අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Worst of Evil [S01 : E04] Sinhala Subtitles | ගැන්ග්නම් සන්ධානයේ අනාගතය [සිංහල උපසිරසි]

Rating: 9.3/10. From 4 votes.
Please wait...

 

සුබ දවසක් හැමෝටම. Disney + ඔස්සේ 2023 සැප්තැම්බර් 27 දින සිට විකාශනය ආරම්භ කරපු The Worst of Evil කතා මාලාවේහතරවෙනි කොටස තමයි අද අරගෙන ආවෙ. 1990 දශකයේදි ආරම්භ කල නීති විරෝධී මත්ද්‍රව්‍යය වෙළදාමට සම්බන්ධ අපරාධ සංවිධානයක් හා ඔවුන් සමග ගැටෙන පොලිස් පරීක්ෂකයෙක් වටාතමයි මේ කතාව ගලාගෙන යන්නෙ.

තුන්වෙනි කොටසෙදි ඔයාල දකින්න ඇතිනෙ ඉයුජොන්ග් හා කී චෝල් අතර ඇතිවුන අතීත සිදුවීම් කිහිපයක්. ඉතින් මේ අතර ඉයුජොන්ග් එහෙමත් නැත්නම් ජුන්මෝගේ බිරිදත් මේ මෙහෙයුම සමග එක්වෙනවා. මේ අතර සන්ග්හෝ දිගින් දිගටම ගැන්ග්නම් සන්ධානය තුල සැකයට භාජනය වෙනවා. මේ නිසා පොලීසියේ කිහිප දෙනෙක් එකතු වෙලා ගැන්ග්නම් සන්ධානයට ව්‍යාජ ප්‍රහාරයක් එල්ල කරනවා. මේකෙන් කී චෝල් ගෙ හිත දිනාගන්න සන්ග්හෝ කී චෝල්ගෙ ළගම සගයෙක් බවට පත් වෙනවා.

ඉතින් අද කොටසින් ඔයාලට බලාගන්න පුලුවන් සන්ග්හෝ තවදුරටත් ගැන්ග්නම් සන්ධානයේ විශ්වාසය තහවුරු කරගන්න ආකාරය. ඒ වගේම ඉයුජොන්ග්
හා කී චෝල් අතර ඇතිවුන අතීත සිදුවීම් කිහිපයකුත්. එහෙනම් ඉතින් ත්‍රාසය කුතුහලය හා සටන් ජවනිකා පිරුනු හතරවන කොටසත් නැරඹීමට ඔබට ආරාධනා කරමින් මා සමුගන්නවා. අපි ඉක්මනින්ම පස්වෙනි කොටසින් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Next BT1

3 thoughts on “The Worst of Evil [S01 : E04] Sinhala Subtitles | ගැන්ග්නම් සන්ධානයේ අනාගතය [සිංහල උපසිරසි]

  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *