The Dead 2: India (2013) Sinhala Subtitles| දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් දෙවනි කොටසත් ඇරන් ආවා. මේකේ අවුරුද්ද විදියට සදහන් වෙන්නේ 2013. පලවෙනි කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. නොබැලුවා කියලා අවුලක් නැහැ. මොකද, කතා දෙකේ කිසිම සම්බන්ධයක් නැති නිසා. හැබැයි පලවෙනි කොටස ඉවරවුන විදිය ගැනනම් මගේ කිසිම කැමැත්තක් නෑ.. ඒ වගේම කියන්න ඕන සයිට් එකේ කමෙන්ට් එකක් දාලා මේකේ උපසිරැසි දෙන්න කියලා ඉල්ලුවේ “ඉෂාන් මදූෂ“ කියන යාලුවා. ඒ ඉල්ලීම නිසා මේකටත් උපසිරැසි දෙන්න තීරණය කරා. IMDB දර්ෂකයේ 5.2/10 අගයක් මේ සිනමාපටයට ලැබිලා තියනවා. බලමුකෝ කතාව කොහොමද කියලා.
මේකත් සොම්බි කතාවක්. හැබැයි මේ කතා දෙකේ ම අනිත් සොම්බි කතාවලට වැඩිය වෙනසක් තියනවා. මේ දෙකේම ඉන්න සොම්බිලා ගොඩක් හෙමින් තමයි ඇවිදින්නේ. සමහරතැන් වල අපිටම හිතෙනවා මෙයාලට කොච්චර ලේසියෙන් මේ සොම්බින්ගෙන් බේරෙන්න පුලුවන් ද කියලා. මෙන්න කතාව එහෙනම්. නිකලස් කියන්නේ ඇමරිකානු ඉන්ජිනේරුවෙක්. සුලං බලාගාරවල වැඩ කරන කෙනෙක්. නිකලස් ආදරේ කරන්නේ ඉෂානි කියන ඉන්දියන් කෙල්ලට. මේ ගෑනු ළමයගෙන් කෝල් එකක් එනවා නික්ට. එයා ඉන්න පැත්තේ කළඹලයක් ගැන නික් ට කියන්න තමයි කතා කරන්නේ. ඒත් නික්ට ඒ ඇමතුම හරියට ඇහෙන්නේ නෑ. ඒ අතරේ නික් දකිනවා මොකද්දෝ වැඩක් කරකර ඉන්න මනුස්සයෙක් ගේ ඇගට තව මනුස්සයෙක් කඩාපැනලා පහර දෙනවා. පහර දෙනවා කියන්නේ මස් කනවා ඉතින්. මේකෙන් නික් කලබල වෙනවා. ඒ අතරේ ඉෂානිට කෝල් කරලා කියනවා ගෙදරට ම වෙලා ඉන්න, එයා එන්නම් කියලා.
පලවෙනි කොටසෙදි බ්‍රයන්ට ඩැනියෙල් උදව් කරා වගේ මේ කොටසේ දී නික්ට උදව් කරන්නේ ජාවෙඩ් කියලා පුංචි පිරිමි දරුවෙක්. මේ දෙන්න කොහොමද මුණගැහෙන්නේ? නික්ට ඉෂානි මුණගැහේවිද? ඉෂානිට මොනවා වේවිද? අන්තිමට මොකද වෙන්නේ? මේ ප්‍රශ්ණවලට උත්තර හොයාගන්න මේ සිනමා පටය නරඹන්න කියලා ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2486 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-02-29
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks aiye sub ekata
elama ayye thank,,meeke 1 kotasa nama mokakda
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි කැළුම් සහෝ.
ජයෙන් ජය.
thankzz brooo
Nice
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
thanx bro sub ekata.
thawa zombie film tikaka sub tikak daanna puluwanda?
sub akata thanks sahooo..
Ane machan zoo season 3 wala sub dennalo puluwannam..
Thanks bro sub akata…..
ඔන්න එහෙනම් මමත් බාගත්තා
බොහොම ස්තුතියි “කැළුම් ගුණසේකර” මල්ලියෝ උපරැසියට
ඉක්මනට තවත් එකක් කරමු, ඔය ස්පීඩ් එකෙන්ම හා ද
හා අයියා. අනිවා කරනවා. බොහොම ස්තුතියි.
thank you sub ekata
Thanks Bro !!!
Good job bro..god bless you….
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සුපිරි ❤️
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
Thanks machan subtitle ekata….
Thanks….macho sub ekats.Puluwannam kauruhari
“star trek: discovery 2017 tv series” ekata sub denna.
එලම.බොහොම ස්තූතියි සහෝ
ඉල්ලීම සලකා බැලුවට පින්
ජය වේවා!
ස්තුතියි සහෝ. ඔයා නිසා තමයි මෙකේ දෙවනි කොටසක් තියනවා කියලා දැනගත්තෙත්. බොහොම ස්තූතියි.
තෑන්ක්ස් බයිස්කෝප්, සුභ නව වසරක් වේවා, මේ අලුත් ක්‍රමයට මම ගොඩක් කැමතියි. (බයිස්කෝ එකෙන්ම රෙජිස්ටර් වීම ගැන.)