෙ ආරක්ෂාව ගැන සෑහීමකට පත් නොවුන ජෝර්දාන් නැවත ලියාගේ අංකයට ඇමතුමක් ගන්නවා. ඒක අර හොරාට ඇහෙනවා. ඉතින් හොරා කරන්නේ ආපහු ඇවිත් ලියාව අල්ලගෙන ගිහින් මරලා දාන එකයි. දවස් ගානකට පස්සේ ලියා ගෙ මල සිරුර පොලිසිය විසින් හොයා ගන්නවා. ඒක ජෝර්දාන්ට මානසිකව සෑහෙන්න බලපානවා. ඊට පස්සෙ ඇය එතන රාජකාරී කරන්නේ අළුතින් බඳවාගන්න අයට උගන්වන කෙනෙක් හැටියටයි. එහෙම අළුතින් බඳවගත්ත අයට 911 සේවාව ගැන කියා දෙමින් ඉන්න අතරේ එක දවසක් තවත් ඇමතුමක් එනවා කේසි කියලා ගෑනු ලමයෙක්ගෙන්. ඇය එම ඇමතුම දෙන්නේ ඇයව යම් පුද්ගලයෙක් පැහැරගෙන යන බව පවසමින්. ඒ අවස්ථාවෙදි දුරකථනයේ සිටින මෙහෙයුම්කාරියට එම අවස්ථාවට සුදුසු අයුරින් උපදෙස් දෙන්න බැරි වීම නිසා උපදෙස් දීමේ කොටස ජෝර්දාන් විසින් බාර ගන්නවා. ඔන්න ඔහොමයි මුල ටික. ඊට පස්සෙ තමයි හොඳම හරිය තියෙන්නේ.
ඉතින් යාළුවනේ… 911 සේවය කෙනෙක්ව අනතුරකින් බේරගන්න කොහොමද ක්‍රියා කරන්නේ? ජෝර්දාන්ට නිසි උපදෙස් ලබා දීලා කේසි ව බේර ගන්න පුළුවන් වේවිද? ලියාව මරලා දාපු පුද්ගලයයි කේසි ව පැහැර ගත්ත පුද්ගලයයි දෙන්නම එක්කෙනෙක් ද? ඒ එක්කෙනෙක් නම් ලියා ට කරපු දේ වෙනුවෙන් අදාල පුද්ගලයට ජෝර්දාන් මොනවා කරයි ද? ඒ පුද්ගලයා වෙනත් කෙනෙක් නම් ලියාව මරපු පුද්ගලයව හොයා ගන්න ජෝර්දාන් ට පුළුවන් වේවිද? වගේ දේවල් චිත්‍රපටිය බලලම දැනගන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. හැමෝටම ජය වේවා!!!
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
111 comments
naleen
kalinga
ෆිල්ම් එකනම් මරු :)
jana
එල එල…. ඔන්න මත් Download දැම්මා
tharanga
එළ කිරි බයිස්කෝප් එකක් වගේ.
Bandula
තෑන්ක්ස් “දිනිඳු සම්පත්” සහෝ
vee
තුති මචං ලොවෙත් නෑ :P
lasidu
ස්තුතියි .බලමු
Isuru
ජය වේවා
Gayan
බලන්න ඕනේ…. :-) මචං
quick
thanks
wow
wow...maru :D
venura
සබ් එක්කම බලන්න පුළුවනි තැන්ක්ස් හොදේ
was
නියමයි සහෝ මමත් ගන්නවා මේක
h[A]s
ජයවේවා.
බොහෝම ස්තූතියි
ositha
thnxz so much
upali
ela ela ela
geeth
බොහොම ස්තුතියි :)
yasas
සබ් වලට බොහොමත්ම ස්තූතියි
dj
ෂා මේක පට්ට ෆිල්ම් එකක් සුපිරි
mihin ලංකා
හුරේ :) :) සබ් දීලා මේක පට්ට ෆිල්ම් එකක් මචෝ උබට නම් පින් හොදේ
ශාන් විමුක්ති [වීමා] 〠
කවුද මේක කොලේ? - දිනිදු මාම
කොහොමෙයි කොලේ? - අහන් ඉදල
ඇයි එහෙම කොලේ?- අපිට ඉක්මනට බලන්ට දෙන්ට
අපි ඉතින් බලනවද? - අනිවාර්යෙන්ම
සබ් එක ගන්නකොට මොනාද කොරන්න ඕන? - කොමෙන්ට් කොරන්න ඕන
ඉතින් බොලා එහෙම කොලාද? - මේ දැන් කොලා
අන්තිමටම මොනාද කියන්ට ඕන ? - ස්තූතියි දිනිදු මාමේ කියල
තව මොනාද කියන්ට ඕන? - ජයෙන් ජය වෙන්ට කියල
දැන් කියල අහවරයිද ? - අහවරයි නොවැ
තව කියන්ට දෙයක් තියේද? - මුකුත්ම නෑ, සේරම කියල ඉවරයිනෙ ;)දිනිඳු සම්පත්
පට්ට කොමෙන්ටුවක්නෙ..
ශාන් විමුක්ති [වීමා] 〠
heh hee :D
Mayura
පට්ට සහෝ ජය වේවා
p.a.t.u
බොහොම තුති සහෝ....:)
nipUna
නියමායි සබ් එකට බොහොම පින්
lk
සබ් එකට ජය
f_live
ස්තූතියි සබ් වලට. :D
tharindo
maxxxama thama
ccnp
Thanks
Nuwan
ස්තුතියි දිනිදු සහෝ.
rasika
patta wadak
DANUKA!
එළ :D එළ :P
kalana
maru film akak
rusuru | රුසිරු
පට්ට පට්ට ඔහොම යන්
ishara
උපසිරස යෙදුමට තවත් ශක්තිය ලැබේවා
Menu1024
Thank you bro :)
Krish
Thank u very much bro....
keep it up...නලින්
දිනිදු අයියා පට්ට් කථාවක් නේ
ගෙනාල්ලා තියෙන්නේ
ඔන්න මමත් ගන්නවා
ජය වේවාuda
හොදයි පාටයි නේද? බලන්ඩනම් වෙන්නෙ පහුවෙලා...
කමක් නෑ හැකිවුණ ගමන් බලන්නම්කෝ! නේද?
තුති හොදේ...Shan Gamage
මේ මුවි එකට සබ් දෙනකන් තමයි හිටියේ...ස්තුතියි දිනිදු සහෝ උපසිරැසියට
Janaka
Thanx macho........
Gagan
Ela Film Eka
S H E N A L
patta patta...thanks bro.........
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මුලින්ම කියන්න ඕනේ ඔයා කලින් දීපු "බල ඇණිය" ෆිල්ම් එක...
ආයේ සිරාම සිරාම බඩ්ඩක්...
මම දෙපාරක් ඒක බැලුවා..
ඒකෙ බ්‍රොඩි ට ඒ හැටි චරිතයක් නැතත්, තිබ්බ ටිකනම් එලටම තිබ්බා..
අනික එකේ ඉන්න රොබින්හුඩ් නළුවාගේ රගපෑම් නම් නියමයි...
පට්ටම පොරක්...
ඉතින් මේකත් බලමු නේද...
දැන් සේරම උන්දැලා අසා ලියන්න පටන් අරං වගේ....
දිනිදු ගේන ගහමරාගන්න එව්වා ඇරෙන්න අනිත් සේරම එව්වා මම බලනවා...
අනිවා මේකත් බලනවා...
ජය වේවා!!!!සමීර කරුණාරත්න
අහ් තවත් අසා ලිවීමක් එහෙනම්....
අනිවා හිතට වදින්න සබ් එක දීල ඇති ඒකෙ සැකයක් නැහැ උපසිරැස කරුවගේ නම දැක්කම....
බාන්න දාන්න ඕනෙ දැම්ම.
එහෙනම් බොහොම ස්තුතියි අයියේ ආයෙත්.Ashan ravihansa
patta ekak vage anivama banda one thankz machan
champi
ops ... niyama film eka ... thanks
jack
එල එල මචන්! ස්තුතියි සබ් එකට
“චූටී මල්ලි”
ආ.........ෆිල්ම් එක අරන් හැරෙන්න හම්බුනේ නෑ
පෝන් එකට මැසේජ් එක ආවා සබ් දුන්නා කියලා
දැන්නෙ දන්නෙ දිනිදුවා දිලා තියෙන්නෙ කියලා
එල එල
සබට තුති
ඔබට ජය.......laksitha
ela :)
nalaka
patta fillm ekak wagei..dinidu dena fillm kohomath ela kiri..thank u.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

patta machan