Invincible [S01 : E08] Sinhala Subtitles | මොනවයින් මොනව වෙයිද? [සිංහල උපසිරසි]
Invincible [S01 : E08] Sinhala Subtitles
එහෙනම් සීසන් එකේ අවසානයටත් ආවා. මේ අරගෙන ආවේ Invincible කතා මාලාවේ පළවෙනි සීසන් එකේ අවසාන හෙවත් අටවෙනි කොටසේ සිංහල උපසිරසි යි. එපිය නම් කරලා තියෙන්නේ “Where I Really Come From” කියලයි.
Invincible කියන්නේ ආයේ සුපිරිම කතා මාලාවක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. මෙතනට වෙනකන් බැලුවා නම් ඔයාලත් එහෙම හිතන බව මට විශ්වාසයි. ඒක නිසාම Amazon Prime ආයතනය විසින් මේකට දෙවෙනි සහ තුන්වෙනි සීසන් එකකුත් එනවා කියලා නිවේදනය කරලා ඉවරයි. දෙවෙනි සීසන් එකේ පූර්ව ප්‍රචාරක පටය පවා දැන් අන්තර්ජාලයෙන් බලන්න පුළුවන්. ඒක නිකුත් වෙන්න තියෙන්නේ නොවැම්බර් 3 වෙනිදයි.
පසුගිය කොටසින්…
කලින් කොටසෙදී අපි දැක්කනේ රොබොට්ගේ සැලසුම මොකක්ද කියලා. එයා මෝලර් නිවුන්නුන්ව හිරෙන් නිදහස් කරගෙන, රෙක්ස්ප්ලෝඩ්ගේ DNA, පදනම වශයෙන් යොදාගෙන එයාට අලුත් ඇඟක් හදාගත්තා. එයාගේ පරණ ඇඟ මිය ගියත් දැන් අලුත් ඇඟේ රොබොට්ගේ මනස ජීවත් වෙනවා. එහෙම කරලා හැදුවේ ආපහු මෝලර් නිවුන්නුන්ව හිරේට ගෙනියන්නයි. ඒත් එහෙම කරන්න යද්දී දෙගොල්ලෝ අතර සටනක් ඇවිළෙනවා. ගාඩියන්ස්ලගෙන් හදිසි කැඳවීමක් ලැබිලා රොබොට් / රූඩි එතනින් යනවා. එයාගෙන් පළිගන්න හිතාගෙන මෝලර් නිවුන්නු control collar එකක් දාලා ඉමෝර්ටල්ට පණ දෙනවා.
මේ අතරේ ඔම්නි-මෑන් සහ ඩෙබී අතර ඇවිළුණු රණ්ඩුවෙන් පස්සේ ගෙදරින් ගිය නෝලන් ආපහු එනවා මාර්ක්ට කතා කරන්න හිතාගෙන. ඒත් එයාට හොයාගන්න ලැබෙන්නේ GDA එකේ සෙබළු එයාගෙ ගෙදර ඉන්නවා කියලා. එයාලවත් මරලා ඩොනල්ඩ්ව පවා මරණ එයා ඊටපස්සේ යන්නේ ඉන්වින්සිබල්ව හොයාගෙනයි. සීසල්, එයාව නවත්තන්න එයාට පුළුවන් හැමදේම කරනවා. මැරිලා ආපහු පණගත්ත සොල්දාදුවෝ, ඩොලර් බිලියන 400ක් වියදම් කරල හදපු ප්‍රහාරක යානයක්, ඒ මොකකටවත් නෝලන්ව නවත්තන්න බෑ. අන්තිමට “හේල් මේරි” කියන කයිජු තමයි නෝලන්ව පොඩ්ඩකට හරි නතර කරන්න සමත් වෙන්නේ. ඒත් ඉන්වින්සිබල්ගේ උදව් ත් එක්ක නෝලන් ඌවත් පරද්දනවා.
එතකොට තමයි ආපහු පණ ආපු ඉමෝර්ටල් ඔම්නි-මෑන්ව හොයාගෙන එන්නේ. එතනදී ඔම්නි-මෑන් එයාගේ පුතා, මාර්ක් / ඉන්වින්සිබල් ඉස්සරහම brutal විදියට ඉමෝර්ටල්ව දෙකට ඉරලා දානවා. එපිසෝඩ් එක ඉවර වෙන්නේ “මොනවයින් මොනව වෙයිද?” කියන ප්‍රශ්නය ඉතුරු කරමින්.
අද එපිය ගැන එක වචනයක්වත් කියන්නේ නෑ. මේක නම් ස්පොයිල් නොකර බලන්න ඕන සුපිරි එපිසෝඩ් එකක්. එහෙනම් එපිය බලන්නකෝ. ඊළඟට අපි Atom Eve Special එකෙන් හමුවෙමු. පීස් ✌️.
Omni-Man: “WHAT WILL YOU HAVE AFTER FIVE HUNDRED YEARS?!” Invincible: “You… Dad. I’d still have you.” ඔම්නි-මෑන්: “අවුරුදු පන්සීයක් ගියාට පස්සේ ඔයාට කවුද ඉන්නේ?!” ඉන්වින්සිබල්: “ඔයා… තාත්තේ. මට ඔයා ඉඳීවි.”
Invincible [S01 : E08] Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
670 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Atom Eve Special Episode ekata sub eka dila nane
Ela Ela.. Thank you wewa kollo. wadiya animation balenne na. a unata meke story eka niyamai. Season 2 1epi eka ada awa.. ekatath ikmanata Sub demu. Jaya wewa !!