Theri (2016) with Sinhala Subtitles | තම දුව වෙනුවෙන්… [සිංහල උපසිරසි සමඟ] [50]
කොහොමද කට්ටියට? අද නම් මට සුවිශේෂි දවසක්. ඒ මොකද නම්, මං මේ උපසිරැසි ගමනේදී පහු කරන පලමු කඩයිම තමා අද දින පසු කරන්නේ. ඒ මගේ 50 වෙනි උපසිරැසි නිර්මාණයයි. ඇත්තම කිව්වොත් දැන් නම් උපසිරැසි 50 පහු කරලා නම් ගොඩාක් දවසක් වෙනවා. ඒත් 50ට ප්‍රසිද්ධ ෆිලුමක් දෙන්න ඕන නිසා, නිළ වශයෙන් 50 වෙනි උපසිරැසිය විදිහට අද මේ උපසිරැසිය මම ඔයාලට ලබා දෙනවා. පලමු කඩයිම නිසා, ලිපියකුත් ලියන්න ඕන නිසා, ඔන්න ඒක පහතින් මේ අයුරින් දිග හැරෙනවා.
‘බයිස්කෝප් සිංහලෙන්’ නම් සොදුරු අඩවියට දායක වීමට ලැබීම ලොකු දෙයක් කියලා තමා මාගේ මතය. ප්‍රථම වතාවට මම මේ අඩවිය ගැන දැන ගත්තේ මාගේ යාළුවෙකු මගින්. ඔහු මට චිත්‍රපට ලබා දෙද්දී, එහි උපසිරැසි තුලින් මේ අඩවිය ගැන දැන ගන්න ලැබුනා. ඒ 2011 වසරේදීයි. පසුව ඉතින් කුතුහළයට අඩවියට නිතරම එන්න පුරුදු උනා. ඉස්සර නම් දවසකට එක් උපසිරැසියක් වගේ තමා අඩවියේ පළ උනේ. ඒත් ආසාවට වගේ අඩවියට දවසකට එක පාරක් හරි ආවා. ඊට පස්සේ මටත් මේ වැඩේ කරන්න ආසා හිතිලා, ප්‍රථමයෙන් උපසිරැසි කරුවෙක් ලෙස චැට් කරලා දැන ගත්තේ අපේ සමීර කරුණාරත්න අයියාව තමා. එයා මගින් තමා සිංහල ටයිප් කරන්න හැකි මෘදුකාංග පවා දැන ගත්තේ. පස්සේ ඉස්සර නම් නිතර මේ ගැන දැනුවත් කරා එයා. පස්සේ එයාට කියලම තමා මං මගේ පළමු උපසිරැසි නිර්මාණය කරන්නට ෆිලුමක් වෙන් කර ගත්තේ.
ඒ අයුරින් මාගේ පළමු උපසිරැසි නිර්මාණය විදිහට ලබා දුන්නේ ‘180 (2011)’ කියන දෙමළ චිත්‍රපටයටයි. පස්සේ සමීර අයියා මගෙත් එක්ක චැට් කිරීම මගින් මට දෙමළ දන්න එක ගැන දැන ගෙන බයිස්කෝප් මංසල වෙනුවෙනුත් ලිපි සපයන්න කියලා ඉල්ලා සිටියා. එතකොට එයා තමා මංසලේ වැඩ කරගෙන ගියේ. ඊට පස්සේ දෙමළ ෆිල්ම් ගැන හැකි අයුරින් පොඩි පොඩි ලිපි කෑලී සැපැයූවා. පස්සේ එයාට කියලම තමා, මං මගේ පළමු අසා ලිවීම කරන්න අවසරය ලබා ගත්තේ. ඒ කාලේ මට කාල රාමූ හදන්න දන්නේ නැති නිසා, චමින්ද අයියා (වාසල අයියා) ව මට හදුන්වා දීලා එයා මගින් කාල රාමූ හදා ගැනීමේ වැඩේ කරගන්න සැලැස්සුවා. ඒ අයුරින් මගේ පළමු අසා ලිවීම විදිහට කලේ Endrendrum Punnagai (2013) නම් දෙමල ෆිලුමයි. ඊට පස්සේ ඉතින් ආයේ කාල රාමූ කරලා දීලා උදව් කලේ අපේ හසන්ත අයියා. ඊට පස්සේ සමීර චතුරංග අයියා. ඊටත් පස්සේ ජොනා නොහොත් ගයාන් රූකාන්තයි. ඊලගට සදුන් දනුෂ්ක අයියත් මට මේ වැඩේ කරලා දීලා උදව් දීලා තියෙනවා. පස්සේ තමා මටත් තනියම කාල රාමූ හදන වැඩේ කරගෙන යන්න හැකියාව සහ පළපුරුද්ද ලැබුනේ. පස්සේ ඉතින් විකී අයියාගෙන් නම් ඉන්න ලැබුන් නෑ. මල්ලී මේක කරන්න අරක කරන්න කියලා ගොඩාක් ෆිල්ම් දීලා තියෙනවා. නමුත් මම වෙන්න ඕනේ එයා එහෙම දීපූ ෆිල්ම් 30ක් 40ක් අතරින් 3ක් හෝ 4ක් පමණක් බාර ගෙන අනිත් සියළුම ඒවා ප්‍රතික්ෂේප කරපු පලමු කෙනා. ඊට පස්සේ අපේ ඩොක් අයියා හෙවත් සමීර චතුරංග අයියාගෙනුත් ඉන්න ලැබුන් නෑ. ඒත් එයා දීපූ ෆිල්ම් වලින් ගොඩාක් ඒවා මට කරන්න හැකි උනා. මොකද එයා දුන්නේම දෙමළ ෆිල්ම් නිසා.
මේ අයුරින් ගොඩාක් සෙමින් ගමනක් එනම් 2013 වසරේ ඉදලා 2016 වන තෙක් වසර දෙකා මාරකට වඩා වැඩි කාලයකට පස්සේ තමා මට මගේ 50 වෙනි උපසිරැසි නිර්මාණය කරන්න හැකියාව ලැබුනේ. මේ කාලය තුල මට වගේම සෑම උපසිරැසි කරුවෙකුටම සොදුරු පුද්ගලයින් රැසැක් රට වටින්ම මෙන්ම මෙරටින් ගිහින් පිටරට වලද සිටින අයවත් මුහුණට මුහුණ නොදැක දැන හදුන ගැනීමට හැකියාව ලැබුනා. මටත් ඒ වගේ සහෝදර සහෝදරියන් සෙට් එකක් ගැන දැන හදුන ගැනීමට හැකියාව ලැබුනා. පලමුව සමීර කරුණාරත්න අයියාව ගොඩාක් ආදරයෙන් මතක් කරන්න ඕනේ. මොකද එයා හින්දා තමා මං මෙච්චර දුරක් ආවේ. ඊට පස්සේ වාසල අයියා, විකී අයියා, හසන්ත අයියා, රොයිලි අයියා, සමීර චතුරංග අයියලාව තමා මුලින්ම දැන හදුන ගන්න ලැබුනේ. පස්සේ සුපිරි සෙට් එකක් දැන හදුන ගන්න ලැබුනා. බයිස්කෝප් රෝමීයෝ වන අශාන් විමුක්ති අයියා, ආසිරි අයියා, පැන්තරයා හෙවත් සමන් ප්‍රසාද් අයියා, කාටූන් පමණක් ලබා දෙන ඒත් කොමික් ගැන ඉහළ දැනුමක් තියෙන නිර්මාණී අක්කා, දෙමළ ෆිල්ම් ගැන පිස්සුවෙන් වගේ ඉන්න සදුන් අයියා, ඒ වගේම ඉන්දියන් ෆිල්ම් ගැන පිස්සුවක් දක්වන තාරක නුවන් සහෝ, ගයාන් රූකාන්ත සහෝ, මංසල අතාරින්නේ නැතිව කරගෙන යන තිසර අයියා, අපි දෙන ෆිල්ම් වලට ලස්සන පික් හදලා දෙන නලින් අයියා, ඒ වගේම මට ගොඩාක් උදව් උපකාර කරලා දීලා තියෙන සුපිරි යාලුවෙක් වන වරුණ රංගජිත් අයියා, චලිදු අයියා, යශෝධ අයියා, කැළුම් අයියා, දිමුතු තරංග අයියා, අදිත ප්‍රවීන් සහෝ, රවිදු තේනබදු සහෝ, යුශාන් පියුමාල් අයියා, උදා අයියා, මයුර සහෝ, කාලිංග අයියා, චූටී මල්ලී සහෝ, එල් සී ද මැල් සහෝ, සදුන් විමලවීර අයියා, ඉමේෂ් මල්ලියා, ඉන්ද්‍රජිත් අයියා, ප්‍රණීත් චින්තක අයියා, තව නම් මතක් උනේ නැති අය හිටියා නම් කාරුණිකව සමාවෙන්න කියලා ඉල්ලනවා. මතක් උනු අයගේ නම් ටික තමා දැම්මේ. ඉතින් මෙයාලා