අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Dragon Prince [S05 : E05 & E06] Sinhala Subtitles | ඇරවෝස්ව කොටුකළ මායාකාරිය! [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

The Dragon Prince [S05 : E05 & E06] Sinhala Subtitles

The Dragon Prince [S05 : E05 & E06] Sinhala Subtitles

මේ වෙනකොට විරෙන් සහ ක්ලෝඩියා ටෙරී සමඟ කාස්ටවුට් මුහුද වෙත ගමන් කරමින් ඉන්නවා. ඔවුන් දැන් කැලම් ඇතුළු පිරිසට සෑහෙන ඉදිරියෙන් ඉන්නෙ. ඉතින් ඔවුන් දැන් ක්ෂේඩියාවෙ කොහේ හෝ ඉන්න නිසාත්, පුළුල් මහද්වීපයෙ ඔවුන්ව සෙවීම ඉතා අසීරු දෙයක් නිසාත් ඒස්‍රන් ඔවුන්ව සොයාගැනීම සඳහා මකරුන්ව ආමන්ත්‍රණය කරනවා. ඒ අනුව ක්ෂේඩියාවේ සිටින සියලුම මකරුන් දැන් මුළු මහද්වීපයම ආවරණය වෙන විදිහට විරෙන්වයි ක්ලෝඩියාවයි සොයා ගුවනේ පියාසර කරනවා.

දැන් රෙයිලා සහ කැලම් ලක්ස් ඕරියාවට පැමිණෙනවා පිළිතුරු සොයාගැනීම සඳහා. මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙන තත්ත්වය හා සොයාගැනීමට අවශ්‍ය කරන සන්නස ගැන කැලම් සහ රෙයිලා පැහැදිලි කළත් ජනායී ඔවුන්ට ලක්ස් ඕරියාවට ඇතුළු වීමට අවසර දෙන්නෙ නෑ. මොකද කලින් කතාසමයකදී විරෙන් සහ ඇරවෝස් එකතුවෙලා ලක්ස් ඕරියාවෙ බල මූලාශ්‍රය අඳුරු මායාවෙන් දූෂිත කරපු නිසා ඒ හා අවට හිටපු ජීවීන් පවා දූ‍ෂිත අඳුරු සෙවනැලි බවට පත්වෙලා තියෙන නිසා. ඔවුන්ගෙන් වෙන පොඩි සීරීමකින් පවා අනෙකුත් අයත් දූෂිත සෙවනැලි බවට පත්වෙනවා. ලක්ස් ඕරියාව දැන් ජීවත්වෙන අයට තහනම් ප්‍රදේශයක්. නමුත් කැලම් සහ රෙයිලා රහසේම පිටත්වීමට උත්සාහ කරපු වෙලාවෙදී ජෙනරල් අමායාත් ඔවුන්ගෙ චාරිකාවට එකතුවෙනවා.

මේ අතරෙ පිටුවහල් කරපු කරීම් හමුවට ලක්ස් ඕරියාවෙ උසස් පූජකයෙක් වෙන ෆාරෝස් පැමිණෙනවා. ඔහු නැවතත් සන්ෆයර් එල්ෆ්වරුන්ව අභිමානය වෙත රැගෙන යන ලෙස කරීම්ට කියනවා. දැන් කරීම්නුත් මොකක්හරි යටිකූට්ටු වැඩකට අර අඳිනවා. මේ අතරෙ තමා ඔවුන් මිනිසුන් හා ක්ෂේඩියාවෙ විරසකය ඇතිවෙනකොට හිටි මකර රජුවෙන, අඳුරු මායාව හේතුවෙන් පෙනීම අහිමි වෙලා දැන් පැත්තක් ගහලා ඉන්න “සෝල් රේගම්ව” හමුවෙන්න යන්නෙ. නමුත් සෝල් රේගම්ගෙන් තමන්ගෙ අරමුණට සහයක් ලැබෙන්නෙ නැතිබව තේරුම්ගත් කරීම් දැන් සෝල් රේගම්ගෙ දෑස් සුවපත් කිරීමට ක්‍රමයක් සොයනවා. ඇත්තටම ඒ මොකක් වෙන්න පුලුවන්ද?

කොහොමින් කොහොමහරි රෙයිලා සහ කැලම්, අමායා සමඟින් ලක්ස් ඕරියාවේ ග්‍රේට් බුකරි වෙත පැමිණියා. මේ පුස්තකාලයෙ කරපු සෙවීම් වලින් කැලම් සොයාගන්නවා ස්ටාර්ටච් එල්ෆ්වරයෙකුගෙ අමරණීය ජීවිතය අවසන් කරන්න පුලුවන් ආයුධයක් ගැන. ඒක හඳුන්වන්නෙ “නෝවාබ්ලේඩ්” ලෙසයි. පුරාවෘත්තගත අසිපතක්. නමුත් ඉර බැසයාමට මත්තෙන් මේ දේවල් පිළිවෙලක් කරගන්න බැරිවුණ නිසා අමායා සහ රෙයිලා කැලම් දූෂිත සතුන් සමඟ මාරක සටනක නියැලුනා. බලාපොරොත්තු සුන්වීමට ඔන්න මෙන්න තියෙනකොටයි මකර රැජින එකවරම එතනට පැමිණෙන්නෙ. ඇයටත් දූෂිත සත්ත්වයෙකුගෙ පහරක් එල්ල උනා. ඉතින් දැන් මකර රැජින අවධානමකද ඉන්නෙ? මේ කොටස් දෙක බලලම ඒ ගැන දැනගන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

One thought on “The Dragon Prince [S05 : E05 & E06] Sinhala Subtitles | ඇරවෝස්ව කොටුකළ මායාකාරිය! [සිංහල උපසිරසි]

  • Niyama kathawak. Avatar-Last Airbender mathak wenawa. Digatama subtitle onee. Thank you brother.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *