The Young Black Stallion (2003) with Sinhala Subtitle | බලාපොරොත්තුවේ ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]
අරාබියේ, අභිරහස් අශ්වයා ගැන දැන් ඔබ හොඳ හැටි හඳුනනවා. චිත්‍රපට දෙකක් පුරාවටම ඔබට ෂෙතාන් එසේ නොවේනම් බ්ලැක්ව හමු වූවා. මේ සූදානම, මෙම කළු අශ්වයාගේ චිත්‍රපට පෙළේ අවසානය සනිටුහන් කරන්නයි…
මුලින්ම අපි මුල් චිත්‍රපට දෙක ගැන මතක් කරගෙන ඉමු.
පළවැන්නේදී එනම් The Black Stallion (1979) චිත්‍රපටයේදී අපි දැක්කා කළු අශ්වයාව ඇලෙක් රැම්සි කොලු ගැටයාට හමු වන විදිහ. අප දැක්කා ඔහුගේ උත්සාහය සහ අධිෂ්ඨානය කොතරම්ද කියා. ඒ නිසාවෙන්ම ඔහු අතිවිශාල තරඟයකින් ජය ලැබුවා…
දෙවැන්නේදී එනම් The Black Stallion Returns (1983) චිත්‍රපටයේදී අපිට ෂෙතාන්ගේ මුල් හිමිකරු, බෙන් ඊෂාක්ව හමු වුණා. ඔහු ඇලෙක් රැම්සිගෙන් ෂෙතාන්ව පැහැරගෙන අරාබියට ගෙන ගියා. ඇලෙක් අරාබියටම ගියේ තමන්ගේ අශ්වයාව නැවත තමා සතු කරගන්න. එතැනදීත් අපි ඇලෙක්ගේ උත්සහය, ස්ථීර අධිෂ්ඨානය සහ කැපවීම වගේම උපායශීලීබවත් නිසා ලැබූ ජය දැක්කා…
මේ චිත්‍රපට දෙකෙන්ම අපිට ගොඩක් ලොකු ආදර්ශයන් ඉගෙනගත හැකි වුණා…
දැන් අපි මේ ලස්සන චිත්‍රපට පෙළෙහි අවසානය වන, Simon Wincer විසින් අධ්‍යක්ෂණය කළ The Young Black Stallion (2003) චිත්‍රපටය ගැන බලමු. මේ චිත්‍රපටයෙදි අපිට දකින්න ලැබෙන්නේ ඇලෙක්වනම් නෙමෙයි. මේක ඇලෙක්ට බ්ලැක්ව හමු වෙන්න කලින් සිද්ධ වුණු දේවල් පෙන්වන චිත්‍රපටයක්. ඒ කිව්වෙ Prequel චිත්‍රපටයක්. අපිට නැවතත් බෙන් ඊෂාක්ව දකින්න ලැබෙනවා. බෙන් ඊෂාක් බොහොම කලකිරීමකින් ඉන්නේ තමන්ගේ සියළුම අශ්වයින්ව තමාට අහිමි වීම ගැන. මේ අතරේ බෙන් ඊෂාක්ගේ මිණිබිරිය වන, නීරාට දකින්න ලැබෙනවා ෂෙතාන් කියන තරුණ අස්සයාව. නීරට පුළුවන් වෙනවා ෂෙතාන් එක්ක මිතුරු වෙන්න. ඒත් බෙන් ඊෂාක් කියන්නේ ඔය කළු අස්සයා කියන්නෙ නපුරු හීනයක්, මනෝ විකාරයක් කියලයි… ඇත්තටම ඒක එහෙම නෙමෙයිනෙ නේද?
The Black Stallion Returns (1983) චිත්‍රපටයේ අපි දැක්ක නීතිය මතකද? පරදින ගෝත්‍රයේ අස්සයව දිනන ගෝත්‍රයට යනවා… නීරා හිතනව, ෂෙතාන්ව පදවලා රේස් එක දිනලා ආපහු බෙන් ඊෂාක්ට තිබුණු කීර්තිය, අස්ස රංචුවක් නැවත ලබා දෙන්න. බෙන් ඊෂාක් ඒකට කැමති වෙයිද? මොනවා සිද්ධ වෙයිද?
ඒ ප්‍රශ්ණවලට පිළිතුරු දැනගන්නනම් බලන්න මේ චිත්‍රපටය…
Due to copyright issues, we do not provide any torrent link.
The Young Black Stallion (Family Film 2003) Biana Tamimi, Richard Romanus Patrick Elyas (HD)
490 downloads
උපසිරැසියට ස්තුතියි සහෝ..
ජයෙන් ජය..
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyamayi මේ තුනටම සබ් දුන්නට හෙන අසාවෙන් බලපු එකක්
මන් මේකේ පොතකුත් කියෙවුවා
thnx bro…
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා..!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
ada nam mulimma gaththe mama hode
subta thenks
torrent aka denawada?ekmanata?
@Tharidu Sagara
දැන් බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ගන්න පුළුවන්…