අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Ghost (2022) Sinhala Subtitles | ආරක්ෂකයා! [සිංහල උපසිරසි]

Rating: 7.6/10. From 18 votes.
Please wait...

ආයුබෝවන් බයිස්කෝප් වාසී යහළුවනේ, මුලින්ම කියන්න ඕනෙ මම මේ උපසිරැසිය කරන්නේ දෙමළ භාෂාවෙන් ආව චිත්‍රපට පිටපතට කියල. 2022 ඔක්තෝබර් මස 05 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Vikram (1986) තෙලුගු චිත්‍රපටයෙන් සිනමා ජීවිතය ආරම්භ කරන තෙලුගු, දමිළ සිනමාවේ තවත් පතාකයෙක් වන Nagarjuna ගේ අලුත්ම චිත්‍රපටයට උපසිරැසියයි ඔයාලට අරගෙන එන්නෙ. Action, Triller වර්ගීකරණයයටතේ IMDb දර්ශකය 6.7 කට කරකවන්න සමත්වෙලා තියෙන පැය 2යි විනාඩි 14ක් පුරා දිවෙන Nagarjunaට අමතරව, Sonal Chauhan,Gul Panag, Anikha Surendran යන අය සෙසු චරිත වලින් දායක වෙනවා. ලියා අධ්‍යක්ෂණය කරන ලද්දේ Praveen Sattaru විසින්. ඉන්ටර්පෝල් නිළධාරියෙක් වටා තමයි චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ. කතාව ගැන කෙටියෙන් ආරම්භයක් දෙන්නම්.

වික්‍රම් තම පෙම්වතිය වන ප්‍රියා සමග ඩුබායි වල ඉන්ටර්පෝල් එකේ වැඩ කරන්නෙ. ඉන්දියාවේ රාජතාන්ත්‍රිකයකුගේ පුත්‍රයා ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් පැහැරගෙන යනවා ගිහින් බේරගන්න කියල වික්‍රම්ට ආපු කෝල් එකට වහාම ප්‍රියා එක්ක ඒ දරුවා බේරගන්න පිටත්වෙනවා. වාහනයකින් පැහැරගෙන යන දරුවා බේරගන්න ගන්න උත්සාහයේදි වෙඩි හුවමාරුවක් සිද්ධ වෙනවා. එහෙදි අන්තිම පැහැරගන්නාටත් වෙඩි තිබ්බට පස්සේ ඔහුගෙ අතින් අර ළමයට වෙඩි පහරක් එල්ල වෙනවා. ප්‍රථමාධාර රථයකට කතා කරල එම දරුවා පිටත් කරල යවනව ප්‍රතිකාර සඳහා. කොහොම වුණත් වික්‍රම්ට තමන්ගේ ළමා කාලයේදි හින්දු -මුස්ලිම් කල කෝලාහලයකට මැදිව තමන්ගේ අම්මාව අහිමිවෙලා තමන්ව මැරීමට තැන් කරන උත්සායක් නිසා මානසික පීඩනයෙන් පෙළුන කෙනෙක්. එයාව එතනදි බේරගෙන ගෙදර ගෙනැල්ලා දරුවෙක් වගේ හදාගත්තෙ ඉන්දියන් හමුදාවේ කර්නල් කෙනෙක්.

ඉතින් අර දරුවා බේරගන්න ගිය සිද්ධියෙදි වික්‍රම්ට තමන්ගේ ළමා කාලයේ සිද්ධියත් එක්ක මානසික පීඩනයෙන් ගැලවෙන්න බැරිවුණා. වික්‍රම් ඉන්ටර්පෝල් එකෙන් අයින් වෙලා පාතාලය නැති කරන්න තීරණය කරනවා, නමුත් ප්‍රියා මේකට කැමති වෙන්නෙ නෑ. මෙතනින් මේ දෙන්නගෙ වෙන් වීම සිද්ධවෙනවා. වික්‍රම් තනියම කොන්ත්‍රාත් කරුවෙක් වගේ වැඩ කරන්න තීරණය කරල ඉන්නකොට හදිසියේම අවුරුදු 20 කට පස්සෙ ඌටි වල ඉදන් අනූ කියල කෙනෙක්ගෙන් කෝල් එකක් එනව. එතකොට අනූ කියන්නෙ කවුද ? අනූ එක්ක තියෙන සම්බන්ධය මොකද්ද ? ආදිති කවුද ? එයා මොන වගේ තර්ජනයකටද මුහුණ දීල තියෙන්නෙ ? ඒ ඔක්කොමත් එක්ක වික්‍රම්ට පාතාලය එක්ක හැප්පෙන්න හම්බවෙයිද ? පිළිතුරු හොයාගන්න එක ඔයාලට බාර කරන ගමන් ආයෙත් ෆිලුමකින් හම්බවෙමු. හැමෝටම තෙරුවන් සරණයි !



 

 

 

Due to copyright issues,
we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Tamil HQ HD පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

27 thoughts on “The Ghost (2022) Sinhala Subtitles | ආරක්ෂකයා! [සිංහල උපසිරසි]

  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • KUMARI Malayalam Movie 1ta sub dennko plz
    Supiri horror film ekaklu

    Reply
  • Sinam
    Sardar tamil film 2ta sub dennko

    Reply
  • තෑම්ක්ස් බොම්ක❤️

    Reply
  • Thanks brother

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි

    Reply
  • උපසිරසියට තුති

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • තෑන්ක්ස් සබ් එකට

    Reply
  • ගොඩක්ම ස්තූතියි ධනංජය සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි ඕෂධ! 🙂

    Reply
  • Mchn telugu film ekakta sub krddi tamil ekata krla wadak na neh,ethkota filuma setwenne na bn
    Oya hindi audio ekak dagena tamil film balanne naneh anna e wage

    Reply
    • මේකේ ටැමිල් සහ තෙලිඟු භාෂා දෙකෙන්ම කොපි දෙකක් ආව.
      සබ් කරන්න කවුරුත් බාරගෙන තිබ්බෙ නැහැ, ඒ නිසා ඔෂධ සහෝ අපෙන් ඇහුව ටැමිල් සම්බන්ධ දැනුමක් විතරයි තියෙන්නේ, ඒ නිසා ටැමිල් කොපියට සබ් එක දෙන්නද කියල.
      ඇඩ්මින් එකෙන් ඒකට අවසර දුන්නා.

      ඔයාට ඒක සෙට් වෙන්නේ නැත්නම්, ඔයාට වෙනත් විකල්පයක් තියෙනව නම් ඒ විකල්පයට යන්න. ඔලුවට පිස්තොලේ තියල මේකම බලපන් කියල බයිස්කෝප් එකෙන් කවුරුහරි හරි ඇවිල්ල ඔයාට කිව්වේ නැහැනේ ? 🙂

      ~ ඇඩ්මින් ~

      Reply
      • Ochchara haali liyanna deyak kiwwe na bn
        Mge adahasa witrai kiwwe,tamil ekta mahansi nowee telugu ekma kra nm hodai kyna eka mn kiwwe,mokada me film eka telugu ekak nisa,mn dnne na neh oya uba kiwwa seen ekak gana,eekai…
        Mchn uba ROP eka hindi hari wena mokak hari language ekak daan blnne na neh mokda english audio eken blna kota thyna rasa nathi nisa,anna eka mn kiwwe…
        Sub deepu sahota mn kypu eka nisa apahasuwak wuna nm sorry

        Reply
      • අම්මෝ ලොකු කම. පොඩි අඩුපාඩුවක් කිව්වම පත හෑලි ගහන්නෙ….

        Reply
    • යකෝ.. මේ ෆිලුම ඔෆීෂියලීම තෙලිගු ටැමිල් භාශා දෙකෙන්ම ආවා…

      Reply
  • ගොඩක් ස්තූතියි ඔෂධ අයියේ!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *