අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නරහස් පරීක්ෂකසමීර කරුණාරත්නසිංහල උපසිරැසි

The Reincarnation of Peter Proud (1975) Sinhala Subtitles | සිහිනයක රැදී රහසක් [සිංහල උපසිරැසි]

Rating: 9.1/10. From 8 votes.
Please wait...

මේක කාලෙකින් දකින්න ලැබෙන හරිම අමුතු, ඒ වගේම බොහොම කුතුහලය දනවන බයිස්කෝප්එක්ක, මම මේ චිත්‍ර පටියට අදාල පොතේ සිංහල පරිවරතනය කියවල තිබුනට චිත්‍රපටය බලල තිබුනෙ නැහැ. කොහොම නමුත් අපේ උදා සහෝගේ ලිපිය කියවල ඒකෙනම් චිත්‍රපටය බාගත්ත. මම මේක් බලල ඉවර උනාම මේකට අනිවා උපසිරැස කරනාවා කියල හිතුන, නමුත් මේ පිටපතට ගැලපෙන ඉංග්‍රීසි උපසිරැසක් හොයාගන්න ටිකක් අමාරු උනා, ඒකත් ගොඩක් වැරදි තිබුන, උපසිරැසක් ඉතින් හෙමින් හෙමින් පේළිය පේළිය චිත්‍රපටය බලන ගමන් පරිවර්තනය කරල තමයි අද ඔයාලට මෙහෙම ලබාදෙන්නෙ. මම තව විස්තර කියන්නෙ නෑ, උදා සහෝ පළ කරපු ලිපිය පහල තියනවා ඒකෙ බයිස්කෝප් එක ගැන හොඳට විස්තර කරල ඇති. උදා සහෝට ඒ වෙනුවෙන් ස්තුති කරන් ගමන් මම කට්ට කාගෙන හරි උපසිරැසට සාධාරණයක් කරල නම් චිත්‍රපටය බලල ඇවිත් කමෙන්ට් එක්ක දාගෙන යන්න අමතක කරන්න එපා. අපේ සතුටඒක කියවන එක තමයි. නැවත චිත්‍රපටයක් එක්ක හමුවෙන තුරු ඔක්කොමට ආයුබෝ වේවා…!

මීට පෙර උදා සොහොයුරා විසින් පළ කළ ලිපිය.

පුනරුප්පත්තිය කියන්නෙ අපටනම් හොඳට හුරු-පුරුදු සංකල්පයක්. ඒ වගේම අද වන විට මේ සංකල්පය විද්‍යාත්මකවත් තහවුරු කළ පිළිගත් මතවාදයක් බවට පත්වී තියෙනවා. නමුත් මේ සංකල්පය බොහොම මතභේදයට තුඩුදුන් කරුණක් බවට පත්ව තිබූ අවධියකුත් තිවුණා. හැබැයි බොදුදහමත් අනෙකුත් භවවාදී සංකල්පයන්හිත් නිජබිම වූ ආසියාකරයේනම් නොවෙයි, භෞතිකවාදී මිම්මෙන් හැමදේම මනින්නට – පහදන්නට උත්සුක වූ බටහිර ලෝකයේ මෙය බොහොම අවඥාවට ලක් වූ අදහසක් බවට පත් වී තිබුණා. සුපුරුදු පරිදි ඔවුන් තමන්ගේ විද්‍යාවෙන් සනාථ නොවූ මෙම සංකල්පය කිසිදු වගවිභාගයකින් තොරවම; කිසිදු විමර්ශනයකින් තොරවම; මුළුමනින්ම ප්‍රතික්ෂේප කළා.

පදනමක් රහිත හුදු මවාගත් අදහසක් ලෙස සලකා පිළිකුලෙන් යුතුව පහර ගසන්නට ඔවුන් පෙළඹුණේ තම ආගමින් පහදා දී තිබූ කිසිදු තොරතුරක් මේ හා නොසැසඳුණු නිසාමත් නොවෙයි, තම මතවාදයන්ගෙන් බැහැර කිසිදු දෙයක් දෙස විවෘත මනසකින් බලන්නට තරම් හැකියාවක් වර්ධනය කර ගන්නට ඔවුනට කිසිදු අනුබලයක් නොලැබීමද මීට හේතුවක් වුණා. නමුත් “සිග්මන් ෆ්‍රොයිඩ්/ එඩ්ගා කේසි” වැනි සුළුතර වූ ගවේෂණාත්මක කුතුහලයෙන් පිරුණු මහා විද්‍යාඥයන් කිහිපදෙනෙකුගේ අප්‍රතිහත ධෛර්යයත්, මහා උත්සාහයත් නිසා මේ සැඟවුණු ගුප්ත සංකල්පය ලොවට ටික ටික හෙළිවෙන්නට පටන්ගත්තා.