මගින් සුළුවෙන් හෝ උදව් උපකාරත් එහෙම ලැබුනා. මේ වැඩේදී උදව් කරපු මේ පිරිසට මාගේ ස්තූතිය මගේ 50 වැනි උපසිරැසි නිර්මාණයේදී ස්තූතිය පුද කරනවා. ඒ වගේම අද මං මෙතැන ඉන්න මූලීකම හේතුව අප ලබා දෙන මෙම උපසිරැසි බාගත කරගෙන අපව දිරිමත් කරන චිත්‍රපට රසික රසිකාවියන් නිසයි. ඒ නිසා ඔයාලට ලොකුම ලොකු ස්තූතිය මම පුද කර සිටිනවා. දිගටම අඩවිය සමග රැදෙමින්, අපව දිරිමත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා.
එහෙනම් අද දෙන ෆිලුම ගැන චුට්ටක් විතර තොරතුරු කියන්නම්. වැඩිය කියන්න ගියොත් ලිපිය බර ලොකු වෙයි කියලා හිතනවා. චිත්‍රපටයේ නම ‘තෙරි’. එනම් එහි තේරුම ‘පුළිගුව’ යන්නයි. මේ වසරේ නිකුත් උනු සුපිරි තත්වයේ වැජබෙන දෙමල සිනමා නළුවෙක් වන විජේගේ චිත්‍රපටයක් තමා මෙය. ගිය වසරේ ඔහුගේ පුළි චිත්‍රපටය හිතපු තරමට වඩා අඩු සාර්ථකත්වයක් තමා ලබා ගත්තේ. එයටත් හරි යන විදිහට මේ චිත්‍රපටය ආදායම් උපයා ගැනීම අතින් ඉතාමත් සාර්ථක විය. ඒ වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ ‘රාජා රානී’ නම් ඉතා සාර්ථක චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු ‘අට්ලී’ නම් අධ්‍යක්ෂක වරයා විසිනි. මේක ඔහුගේ දෙවැනි චිත්‍රපට අධ්‍යක්ෂණයයි. නමුත් ඔහු ලොකු අවධානමක් අරගෙන සුපිරි නළුවෙකු යොදාගෙන ඉතාමත් සාර්ථක වානිජමය චිත්‍රපටයක් යන තේමාවෙන් චිත්‍රපටය අධ්‍යක්ෂනය කලද, ඒ තුළින් පවුලක සෙනෙහස ආදරය මෙන්ම දෙමාපිය දරු සෙනෙහස ගැන ඉතා සංවේදීව කතා කරන චිත්‍රපටයක් බවටද මෙය පත් කරවා ගෙන තමුන් නැවතත් සාර්ථක අධ්‍යක්ෂක වරයෙක් බවට ඔප්පු කරලා තියෙනවා. ප්‍රධාන චරිතය විජේ විසින් රග දක්වයි. ඒ වගේම ප්‍රධාන නිළි චරිත දෙකක් තිබෙන් අතර ඒ සදහා ‘සමන්තා’ මෙන්ම ‘ඇමී ජැක්ශන්’ද දායකත්වය සපයා තිබෙනවා. ඒ වගේම ප්‍රධාන ළමා නිළි චරිතයක් තියෙන අතර එය මීනා නම් හිටපු නිළියගේ දුව වන ‘නයිනිකා’ විසින් ඉතාමත් ලස්සනට රග දක්වා තිබෙනවා. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂනය G.V. ප්‍රකාශ් කුමාර්’ විසිනි. ඒ වගේම මේක ඔහුගේ 50 වෙනි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂනයයි. චිත්‍රපටය නිකුත් වුනේ 2016 අප්‍රේල් 14 වෙනිදාය. ඒ වගේම මේ වන විට චිත්‍රපටය සිය ආදායම ඉන්දීය රුපියල් කෝටී 100 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම චිත්‍රපටය ලද සාර්ථකත්වය මත මෙහි අධ්‍යක්ෂක වරයා මෙහි දෙවැන්නක් බලාපොරොත්තු වන බව සදහන් වේ.
