The Worst of Evil [S01 : E11] Sinhala Subtitles | මේ නමින් හඳුන්වන්නෙත් එයාවම තමයි…. [සිංහල උපසිරසි]
The Worst of Evil [S01 : E11]
එදා මම ජන්ග් ගීචෝල් ගාව හිටිය ගෑණු ළමයෙක්ව දැක්කා
ඇය කවුද කියලා ඔයා දන්නවද?
ඔයා දන්නවනේ, ඔයාගෙ ගැන්සිය අර රණ්ඩුව ඇති කරගත්ත වෙලාවේ,
මට අහන්න ලැබුනා ඔහු එක්ක ගෑණු ළමයෙක් හිටියා කියලා.
කවුද ඒ?
අපේ මිනිස්සු කියන හැටියට, ඇය පොලිස් නිලධාරිණියක්.
MPA එක වගේ එකක.
ආ!
SMPA එක?
විකාර.
ඇත්තටම ඇය එහෙම තමයි.
SMPA, රෙද්ද තමයි.
ඔයා මාව මෙච්චර දුර මෙහෙට ගෙන්නුවේ ඇයි?
ඔයාට මාව හම්බෙන්න එන්න තිබුනනේ.
මම ඒක කෙටියෙන්ම කියන්නම්.
ඔයාට පුළුවන්ද මේ SMPA එකේ එක්කෙනා ගැන පරීක්ෂා කරන්න?
මම ඇයව දන්නවා.
ඇය අර හාදයා ගෙ දුව.
කාගෙ?
කලින් හිටපු කොමසාරිස් ගෙ නම මොකද්ද?
යූ දොක්හුන් ද?
ඇය ඔහුගෙ දුව.
ඇත්තට?
ඔව්.
ඔවුන් හොඳාකාරවම දන්න පොලිස් නිලධාරීන්.
කොමසාරිස් යූ ගෙ පුත්තු දෙන්නා, ඔහුගෙ දුව, ඔහුගෙ බෑනා පවා හැම කෙනෙක්ම පොලිසියේ.
බෑනා? ඒ කියන්නෙ ඇය කසාද බැඳලද? දැන් ඇය දික්කසාද වෙලා ද?
පොලිස් පවුලක දික්කසාදයක්? කොහෙත්ම නෑ.
මොන මගුලක් ද?
ඉතිං යාළුවනේ Worst of Evil රූපවාහිණි කතා මාලාවේ පළමු කතා සමයේ 11 වෙනි කතාංගයට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඇත්තටම මේ කොටසට උපසිරැසි ගන්වමු කියලා මට මේක බාර දුන්නේ බිම්සර යෂාන් සොයුරා. මේ කතාව මම තාම බලන්න පටන්ගෙන තිබුනෙ නැති නිසා කොරියානු නම් ටික ටිකක් පැටළිලිසහගත උනා. එතනදි මගේ උදව්වට හිටියෙත් බිම්සර සොයුරාම තමයි. ඉතිං ඔහුටත් ස්තූතිවන්ත වෙන ගමන් කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්.
මේක තමයි අවසාන කොටසට පෙර කොටස. ඒ කියන්නෙ තව එක කොටසකින් ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා මේ කතාව අවසන් වෙන්නෙ කොහොමද කියලා. මේ 11 වෙනි කොටස IMDb දර්ශකයේ 9.1/10 ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා වගේම Top Rated කාණ්ඩයට ඇතුල් වෙන්නත් සමත් වෙලා තියෙනවා. 2023 ඔත්කෝබර් 25 තමයි මේක දකුණු කොරියාවෙ තිරගත වෙලා තියන්නේ.වැඩි විස්තර කියන්න යන්නෙ නෑ.. උඩ දෙබස් ටික කියෙව්වම තේරෙනව ඇතිනේ කතාව කොයි පැත්තටද හැරිලා තියෙන්නෙ කියලා… එහෙනම් හැමෝටම ජයවේවා!
The Worst of Evil, The Worst of Evil [S01 : E11] Sinhala Subtitles, The Worst of Evil Sinhala subtitles, The Worst of Evil sinhala sub
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1759 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!