අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Terminal List [S01 : E01] Sinhala Subtitles | මහා විනාශයකට මුලපුරණ මෙහෙයුමක්! [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 9 votes.
Please wait...

The Terminal List [S01 : E01] Sinhala Subtitles

The Terminal List [S01 : E01] Sinhala Subtitles

ඔන්න එහෙනම් බයිස්කෝප් කන්ඩායමෙන් අපි ඔයාලට සුපිරිම ටීවී සීරිස් එකක් ගේන්නයි මේ සූදානම් වෙන්නේ. මේකට අපි සබ් කරන්න පටන් ගත්තේ මේ සීරිස් එක ආපු 2022 අවුරුද්දෙමයි. ඒත් එක එක වැඩ නිසා මේක අපිට හරියට කරගන්න උන්නෑ. ඒත් කොහොම හරි හිරාන් සහෝ ආයෙත් වැඩේට බැහැල සීරිස් එක ඉවරයක් කරගන්න සප් එකක් දුන්නා. කොහොම හරි පරක්කු වෙලා හරි උපසිරැසි දුන්න එක වටිනව කියලා මං හිතනවා මොකද මේකෙ ප්‍රීක්වල් සීරිස් එකකුත් නිකුත් වෙන්න තියෙන නිසා. ඒකත් නිකුත් වුනාම උපසිරැසි අරගෙන එන්නම්. එහෙනම් ඒවා පැත්තකින් තියලා මේ කතාව පැත්තට හැරෙමුකෝ..

මේක නිකුත් වුණේ 2022 ජූනි 30 වෙනිදා ඇමර්සන් ප්‍රයිම් හරහා. මේ වෙනකොට IMDb දර්ශකේ ලක්ෂෙකට අධික මනාප සංඛ්‍යාවකින් 7.9 ඉහල අගයක් ලබාගන්න මේ සීරිස් එකට හැකිවෙලා තියෙනවා. කතාව ගැන මතක් කලොත් ජේම්ස් රීස් කියන්නේ ඉහල කොමාන්ඩර්වරයෙක්. මෙයාල 2018 ඉඳන් දරුණු ත්‍රස්ථවාදියෙක් වෙන කහානි කියලා පුද්ගලයෙක් පසුපස හඹා යනවා. ඔහොම ඉද්දි මෙයාලට මූසා කියලා විශ්වාසවන්ත කෙනෙක්ගෙන් තොරතුරක් එනවා කහානි ඉන්න තැන ගැන. ඉතිං මෙයාල ඒ තැනට ප්‍රහාරයක් එල්ල කරනවා, මේ මෙහෙයුමෙන් තමා රීස්ගෙ ජීවිතේ කණපිට හැරෙන්න ගන්නේ. මොකද මේ මෙහෙයුමේදි රීස් ලොකු මුලාවක වැටෙනවා. මොකක්ද ඇත්තටම මේ මෙහෙයුම? කවුද ඒක සැලසුම් කළේ? කවුද මේව පිටිපස්සෙ ඉන්නේ? මේ ප්‍රශ්නත් එක්ක තමා පලවෙනි කොටස දිගහැරෙන්නේ.

එහෙනම් එක හුස්මට බලලා දාන්න පුළුවන් මේ සීරිස් එක බලපු නැති ඔයාලටත් බලන්න ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා!

The Terminal List [S01 : E01] Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

6 thoughts on “The Terminal List [S01 : E01] Sinhala Subtitles | මහා විනාශයකට මුලපුරණ මෙහෙයුමක්! [සිංහල උපසිරසි]

  • Bimsara plz puluwannam continuum season 2 akata sub dennako eka supiri tv series akak sub nati nisa balanna baha season 1 idan dunnath hodai meke sub karana hamogenma illanawa puluwannam sub denna kiyala akata

    Reply
  • thanks a lot Bimsara saho sub ekata

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය

    හැකි නම් Reacher එකටත් සිංහල උපසිරසි ලබා දෙන්න

    Reply
  • Thank you wewa me wenuwen mahansi una okkotama..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *