අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Garden Of Words (2013) Sinhala Subtitles | මේ ප්‍රථම වසන්තයයි. [සිංහල උපසිරසි]

Rating: 8.6/10. From 15 votes.
Please wait...

The Garden Of Words (2013)

ප්‍රේමයට වයස බලපානවාද? මම අද මුලින්ම මෙහෙම අහන්න හිතුවෙ මම අද අරන් ආව ජපන් සලරුවෙන් කියවෙන්නේ, අවුරුදු 15ක පිරිමි ළමයෙකු සහ අවුරුදු 27ක තරුණියක් අතර ඇති වන ප්‍රේමයක් ගැන නිසයි. ඇත්තටම මේ ජපන් සලරුව, මිනිත්තු 46ක් පුරාවටම ඔබව අමුතුම ලෝකෙකට රැගෙන යනවාට කිසිම සැකයක් නැහැ. මම මෙතෙක් නැරඹු, චිත්‍රපටි අතරින්, ඉතාමත්ම විශිෂ්ට ගණයේ සහ ඉතාමත්ම ප්‍රේමාන්විත චිත්‍රපටියක් ලෙස මෙය හැඳින්විය හැකියි. මෙහි IMDB අගය දිහා බැලුවම උනත්, ඔයලට මේ චිත්‍රපටියේ විශිෂ්ට බව තේරුම් ගන්න පුළුවන්.  අපේ සමාජයේ සම්මතයන්ට අනුව මෙවැනි ප්‍රේමයක් අසම්මත වුවත්, ඔබ බලන්න මේ ප්‍රේමය කෙතරම් සුන්දරද කියා.මම මේ ප්‍රේමයේ සුන්දර බව විදහා පෑමට ඔබට මෙහි එන එක් කොටසක් උපුටා දක්වන්නම්.

රාත්‍රියේදී, මා නින්දට යෑමට පෙරත්…
උදෑසනදී, මා අවදි වූ විගසමත්…
මා වර්ෂාව ප්‍රාර්ථනා කරනා බව මට වැටහුණි.
හිරු එලිය සහිත දිනයන්හිදී,
මා අඳුරේ ලාමකව සිටින්නාක් මෙන් දැනේ……
එවිට මා සිත අසහනයෙන් පෙළෙයි.
ඇය සිටින්නේ මාගේ ලෝකයෙන් බොහෝ ඈත් වූ
කාර්යබහුල වැඩිහිටියන්ගේ ලෝකයේය……….
මා හට, ඇගෙන් පිළිබිඹු වන්නේ මේ ලොව ඇති
ගුප්ත බව මිස අන් කිසිවක් නොවේ……….

අවංක ලෙස, මා හට කරුණු දෙකක් විශ්වාසයෙන් පැවසිය හැක:
එක: අවුරුදු පහළොවක් වන මා, ඈ හට නිකන්ම කුඩා ළමයෙක් පමණෙකි.
දෙක: මා පෙළන මේ හැඟීමෙන් ඈත් වීමට ඇති එකම දේ සපත්තු නිර්මාණයට යොමු වීමයි.

අපි දැන් මේ චිත්‍රපටියේ කථාව දෙසට මදක් හැරෙමු. උසස් පාසලක සිසුවෙකු වන, 15 හැවිරිදි අකිසුකී අවුරුදු 27ක තරුණියක් වන යුකිනෝ සමඟ පෙමින් බැඳෙන්නේ අහම්බෙන් සිදු වූ සිදුවීමක් නිසයි. මේ ප්‍රේමයට වර්ෂාව සමඟ ඇති සම්බන්ධය කුමක්ද, මේ ප්‍රේමයට ඇතිවන බාධක මොනවාද, මේ ප්‍රේමයට අවසනදී සිදු වන්නේ කුමක්ද කියා මේ චිත්‍රපටිය නරඹලාම දැනගන්න කියලා මම ආරාධනා කරනවා. සමාජ සම්මතයන්ට පිටු පා යන, මේ සුන්දර ප්‍රේම කථාව හද සසල කරවන සුළු අවසානයකින් යුතු බව සහ ඉතාමත්ම අලංකාර දර්ශන වලින් යුක්ත බව නම් කිව යුතුමයි. ඒකාකාරී බවින් මිදුණු, සුන්දර පෙම් කථාවක මිහිර විඳ ගැනීමට ඔබට ආරාධනා කරමින්, මම ඔබෙන් සමුගන්නම්. අමතක නොකර comment එකකුත් දාලා යන්න. මේ චිත්‍රපටිය නරඹලා ඉවර වෙලාම comment එකක් දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔබට ජය.

Garden of Words (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර වෙත්තසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

50 thoughts on “The Garden Of Words (2013) Sinhala Subtitles | මේ ප්‍රථම වසන්තයයි. [සිංහල උපසිරසි]

  • ගොඩක් ලස්සන ඇනිමේ එකක්.විනාඩි 45 පුරාවටම ඇහැ කතාවෙන් පිටතට යන්න දුන්නෙම නෑ.ඒ තරම්ම මේක ලස්සනයි.ඉතින් ගොඩාක් ස්තූතියි මේ වගේ ලස්සන ඇනිමේ එකකට උපසිරසි ලබා දුන්නට.ඉදිරියටත් ඇනිමේ වලට උපසිරසි ලබා දෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා.ජය වේවා!!!

    Reply
    • download link ekak ewannako . godak kal idan hoyaganna beri una.

      Reply
  • මේකට ගොඩාක් සමාන වෙන කතා නැද්ද?
    anime නොවුනත් කමක් නෑ. tamil හැර.

    Reply
    • your name. samanai kyann ba ithin

      Reply
  • මේ දක්වා අදහස් දැක්වූ ඔබ සියලු දෙනාටම ගොඩක්ම ස්තුතියි…………………..
    @Nirosha, ෆිල්ම් එක බලලම comment එකක් දැම්ම එක ගැන ගොඩක්ම ස්තූතියි.
    මම තවත් බොහෝමයක් ජපන් animation චිත්‍රපටි වලට ඉදිරියට සබ් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා…..
    Rukshan, venuka comment කලාට ගොඩක් ස්තුතියි……………………..
    ඔබට ජය……………

    Reply
  • thanks saho……………..

    Reply
  • mekanam aththatama lasssana cartoon film ekak.asawen sinhala sub ekka baluwe.hitatama wadfina katawak.puluwannam thawath megage japan cartoon ekak denna.sub walata thanks

    Reply
  • ගොඩක් ලස්සන කතාවක්…. මමත් බැලුවා. ස්තුතියි…

    Reply
  • ස්තුතියි උපසිරසියට,මම මේක කලින් බෑව , මේක කලින් දීලා තියෙන එකක්නේ, කොහොම උනත් මහන්සියට ස්තුතියි,ජයවේවා.

    Reply
  • මෙතෙක් අදහස් දැක්වූ ඔබ සියලු දෙනාට ගොඩක් ස්තුතියි…………
    @ sachira මම තවදුරටත් වැඩි වශයෙන් ජපන් ෆිල්ම් වලට සබ් දීමට බලාපොරොත්තු වෙනවා.
    @ තිසර නියෝ (Thisara Buddhika),
    ඇත්තටම මම දැක්කේ නැහැනේ සහෝ මේ ෆිල්ම් එකට සබ් දීලා තියනවා කියලා.
    ඇත්තටම ඒක search කරලා බැලුව නැති එක මගෙත් වරදක්.
    ඒ ගැන මම සමාව ඉල්ලනවා. ආයෙත් එහෙම වැරැද්දක් නොවෙන්න වගබලා ගන්නම්.
    ඔබට ජය……………..

    Reply
  • Thank you very much… nice description thanks for all

    Reply
  • supiri tawa tawa japan fillm danawanm godak pin

    Reply
  • බොහොම ස්තූතියි ඉෂාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි සහො 😀 ජය

    Reply
  • ස්තුතියි සහෝ…කලින් දුන්නා කිව්වට මම දැක්කේ නැහැනේ.ඉතින් ඔන්න මේක අරගත්තා.

    Reply
  • එල කිරි !!!

    Reply
  • මේක කලින් දුන්නට ඒකේ කොපියේ ලොකු දැක්කම මම නම් ගත්තේ නෑ 😀 මේක ගන්නවා අඩු නිසා ගොඩක් ස්තුතියි සහෝ .. ජපන් ඒවා බලනවා අඩුයි ඒ උනාට බලන්න හිතුනා ..

