MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Flash [S03 : E11] with Sinhala Subtitles | ජීවිතය හෝ මරණය.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 10 votes.
Please wait...

The Flash S3-1

ගොඩක් කාලයකට පස්සේ ගිය සතියේ ඉදන් CW එකේ කතා ටික ආයෙමත් එන්න පටන් ගත්තානේ. ඉතින් හැම ඒ හැම කතාවක්ම ගොඩක් හොද අවසානයකින් තමයි මිඩ් සීසන් බ්‍රේක් එක ගත්තේ. හැබැයි ඉතින් ඒ හැම කතාවක්ම අතරින් ෆ්ලෑෂ් ගොඩක් හොද තැනකට දැන් ඇවිත් තියෙනවා. මොකද මේ සීසන් එකේ බාගයක් විකාශය වුනත් තවමත් මුල ඉදන් තිබුන කුතුහලය වැඩි වෙනවා මිසක් අඩු නම් වුනේ නෑ කියලා අපි හැමෝම දන්නවනේ.

මුලදි නම් වොලි කියන චරිතයට මේ කතාවේ ලොකු තැනක් ලැබුනේ නැති වුනත් දැන් නම් එයාට ගොඩක් ලොකු අවධානයක් ලැබුනා. මොකද එයා නිල විදියට ෆ්ලෑෂ් ටීම් එකේ සාමාජිකයෙක් වුනානේ. ඒ වුනත් මුලින් මුලින් බෙරී එයා ගැන වැඩි විශ්වාසයක් තිබ්බෙ නෑ වගේම එයාට බොරුවට බැන්නා. ගොඩක් අයට හිතෙන්න ඇති අපිට මේ දෙන්නා තරහින් එකට එක කරන වැඩ ගොඩක් දකින්න පුලුවන් වේවි කියලා. හැබැයි ඉතින් මේ හැම තරහකටම මුල වුනේ අයරිස්ට අනාගතයේ වෙන දේ නවත්වන්න බෙරී ප්ලන්ඩර් අල්ලන්නෙ නැතිව හිටපුවාම වොලි ඇවිත් කරන්න ඕනිම නැති දේ කරපු නිසානේ. මට හිතෙන විදියට පස්සෙ කාලෙකත් අපිට මේ වගේ මෙයාලා දෙන්නා වෙනස් විදියකට වැඩ කරන හැටි සමහර විට දකින්න පුලුවන්වේවි. හැබැයි ඉතින් දැනට නම් මේ දෙන්නා සහයෝගයෙන් එකට වැඩ කරලා සෙන්ට්‍රල් නගරය ආරක්ෂා කරාවි.

මේ කතාවේ වුන තවත් අමුතු දෙයක් තමයි බෙරී කල් යවන්නේ නැතිව ඉක්මනින්ම අයරිස්ටයි ෆ්ලෑෂ් ටීම් එකටයි එයා අනාගතයේ දැකපු දේ කියපු එක. හැබැයි ඉතින් එයාලා ජෝට ඒක කියන්නේ නැතිව ඉන්න තිරණය කලානේ. මොකද අම්මට හරි තාත්තට හරි එයාගේ ළමයට කරදරයක් වෙනවා කියලා කිවම එයාලා කරන දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ නේද? හැබැයි ඉතින් එයා හැරෙන්න ෆ්ලෑෂ් ටිම් එකේ හැමෝම වගේ ඒ සිද්ධිය ගැන දන්නවානේ. ඒ වගේම අයරිස්ගේ මරණය ගැන කියද්දි එතන වුන සිද්ධිය නම් ගොඩක් අයගේ හිතට දැනුන වෙලාවක් වෙන්න ඇති. මොකද කවුද කැමති තමන් මැරෙන දවස ගැන දැනගන්න. ඒ අතින් අයරිස් නම් ඒක ගොඩක් හොදින් දරාගත්තා. හැබැයි ඉතින් ඒ දවස ලං වෙන්න වෙන්න අයරිස් මොන වගේ පිස්සු වැඩ කරයිද මන්දා.

ඉතින් අපිට එක දෙයක් දැන් ස්තීරයි. ඒ තමයි සිසන් එකේ ඉස්සරහට අනිවාර්යයෙන්ම ෆ්ලෑෂ් ටිම් එක අර අනාගතයේ දවසේ දැක්ක ප්‍රවෘත්ති සිරස්තල වෙනස් කරන්න ගොඩක් දුරට උත්සහ කරාවි. හැබැයි ඉතින් මේ දේ බෙරීට තවත් එක හොද පාඩමක් ටයිම් ලයින් වෙනස් කරන්නේ නැති තරමට හොදයි කියලා තේරුම් කරන්න. කොහොම වුනත් මේ කතාව ගලාගෙන යන විදියට නම් මං ගොඩක් කැමතියි. මොකද ගොඩක් කතාවල වෙන්නේ සතියට එක දුෂ්ඨයා ගානේ ඇවිත් එයාලව පරද්දන එකනේ. ඒ වුනත් ෆ්ලෑෂ් කතාවේදි ඉස්සරහා කොටස් වලට වැදගත්වන ලොකු දෙයක් ගොඩනගනවා කියලා අපිට පැහැදිලිවම දකින්න පුලුවන්.

කේට්ලන් දරුණු කිලර් ෆ්‍රොස්ට් වෙන එකට මොනවා වෙයිද? නැත්නම් ජුලියන් ෆ්ලෑෂ් ටිම් එකට එකතු වුන එකෙන් මොන වගේ දෙයක් අනිත් අයට වෙයිද? එයා ආයෙත් ඇල්කමි වුනොත් එහෙම? එතකොට ස්ටාර් ලැබ් කෞතුකාගාරය ආයෙමත් වැහිලා යාවිද? කොහොමෙන් කොහොම හරි අයරිස් වෙනුවට වොලි සැවටාර් අතින් මැරෙන්න ඉදිරිපත් වෙයිද? මේ වගේ පිස්සු හැදෙන ප්‍රශ්න ගොඩක් අයට එන්න පුලුවන්. එහෙම හිතෙන එකත් සාධාරණයි. හැබැයි ඉතින් ඒවට උත්තර අපිට ඉක්මනින්ම ලැබෙයි කියලා නම් හිතන්න බෑ. කොහොම වුනත් ෆ්ලෑෂ් කතාව තව තවත් රසවත් වෙයි කියලා නම් අපිට අනිවාර්යයෙන්ම කියන්න පුලුවන්. අන්තිමේට මේ කලින් කොටසේ දුෂ්ඨයා වුන ප්ලන්ඩර් ගැන මොකුත්ම කියන්න බැරි වුනා නේද? හැබැයි ඉතින් ප්ලන්ඩර් අමතක කරන්න තරම් සිද්ධියක් ඒ කොටස අවසානයේදි වුනා. අර කවුද H.R. වෙල්ස්ව අල්ලාගන්න මේ ලෝකයට ආවේ? අපි තවම ඒ ගැන මොකුත්ම දන්නේ නෑ. හැබැයි ඉතින් ඒ ගැන කියවෙන මේ කොටස නම් තවත් ගොඩක් රසවත් පුදුමාකාර කොටසක් වේවි කියලා නම් අපි අනිවාර්යයෙන්ම දන්නවා. ඉතින් පරක්කු වෙන්නේ නැතිව මේ කොටසත් බලලා ඉමු…. . . ^_^

 මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

 The Flash (2014) on IMDb

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

 

The.Flash.2014.S03E11.HDTV.x264-LOL
The.Flash.2014.S03E11.720p.HDTV.x265.ShAaNiG
The.Flash.2014.S03E11.720p.HDTV.X264-DIMENSION
The.Flash.2014.S03E11.720p.HDTV.HEVC.x265-RMTeam
The.Flash.2014.S03E11.720p.HDTV.2CH.x265.HEVC-PSA

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 20773 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                  All Episodes                     Next Episode>>

56 thoughts on “The Flash [S03 : E11] with Sinhala Subtitles | ජීවිතය හෝ මරණය.. [සිංහල උපසිරැසි සමඟ]

  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • ela macho. digatama yamu.

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි

    Reply
  • thanks for sub machn…..

    Reply
  • Dasitha147

    bohoma sthuthie saho obalage me sewaya wenuwen. jaya

    Reply
  • චමෝද්

    එල මචන් පට්ට

    Reply
  • S03e12 link eka wada na yalu ikmanata hadanna.

    Reply
  • tnx ko 12 ikmnata oneee

    Reply
  • 12 ko kollooo….pataar gaaallla dannako

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Amila Mudalige

    Thanks saho sub ekta

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    තැන්ක්ස් වේවා

    Reply
  • Sulochana Harshana

    Arrow thama naththe ai bro??? Sub 1ta thnx

    Reply
  • thanks bro sub 1kata. jaya wewa!

    Reply
  • Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..

    Reply
  • Udara Damith B/K

    ………..උපසිරැසියට බොහොම ස්තූතියි………….

    Reply
  • කසුන්

    උපසිරැසියට බොහොම ස්තූතියි

    Reply
    • Ravindu kaveesha

      thanks for sub bro

      Reply
  • subtitle එකට tanx සහෝ

    Reply
  • ashan lankanath

    thanks …………………………………………………..

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ….

    Reply
  • පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    Reply
  • Nirodha uthpala

    Subata thx bro digatama sub denna labeva keya hadavatinma partana karanava

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    Reply
  • ජාති තද තද thanks saho

    Reply
  • purudu speed 1n ma ayeth dena 1 gena nam godak sathutuyi saho…………

    Reply
  • Prasad Randunu

    Ammo godak Thank u saho… Mama iye ree Wenakn balan unne sub eka enkn. Re apu neti nisa patta Wishwasekin unne Aniwa Ude dei kyla. Hithuwa wagema hari Dunna Sub eka. Ela kollekne oya. Baiscopelk Kattiyata Jaya wewa… sadaa Jaya Sathuta…!

    Reply
  • thankZZZZZZZ bro!!!!!!!!!!!

    Reply
  • Tnx saho kalinma sub genath

    Reply

Leave a Reply to Supun Preemal Cancel reply

Your email address will not be published. Required fields are marked *