මේ අවධියේදී මුළු බටහිර ලෝකයම උඩුයටිකුරු කරන නවකතාවක් ප්‍රකාශයට පත්වුණා, The Reincarnation of Peter Proud නමින්. මෙහි අඩංගු වුණේ තම මරණයෙන් පසු යළි උපත ලද මිනිසෙකු මුහුණදෙන අද්භූත සිදුවීම් පෙළක් වටා ගෙතුණු කතාවකුයි. ‘පීටර් ප්‍රවුඩ් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, ඔහු නිතරම දකින සිහිනය හරිම අද්භූත එකක්. තමන් කිසිදා නොගිය පෙදෙසක, නොදු‍ටු පෙදෙසක පිහිටි නොදන්නා තැනකදී, භයානක අයුරින් ඝාතනයට පත්වෙන මිනිසෙකු පිළිබඳව ඔහු සිහිනයෙන් දකිනවා.’ ඒ සිහිනය දකින හැමවිටකම ඔහු; ඔහුගේ නොවන අද්භූත කටහඬකින් විළාප තබනවා. මේ සිහිනය ඔහුට මහා හිරිහැරයක්, මානසික පීඩාවක් බවට පත්වුණු තැන; ඔහු තීරණය කරනවා මේ සිහිනය පසු පස හඹායන්නට. ඒ මේ හිතට වදදෙන ගැටළුව කෙසේ හෝ විසඳා ගන්නා අරමුණින්. ඔහුගේ අදහස වන්නේ කිසියම් නිතර වදදෙන සිහිනයකින් දකින දෙය ක්‍රියාවට නැංවීමෙන් ඉන් මිදීගත හැකියැයි වන රතු-ඉන්දියානු ගෝත්‍රික විශ්වාසයක් අත්හදා බැලීමයි. කෙසේ හෝ අවසන ඔහු මේ අදහස ක්‍රියාවට නංවනවා. ඒ වගේම තම නපුරු සිහිනයෙන් සදහටම අත්මිදෙනවා. හැබැයි ඒ අපි කිසිකෙනෙක් හිතන විදිහටනම් නෙවෙයි.

මේක 1975 තිරගතවුණු චිත්‍රපටයක්, කතාවත් ඒ ආසන්න අවදියකයි පළවුණේ. IMDB Ratings වල 6.5ක් තියෙනවා. අධ්‍යක්ෂණය J. Lee Thompsonගේ. සුපිරි නළු Michael Sarrazin, Jennifer O’Neill, Margot Kidder ප්‍රධාන චරිත නිරූපණය කරනවා. මෙම නවකතාව අවුරුදු කීපයකට පෙර චන්දන මෙන්ඩිස් මහතා විසින් සිංහලයට පරිවර්තනය කරා “සිහිනයක ‍රැඳි රහසක් නමින්”. යාළුවෙකුගෙන් ඉල්ලාගෙන ඒ පොත කියෙව්වට පස්සේ මට මාරම ආශාවක් තිබුණේ මේකේ චිත්‍රපටියත් බලන්න. තිරගතවුණු කාලෙත් එක්ක සලකනකොට මේක ඉහළ මට්ටමක තියෙන නිර්මාණයක් ලෙස සලකන්න පුලුවනි. මේ නමින්ම තව චිත්‍රපටයක් මේ අවුරුද්දේ නිකුත් වෙන්න තියෙනවා. ආවහම ඒකත් දෙන්නම්කෝ! පරණයි කියලා අහක දාන්න එපා, සිනමා කලාවේ ගවේෂණාත්මක හරඹයන් අඩංගුවෙන්නේ මේ වගේ චිත්‍රපටිවල තමා. තාක්ෂණික ප්‍රයෝග බොහොම අඩු කාලෙක කරපු මේ නිර්මාණය මේ මට්ටමට නිම කරන්න ඔවුන් විඳපු වෙහෙස කොතරම්ද කියන එක ඔබටත් පෙනේවි. ඉතිං ඔබ මේ කතාව කියවා ඇතිනම් මේ පිළිබඳව අමුතුවෙන් හඳුන්වා දියයුතු නැහැ. නමුත් ඔබ කතාව කියවා නැතිනම් මෙය ඔබ අනිවාරයෙන්ම නැරඹිය යුතු බවයි මගේ නිර්දේශය.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2462 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2013/02/photo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/02/12

106 thoughts on “The Reincarnation of Peter Proud (1975) Sinhala Subtitles | සිහිනයක රැදී රහසක් [සිංහල උපසිරැසි]