The Matrix Revolutions (2003) with Sinhala Subtitles | අවසානය…..[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් Matrix චිත්‍රපට මාලාවේ තුන් වැනි හෙවත් අවසාන කොටස සිංහල උපසිරැසි එක්ක අද මං දෙනව. මේ වෙනකොටත් The Matrix, The Matrix Reloaded යන මුල් කොටස් දෙකම දීල තියෙන හින්ද ඔයාල ඒ දෙකම බලල ඊට පස්සෙ මේකත් බලන්න.
The Matrix Revolutions චිත්‍රපටයට IMDb Rating වල 6.5/10 වගේ ඉහළ අගයක් ලැබිල තියෙනව. ඒත් ඒ අගය මේ චිත්‍රපට මාලාවේ අනෙක් කොටස් දෙකට සාපේක්ෂව පහළ අගයක්. කොහෙමවුණත් මුල් කොටස් දෙක බලපු අය මේකත් අනිවාර්යයෙන්ම බලයි කියල හිතනව. මොකද ඉතිං මේ කතා මාලාවේ අවසානය මොකක්ද කියලත් දැන ගන්න එපායැ……… ඒ වගේම මුල් කතා දෙක නොබලපු කෙනෙක් මේ කොටස විතරක් බලන එකත් එච්චර සාර්ථක නැති බවයි මගේ හැඟීම. ඒ මොකද කිව්වොත් කතා තුනම එකිනෙකට සම්බන්ධව ගලා යාමයි. ඒ නිසා චිත්‍රපටය බලන්න කලින් ඒ කාරණය ගැනත් ඔයාල අවධානය යොමු කරන්න. කලින් හැම වතාවකදිම මං ඉදිරිපත් කරපු චිත්‍රපටවල කතාව කෙටියෙන් වුණත් කිව්වත් මේ සැරේ මං එහෙම කරන්නෙ නැහැ. මං හිතනව ඒක පොඩි වෙනසකටත් එක්ක හොඳයි කියල. එහෙම නම් ඔයාලම චිත්‍රපටය බලලම කතාව මොකක්ද කියල දැනගන්නකෝ……
අවසාන වශයෙන් මේ කටයුත්ත බාර ගන්න කියල මට ඇරයුම් කරපු විකියා සහෝවත් මේ අවස්ථාවේ දි මං මතක් කරන්න කැමතියි. ඒ වගේම මේ තමයි මම පළමු වතාවට විද්‍යා ප්‍රබන්ධයකට සිංහල උපසිරැසි මුසු කරන අවස්ථාව. ඒ හින්ද මොනව හරි දොසක් තියේ නම් ඒ ගැනත් කාරුණිකව දැනුම් දෙන්න. ඔබ සැමට ජය…..
<<< The Matrix Reloaded (2003)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත.
32975 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011/08/16
thnx bro
thank you very much brother….!
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
Thanks Brother
බොහොමත්ම ස්තුතියී
Thanks sub ekata,. Jayawewa
THANKS
Elaaa
Thanks bro
Matrix part 4 එක එන දෙසැම්බර් වල එනවා. පුළුවන් ඉක්මනට එ්කෙත් සබ් එක දෙන්න.
thanks bro
Thanks a lot…
Thank you
Tnx brother ❤️
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
Thank You saho
Enna thiyena ekata ready wennath ekka balana eka watinawane 😉
Thank You saho
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Thanks bro
බොහොම ස්තුතිය් …❤
Sub ekata thanx.
Supiri. Sub ekata thanks
බොහොම ස්තූති bro උපසිරැසියට
ජය ✌️✌️✌️
Thax macho supirima katawak……
thanks
Sub ekta Thanks
Thanks bro
Thanks bro sub ekata.. jaya..
thankxzzzzzzzzz …jaya wewa
Jaya wewa sub ekata thanks
Thanks for the subtitles
sub eka download karanna beneh……….
Thanks sub ekata
බොහොම ස්තුති වේවා!
Elamaaa!!! thanks sub ekata.
Aaaaaaaaaaadareiiiiii ahasa tharam………..ubalanam patta broooooooooooooooooooooo
අවුරුදු 13 කට පස්සෙ හරි මාත් ඕං බැලුව
niz work bro
thank you
දිගටම කරගෙන යන්න… ජයෙන් ජයම වේවා..!!!
niyamay kiyfilm danna api banava,furious 7 vage eva
ala vadak na,thava aluth
පට්ට….තෑන්ක්ස්
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
budu dahamata boho durata sambandai
machan mata therenne na meka download karanna. wena ewage wage click karapu gaman torrent eka download wenne na ne. wena page ekak open wenawa. kohomada download karanne
බොහොම ස්තුති වේවා!
The Animatrix (2003) mekayath subtitle danawada. mwka awasana aka
නියමයි සහෝ… උපසිරැසියට ගොඩාක් ස්තුතියි… මම නම් ටීවී එකේ යන චිත්‍රපටි බලන්නේ නැහැ… වෙළඳ දැනවීම් එක්ක මොන චිත්‍රපටිද.. අනික කෑලිත් නැහැ… ඒ නිසා මට නම් මේ කතා මාලාව මේ විදහට සබ් එක්ක දුන්න එක සෑහෙන වටිනවා මචං….
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
elane puthe…..jaya wewa!!!
thanks very much bro…
මේවා නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති බයිස්කෝප්.. ඔන්න ම්ංඅම බාගෙන බලනවා.. සබ් දාපු යාලුවට පිo…
බොහොම ස්තූතියි සහෝ……
matath me msg 1 enawa (Stop – there might be a problem with the requested link ) mokkda karanna one?
me film eka download dunnama me massage eka enawa (Stop – there might be a problem with the requested link ) meka baganna bari weida ban
puluwannam ada hetama mekata wisadumak dennako
Mamanam ada thamayi me site eka dakke danata film 2 withara bagen baluwa aththatama godak hodayi oyala me wenuwen godak mahansi wenawa idiriyatama yamu yaluwa api hadamath oyala ekka innawa. ayi me tika dawasak site eka aul wela thibune
එළකිරි වැඩක්…සබ් වලට ගොඩක් ස්තුතියි!!!!!!!!!!!!! ඔය ෆිල්ම් 3 කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නම් නෑ. මේක තමා පට්ටම පට්ට.
කවදාවත් මන්ද මානසිකයන් ගනන් ගන්න ඒපා!
මේ සුවිශේෂී කතා ත්‍රිත්වය උපසිරස යෙදීමම ගොඩක් අගය කලයුතු දෙයක්!!!!!!!!!!!!!!!!!!!!!
“ඇඩ්මින් මඩුල්ල සයිට් එකේ ඇඩ් එකක් වත් දාන්නෙ නැති එක ගැන ඇත්තටම අගය කළ යුතු දෙයක්.”
ai agaya karanne ad ekak danna kiyala unandu karanawa wenuwata me yakku eka agaya karanawa,,anika nikan sub dena eke ad ekak dammama mokada wenne mannam samanyen hoda site wala thiyana ad click karanawa mokada eka thamai mata karanna puluwan ekama de anika oya comment kali walin athi wade mokakda salli thamai wadagath matanam
Sub walata thanks….
….බොහෝම ස්තුතියි….!!!!
ඔය ෆිල්ම් 3 කොච්චර බැලුවත් කෙනෙකුට ඇති වෙන්නෙ නම් නෑ… ඒ තරම් ලස්සන කතාවක් තමයි තියෙන්නෙ.අපි ඒ දවස්වල බැලුවට, ෆිල්ම් එක හරියටම තේරුම් ගන්න අමාරුයි,මේ සුවිශේෂී කතා ත්‍රිත්වය උපසිරස යෙදීමම ගොඩක් අගය කලයුතු දෙයක් කියලයි මගේ හැගීම.
තවත් දෙයක්.. ඔය එක එක,ඉරිසියා කාරයෝ කියන දේවල් ගනන් ගන්න එපා..
මේවගේ ෆිල්ම් කොචර පරණ උනත් නැවත නැවතත් බැලියහැකි.
ඒ සදහා සහය වුනු සියලුම දෙන වෙත මගෙ ස්තුතිය…!!!! මේ වගේ උසස් සිනමා නිර්මාන දන්න සිංහලෙන් හැමෝටම රසවිදින්න පුලුවන් වෙන්නෙ ඔයාල වගේ අය නිසයි.
දිගටම කරගෙන යන්න… ජයෙන් ජයම වේවා..!!!
ස්තුතියි සබ් හදල දැම්මට ගොඩක් ස්තුතියි ජයෙන් ජයම වෙන්න ඕනෙ
සිංහලත් හරියට බැරි මම, මේ ෆිල්ම් සෙට් එක ආසාවෙන් ඉංගිරිසි උපසිරැසි එක්කල අමාරුවෙන් මධුර ඩික්ෂනරිය දාගෙන කීප සැරයක් බැලුව. අමාරුවෙන් ටිකක් තේරුං ගත්ත. ෆිල්ම් ටික නං පටේ පට්ට. සිංහල සබ් දාපු සෙට් එකට සහ ඉදිරියට දාන සෙට් එකට නොසෑහෙන්න පිං…!
හිතුවෙත් නැති ඉක්මනටම සබ දාල…එල..
ඔය ඉරිසියා කාරයෝ කියන දේවල් ගනන් ගන්න එපා..මේවගේ ෆිල්ම් කොචර පරණ උනත් නැවත නැවතත් බැලියහැකි..
ඒවගේම baiscope සහෝලගෙන් ඉල්ලා සිටිනවා The Lord of the Rings කතා වලටත් සබ් දෙන්න කියල..
මචංලා.. මගෙ නමින් කවුරු comment කලාද දන්නෙ නෑ.. සමාවෙන්න ඔනෙ කාගෙවත් හිත රිදුනා නම්..!! 🙁
“මට ඇත්තටම මේ මෝඩ වැඩ ගැන වෙලාවකට පුදුමයි. මොකද රුපවාහිනියේ සිංහල උපසිරැසි සමඟ පට්ට ගහපු ෆිල්ම් එකකට උපසිරැසි යොදන්නේ මන්ද කියලා. ඒ වගේම මේ අලුත් ඇඩ්මින් වරු නවක උපසිරැසි යොදන පුද්ගලයින්ගේ කාලය කා දැමීමක් විදියටයි මම මේක දකින්නේ. උපසිරැසි නොයෙදූ මෑත කාලීනව ජනප්‍රිය කොතරම් හොඳ චිත්‍රපටි හියෙනවද. කරුණාකර ඇඩ්මින් වරුන් මේ අහිංසක උපසිරැසි යොදන මිනිසුන්ගේ කාලය අපතේ යවන වැඩේ නවත්වන්න. කොහොමත් ගුරා , රොයිලි , ගෝලයා , වගේ පුද්ගලයෝ සයිට් එක දාලා ගියාට පස්සේ මේ සයිට් එක ගන්න දෙයක් නෑ.”
කවුද මෙ මගෙ නමින් comments දාපු හරකා..!!
බොහොම ස්තුතියි සහෝ මේ ෆිල්ම් එකට..
8) elaaa ………………….. !
B| B)
Maxxxxxxxxxxxxxxxxxa …. 😀 😀 😀
ela ThanQ wewaaaaaaaaaaaaaaaaaaaaaaaa !!! 🙂 🙂 🙂
විකියා ඊලග Series එක මොකක් වෙයිද X Men Series එක දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් MATRIX Series එක දෙන්න හිතුන එක ගොඩක් වටිනවා කොහොම උනත් series දෙන්න පටන් ගත්ත එක සිංහල සබ වලට නැවුම් දෙයක් වෙයි ජයවේව දිගටම කරගෙන යමු
kawuru monawa keewath hemadama baiscope aken mamanam films baanawa.. rasa kara kara sub akka films balanawa.. sub karana post damana seema sahoodarayakutama mage suba pethum.. jaya weawa.. hemootama.. thnx udara sahoo……..
එළ… 8)
මගේ ආසම චිත්‍රපට මාලාව අතරින් එකක් තමා MATRIX කියන්නේ… 🙂
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
ගණන් ගන්න එපා යාලුවනේ බල්ලෝ බිරුවට කදු පත් වෙන්නේ නෑ. බුදු හාමුදුරුවන්ටත් ගල් පෙරලපු කාලකන්නි හිටියනේ. මුත් ඒවගේ අපතයෙක්.
දිරි ගන්වනු වස් ප්‍රතිචාරයක් දැක්වූ හැමටම බොහොමත්ම ස්තූතියි……
anthimata mokada wenne? Neo & Triniti marenawada? :'( 🙁
බොහෝම ස්තුතියි. සිංහල sub නිසා දැන් තමා කතාව තේරුනේ.
kathu පිස්සු පුසෙක් !@#$%^#*.
ඕකා කියන ඒවා ගණන් ගන්න ඕන නෑ.
තැන්කු සහෝ මේ සබ් වලට. අද නම් මේ ෆිල්ම් 3ම තේරෙන්න බලන්න පුළුවන්.
ada akak naddo….
මම නම් බලලා තිබෙන හොදම කතා 3ක් තමා මේ.
බොහොම ස්තුතියි!උපසිරෑසි ලබා දුන්නාට.
ස්තුතියි ගොඩක් ස්තුතියි
@kathu – මෝඩ කතා කියන්න එපා සහෝදරයා.TV එකේ යද්දි බලපු නැති අයට ඔයා කියන්නේ ආපහු යන දවස වෙනකන් ඉන්න කියලද ? 🙁 අනිත් එක මේ කතා මාලාව කොහොමත් එකපාරක් බලලා තේරුම් ගන්න අමාරුයි. ඔයා ඔය කියන විදියට TV එකේ යනකන් බලන් ඉදලා මේක තේරුම් ගන්න ගියොත් අවුරුදු ගානක් යාවි. 🙁 මොකද අවුරුදු ගානකට සැරයක්‌නේ පෙන්නන්නේ 😛
————————————
කවුරු මොනවා කියුවත් මහංසිවෙලා මේ කතා මාලාවට Sub දාපු සහෝදරවරු ඔක්‌කොටම ගොඩක් ස්‌තූතී. 🙂
ජයවේවා ………… 😀
යාලුව අනිත් ෆිල්ම් දෙකට වඩා මේකෙ රේටින්ග් අඩුයි කිව්වට මටනම් මේක තමා පට්ටම පට්ට.. ඔන්න මට මේක මග ඇරුනු ෆිල්ම් 1ක් ඒ වගේම ටී.වී. එකේ ගියාද කියල දන්නෙත් නෑ( ) උදාර මේක මටම කරපු සබ් එකක් කියලයි මට හිතෙන්නෙ .. උදාර අලුත් පරන භේදයකින් තොරව මේ වගේ ෆිල්ම් වලට සබ් දාන්න…
බොහොම ස්තුතියි..,
thanks sub 1kata 1i 2i giyata 3weni 1ka man danna tharamin tv 1ke giye neeeeeeeeeeeee………………………….
tkx machan serama dunnata
Meekath ekthara kalawak wage comments wedi Kara ganna. Admin kenekma eka eka namin comment karala. Ealama ewata comment karana eka. Ela ela
බොහොම ස්තුතියි
NIYAMAY MACHAN PARTS THUNATAMA THANKS. DEGATAMA SUB DENNA SELENNAEPA OBATA JAYAWEWA !
මෙන්න අවසන් කොටසටත් සබ් දීලා..අනර්ඝයි!
මම මුල් එකට සබ් දුන්නට ඉතිරි කොටස් දෙක මටත් බලන්න බැරි වුණා..වැඩ රාජකාරි බහුල නිසා.
නිලන්ත පියසිරි සොයුරා කිව්වා වගේ ඇයි අපි කලබල වෙන්නෙ..අර පරණ සිංදුවකත් තියෙන්නෙ,”චේතනා පරිශුද්ධ වේ නම් පෙම් සටන් පරදින්නෙ නෑ” කියලා..හිහ්..
සොයුරනි,අපි අපේ කටයුත්ත හරියට කරමු.ප්‍රශංසාවෙන් වුවමනාවට වඩා කුල්මත් වෙන්නෙවත්,දෝෂාරෝපණයෙන් වුවමනාවට වඩා කණගාටු වෙන්නෙවත් නැතිව…
මම පුද්ගලිකව මේ කටයුත්තෙ යෙදෙන්නෙ,කිසිවක් බලාපොරොත්තු නොවී..නිස්සරණාධ්‍යාසයෙන්!ආත්මතෘප්තිය පමණක් මට ඇති.අඩු ගාණෙ කමෙන්ට් නැති වුණත් මම මගෙ වැඩේ කරනවා!
සියළු දෙනාට ජය!!!
සඳුන් ප්‍රියංකර විතානගේ
Good nice film series. mewa TV wala giya kiyala value eka adu wenne. bcos we are watching these types of films again and again. so the age of the film is not important but the quality. Ela….
Jaya wewa….!!!!
patta mulin balala tibune sinhalen baladdi ela kiri saho…….
බොහොම ස්තුතියි………
මේක දෙනකම් කොච්චර ආසාවෙන් ද බලන් හිටියේ… කලින් කොටස් දෙක බලද්දි මට හිතුනා උපසිරැසි යොදන්න ගොඩාක් මහන්සි වෙන්න ඇති කියල. මොකද සිංහලෙන් තියෙද්දි පවා ඒකෙ සමහර දෙබස් තේරුම්ගන්න අමාරුයි. ඉතින් එච්චර මහන්සි වෙලා දීපු සබ් එක වෙනුවෙන් බලන අපිට දෙන්න තියෙන්නෙ ස්තුතියි කියල දාන මේ කමෙන්ට් එක තමයි… හැබැයි මේ ස්තුතියි කියන්නෙ හදවතින්මයි… ජයවේවා.
“කවුරු හරි ඇවිත් මේකට ගලක් ගහනවා එතකොට දෙබරේ වගේ ඇවිස්සෙනවා..”
මේක නම් සහතික ඇත්ත කතාව වා.මු සහෝ.. මන්ද මානසිකත්වයෙන් comment කරන [kathu වැනි අය]සදහා පිලිතුරු දීමට කාලය කැපකරන එක අනවශ්ය දෙයක්..
ස්තූතියි කේ. යූ. ජී. උදාර සහෝ…
ඔයාගෙ උපසිරසි වලට පුද්ගලිකවම මන් ගොඩාක් කැමතියි..
ඒ වගෙම මේ බයිස්කෝප් 3ටම උපසිරසි ලබාදුන් සදුන්.හෂාන් සහෝ ලටත් නැවත වරක් ස්තූතියි
බයිස්කෝප් අඩවියට ජය වේවා෴෴෴෴෴
වා.මු. නිලන්ත පියසිරි ට මගේ ආචාරය.
මොනාඋනත් වැදගත් කතාවක්. අලුත්ද පරණද කියන එක නෙවෙයි, හැම දෙයක්ම විකිණෙන මේ සමාජේ නොමිලේ කරන මේ සත්කාරයයි වැදගත්. ඇඩ්මින් මඩුල්ල සයිට් එකේ ඇඩ් එකක් වත් දාන්නෙ නැති එක ගැන ඇත්තටම අගය කළ යුතු දෙයක්. තමන්ට කිසිම වාසියක් නැතුව මහන්සි වෙලා මේ සහෝදරවරු කරන දේ, අගය නොකර කවුරු හරි ඒකට ගරහනවා නම් ඒ කුහක කම.
මගේ ප්‍රියතම චිත්‍රපට ත්‍රිත්වයට සබ් ලබා දුන්නට සහෝල තුන්දෙනාටම ගොඩක් ස්තුතියි
2වෙනි 1න් පස්සේ 3වෙනි 1 ක්සනිකයෙන් දෑම්ම නේද…..එල කිරි ..ටොපේ ටොප්…මරේ මරු….
කවුරු හරි ඇවිත් මේකට ගලක් ගහනවා එතකොට දෙබරේ වගේ ඇවිස්සෙනවා. නවක හෝ පරණ හෝ උප සිරස දම්න්නෝ ඒවාට උප සිරස දාන්නේ රස්සාවට නොවයිනේ, ආසාවට. කවුරු හරි පරණ බයිස්කෝප් එකකට උප සිරැසි දානවා නම් ඒක එයාගේ ආසාව. දැන් එකම බයිස්කෝප් එකට තැන් තුන හතරෙම උප සිරැසි දාන්නේ ඇයි? ඒ මනුස්සයාගේ ඒ වැඩේට තියෙන ආසාවට. ඒ විතරක් නොවෙයි. අළුත් පරණ කියලා නැහැ බයිස්කෝප් වලට සිංහල උප සිරැසි දානවා කියන්නේ පරිවර්තන කාරියක් නොවැ. එතකොට ඒ වැඩේ කරන කෙනාගේ ඉංගිරිසි දැනුම වගේම සිංහල දැනුමත් ඉහල යනවා. ඒ අතින් බලන කල ඒක අධ්‍යාපණික කාරියකුත් වෙනවා. යමෙක් සමාජයට හානියක් නොකර කරන වැඩ වලට තව කවුරුවත් තරහා ගන්න ඕනේ නැහැ. ඒ නිසා මොන එකකට උප සිරැසි දැම්මත් ඒක අගය කරන්න ඉගෙන ගැනීම මනුස්සකම. ඒක යෝජනාවක් විදිහට කාරුණිකව කියන්න ඉඩ තිබුනා. ඒත් ඇයි මේ අපේ අය කාගේ හරි හිතක් රිද්දන්නම හදන්නේ.
එල කිරි මචංලා.ඔච්චර ෆිල්ම් බලල තිබුනට මං මේකෙ 1 විතරයි බලල තිබුනෙ.සඳුන්/හෂාන්/උදාර සෙට් එකටම පිං මේව සිංහල සබ් එක්කම දුන්න එකට.ෆිල්ම් 3ම බා ගත්ත.දැං දෙයියනේ කියල බලන්ඩ පුළුවන්.එහෙනම් බොහෝ………ම ස්තූතියි…!
mama TV eke meka 2k ma baluva eth kochara baluvath epa venne na.. mama meka ai download karala balanava….. thansk tava tavath danna me vage evaKorean film tiakak hoyala danako hoda thaks jaya veva devi pihitai
බොහොම ස්තුත්යි… ඇත්තටම මේ වගේ film වලට සබ් දෙන්නම ඕන..ඒ නිසා ඔය එක එක අය කියන කතා ගනන් ගන්න එපා.. අපි හැමදාම baiscope එක්ක..
mama asama film walin ekak ela ela thanks aiye
ELA KIRI…….
thanks
thanks machan
එළකිරි වැඩක්…සබ් වලට ගොඩක් ස්තුතියි..
දිගටම කරගෙන යන්න…ජය වේවා..!!!
@ baiscopelk Administrators සහ මෙම වෙබ් අඩවිය වෙනුවෙන් කාලය හා ශ්‍රමය කැප කරන සැවොම වෙත
නුදුරු අනාගතයේදීම ඔබ හට මීට වඩා ගල් මුල් වලට මුහුණ දීමට සිදුවනු ඇත. ඒවා දරා ගැනීමට දැන් සිටම හුරුවන්න. සමහරවිට ඒවා බාල ගණයේ විනාශකාරී ක්‍රියා ද විය හැක.
සිංහල බ්ලොග් අවකාශයේ තිබූ විශිෂ්ට ගණයේ අඩවියක් වූ ටැබූ සබ්ජෙක්ට්ස් වෙත අත්වූ ඉරණම මෙයටත් අත් නොවේවා!
@kathu ඔබ කිවූ කිසිම කෙනෙක් බයිස්කෝප් සයිට් එකෙන් ඉවත්වී නොමැති බැව් වගකීමෙන් කියන්න කැමතියි..
ඒ වගේම බයිස්කෝප් ඉතිහාසය වෙනස්ම ආරකට යොමු කල මේ කතා ත්‍රිත්වය උපසිරස එක්ක දුන්න එක ඉතාමත් වැදගත්..ඇත්තටම මේ වෙන තුරු මේ ෆිල්ම් බලපු හුග දෙනෙක් මේකේ සැබෑම අර්ථය දැනගෙන නැතුව තමා නරබලා තියෙන්නේ..අපිට ඒ ගැන වැටහීමක් තිබුනා..ඒ වගේම ටී වී එකේ විකාශය කලත් නියාමාකාරයෙන් රසවිදිය හැකිද..? ඒ වගේම කතා 3 ක් එක දිගට දෙනවද?…පටු විදියට නොසිතන්න..එදා මෙදා තුර බයිස්කෝප් සයිට් එකේ කිසිදු වෙනස් වීමක් සිදු නොවී තිබෙන අතර දිනෙන් දින දියුණුවට පත් වූවා මිසක….
ජය වේවා ~!
ubalata pin wikiyoooooo………………………………..Thank you…………..
@ kathu
කෙනෙක් මෝඩයෙක් වුණාට මෝඩකම ප්‍රදර්ශනය කරන්න හොඳ නෑ kathu සහෝ.
ඔයා හරියට දැනගෙනද ඔය කතා කරන්නේ? මේකේ මුල සිට සිටි කිසිදු ඇඩ්මින් කෙනෙක් මේතාක් මේ සයිට් එක අතෑරලා ගිහින් නෑ. ඔයා මොන හේතුවක් මතද ඔය වගේ උපකල්පන ගොඩනගන්නේ? ෂර්ලොක් හෝම්ස් ගෙන් අල්ලගත්තද?
අනිත් කාරණේ ඔයා හිතන විදිහ හරිම පටුයිනේ. මේක TV එකේ ගියේ කොයි කාලෙද? මෑතක ගියාද? නිකමට හිතන්න හැමෝටම TV එකේ යන ඒවා බල බල ඉන්න වෙලා නෑ. ඒ අයටයි මේ හැදුවේ. අනික තව අවුරුදු පහකින් ආයිම ඕක TV එකේ යනවද?(ඒක එහෙම වුණොත් ඉරත් අනිත් පැත්තෙන් පායයි) ඔයා ඔය කියන දවසේ මේ ෆිල්ම් ත්‍රිත්ත්වය TV එකේ ගියාට පස්සේ තව කොච්චරනම් අලුතින් සිංහල පැටව් මේ ලෝකෙට උපන්නද? ඔයා යෝජනා කරන්නේ ඒ සිංහල පැටවුන්ට ආපහු ඔයා ඔය මේක TV එකේ ගියායි කියන අතීත දවසට ගිහින් මේක බලලා එන්න කියලද? නෑ සහෝ අපි මෙහෙම වැඩක් කරන්නේ ඇයි කියන එක තේරුම් ගන්න ඔක්කෝටම කලින්!
TV එකේ මෙහෙම කතාවක් යන්නේ අවුරුදු කීයකට සැරයක්ද? ඒ ගියත් එකවරක් පෙන්නුවාම ආයෙම පෙන්නන්නේ අවුරුදු ගාණකට පස්සේ. ඒ අතරතුර කෙනෙකුට මේ කතා ටික සිංහල උපසිරැසි සහිතව බලන්න ඕනේ කළොත් ආයි TV එකේ කවදහරි යනකම් ඉවසලා ඉන්න අරීන්නේ නැතුව තමන්ට ඕනි වුණ ගමන්, හිතුණ වෙලාවක ඇවිත් අරගෙන බලන්න පුළුවන් වෙන්නේ මෙහෙම දුන්නොත් විතරයි.
TV එකේ ගියා ගියාමයි ආයි යන්නේ නැති වෙන්නත් පුළුවන්. නමුත් මේක එහෙම නෑ තව අවුරුදු පණහකින් පස්සේ වුණත් සිංහල උපසිරැසි සමග මේ කතා ත්‍රිත්ත්වයම බලන්න පුළුවන් මේ අපේ “සඳුන්/හෂාන්/උදාර” යන ත්‍රිත්ත්වය මේවාට සිංහල හැදූ නිසා. ඔය තරම් පහත් විදිහට හිතන්න එපා. බොළඳ වෙන්න එපා. මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා.
ඔයා ගැන හිතලා අනේ පව් කියලා බලන්න සලස්වන්න දුන්නා නෙමේ. මේ වැඩේ කරන්නේ බොහොම උදාර-ඔයාගේ පටු චින්තනයට නොවැටහෙන තරම්-දුර ගිය වැදගත් අරමුණක් එක්කයි. ඒ නිසා තමුන්ට තෙරෙන්නේ නැත්නම් අඩු ගාණේ කට පියාගෙන ඉන්න පුරුදු වෙන්න.
සිරා කතාව @uda සහෝ අද ෆිල්ම් එක බලන්නෙ …මේ 2021 සබ් නැත්තම් දන්නෙත් නෑ මෙහෙම ෆිලුම් තුනක් ගැන
ela mchan…. me karana wedeta bohoma pin.. kiyanna deyak ne itin, fatta… ubalata puluwannam idiriyedi films walata sinhala hada kawala diyankoooo… pattama udawwak
පට්ටයි මචන්… නියමයි. ගොඩක් වටිනවා……. ජය වේවා!!!!
very dull and monotonus,
@ kathu – “කොහොමත් ගුරා , රොයිලි , ගෝලයා , වගේ පුද්ගලයෝ සයිට් එක දාලා ගියාට පස්සේ මේ සයිට් එක ගන්න දෙයක් නෑ.” ??????? මොකෝ මචන් මේ ප්‍රශ්නය?????
thanx.
Ehema Kiyanna epa… Sinhala Sub ganna thiyana site 2 i ne thiyenne,,, ithin ewagen meka thama hodama eka…
මට ඇත්තටම මේ මෝඩ වැඩ ගැන වෙලාවකට පුදුමයි. මොකද රුපවාහිනියේ සිංහල උපසිරැසි සමඟ පට්ට ගහපු ෆිල්ම් එකකට උපසිරැසි යොදන්නේ මන්ද කියලා. ඒ වගේම මේ අලුත් ඇඩ්මින් වරු නවක උපසිරැසි යොදන පුද්ගලයින්ගේ කාලය කා දැමීමක් විදියටයි මම මේක දකින්නේ. උපසිරැසි නොයෙදූ මෑත කාලීනව ජනප්‍රිය කොතරම් හොඳ චිත්‍රපටි හියෙනවද. කරුණාකර ඇඩ්මින් වරුන් මේ අහිංසක උපසිරැසි යොදන මිනිසුන්ගේ කාලය අපතේ යවන වැඩේ නවත්වන්න. කොහොමත් ගුරා , රොයිලි , ගෝලයා , වගේ පුද්ගලයෝ සයිට් එක දාලා ගියාට පස්සේ මේ සයිට් එක ගන්න දෙයක් නෑ.
@kathu සොයුර,
ඔබ ඔය කිව් කිසිදු සොයුරෙක් බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩයෙන් ඉවත්වී නැත…
වෙන ෆිල්ම් නැද්ද…. අයියෝ…..
thanks very much sinhala subwalata….
thawa honda film ekakata sub danna,,
jayaweawa….
thanx machoola
එල එල
ඔය තියෙන්නේ බඩු…
ඔන්න මං කලිනුත් කිව්ව වගේ මේ පාර
‘එකයි, දෙකයි, තුනයි! කියල මේක අරගත්තා; එහෙනම්.
ජය සහෝ!
tnx bro..
ela ela
අනේ නියෝ ??????,,,,,,,,,,,,,
Maxxa.
බොහොම ස්තුතියි සහෝ
පොඩි අවුලක් වෙලා මෙච්චර වෙලා කමෙන්ට්ස් දාන්න විදියක් තිබිලා නෑ ….ඔන්න මම හැදුවා....
මේ අවස්ථාවේ සිංහල උපසිරස බයිස්කෝප් ඉතිහාසයේ ලොකු අඩුවක් පිරවුනා යැයි මගේ අදහසයි..මේ සුවිශේෂී කතා ත්‍රිත්වය උපසිරස යෙදීමත් එක්ක..
සදුන්.හෂාන් සග උදාර සහෝලා තිදෙනාටම මගේ හද පිරි ඉස්තූතියි
මේ අවස්ථාවේ පුද කරන්න කැමතියි..
ජයෙන් ජය~!
බොහොම ස්තුතියි සහෝ මේ ෆිල්ම් එකට.. වටිනා වැඩක්.