The Mandalorian [S03 : E01] Sinhala Subtitles | මැන්ඩලෝරියන්ට අලුත් අරමුණක්. [සිංහල උපසිරසි]
කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ ඩිස්නි+ ස්ට්‍රිමින් නාලිකාවේ විකාශනය වෙන මැන්ඩලෝරියන් තෙවැනි කතා මාලාවේ පළමු කතාංගය. මේ තමයි මැන්ඩලෝරියන් කතා මාලාවේ 17 වැනි කොටස. මතක ඇතිනේ දෙවැනි සීසන් එකේ අවසානය. ලාවට
කතාවේ පැරණි මතකයන්-
මැන්ඩොගේ අදහස වුණේ බේබි යෝඩව එයාගේ වර්ගයේ අයට බාර දෙන්න. මොකද මේ විධියට දිගටම මැන්ඩො එක්ක ගමන් කරන එක බේබි යෝඩට අනතුරුදායක නිසා. ඒත් විශ්වයේ සෑහෙන ප්‍රදේශයක යෝඩලගේ නිජබිමක් හෙව්වට මැන්ඩොට හමුවුණේ නැහැ. ඉතිං දැන් මැන්ඩොගේ අදහස තව මැන්ඩලෝරියන් කෙනෙක්ව හොයාගෙන එයාගේ සහයෙන් මේ වැඩේ කරන්න.
ඉතිං ඒ නිසා අපි දන්න කියන මැන්ඩලෝරියන් තව මැන්ඩලෝරියන් කෙනෙක්ව හොයාගෙන කරක් ගහනකොට ආරංචියක් ලැබෙනවා මිනිහා කලින් උන්නු ටැටුයින් ග්‍රහලෝකයේ මැන්ඩලෝරියන් කෙනෙක් ඉන්නවා කියල. පුදුමයට පත්වෙන අපේ මැන්ඩො ආයේ ටැටුයින්වලට යනවා. ටැටුයින්වල මොස් පෙල්ග්රෝ නගරයෙ තමයි මේ අලුත් මැන්ඩලෝරියන් ඉන්නවා කියල තොරතුරු ලැබෙන්නෙ. මතක ඇතිනේ අන්තිමේ එහෙ ගිහින් අපේ මැන්ඩොගේ බලාපොරොත්තු සේරම බිඳ වැටුන විධිය. අන්තිමේ මොස් පෙල්ග්රෝ කාන්තාරේ වැලි අස්සෙන් ඉන්න ක්‍රයට් මකරෙක්ව මරන්නත් සිද්දවෙනවා.
හැබැයි ඒ සිදුවීමෙන් පස්සෙ ආයෙත් මැන්ඩොට ඔත්තුවක් ලැබෙනව තව මැන්ඩලෝරියන්ල ඉන්න තැනක් කෙනෙක් දන්නවා කියල. හැබැයි ඒ කෙනාව අරගෙන යන්න මැන්ඩොට සිද්ධවෙනව. ඒ වගේම අභ්‍යවකාශයෙ අධි වේගයෙන් යන්නෙ නැතුව සාමාන්‍යය වේගයෙන් යන්න ඕන කියන කොන්දේසිය උඩ. ඒකට හේතුව වුනේ ඒ මගියාගේ බිත්තර ටික ප්‍රවේසම් කරගන්න කරගන්න ඕන නිසා. අන්තිමේ දෙතුන් දෙනාම මාරක අවධානමකට වැටෙනව.
ඒ කාර්යයෙන් පස්සෙ අපේ මැන්ඩෝ එක පැත්තකින් සතුටු වෙන තව පැත්තකින් ටිකක් විතර දුකට පත්වෙන දවසක් උදාවෙනව. අබලන් යානයෙන් ඉබි ගමනින් ට්‍රාස්ක් ග්‍රහලෝකයට ලඟා වෙන මැන්ඩොට, ගෙඹි නෝනා නිසා එහෙද අපුරු යාළුවො ටිකක් මුණගැහෙනවා. ඒ තවත් මැන්ඩලෝරියන්වරු පිරිසක්. හැබැයි එතැනදී අපේ මැන්ඩො දැනගන්නවා තමන්ගෙයි ඔවුන්ගෙයි ලොකු වෙනසක් තියෙන බව. අපේ මැන්ඩෝ ඇවිල්ලා “රැකවලුන්ගේ ළමුන්” කියන දැඩි ආගමික මතධාරී මැන්ඩලෝරියන්වරුන්ගෙන් පැවත එන කෙනෙක් බව හෙළි වෙනවා. අන්න ඒ නිසයි එයා තමන්ගේ හිස් ආවරණය ගලවන්නේ නැත්තෙ. ඉතිං කොහොමහරි එයාලත් එක්ක ගුවන් කොල්ලයක යෙදෙන්න මැන්ඩොට සිද්දවෙනව. ඒ වගේම මැන්ඩලෝරියන් ග්‍රහලෝකය අනාගතේ දවසක නැවත මැන්ඩලෝරියන්වරුන් අතට පත්වෙනවා කියලත්, ඒකට අනිත් මැන්ඩලෝරියන්වරු කටයුතු කරගෙන යන බවත් අපේ මැන්ඩෝට ඒකට එකතු වෙන්නත් ආරාධනා ලැබෙනවා. ඒත් ඒ ඉල්ලීම පසෙකට දාල අපේ මැන්ඩො, ජෙඩායි කෙනෙක්ව හොයාගෙන යන්න පිටත් වුණා.
ඒ යන අතරමග අපේ මැන්ඩො සහ බේබි යෝඩා පරණ යාලුවෝ දෙන්නෙක් මුණගැහෙන්න නෙවාරෝ යනව මතක ඇතිනේ. එහෙදි මැන්ඩෝට අනාගත කරදරයක් වැටෙනවා විතරක් නෙමෙයි, පරණ ප්‍රභල හතුරෙකුත් නැවත ඉදිරියේදී මුණගැහෙන්න නියමිත බව දැක්වෙනව. ඒ වගේම මැරුණයි කියල හිතන් හිටිය කෙනෙක් තවම ජිවතුන් අතර කියල අපේ මැන්ඩො දැනගන්නවා. ඒත් එක්කම අන්තිම කොටසට පෙර කතාංගය අන්තර්ජාලය කළඹවන්න සමත් වුණා. ඒ අහ්ශෝකා ටානා සහ මේ වෙනකම් අපි වැරදියට තේරුම් අරගෙන හිටිය චරිතය බේබි යෝඩා නොවන බවත්, එයාගේ නම ග්‍රෝගු කියලත් හෙළිදරව් වුණා. අහ්ශෝකා ටානාගේ උපදෙස් මත මැන්ඩෝ සහ ග්‍රෝගු පැරණි ජෙඩායි පුජනීය ස්ථානයක් හොයාගෙන පිටත් වෙනවා. එහෙදි වෙච්ච දේවල් අන්තිම කොටසට කලින් කොටසින් දකින්න ලැබුනා මතක ඇතිනේ. ඉතිං මේ වෙනකොට ග්‍රෝගු ඉන්නෙ නැවතත් මොෆ් ගිඩියන් භාරයේ. ඒ වගේම මැන්ඩෝ ගියේ තනියම නෙමෙයි. ඉතිං ඒ දේවල් වලින් පස්සෙ මැන්ඩෝ ඔහුගේ සටන් සඟයින් සමග මොෆ් ගිඩියන් හොයාගෙන යාම අරඹනවා. ඒ යන්නෙ ග්‍රෝගුව බේරගන්න. ඒ සඳහා තව කෙනෙක්ව හවුල් කරගන්න මැන්ඩො, මාෂල් ඩුන්ව හොයාගෙන ගියා මතක ඇතිනේ?
අද කතාංගයෙන් –
සෑහෙන කාලයක් තිස්සේ අලුත් සීසන් එකක් එනකම් බලන් ඉන්න ඇතිනේ කට්ටිය, ඉතිං ෆ්‍රෙෂ් පිට කතාව බලන්න සබ එකත් දීල තියෙන එකේ ආයේ මම කියන්න යන්නේ නැහැ ඉතිං. එහෙනම් ලබන සුමානේ ආයේ මුණගැහෙමු!
[box]
The Apostate
Director: Rick Famuyiwa
Writers: Jon Favreau, George Lucas
IMDB Ratings : 8.4
Air Date: 01 March 2023
[/box]
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4081 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for Sub!
thanks
Thanks, Episode 02 ektath sub ek dennko
Attack on the titan සිංහල sub ඕනි
Thank you
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
බෙන් ටෙන් ඉතුරු ටික දාන්නෙ නැද්ද. අනිත් සීසන් ටික අල්ටිමෙට් ඒලියන් එහෙම.
ලඟදිම වෙන එකක් නම් නැහැ.
ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න
උපසිරසියට තුති සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි
Carnival Row Season 2 Episode 4 දෙන්න බැයිද බොසා
දෙන්නම් මචං, ඒක කරන ගමන්.
කලින් සීසන් වල කොටස් ඩව්න්ලෝඩ් කරන්න බෑනේ,
විමා
සබ්ද ? වීඩියෝ කොපිද?
වීඩියෝ කොපි
Lost in space එකෙත් පලවෙනි සීසන් එකේ 3,4,5,6 එපි ටික එහෙම
ඒ ටික අප්ඩේටට් වෙයි සහෝ අද.
ස්තූතියි!!. සහෝ..
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
GG
Thanks Machan
බොහොම ස්තූතියි අයියේ!