MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Last Ship [S05 : E10] Sinhala Subtitles | අවසානයේ නෞකාව [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.4/10. From 102 votes.
Please wait...

පසුගිය සති තුනක කාලයක් ඇතුලේ නොහිතපු කරදර ගැටලු ඇතිවුනා වගේම අසනීපත් වෙලා හිටපු නිසා කතාවට උපසිරැසි දෙන්න බැරිවුනා. ඒ වුනත් මලිත් සහෝ එයාට පුළුවන් විදියට කතාව බාරගෙන කරලා දුන්නු එකට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. කතාවේ ලිපිය පටන් ගන්න කලින් කියන්නේ, හැමදාම කිව්වත් වැඩක් නැති, අපි උන්ගේ සේවකයෝ කියලා හිතාගෙන ඉන්න අසහනකාරයෙක් දෙන්නෙක් මට බැරි වෙලාවේ උදව්වක් විදියට උපසිරැසිය කරලා දුන්නු මලිත් සහෝට නැට්ට උස්සලා ගිහිල්ලත් තිබුනා. අනික් අය ගැන නම් දන්නේ නෑ, ඒ වගේ දෙතුන් දෙනා ඉතිං සබ් ගත්තට කමක් නෑ, හැබැයි ඊටත් වඩා එයාලගේ කමෙන්ට් නැති වුනාට කමක් නෑ. මෙච්චර කාලෙකට අපි එයාලට කරපු වැරැද්ද මුදල් අය නොකර උපසිරැසි ලබාදීම. නිකං දුන්නම අගයක් නැති ජාතියේ මිනිස්සු තමා ඒ. ඒ වගේ අයට සල්ලි පූජා කරන්න ක්‍රමයක් හැදුවනං හරි. 😀 😛 එතකොට ඒකට රුපියලක් හරි දාලා සබ් ඩවුන්ලෝඩ් කරලා හරි කමක් නෑ කට කැඩිච්චි කතාවක් කියලා යයිනේ. එතකොට මාසිකව දිනුම් ඇදලා ජයග්‍රහණය කරන උපසිරැසිකරුවන්ට තෑග්ගක් දෙන්නත් අපිට ඒක උදව්වක් වෙව්. හරි ඒක ඉවරයි. 😀

පසුගිය සති තුනක මට සබ දෙන්න බැරිවුනු කතා තුනේ සිද්ධි ටික මම මතක් කරන්න යන්නේ නෑ. ඒත් අපි දන්න කියන ආදරේ කරන චරිත කිහිපයක් මැරුණා වගේම ඒ අයට දරුණු ලෙස තුවාල වුනා කියලා මතක් කරන්න ඕනේ. ඒ වගේම මේ තමා The Last Ship කතා මාලාවේ අවසාන කතාංගය. ඒ කියන්නේ අද කතාංගයෙන් පසුව මේ කතා මාලාව අවසන් වෙනවා. ඒ හින්දා බොරුවට තව සීසන් එකක් ඒවිද අනේ කියලා අහන්න එපා හොදේ. 😛

කතා මාලාව පටන් ගත්තේ ලෝකය පුරාම වසංගත මට්ටමෙන් පැතිරී ගියපු රෙඩ් ෆ්ලූ හෙවත් රතු උණ කියන්නාවූ වෛරසයක් මූලික වුනු රෝගයක් සම්බන්ධව. නේතන් ජේම්ස් නෞකාව හදිසියේම ආක්ටික් වෘත්ත සමීපය දක්වාම යුධ පුහුණු අභ්‍යාසයක් වෙනුවෙන් දියත් කර යවන්නේ නාවුක සෙබලුන්ට අමතරව යුධ අභ්‍යාස වලට සම්පූර්ණයෙන්ම පරිභාහිර තවත් වෙනත් මගීන් දෙදෙනෙකුත් ඔවුන්ගේ ආම්පන්නත් සමගයි. ඒ මගීන් දෙදෙනා ඩොක්ටර් ක්වින්සි ටොෆෙට් සහ ඩොක්ටර් රේචල් ස්කොට් යන අයයි. යුධ අභ්‍යාස අතරේ නාවුක කටයුතු කිසිවකට බලපෑමක් නොවන අයුරින් නැව තුල තමුන්ගේ කටයුතු සිදුකරගෙන යන වෛද්‍යවරු දෙදෙනාට යුධ අභ්‍යාසය අතරේ ආක්ටික් හිම අතරේ විද්‍යාත්මක පරීක්ශණ වලට අවැසි යයි පවසන ජෛව සාම්පල කිහිපයක් ලබාගැනීමට අවශ්‍ය යැයි කපිතාන් චැන්ඩ්ලර් ගෙන් අවසර ගෙන පිටත් වෙනවා. මේ අතරතුර රුසියන් යානා කිහිපයකින් වෛද්‍යවරු දෙදෙනාට මෙන්ම සමීපයේ සිටි නාවුක සෙබලුන්ට ප්‍රහාර එල්ල වීමත් සමග වෛද්‍යවරුන්ගේ වැඩ කටයුතු නාවුක හමුදාවට බාධාවක් මෙන්ම ගැටලුවක් බවට පත් වනවා. මාස ගනනාවකින් සතුරු ප්‍රහාරයකට හෝ අන්තරායකට ලක් නොවුනු නේතන් ජේම්ස් නෞකාවට මෙම ගැටලුව විසදාගැනීමට මෙතෙක් වෛද්‍යවරු දෙදෙනාගෙන් නොවිමසූ රහස් පෞද්ගලික පරීක්ශණ කටයුතු පිලිබද විමසා සිටීමට කපිතාන් චැන්ඩ්ලර්ට සිදු වෙනවා.

මේ විමසීම යටතේ මාස ගනනාවක් මුහුද මැද ගොඩබිම සමග සම්බන්ධතාවයක් නොමැතිව ලෝකයෙන් හුදකලාව පසුවුනු නෞකාවේ නාවිකයින්ට වෛද්‍යවරිය හරහා ගොඩබිම සිදුවන සැබෑ සිදුවීමත් නැවට මුහුණ දීමට සිදුවුනු හදිසි යුධ අභ්‍යාසය නාවික හමුදාව සැබෑ අරමුණ වසන් කිරීමට රජයෙන් ගෙතූ බොරුවක් බවත් හෙලිදරව් වෙනවා. එහිදී නේතන් ජේම්ස් නෞකාවේ සැබෑ අරමුණ ගොඩබිමින් හුදකලාව භයානක වෛරසයට ලඟා වීමට නොහැකි හුදකලා ස්ථානයක සිට ගොඩබිම ජීවය වසනසා වසංගතයකට ප්‍රතිකාරයක් සෙවීම බව වටහා ගන්නවා. මෙහිදී ගොඩබිම තම පවුල් වලට සහ ආදරණීයයන් හමුවීමේ බලාපොරොත්තුව සුන්වුනු නාවිකයින් අතර කලබලකාරී තත්වයක් ඇතිවන නමුත් නැවේ ප්‍රධානීන් විසින් ඒ සියල්ල සමථයකට පත්කොට එකමුතු කම පවත්වාගෙන යමින් වෛද්‍යවරු දෙදෙනාගේ අරමුණ කරා ලඟා වීමට සියලු දෙනා එකා මෙන් කටයුතු කර සිටිනවා. මෙහි ප්‍රථිපලයක් ලෙස ප්‍රතිකාරය සොයාගැනීමට ඩොක්ටර් රේචල් ස්කොට්ට සහ ක්වින්සි ටොෆෙට් යන දෙපලට හැකියාව ලැබෙනවා.

මේ සිදුවීමෙන් පසුව ප්‍රතිකාරයත් සමග තම තමන්ගේ පවුලේ උදවියන් ජීවත් වී සිටිනවා ඇති යන බලාපොරොත්තුවෙන් සියලු දෙනාම තම මව් රටට යන නමුත් එහි දේශපාලන ඒකක වෙනස් වී එ්ක පුද්ගල අභිමතාර්ථයක් යටතේ පාලනය වෙන ඇමරිකාවකට ගොඩවැදුනු බවක් කැප්ටන් චැන්ඩ්ලර් ඇතුලු පිරිසට වටහාගැනීමට වැඩි වේලා ගතවෙන්නේ නෑ. තමුන් රුසියන් නෞකාවක් සමග දිවි පරදුවට තබා සටන් කරමින් නිපදවා රැකගෙන ආ ප්‍රතිකාරය සියලුදෙනාට ලබා නොදී තෝරාගත් පිරිසකට පමණක් ලබාදීමට එරෙහිව නැවතත් නේතන් ජේම්ස් සටන් කොට ප්‍රතිකාරයේ අයිතිය සෑම දෙනාටම උරුම කොට දෙනවා.

මේ අතරේ ස්වාභාවිකවම වෛරසයට ප්‍රතිශක්තිය දැක්වූ පිරිසක් එකට එක්ව ඔවුන් දෙවියන් විසින් තෝරාගත් උතුම් පිරිසක් යන මෝඩ අදහසක් සිතේ පෙරදැරි කරගෙන ප්‍රතිශක්තිකයින්ට පමණක් මේ මහපොලොව අයිතියි යන අදහසින් ලෝකයේ පාලනය ඔවුන් අතට ගැනීමට පිරිසක් නැගී සිටීමට පටන් ගන්නවා. නේතන් ජේම්ස් නාවුක පිරිසට මෙයට මුහුණ දීමට සිදුවන්නේ ප්‍රතිකාරය ලොව පුරා බෙදාහැරීමත් ඇමරිකාව තුල නව රජයක් පිහිටුවාලීමත් යන අභියෝග දෙකට මුහුණ දීමට සිදුවුනු අවස්ථාව අතරයි. ඔවුන් සමගත් සටන් කොට ජයගන්නා නේතන් ජේම්ස් නෞකාව ඇතුලු නාවුක පිරිසට ඇමරිකාව තුල නව රජයක් පිහිටුවාලීමට හැකියාවක් ලැබෙනවා.

මේ ඇමරිකාව තුල නව රජයක් පිහිටුවීමේදී නීත්‍යානුකූල වශයෙන් ජනාධිපති වරම් ඇති පුද්ගල ලැයිස්තුවෙන් තෝරාගත් පුද්ගලයා ලෙස ජෙෆ්රි මිචෙනර් ජනාධිපති වශයෙන් පත්කොට සිටිනවා. නමුත් මෙම පාලන තන්ත්‍රය තුල තම තමුන්ගේ මඩිය තර කරගැනීමට මාන බලන ප්‍රාදේශීය නායකයින් එකට සංවිධානගතව රට ප්‍රාන්ත වශයෙන් තමුන්ගේ භූමි ප්‍රදේශයන් ලෙස රට කොටස් වලට කඩා වෙන්කරගෙන පාලනය සිදු කරනවා. එමෙන්ම තමුන්ගේ රට බේරාගැනීමට මූලිකව කටයුතු කරන ලද නේතන් ජේම්ස් කපිතාන් ටොම් චැන්ඩ්ලර් දේශද්‍රෝහියෙක් වශයෙන් හංවඩු ගසා ලෝකයක් බේරාගත් පුද්ගලයින්ට තම රට නීතිවිරෝධී තැනක් බවට පත්කරනවා. එහෙන්ම නේතන් ජේම්ස් නෞකාව පවා විනාශ කිරීමට ඔවුන් කටයුතු කරත් ඒ උත්සාහය නාවිකයින්ගේ උපාය හමුවේ ව්‍යර්ථ වනවා. එමෙන්ම චීනයේ එවකට ජනපති ලෙස පත්වී තිබූ පෙන්ග් විසින් ප්‍රතිකාරයේ බලය නැතිවී වෛරසයෙන් මිනිසුන් තවදුරටත් මැරෙන ලෙස ජපානයට එරෙහිවට කටයුතු කිරීමට රසායනික අවි භාවිත කරනවා. තමුන්ගේ රට තමුන්ට ද්‍රෝහි වන අතරේ චීනයත් තමුන්ව දඩයම් කරන අතරේ, චීනයේ නොමගයැවීමට ලක්වුනු ජපානය නේතන් ජේම්ස් වලට සතුරු කම් කලත්, අවසානයේ සත්‍ය වටහාගන්නා ජපානය නේතන් ජේම්ස් සමග එකට එක්ව චීනයට එරෙහිව සටන් කරනවා. එමෙන්ම අවසානයේ උපායශීලීව ඇමරිකාව නැවතත් තනි රටක් ලෙස තනි නීත්‍යානුකූල ජනපති පාලනයට නතුකරගැනීමට නාවුක හමුදාවට හැකියාව ලැබෙනවා.

මේ සියලු දේශපාලනික ගැටලු වලින් පසුව සාමකාමීව කලක් ලෝකයේ වගතුග ගලාගෙන ගියත් සොබාදහම නැවතත් ලෝකයට පාඩමක් ඉගැන්වීම සිදු කරනවා. ඒ රතු උණට හේතුකාරක වුනු වෛරසය බෝග වලට වැලදීම දක්වා විකෘතිතාවයට පත්වීමයි. මෙහිදී සත්ව විශේෂයන්ට මෙම වෛරසය හානිදායක නොවූවත් භෝග වගාවන්ට මෙම වෛරසය නිසා හානි පැමිණීමත් සමග සාගත තත්වයක් ලොව පුරා පැතිරී යනවා. එමෙන්ම වෛරසය නිසා වීකෘතිතාවයට පත්වුනු නිවිති විශේෂයක් මත්ද්‍රව්‍යක් ලෙස ලොව පුරා පැතිරීමකුත් සිදුවීම නිසා කුසගින්නේ වේදනාව නිවාගැනීම පිනිස බොහෝමයක් මිනිසුන් නොස්ටෝස් නම් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවීම සිදු වෙනවා. මත්ද්‍රව්‍යයේ ප්‍රභලත්වය නිසා එක්වරක් භාවිත කිරීම පමණක්ම එයට ඇබ්බැහි වීමට ප්‍රමාණවත් වනවා. මේ අතරේ විප්ලවකාරී දාර්ශනික අදහස් දරන වැලෙක් නම් උද්භිද විද්‍යාඥයෙක් විසින් රෙඩ් රස්ට් වෛරසයට ප්‍රතිශක්තිය දක්වන ලෝක බීජ බැංකුවෙන් සොරාගත් පෞරාණික පාම් බීජ භාවිත කොට මෙම රෙඩ් රස්ට් වෛරසයට ප්‍රතිකාරයක් නිර්මාණය කරනවා. නමුත් මෙම ප්‍රතිකාරයත් සමග ඔහු නොස්ටෝස් මත්ද්‍රව්‍ය භාවිතා කොට මිනිසුන්ගේ මොලයේ තරහා පාලනය වන කොටස් අක්‍රීය වෙන ආකාරයේ රසායනිකයකුත් මෙම රෙඩ් රස්ට් ප්‍රතිකාරයෙන් බලගන්වන ලද ශාක වලට ඇතුලත් කරනවා. මෙහිදී වෛරසයට ඔරොත්තු දෙන ශාක වලින් ලබාගෙන සකසාගන්නා ආහාර අනුභවය නිසා මිනිසාට ස්වභාවිකව උරුම වුනු හැඟීම් නිශේධනය වී මනුශ්‍ය ස්වභාවය හුදෙක්ම වෙනස් මිනිස් කොට්ඨාශයක් බවට පත්වීම වැලැක්වීම පිණිස නේතන් ජේම්ස් ඇතුලු කණ්ඩායමට ග්‍රීක නාවුක යුධ කණ්ඩායමක් සමග පවා සටන් වදින්නට සිදු වෙනවා. අවසානයේ ජයගන්නා නේතන් ජේම්ස් ඇතුලු නාවුක කණ්ඩායමට නොස්ටෝස් නොමැති පිරිසිදු ප්‍රතිකාරයක් ලෝකය පුරා පතුරුවා රෙඩ් රස්ට් නිසා ඇතිවුනු ලෝක සාගතය නිමා කරන්න හැකියාව ලැබෙනවා.

මේ සියලු වසංගත, ගැටුම්, සාගත සියල්ලක්ම අවසානයේ මේ පස්වන සමයේ අවසානය දක්වාම පැමිණි ගමන මේ හමාර කරන්නයි සූදානම. මේ සමය තුල සිද්ධවුනු දේ ලිපියේ අමුතුවෙන් සදහනක් කිරීමට අවශ්‍ය වෙන්නේ නෑ. ඒකට හේතුව මේ කතා මාලාව පුරාවටම කතාව බලපු හැම කෙනාටම මේ ගිය සති කිහිපය තුල සිදුවුනු සිදුවීම් ගැන අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැති නිසා. මෙතෙක් සති 9ක් ඇතුලත කතාව නොකඩවා බලලා අද 10 වෙනි සතිය වශයෙන් මුලු කතා මාලාවම ඉවරයක් කරලා අතපිහදාගන්න සූදානම් වෙන අවස්ථාවේ, කතාංගයේ සිද්ධවෙන දේ ගැන කියලා රසය නැතිකරන එක අවසාන කොටසට කරන අසාධාරණයක්.

ඉතිං මෙතෙක් කාලයක අංජන ඉශාන් සොයුරා පලමු සමයෙන් ආරම්භ කරපු කතාව මලිත් සොයුරාත් මට බැරි වෙලාවේ දායකත්වයක් දීලා අවසාන වශයෙන් බයිස්කෝප් වල අවසානය සනිටුහන් කරන්නයි මගේ මේ සූදානම. ඉස්සර ඉදන්ම ටීවි සීරියස් වලින්ම ඔයාලා හමුවෙන්න ආපු මම තවදුරටත් අලුත් කතාංග මේ විදියට බාරගෙන කරන එකක් නම් නෑ. අතරින් පතර හවුලේ පරිවර්ථනය කරන රෑපවාහිනී කතාමාලා වලින් හමුවුනොත් මිසක් තනි කතාමාලාවක් බාරගෙන කරන්න නම් තවදුරටත් බලාපොරොත්තුවක් මගේ නෑ. දැන් ඒකට කාලය මදි. ඒ වගේම අලුත් අලුත් උපසිරැසිකරුවෝ බොහෝමයක් දෙනා අපිත් එක්ක එකතු වෙනවා. එයාලා ඉන්නවා අලුත් කතාමාලා බාරගෙන ඔයාලා හමුවට ඉදිරිපත් කරන්න.

ඉතිං අලුත් අයගේ උපසිරැසි වල ගුණාත්මක භාවය අඩුයි කියලා ගොඩක් අය චෝදනා කරනවා. එහෙම තමයි අපිත් මුල් කාලේ හදපු උපසිරැසි වල බොහෝමයක් අඩුපාඩු තියෙනවා. දැනුත් නැතුවා නෙමෙයි. ඒත් ඒ වගේ දේවල් වෙනුවෙන් තමයි පහල කමෙන්ට් බොක්ස් එක තියෙන්නේ. උපසිරැසි ප්‍රමාද වුනු පලියට බනින්න විතරක් ඒක පාවිච්චි නොකර අනිත් අය වගේ ඔයාලා ගන්න උපසිරැසිය වෙනුවෙන් ස්තුතිය පලකරන්න, අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මනුස්සයෙක් විදියට ඒවා පෙන්වලා දෙන්න ඔයාලගේ වචන ලස්සනට පාවිච්චි කරන්න. අනිවාර්යෙන්ම ඔයාලට ඒකට හැකියාව තියෙනවා. කවදාවත් උපසිරැසියේ අඩුපාඩුවක් පෙන්නුවා කියලා අපි ඔයාලට මුකුත් කියලා නෑ. මෙච්චර කල් උපසිරැසි කරපු මට එහෙම මගේ වචන බාවිතයේ අඩුපාඩු පෙන්නපු අය ගොඩක් හිටියා. පුලුවන් නම් මගේ පරණ උපසිරැසි වල කමෙන්ට් කියෙව්වොත් එහෙම ගොඩක් දෙනා අදහස් දක්වලා තියෙනවා දකින්න ලැබේවි. “මචං මේ වගේ වචන පාවිච්චි කරන්න එපා”,” ඒක හරිනෑ වගේ”, “කලින් සබ් එකේ මෙහෙම වචනයක් තිබුනා ඒකට ගැලපෙන වචනේ තමයි මේක.” ,”මොකද බං අර වගේ උඹ හදපු වචන දාන්නේ ඒක චාටර් බං.” 😉 වශයෙන් ගොඩක් අය අපිට වැරදි කියලා දුන්නු අවස්ථා තිබුනා. දැන් බයිස්කෝප් වල ඒ තත්වය පේන්න තියෙනවා ගොඩක් අඩුයි. ඒකයි බොහෝමයක් පරණ උපසිරැසිකරුවෝ වුනත් කියන්නේ ඉස්සරට වඩා බයිස්කෝප් ගොඩක් වෙනස්වෙලා කියලා. ඉස්සර කමෙන්ට් වල අපිටත් බලන්න ඉගෙන ගන්න දෙයක් තිබුනා. එහෙම කියලා ඔයාලා ස්තුතියි විතරක් ලියා දාන කමෙන්ට් එකේ අගය අපිට අඩු නෑ. අපිට ඒකත් වටිනවා. අනික වචනෙක අඩුපාඩුවක් පෙන්නලා කමෙන්ට් එකක් දාද්දී අපි දන්නවා අපි අමාරුවෙන් හදපු උපසිරැසිය ඔයාලා කියවලා තියෙන විත්තිය. ඒක අපිට ලොකු සතුටක්.

ඉතිං ඒ ටික කිව්වා කියලා අහිතක් හිතන්නේ නෑ කියලා හිතනවා. තවදුරටත් රූපවාහිනී කතාමාලාවක් කැපවී බාරගෙන කරන්න මට අවස්ථාවක් ලැබෙන එකක් නෑ. මේක අවසානය වෙයි කියලා තමයි කියන්න වෙන්නේ. ඒ අවසානයත් සමග බයිස්කෝප් වලින් අද The Last Ship කතාමාලාව මෙලෙස අවසානය සනිටුහන් කරනවා.

I’ll see you when i see you.

ආයු -බෝ -වේවා !!!

 

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි  WEB  පිටපත් සඳහා පමණක් වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 34330 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

288 thoughts on “The Last Ship [S05 : E10] Sinhala Subtitles | අවසානයේ නෞකාව [සිංහල උපසිරසි සමඟ]

  • Supiri tv serious aka ඔක්කොම subtitles ලබාදුන්නාට ඔක්කොටම බොහොම ස්තුතිය….

    Reply
    • Thank you for great work

      Reply
  • good job bro hodatm thiyenawa sub eka

    Reply
  • supiriyatama thiyenva sub tika

    Reply
  • Godak mahansiwela thiyenawa sub hadanna ,sub walata isthuthi jayaweawa

    Reply
  • Dineth Kanishka

    මුල ඉදලා උපසිරැසි දුන්න ඔක්කොටම ස්තුතියි

    Reply
  • හරිම ආසාවෙන් බලපු කතා මාලාවක් පොඩි පොඩි අඩුපාඩුකම් සිංහල උපසිරසේ තිබුණත්, ගොඩක් මහන්සි වෙලා උපසිරස හදලා තිබුණා. ඒ වගේම ඒවත් එක්ක තිබුණ ලිපි.. හැම එකක්ම කියවලා තමයි සබ් එක ගත්තේ, ගොඩක් ස්තූතියි සබ් හදන්න මහන්සි වුණ හැමෝටම….. <3

    Reply
  • මං බලපු සුපිරිම series එකක්. ස්තුතියි උපසිරැසි වලට. පුදුම දක්ෂ විදිහට මේක උපසිරසිකරණය කරලා තිබ්බ, ලොකු වෙහෙසක් අරගෙන. ඉදිරි කටයුතුවලට සුබ පතනව යාළුවා! ✨

    Reply
  • lankawe godak unta mewage tv series balanna pina na mn balapu supirima tv series ekak meka
    e vagema sub tikath niyametama thibuna thanks oyla hamotma

    Reply
  • Rishantha

    ඔබේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා……………

    Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • Season 5 ට යනකන් සියලුම සබ් සුපිරියටම තිබුනා.. බලපු සීරිස් වලින් අංක එකේ තියන්න පුලුවන් කතාවක්.. සබ් නැතිනන් බලල හමාරයි.. ස්තූතියත් මදි උබලට.. මේ සබ් වල තියන අකුරක් අකුරක් පාසා උබලට පින් ඈ.. Again Thanx a lot.. & ජය වේවා..!!!!

    Reply
  • Shanuka Vishan

    SEASON 1 TO 5 ඔක්කොම බැලුවා… කොල්ලන්ගෙ සබ් ටික සුපිරී… සිංහල හඳකවලා වගේ දැනුනා… හදවතින්ම ස්තුතියි සබ් ටිකට. GOOD JOB n GOOD LUCK.!

    Reply
    • Pradeep MADHUSANKA

      Season 1-5 sub සුපිරි මචං.. තැන්කූ වේවා.. ❤️

      Reply
  • චනොජ්(ආකිමිඩිස්)

    ආ මේකයි කියන්න ඕනේ.සීසන් 5ම හැම සබ් එකක්ම සුපිරියට තිබුනා.සබ් දීපු හැමොටම හද පිරි මෙව්වා එක

    Reply
  • නියමෙට වැඩේ කරලා තිබ්බා. බොහොම ස්තුතියි

    Reply
  • Malith Sandeepa

    සිංහල උපසිරැසි වලට බොහොම ස්තුතියි❤
    මේ වගේ සුපිරිම ඒවට සබ් දෙන්න ආපහු
    ……………..ජය වේවා………..!

    Reply
  • Sandaru Nimsara

    නියමයි සහෝ ආශාවෙන් බැලුව සුපිරිම කාතාවක්.සියලුම උපසිරැසිවලට බොහොම ස්තුතියි

    Reply
    • ගොඩක් ස්තුතියි සහෝදරයා

      Reply
  • asnishantha

    තෑන්ක්ස් බ්‍රෝ

    Reply
  • nuwan sameera123

    supirima supiri broooo

    Reply
  • Thanks a lot for Subs ❤️

    Reply
  • ThankZZZZZZZZZZZZZZ Bro!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • amesh sulochana

    thnx bro and good job

    Reply
  • Sanjay Bawantha

    Tnx mcn sub walata

    Reply
  • sugath2100

    jayawewaaaa…. <3

    Reply
  • Lahirudinusha

    Thankx❤️❤️❤️

    Reply
  • Nimanthamadushanfernando

    Thank you soo much brother

    Reply
  • deshan.salitha

    the last ship patn gaththa dawase idan awasan wenakan sub dunna hamotama sthuthi.

    Reply
  • nalaka nishad

    ekemma sthuthi sahoo

    Reply
  • sadaruwan08

    ADUPADU THIBBOTH ANIWA CMMENT DANAWA SAHO GOOD LUCK SESAON 6 WEDA PATAN GANNA JAYA WEWA

    Reply
  • Lankapharmacy

    ස්තූතියි සහෝ නැවතත් හමුවෙමු

    Reply
  • sub dipu hamotama sthuthiyi jayawewa

    Reply
  • dasun ayesh

    serama tika supiri sub deepu hamotama godak sthuthi.

    Reply
  • Kisara Chulan Bandara

    thanks for the all sub in last ship all season

    Reply
  • madushan black arrow

    Subs tika heduwata thanks, eth season 5 epi 7/8/9 sub tika thibbe nane

    Reply
  • madhu bhagya

    mn season 5hem sub ek park download krl blnne mkd palweni ek bluwm mar aswk enne ithn mn me season 5tm sub dipu hamdtm tnz krnw
    e wgm ek comment ekk dmmt sry

    Reply
  • Balasooriya

    thank very much you Bro

    Reply
  • Thank you for all subtitle… all the best… wish for you future…

    Reply
  • chandikaranaweera

    thank you subs walata pattama kathawak ada thamai balala iwara kare thawath me wage ewa genda thnk u

    Reply
  • Janith Sachintha

    thanks bokka sub walata mama ithama kemaththen balapu TV series ekak jaya wewa idiriyatath sarthaka nirmana sadaha suba pathanawa.

    Reply
  • Amilaprasad814

    බොහොම ස්තූතිය බ්‍රෝ සබ් වලට.

    Reply
  • kanishka1999

    sathi 2n season 5 ma baluwa .sub thibba hinda patta .

    Reply
  • mahesh jayasuriya

    බොහෝම හැමදාම අපි වෙනුවෙන් දෙන සබ් වලට.. මුල ඉදලම ආසාවෙන් බලපු සීරීස් එකක්. තවත් මෙවැනිම දේවල් කරන්න ශක්තිය වාසනාව ලැබේවා.

    Reply
  • mahesh jayasuriya

    බොහෝම ස්ත්තුතියි සබ් වලට.. මුල ඉදලම ආසාවෙන් බලපු සීරීස් එකක්. තවත් මෙවැනිම දේවල් කරන්න ශක්තිය වාසනාව ලැබේවා

    Reply
  • kavishka isuranga

    thanks for subtitle

    Reply
  • Dileep nuwan

    මුලින්ම සබ් වලට ගොඩක් ස්තුතියි ඇත්තටම හිතට මොකද්ද වගේ මේ කතා මාලාව ඉවර වුන එකට
    මුල ඉදන් ඉවර වෙනකම්ම බැලුවා

    Reply
  • බොහොම ස්තූතියි මචන්…..

    Reply
  • Thank you බන් මේ tv series එකේ සබ් කරපු හැමෝටම….කතාව තෙරෙන්නේ උඹලා නිසා තමයි…❤️

    Reply
  • ISHANKANAGODA

    thanks saho……….. baiscope ekata kollo set ekata pin sidda wenna thawath supiri tv series ekak awasan wenakan goda damma. thanks all. special thanks for ‘praneeth ranasinghe’ jaya wewa………..

    Reply
  • s05 anthimata epiyata comment karannawa kiyala hithagenama anith sub 9ma download kala witarayi. ewata comment karanna beri unu ekata sorry wenna ona. 😀 sub dipu hemotama thanks. me widiyata apita hemadama apita sub denawata godak pin machanla…. 😀 😀

    Reply
  • ashanliyanageabl

    bohoma sthuthi sahodaraya…!!!!!!!

    Reply
  • malshani_mapa

    well done machanla…

    Reply
  • Uvindu Dilshan

    Sub walata thankx bro

    Reply
  • gooldanking

    thank aiye maru issarahatath mewidihatama karagena yanna labewa

    Reply
  • Milindapriyalal

    නියමයි bro දිගටම බැලුවා thanks

    Reply
  • Malith priyashan

    niyamai saho…mechchara kal sab dunannta sthuthuiyi…gd luck

    Reply
  • Mn balapu hondama tv seris ekak. Meke season 5tama sub dunna hamotoma mage hada piri pranamaya. Sub denna parakku wunata kohomahari sub denna puluwan wuna. Ekata thanks karanna wachana ne. Jayen jaya.

    Reply
  • Hasinthamadhuranga

    Thanks mchan

    Reply
  • බොහොම ස්තූතියි ජය වේවා….

    Reply
  • krishan1996

    tnq brother
    Great work…..

    Reply
  • Thnx broooo ,,,,good luck

    Reply
  • sanjeewa_lasith

    Thank u wewa machan. Ubala set ekatama God Bless..

    Reply
  • ස්තුතියි සහෝදරයා…

    Reply
  • namalanu123

    niyamaiiii thankz for sub keep up

    Reply
  • knight2008

    ගොඩක් ස්තුතියි බයිස්කෝප් හැමොටම

    Reply
  • asanka_mapa

    Thanka of all Biscop

    Reply
  • Sajithlakshan

    thanks ………………….

    Reply
  • Nuwan Chamikara

    බොහොම ස්තුතියි සිංහල උපසිරස වලට. ඉස්සරහටත් උපසිරස ගෙන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
    .

    Reply
  • Tharidumadushan

    sub walaata thanks saho ♥

    Reply
  • Ushani madhushuka

    Last ship mula idalama baluwe Baiscope sub walin. Ape gedara hamoma baluwa. Subtitles hadanna mahansi una hama Kenektama thank uuu..

    Reply
  • isuru tharanga 019

    oyage sub wala man waraddak dakinawa hugak aduy. lassanay, therenaw hugak wiurtha achana paichchi karanawa. oyata godak sthuthiy pranith. e wagema suba pathanawa oyala hamotama.

    kathawak thinawane pranith pisso kalabala karata doctorsla kalabala karanne na. eyala eyalage paduwe baragaththu wade hariyata piliwelata karanawa. ganan ganna epa.

    Reply
  • lucifer_GOD

    sub ekata thanks

    Reply
  • The Last Ship එකේ Season 6 එකක් එන්නේ නැද්ද?

    Reply
  • ස්තූතියි…එහෙනම් මෙච්චර කල් ඉවරවෙනකල් සබ් දීපු එකට ගොඩක් ස්තූතියි…….හැමදාම ජයෙන් ජයම වේවා……

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks…!

    Reply
  • me sub ekak wenuwen mama dana palaweni comment eka. mn wage kisima dawasaka thank karala hari banala hari comment nokara sub aragena tv series, film balana aya godak innawa. mn hitanawa e hamomat mn wage oyawa issarahatat balaporoththu wenawa kiyala machan. e wagema me banina ayage katawal wahanna comment karana apita ekatuwela deyak karanna bari kamukut na.

    Reply
  • Thanks a lot bro 🙂

    Reply
  • thanks sahoo mulu season ekma sub plwan trm ikmnata dunna godkk thanks

    Reply
  • Kevin sanjay

    Thanks broh sub walata.mula idanma ube sub bAluwaa ela.jayawewa.plwn welawata subdiyan machan❤❤❤❤

    Reply
  • me series ekata sub dunnata thanks saho..

    Reply
  • ලහිරු උදය

    Thanks bro sub walata nawaththan nathuwa sub denna. Rata harak dethun denek hinda watenna epa baiscopelk ekat adare aya kochchara innawada.
    Thawa deyak ehema banala comment dana modaharak tika baiscopelk eken ain karl danna nattam kawadawat padamak igena ganne

    Reply
  • champikasri

    ජය වේවා …!

    Reply
  • NUWAN7575

    Thanks Sahoooooooooooo

    Reply
  • Chinthakahewa

    Thnq සහෝ….

    Reply
  • hnk.harsha

    Thank you brother good job

    Reply
  • malinda0138

    බොහොම ස්තුතියි සබ් එකට සහෝ
    හැමදාම මේ විදියට අපිට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට

    Reply
  • Udeesha Bandara

    Praneeth uba aye sub karanne nathi ekata namdukai bn.uba issellma karapu mentalist eke idan okkoma wage man baluwa.puluwan welwata sub ekak diyan machan.thanks mechchara kal sub dunnata

    Reply
  • DINITHARINDU

    Obe anagathayata suba pathum.digatama baluwa.sub godak hondai.

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් වලට.ආසාවෙන් බලපු කතාවක්

    Reply
  • thanks sub ekata ganan ganna epa minissu ehema thama

    Reply
  • geeth madushan

    Thanks broo gonnu umbaa kiuvata kalabala venna epa

    Reply
  • Sachith Perera

    thanks broooo….

    Reply
  • mula idanma supiriyataa sub eka karala thibuna. supiriy bro. thanks. jayawewa

    Reply
  • sasanwalasa

    මම සාමන්‍යයෙන් කමෙන්ට්ස් දාන්නෙම නෑ.. නමුත් ආසාවෙන් බලපු කතාවක් තමයි මේක. කතාව පටන් ගත්තු දා ඉදන් ඉවර වෙනකම්ම සබ් දීපු උබලා ඔක්කොටම බොහොම ස්තූතියි. උබලා නිසා තමයි ආසාවෙන් මේ වගේ කතාවක් රසවින්දේ. උබලට ජය. බුදුසරණයි.

    Reply
  • Hashan590

    Oyala me karana wede godak hodayi..akkenek dennek kiyna katha ganan ganna apa..english,tamil,hindi, film sub neththam balala wedakuth ne..wede supiri oylage.digatama karagenna yanna…good luck..

    Reply
  • Chinthaka Supun

    Thanks ……

    Reply
  • asitharanathunga

    Thank you bro
    Good job

    Reply
  • සෑම උපසිරැසියකටම ගොඩාක් ස්තුතියි..
    ජයෙන් ජයම වේවා..!

    Reply
  • නියමයි සහෝ උඔ එකෙක් දෙන්නෙක් කියන ඒවා හිතන්න එපා බන් මලිත් මල්ලිත් පුලුවන් උපරිමෙන් කරනව කියල දන්නව උඔල වැඩ නැති උන් ගානට හිතන් ඉන්න රට හරක්ට කියල වැඩක් නෑ උන් හරක්නෙ. ජයෙන් ජය සහෝ

    Reply
  • oyala hamotama bohoma sthuthi sahoo .. degatama karagena wata …
    hamdam wagema oya nisa thamai mewa aswena balanne natham jiwethata mewa balanne naha
    oyala hamoyama godak sthuthi sahooo jaya…..

    Reply
  • ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!……………….

    Reply
  • බොහොම ස්තූතියි…………..

    Reply
  • Danushka63

    sub akata thank bro

    Reply
  • Thari_lakmal

    Last ship නම් ප්‍රණීත් තමයි ඉතින්… කතා මාලාව පුරාවට sub එක ලබා දුන්නාට බොහොම ස්තූතියි සහෝ..! ඔබට ජයෙන් ජය වේවා…..!

    Reply
  • maxlucifer

    sub එක කොම උනත් කතාව ඉවර උන එකට කදුළු ආවා. යුද්ද වලදී මැරුණා ගොඩක් අය අතිමට හිටියා.මතක් කළා මුලි කතාවම …

    Reply
  • sachith@baiscope

    S01 ඉදන් S05 වෙනකම් sub දීපු හැමෝටම thx.

    Reply
  • සබ් දීපු ඔක්කොටම ගෝඩක් ස්තුතියි … මන් මේහේම අහනවට තරහා ගන්න එපා….මේ කතාවට මුල් උන වයිරස් එක හැදුවේ කව්ද කීයන ප්‍රර්ශනය තීයේන්නේ මට වීතරද ….

    Reply
  • harsha dhananjaya

    supiri katha malawaka awasanaya..supiri saho..thankz..issarahatath sub karnna..jaya wewa..

    Reply
  • geethkamal

    mechchara kaalayak mekata sub dunnata tnx saho. tawa hoda ekak karamu. jaya wewa.

    Reply
  • Ranil Pradeepa

    Mechchara kal me katha maalawe hama kotasakatama upasirasi dunna hamotama godak sthuuthi. Jaya Wewa Hamotama….

    Reply
  • Nipuna lakshan

    patta story eka.thank sub walata.

    Reply
  • Dushan Tharuka

    Thanks for Sub

    Reply
  • Indunildissanayake

    Thanks bro .. me kathawen api samugaththata aluth ekak aran enathuru bala hidimi bro ..

    Reply
  • darshana100

    gobbayange kata ganan ganna apa suba patum saho thanks yalu budusaranai

    Reply
  • Supun_chinthaka

    Thx saho…thwa thwath sub kranna.

    Reply
  • Supun_chinthaka

    Thx saho…thwa thwath sub krapn.

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජයම වේවා!

    Reply
  • Okkoma beluwa Baiscoplk thank you very much.

    Reply
  • Thanks bro sub walata

    Reply
  • chanux_roxx

    paatama tv series ekk iwara una ehnm.sub ekta thank u very much!

    Reply
  • විමා

    අවසානයක් වෙනකම් වැඩේ ඇදගෙන ආව ප්‍රණියා ඇතුළු දෙතුන් දෙනාට බොහොම ස්තුතියි
    එහෙනම් ඔන්න සයිට් එකේ වැඩිම ප්‍රේක්ෂකයින් පිරිසක් එකතු වෙලා හිටිය කතා මාලාවක අවසානය සනිටුහන් වෙනවා
    ආයේ ටීවී බාරගන්නේ නැහැ කියන්නේ ෆිල්ම් ටිකක් කරන්න ගන්න කාලේ හරි දැන් එහෙනම් ප්‍රනියට 😀

    Reply
  • Ushan-tharindu

    mecharara kalayak the last ship welata sub dunnata thnks me wage anith ewatath sub denna kiyala ellanawa 1-10 sub walata thnks bs

    Reply
  • ගොඩක් ස්තුතිය ඔයාගෙ සබ් වලට..පුලුවන් වෙලවට සබ් කරන්න..ජය වේවා ….

    Reply
  • මෙච්චර කල් සබ් බාපු එක විතරයි කලේ ඒත් අද කමෙන්ට් එකක් දාන්න හිතුනා මේක තමයි මම තනියම සිරියස් එකක් බාපු පලවෙනි පාර මටනම් මේකෙන් දෙන සබ් වල කිසිම අවුලක් නැ පොඩි පොඩි අඩුපාඩු තියෙන්න ඇති මට නම් ගානක් නැමොනව උනත් good luck සහෝදරයා

    Reply
  • THE NEW FOLDER

    THANKS BROTHER,
    GOD BLESS YOU !!!!

    Reply
  • prasadjayantha

    bohoma sthuthuyi me sub eka dunnata digatama katha tika beluwa oyalata godak pin

    Reply
  • ස්තූතියි….
    ජයවේවා…
    comment දැම්මේ නැති වුනාට sub ගන්න අය ඉන්නවනේ. සැලෙන්න එපා…

    Reply
  • minissu eka wage ne saho ee nisa ewa hithanna epa… oya dakshayek.. e nisa puluwan hema welawakama sub ekakata enna kiyala aradana karanawa… thaks saho sab ekata..

    Reply
  • Sub එකට ස්තුතියි ඔබට ජයවේවා

    Reply
  • imadudeshan

    Tnx bro . Asawenma balapu series ekak

    Reply
  • පට්ට මචන් <3

    Reply
  • Thanks machan……jayawewa……!

    Reply
  • නියම වැඩක්.ජය වේවා සහෝ

    Reply
  • sub එකට ස්තූතියි..
    පුංචි ඉල්ලීමක් තියෙනවා..පුළුවන්නම් series එකක් complete උනාම ඒකේ subtitle files ටික තනි zip file එකක් විදියට දෙන්න

    Reply
  • Thank you very much…

    Reply
  • Sub ekata thanks.jaya wewa!

    Reply
  • sugathbandara

    Nice work man..
    minissu emai ban. deyak karanakan hoda kiyanawa podi wereddak una nam serama warai. oka thama samaje heti.
    hebei ithin ema saththu inneth tikai, okkoma nemei.
    anyway thanx bro..!
    puluwan kamak thiye nam @The.New.Legends.Of.Monkey@ me kathawa denna idiri season ekak.
    jaya wewa.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ajith00129

    Thanks bro, අලුත් කතාවකින් හම්බවෙමු

    Reply
  • අවසානේ වෙනකම්ම සබ දුන්නා එල සහොදරයා. කතාව එක කතාවක් ඉවර උනා පුලුවං වෙලාවක තව අලුත් කතාවකිං හම්බවෙන්න වරෙං මචං… ජය වේවා..!!!

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …..

    Reply
  • thank you very much bro.!!!

    Reply
  • triveharshi98

    thnkz mge eko sub wlta lokuma deyak ubla krna me wade jaya wewa baiscope::

    Reply
  • Thank you very much bro!!!!!