    Reply
  • මචං ටිකක් පණඅැති චිත්‍රපටි ටිකක් කරපන්ෙකා් ඔක්ෙකා්ම ෙපාඩි අයෙග් ඒවාෙන් ෙදන්ෙන් ටිකක් හිතට වදින චිත්‍රපටි ටිකක් ෙදන්න බලන්න මමත් ඒකක් ෙදකක් ෙදන්නම් බලන්නෙකා් අනික චිත්‍රපටි ෙදනෙකාට ෙහාදඒ්වා ෙදන්න බලන්න නැතුව චිත්‍රපිට ෙදන්නම් වාෙල් ෙදන්න ඒපා අනික රූපවාහිනි කතා හා අනිෙම්ෂන්ම රකර ඉන්න ඒපා චිත්‍රපටි ඔන තරමි තිෙයනවා අරෙගන කරන්න ඔබට ජය
    rough(2007)
    Franken fish(2004)
    Snakehead terror(2004)
    Black water(2007)
    Willard(2003)

    Reply
    • එකිනෙකාගේ රසවින්දනය වෙනස් සහෝ. ඔයා කැමති දේට තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. ටික සාධාරණව හිතන්න

      Reply
    • ඔබතුමාගෙ පික්චර් ලෑයිස්තුව දෑක්කාම මට ඔබතුමාගෙ රසවින්දනය පිලිබඳව හිතා ගන්න පුලුවන් උනා. හික් හික්.. අනේ මනුස්සයෝ ටිකක් මේ ලෝකෙට වෑඩියා නම් හොඳයි නේද?

      Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය…….

    Reply
  • මම මේක සබ
    දෙනකන් බාගෙන හිටිය…
    අද දෙය් හෙට දෙය් කියල
    බල බල හිටිය..
    scl ගිහින් ඇවිල්ල සය්ට් එකට
    ආව විතරය් මෙන්න යකෝ
    බඩු දීල
    එහෙනම් සබට තුති බලලම එන්නම්… 😀

    Reply
  • ස්තුතියි ඉෂාර සහෝ! හිතට වැදුනා ලිපිය බැලුවම..

    ජය වේවා!

    Reply
  • නියමයිනෙ ඉශාර. මේ වගේ කෙටි කතාවක් කියවල තියෙනවා. trailer එක බැලුවා. මේ ඒක නෙවේ වගේ. ඔයා කලින් දීපු wolf children එකත් ගොඩක් ලස්සනට තිබුනා. මේක ඊට වඩා හොද එකක් වගෙයි. මාත් බාගන්නවා. විනාඩි 46 නෙ. එල. ගොඩක් තෑන්ක්ස් මේ වගේ අපූරු සංවේදී කතා ඉදිරිපත් කරනවට. ඇත්තටම මේ වගේ කතා මනසට ආහාරයක් වගෙයි. action, sci f බලන අය ඉදල හිටල අඩු තරමෙ මේ වගේ කතාවක් වත් බලන්න.

    Reply
  • thanx bro sub walata. jaya wewa

    Reply
  • එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply

  • උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    සහෝ මේකට සබ කලින් දීල තියෙනවා..
    http://www.baiscopelk.com/garden-of-words-minion-supermanshazam-sinhalasub
    ඊළඟ පාර සබ කරනකොට පොඩ්ඩක් හොයල බැලුවනම් හරි නේද.!

    Reply
    • ඔව් මේක කලින් දුන්නු සබ් එකක්. එත් ඉෂාර අපෙන් ඒ ගැන අහලා එව්වම මගේ අතින් සිද්ධ උන වැරදීමකින් සබ් එක කරන්න කියලා කිව්වා. (පරික්ෂා කරලා බැලුවම මේක මට හොයාගන්න බැරි උනා.) ඉෂාර මේක කරලා ඉවර උන නිසා නැවත මේ උපසිරැස දෙන්න අපි තීරණය කලා. ඒ නිසා මේකේ කිසිම වරදක් ඉශාරගේ නැහැ. එයා අපෙන් අහලා තමා මේක කලේ. වරද උනේ මගේ අතින්. ඒ නිසා ඉශාරට අසාධාරණයක් නොවෙන්න අපි මේක නැවත පල කලා.

      Reply
    • @ තිසර නියෝ (Thisara Buddhika) සහෝ,
      ඇත්තටම මම දැක්කේ නැහැනේ සහෝ මේ ෆිල්ම් එකට සබ් දීලා තියනවා කියලා.
      ඇත්තටම ඒක search කරලා බැලුව නැති එක මගෙත් වරදක්.
      ඒ ගැන මම සමාව ඉල්ලනවා. ආයෙත් එහෙම වැරැද්දක් නොවෙන්න වගබලා ගන්නම්.
      ඔබට ජය සහෝ……………..

      Reply
  • එල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *