The Spectacular Spider-Man [S02 : E04 & E05] Sinhala Subtitles | කවුද මේ මාස්ටර් ප්ලෑනර්…? [සිංහල උපසිරැසි]
ඔන්න ඉතින් අද අරගෙන එන්නේ The Spectacular Spider-Man කතා මාලාවේ එපිසෝඩ් 4 සහ 5 උපසිරැසි. මුලින්ම කලින් ලිපියේදී කියන්න අමතක වුණු දෙයක් කියන්න ඕනේ. කලින් එපිසෝඩ් එක (3වෙනි එපිසෝඩ් එක) බැලුවා නම් ඔයාලා දකින්න ඇති ඒකේ ක්ලීටස් කෑසෙඩී කියන නම මේ විදියට රතු පාටින් ලියවිලා තිබුණා කියලා. ඒක එහෙම තිබුණ හේතුව ගැන කියනවා නම් ඒක එහෙම වුණේ මොකද එයා තමයි කොමික්වල කානේජ්ගේ ධාරකයා. Venom: Let There be Carnage ෆිල්ම් එක බැලුවා නම් කානේජ්ව ආයෙමත් අමුතුවෙන් හඳුන්වලා දෙන්න දෙයක් නෑනේ. කොහොම වුණත් මේ කතා මාලාවේ නම් අපට කානේජ්ව බලාගන්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි කතා මාලාවට කානේජ්ව හඳුන්වා දෙන්න තරම් කාලයක් කතාව ධාවනය නොවුණු එක. Spectacular Spider-Man කතා මාලාව අවලංගු වෙන්න හේතුව ඒකේ තත්වය නෙමෙයි කියලා දැනට කියන්නම්කෝ. මේ ගැන වැඩි විස්තර අන්තිම එපිසෝඩ් එකෙන් කතා කරමු. ඉතින් අපට කවදාවත් දකින්න නොලැබුණු කානේජ් වෙනුවෙන් තමයි ඒ නම එහෙම ලියලා තිබුණේ.
ඉතින් කානේජ් වගේම, හඳුන්වලා දුන්නත් අපි කවදාවත් විලන් කෙනෙක් වෙනවා දැක්කේ නැති තව චරිතයක් එපිසෝඩ් හතරේ ඉන්නවා. ඒ තමයි මොරිස් බෙන්ච්, ඒ කියන්නේ Hydro-Man. කොහොම වුණත් කලිනුත් කිව්වා වගේ මෙයා හයිඩ්‍රෝ-මෑන් වෙනවා අපට කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ කතාව අවලංගු වීම නිසා. ඒක නිසා, කානේජ්ට කළා වගේම, මොරිස් බෙන්ච් කියන නම මේ විදියට නිල් පාට අකුරින් ලියවිලා ඇති.
එහෙනම් අපි එපිසෝඩ් දෙකේ කතාවල් ගැන බලමු. හතරවෙනි එපිසෝඩ් එකේ අපට පෙන්නනවා මේ මාස්ටර් ප්ලෑනර් කියන්නේ කවුද කියලා. මම එයා කවුද කියලා හෙළි කරන්නේ නෑ. ඉතින් මේ “මාස්ටර් ප්ලෑනර්” ග්වේන් ස්ටේසිව පැහැර ගන්නවා එයාට ඕන කරලා තියෙන කේත වගයක් කැප්ටන් ජෝජ් ස්ටේසිට කියලා හොරකම් කරවගන්න. ඒ කේතවලින් එයාට මුළු ලෝකයේම තියෙන සියළුම යාන්ත්‍රික දේවල් මනසින් පාලනය කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් හැමදාම වගේ, මාස්ටර් ප්ලෑනර් නවත්තන එක ස්පයිඩර්-මෑන්ට බාරයි. එයාට ග්වේන් ස්ටේසිවත් බේරගෙන මාස්ටර් ප්ලෑනර්ගේ සැලසුමත් විනාශ කරන්න පුළුවන් වේවි ද? නැත්නම් මාස්ටර් ප්ලෑනර් ස්පයිඩර්-මෑන්ව ඉවර කරන්න ක්‍රමයක් හොයාගනීවිද?
පස් වෙනි එපිසෝඩ් එක ගැන කියනවා නම් මේකේ එච්චරම ත්‍රාසජනක දෙයක් සිද්ධ වෙන්නේ නෑ. ඒත් මම මේ එපිසෝඩ් එකට කැමතියි. ඒකට හේතුව තමයි සෑන්ඩ්මෑන් හෙවත් ෆ්ලින්ට් මාර්කෝගේ චරිතය සහ පෞර්ෂය ගැන මේ එපිසෝඩ් එකෙන් හොඳ අධ්‍යනයක් කරනවා. අපි දැනටමත් දන්නවානේ ෆ්ලින්ට් මාර්කෝ කියන්නේ අපරාධකාරයෙක් වුණාට එයා පළිගන්නවා වගේ දේවල් කරන්නේ නෑ කියලා. එයාට ඕන කරලා තියෙන්නේ ලොකු වැඩක් කරලා ලොකු ගාණක් හම්බ කරගන්න විතරයි. එයා ස්පයිඩර්-මෑන් එක්ක හැප්පෙන්නේ ස්පයිඩර්-මෑන් එයාට මේක කරගන්න දෙන්නේ නැති නිසා විතරයි. කොහොම වුණත් ෆ්ලින්ට් මාර්කෝගේ මේ වුවමනාව නිසා මේ කතාවේදී මිනිස්සු අනතුරේ වැටෙනවා. ඉතින් ෆ්ලින්ට් මාර්කෝ මොනවා කරයිද? හැමකෙනාම කරනවා වගේ ස්පයිඩර්-මෑන්ට මිනිස්සු බේරගන්න තියලා පැනලා දුවයිද? නැත්නම් ඊට වඩා වෙනස් දෙයක් කරයිද?
එහෙනම් ඊළඟ එපිසෝඩ් දෙකේ උපසිරැසි අරගෙන ඉක්මනට එන්නම්. අදට සමුගන්නවා. උපසිරැසිය ගැන ඔයාලගේ අදහස් යටින් කමෙන්ට් කරගෙනම යන්න. හැමෝටම සුබ දවසක්.
Due to copyright issues, we do not provide any torrent links.
SInhala Subtitles
-- Count 1267 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ්එකට Tnx Mchn,, ජය!! ✌️✌️
Sub ekata thanx
තෑන්ක්ස් සබ් එකට
බොහොම ස්තුතියි දැන් මේ කතාව බලන එක පුරුද්දක් වෙලා තියෙන්නේ .