    Reply
  • මෙතෙන් උපසිරසි ලබාදුන් ඔබට ස්තුතියි සහෝදරයා… ඒ වගේම මේක මෙහෙම ඉවර උන එක ගැන පට්ට දුකයි 🙁

    Reply
  • Rasadara Dhanushka

    godak thank saho… may serias eka patan gaththa wage eka husmata ballanna puluwan una… Thank machan. godak…

    Reply
  • සබ් වලට බොහොම ස්තූතියි !

    Reply
  • බොහොම ස්තූතියි බයිස්කෝප් ලස්සන කතාමාලාවක් අපිට ගෙනත් දුන්නට.ඒ වගෙම විශේශයෙන්ම ප්‍රණියා ඔයාට ගොඩක් ස්තූතියි.ප්‍රණියගෙ සබ් ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නම් නෑ.පැහැදිලිව අපිට වැඩේ කරලා දුන්නා.දුකයි ඉතින් ඉස්සරහටත් ඉදල හිටල හරි අපිට සබක් ගෙන්න.සදා ජය …!

    Reply
  • Sandeepmadushan

    Godak sthuthei saho katha malavata sub kala hamotama

    Reply
  • ishara24937026

    sub ekata thaks saho…

    Reply
  • Lahiru Kekulandara

    me wenakan sub eka dunnata bohoma sthuthi.obata jaya wewa!

    Reply
  • anuruddaz

    godak thanks brother . and baiscope team ekatama. patta lassana tv series ekak. sub ekat ekka tamai hariyatama katawa wadinne. very well done

    Reply
  • Ruwan Kumara

    Thnks bro..good luck

    Reply
  • කෞශල්‍ය දුෂ්‍යාන්

    කියන්න සතුටුයි ප්‍රණියා මං උඹ දීපු හැම උපසිරසක්ම මේ වෙද්දි බලලා තියෙනවා.මේක පට්ටම අමාරුවෙන් අැදගෙන අාවෙ කියන්න හැමෝම දන්නවා.ඉතිං අදින් අවසානයේ නෞකාව ඉවරයි.මගේ ප්‍රියතම කතා මාලා ගොඩේ මුලින්ම තියෙන වගේම හොද ටීවී සීරීස් එකක් කියපං කියලා කවුරුහරි කිවුවාම ලාස්ට් ශිප් බලපං කියන තත්වේ තියෙන කතා මාලාවක්.එහෙනං තවත් උපසිරසකින් හමුවෙමු.හැමදාම වගේ සබට බොහොම තුති.සදා ජය. 🙂 🙂

    Reply
  • සනිඳු ලක්ඛිත

    වෙනදා වගේම බොහොම ස්තූති අයියේ උපසිරසට..සෑහෙන්න දුකයි ඉතිං. හිතට වැදුන සීරිස් අතලොස්සෙන් එකක් තමා මේක. මේකත් ඉවර උනා කියන්නේ ඒ ටිකෙන් තවත් එකක් අඩු වෙනවා. කොහොමත් හොද දේවල් ඉක්මනට ඉවර වෙනවානේ. හැබැයි එහෙමයි කියලා උපසිරස කරන එකනම් නවත්වන්න එපා අයියේ. ඉදලා හිටලා ෆිලුමක් හරි කරන්න. බයිස්කෝප් එකේ සබ් මැශිම නැවතෙනවා කියන්නේ ලොකු පාඩුවක්..ඒ කාලෙ ඉදන් හිටපු අය දන්නවා ප්‍රණීත් චින්තක කොහොමද සබ් දුන්නේ කියලා. සමහර දවස් වලට එපිය බාගන්නත් කලින් සබ දාලා. විශේෂයෙන්ම මේ සීරිස් එකේ අපි දන්නේ නැති වචන,යෙදුම් සෑහෙන්න තිබුනා..ඒ හැම එකකම තේරුම,පැහැදිලි කිරීමක් එක්ක තමා හැමදාමත් උපසිරස හදලා දුන්නේ. ඒ කරපු හැම කැපකිරීමකටම,මහන්සියකටම බොහොම පිං අයියේ. දෙයියනේ කියලා මේ වගේ කතා ලස්සනට,තේරෙන භාෂාවෙන් අපි බලන්නේ ඔයාලා නිසා. ඔයාලා නැත්තම් ලංකාවේ මෙගා රැල්ලේ ගහගෙන යන එවුන් තමා අපිත්. තවත් සීරිස් එකක කරන්න කියන එකයි අපේ ඉල්ලීම..එහෙනම් තවත් උපසිරසකින් හමුවෙමු..බුදුසරණයි..ජය වේවා අයියේ..!

    Reply
  • ඇඬෙනවා බන්. ජීවිතේ කරගෙන බලපු කතාවක්..

    Reply
  • Ayesh Prashan

    maara upset.pattama tv series eka.adin ekath iwarai.godaak sthuthie sub dunnata

    Reply
  • Devaka Sadaruwan

    මුලින්ම ප්‍රනීත් අර අන්තිමට කිව කතාව වෙනස් කරගන්න පුළුවන් නම් ගොඩක් හොදයි කියලා හිතනවා. මොකද සබ් කරන අය අතරේ කෙනෙක් සබ කලොත් එක මොකක් උනත් බලන කීප දෙනා අතරේ උබ උඩින්ම ඉන්න නිසා උබේ සබ් බයිස්කෝප් එකේ අඩු වෙනවට කැමති නැ මම පුද්ගලිකව.

    ලාස්ට් ෂිප් බලන්න පටන් ගත්ත ඉදන් උබේ සබ් එක නැතිනම් එක බලන්න බැරි තරමට සබ් එක මට නම් ඕනා උනා. එදා මෙදා තුර මගේ බෙස්ට්ම ටීවී සිරිස් එක මේක. ඒ තරම් හිතට දැනෙන එකක් වෙන්න උබේ සබ් ගොඩක් හේතු උනා කියලා අනිවාර්යෙන්ම කියන්න ඕනා.

    මෙඅ තව සිරිස් එකක් එන්නේ නෑ කියලා ගිය අවුරුද්දේ දැන ගත්ත වෙලාවේ හිත හදාගත්තේ කමක් නැ තව එපි 10ක් එන්න තියනවනේ කියලා. අදින් එකත් ඉවරයි. ගොඩක් අදුනහම එපා වෙනවා උනත් මේක තව 2ක් වත් එන්න තිබුනා එත් මොනවා කරන්නද හොද ඒවා නවතිනවා මතකය ඉතුරු කරලා.

    එහෙමනම් ගොඩක් තැන්ක්ස් ප්‍රනීත්. පුලුවන්නම් තවත් මේ වගේ සිරිස් එකක් කරපන්.

    ජය

    Reply
  • බොහොම ස්තූතියි සහෝ ලාස්ට් ශිප් එකට සුපිරිම සබ් ටිකක් දුන්නට…
    ආසම කතා මාලාවෙ අවසානය
    ටිවී සීරීස් සබ් වලින් සහෝගේ ඉවත්වීම

    Reply
  • Kawi Jayasinghe

    Tnx sahoooooo

    Reply
  • ddamaradasa

    Thank you……………….

    Reply
  • Ravindu Rukshan

    ආසාවේන් බලපු තවත් එක් කතාමලාවක අවසානයක්…
    සබ් එකට තුති

    Reply
  • thanks broooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo****************************************************************************************************************************!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!********************************

    Reply
  • AmalNishshanka

    බොහොම ස්තූතියි…. ජය වෙීවා

    Reply
  • Patta sahoo… aadarei palenna

    Reply
  • shan thimira

    season 5 ma pattama aswen bluweeeee..thakx sahooo

    Reply
  • Thank you so much you…….

    Reply
  • bohoma istuti e word ekath sinhalen type karanda baruva inna api dannava oyala me karanne kochahra loku wadak da kiyala e de danna godak aya metanta enava e okkoma aya venuven thank you so mauch

    Reply
  • hasith jayalath

    bohoma isthuti

    Reply
  • ravindu_1987

    THANK YOU VERY MUCH….
    පුරා වසර කිහිපයක් තිස්සේ ඉතා අශාවෙන් හා ඕනෑකමින් කතාමාලාව නැරඹුවෙමි.සිංහල උපසිරස ගන්වා තිබීම මෙම කතා මාලාව එක දිගට නැරඹීමට පෙළඹ වූ ප්‍රධානම සාධකය විය.සියලු දෙනාටම හදපිරි ප්‍රණාමය පුද කරමි.

    Reply
  • NavinduTharaka

    meka enakn balan hitiye.parakku unata kmk na,ubalath wada asse ne mewa karanne..ela.thak you

    Reply
  • NavinduTharaka

    elama..thank you
    subapathanawa digatama karagena yanna!

    Reply
  • NavinduTharaka

    elama..thank you
    subapathanawa digatama karagena yanna!

    Reply
  • බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    Season 5ක් ආසාවෙන් බලපු කතාවක්….
    අනික ඔයයි මලිත් සහෝයි දෙන්නම සුපිරි උපසිරසි දුන්නේ ඉක්මනටම…
    ඔයා දුන්න TV Series එහෙමත් සුපිරි ඒවා…
    ඒ වගේ ඒවා ආයේ ගේන්න බැරි උනත් දිගටම සබ් කරමු…

    Reply
  • Kelum chethiya

    මෙතක් උපසිරසි දුන් ඔබට තුති…

    Reply
  • Thanx machan. Jaya wewa!

    Reply
  • bunchi singithi

    Thnxx sahoo. Ela gd wrk. Lankawe minissunta nikn dunmma mukth age na. Eki ohma wenne. Elzz thnxx a lot

    Reply
  • thank bro ..sub ekata
    jaya!!!!!

    Reply
  • thnnqqq sahoo ikmnta sub eka dunnata. jaya wewa

    Reply
  • ගොඩක් ආසාවෙන් බලපු කතා මාලවක් අද අවසන් වෙනවා. මෙතෙක් කාලයක් උපසිරසි දීපු බයිස්කෝප් සහෝදරවරු හැමෝටම ගොඩක් ස්තූතියි. ප්‍රනීත් අයියගෙ උපසිරසි ගැන ආය කියන්න දෙයක් නෑ. සුපිරි.. ජයවේවා අයියේ…❤❤❤

    Reply
  • ලහිරු විනෝජ්

    ammoh..tnks mcn.

    Reply
  • Tharindu Katuwawala

    Thank you very much macho.. keep up the good works..!!

    Reply
  • Sudheera Kasun

    Niyamai Machan. Uba Last Ship ekata supiriyatama sub kala. series eka mechara apata interest wenn eka hetuwak tamai ekath. Thanks machan…! Keep up the Good work

    Reply
  • Thamoth Kavinda

    සීසන් 5 පුරාවටම උපසිරැසි නිර්මාණය කල සහෝදරයන්ට ස්තුති වේවා.මුලසිටම ඉතා අසාවෙන් බලපු කතාමලාවක් මේක.

    Reply
  • Thamoth Kavinda

    සීසන් 5 පුරාවටම උපසිරැසි නිර්මාණය කල සහෝදරයට ස්තුති වේවා.මුලසිටම ඉතා අසාවෙන් බලපු කතාමලාවක් මේක.

    Reply
  • කතා මාලා 5 ආසන්න වශයෙන් කොටස් 60 කට ආසන්න ප්‍රමාණයක් නොකඩවා උපසිරැසි ලබාදුන් ඔබට ඉතාමත් ස්තුතියි. ඉතාමත් ආසාවෙන් නොඉවසිල්ලෙන් මේ කතාමාලාවන් ටික බැලුවා.
    කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව කරන මේ මහගු මෙහෙවර ඉතා අගයකොට සැලකිය යුත්තකි.මෝඩ හරක් පැටවු ෆේස්බුක් වීරයන් ගොන්පාට් දාල කොමෙන්ට් කරාට ඒ කවුරුත්ම උපසිරැසියක් කරන්න කන කට්ට දන්නේ නැහැ.එයාල හිතන්නේ ඒ අය වෙනුවෙන් මේක අනිවාර්‍ය්යෙන් කලයුත්තක් කියලා. ඉතින් ඒවගේ අය නිසා ගුණාත්මක උපසිරැසියක් සමග ෆිලුමක් බලන්න තියෙන අවස්ථාව අඅහිමි කරන්න එපා.
    නැවතත් අප සැම වෙනුවෙන් මේ ලබාදුන් උපසිරැසි හා ඒ වෙනුවෙන් වැයකල කාලය හා ශ්‍රමය වෙනුවෙන් හදපිරි ස්තුතිය පුදකරමි.නැවතත් මෙවැනි කතාමාලාවක උපසිරැසියකින් හමුවේයැයි සිතමි.
    අරුණ – ජපානය.

    Reply
  • Chiran darsh

    downlod link ekak nadda?

    Reply
  • Thilinaweerasingheb

    tnq very mch ma bro.keep it up(**{

    Reply
  • Prasadsha123

    මුල ඉඳන්ම ඉතාම ආශාවෙන් බලපු මේ tv සීරීස් එකේ රසය තවත් වැඩි කරන්න අපිට සිංහල සබ් දෙන්න හුඟක් මහන්සි උන ඔයාලා හැමෝටම ස්තූතියි… ජයවේවා..

    Reply
  • thank u very much all of you

    Reply
  • Thanks a lot bro 🙂

    Reply
  • Thanks very much All of you

    Reply
  • ela bro.. thanx . jaya wewa

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි ප්‍රනීත් සහෝ
    වෙලාවක් ලද හැටියෙම උපසිරැසියක් අරන් අඩවියට ගොඩවෙමු….
    ජය වේවා

    Reply
  • Thaks MC me karana pinata…!!

    Reply
  • hashanandhashan

    Thank kuuuuuuuu

    Reply
  • Asiththarushika

    ස්තුති සහෝදරයා

    Reply
  • Madura J Kawshalya

    කතා මාලා 5ක් අප වෙත උපසිරැසි ලබා දෙමින් ඉටු කරන ලද මෙහෙයට කතා මාලාවට දායක වූ සියලු උපසිරැසිකරුවන්ට ස්තූතියි..ජයවේවා …!!

    Reply
  • Dulan Ranasinghe

    බොහෝම ස්තූතී සහෝ මේ කරන උදව්වට ☝️

    Reply
  • ammo enakm balan hitiye thnkz sub ekata

    Reply

Leave a Reply to චනොජ්(ආකිමිඩිස්) Cancel reply

Your email address will not be published. Required fields are marked *