කතාව චුට්ටක් කියන්නම්. ජෝෂප් කියන්නේ කේරල වලට වසර 5කට කලින් පැමින සාර්තක ජීවිතයක් තම දුව නිවී එක්ක ගත කරයි. දවසක් තම දුව අතින් මැරැයින්ට බැන වැදීමත් සමග ඊට ප්‍රතිචාර දැක්වීමට පැමිණි මැරයෙකුට ඇයගේ පාසල් ගුරුවරිය විසින් තරවටු කිරීමත් සමග, ඊට පළි ගැනීමක් කරන බව පවසමින් ඔවුන් එතනින් පිට වෙනවා . දවසක් මේ නිවී සහ ගුරුවරිය බයික් එකේ පාසල් යද්දී අනතුරට පත් වෙන අතර ඊට අර මැරැයින් සම්බන්ධ බව ගුරුවරිය පොලීසියේ පැමිණිලි කරනවා. මීට නිවීගේ තාත්තා ජෝෂප් තරයේ ප්‍රතික්ෂේප විරුද්ධ වනවා. ඊට පස්සේ ඔහු ගිහින් පොලීස් ස්ටේෂමේ කරලා තිබ්බ පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නවා. එවිට එතන සිටි පොලිස් නිළධාරියෙක් ජෝෂප්ව කලින් දැක තිබෙන බවත් ඔහු පොලිස් පුහුණු වීම් ස්තානයට ආව බවත් ඔහුගේ නම විජෙයි කුමාර් බවත් පවසනවා. එතැන අර ගුරුවරියත් සිටිනවා. මෙය ජෝෂප් තරයේ ප්‍රතික්ෂේප කරනවා. පස්සේ මේ ගුරුවරිය ජෝෂප් ගැන හොයන්න ගන්නවා. ඇයට මොහු කවුද කියලා සොයා ගත හැකි වෙයිද? ඇත්තටම ජෝෂප් කියන්නේ කවුද? ඒ දරුවා කාගේද? මේවාට උත්තර ෆිලුම තුළ තිබේ.
එහෙනම් මම ගියෝ. ආයේ ඉතින්… පුළුවන් උනොත් උපසිරැසියක් ගේන්නම්කෝ. හැමෝටම ජයෙන් ජයම වේවා!!!
“දරුවන්ව හරියට ගුණ නැණ පහදලා දීලා උස් මහත් කරන්න දන්නේ නැති හැම තාත්තා කෙනෙක්ම, වැරැදි කරුවෙකු තමා”
ජයෙන් ජයම වේවා!
71898 downloads
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
Thanks…
shamika00
Patta film එකක්….උපසිරසියට ගොඩක් ස්තූතිය යාලුවා…ජය වේවා…..
Film eka banwata wada wela giya pw rest karala sub eka ganna
ganna
Mona kehelmatada mekata pw damme
thank you for subtitle
Tamil eka nadda ganna me film eke mn laga thiyenne hindi dubbed eka
Thanks සහෝ
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා…….!
Sub ekt thankyou ayye
thank you..
මං දෙමළ, හින්දි චිත්‍රපට වලට ආසා නැතත් මගේ නෑනා පට්ටම ආසයි ඒවට. එ නිසා එයාට දෙන්න ගත්තා. ස්තුතියි සබ් එකට ගොඩක්. තෙරුවන් සරණයි….!
pinnaya
thank u. 50 ta suba pethum!!!!!!
thank you macho
Thanks saho sub ekata.
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
ඒවගේම පළමු කඩයිම වෙන 50ට හදවතින්ම
සුබ පතනවා….
බොහොම ස්තූතියි සහෝ
සුපිරි සහෝ 100ත් ගහමු ළඟදිම. මගෙනුත් උණුසුම් සුභපැතුම්.
50 වන උපසිරැසියට සුභපැතුම්
මචං 50 සුබ පැතුම් . සෙහොදරය උබෙි sub පට්ට නියමට ගැලපෙනවා.අනාගතයට සුබ පතනවා.තවත් මෙි වගේ දෙවල් කරන්න ශක්තිය ලැබෙිවා…………..උබට ගොඩාක් ස්තුතියි මචං……..
50 වන උපසිරැසියට උණුසුම් සුභපැතුම්!
තවත් උපසිරැසි කිරීමේ හැකියාව ලැබේවා!
සහෝ උඹේ සබ් නම් පට්ට. නියමට වචන ගළපලා දෙනවා.. සුපිරි….
ඔබට ජය!
මුලින්ම සමාවෙන්න ඕන සිරාජ් මලේ සුභපතන්න පමා උනාට.
දන්නවනේ වෙලා තිබ්බ වින්නැහිය
මුලින්ම පනස්වෙනි කඩයිම පසුකිරීම නිමිත්තෙන් සුභපැතුම්
සිරාජ් කියන්නේ බයිස්කෝප් එකේ තනි කණුවක්
අපේ සයිට් එක රැඳිලා තියෙන්නෙ කණු ගොඩක් මත
මෙ ඇවිත් තියන ගම ලේසි පාසු ගමනක් නෙමේ
සාමාන්‍ය ඉංග්‍රීසි සබ් එහෙකට වඩා දෙගුණයක් ලයින් පරිවර්තනය කරන්න වෙනවා ධමිල තෙලිගු සිනමාපට කරනකොට
ඉතිං ඉගෙනගන්න වැඩකටයුතු අතරේ මෙ කරපු සේවය මිලකරන්න බෑ
කොහොමහරි සියවෙනි කදයිමත් පහුකරන්න ලැබෙන්න කියල පතනවා මෙ වෙලාවේදී
එ වගේම ෆිල්ම් එකත් බැලුව 😀
සබ ගැන ඉතිං කියන්න දෙයක් නැහැනේ
අර පහලින් දාල තියන වදන උබට එලටම ගැලපෙනවා
දරුවන්ව හරියට ගුණ නැණ පහදලා දීලා උස් මහත් කරන්න දන්න කියන පියෙක්ගේ පුතෙක්
අනාගත වැඩකටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියල පතනවා
ජයෙන් ජය වේවා සිරාජ් මලේ..
goel 2 , jungle book , rocky handsome wala sinhala subtitles dannako
goel 2 ekei jungle book ekai rocky handsome ekei sinhala subtitles dannako
godak pin saho obata…..
thanks sub ekata. meka camer copy ekakda original ekakda.
50 ජයවේවා
Thawa hoda dewal karamu
Sub ekata thnxx
congrats bro
50 ට සුබ පැතුම් කොල්ලො………………
දිගට ම මේ වැඩේ කරගෙන යමු.
thank u
thanks
දැන් සෑහෙන්න ජනප්ප්‍රිය වෙලානේ බ්‍රෝලා… එල එල ආ…. ජය වේවා සුභ පැතුම් ඈ…
thx sahoo
50වන උපසිරැස නිර්මාණයට සුබපැතුම්…
උපසිරසියට බොහොම ස්තූතියි..
half century gehuwa wagema ikmanata century ekath gahamu 🙂
Thanks & Good luck Bro!
සබ් එඅකට ගොඩක් ස්තුතියි සහෝ. ඒ වගේම 50 උපසිරැසියට සුබ පතනවාඅ…..
එල සහෝ එල
මචන් දිගටම සබ් දෙමු … ජයෙන් ජයම වේවා
සතුටුයි සහෝ … දිගටම සබ් ලියමු . ජය !
Download karanna bh neh bm
Congratulations bro..
Thanx
elama saho..thanxxxxx godaaak upasirasiyata…. man balagenama hitapu film ekak..jaya wewaaa..
Upasirasa laba dunnata bohoma sthuthi
50 වන උපසිරැසියට උණුසුම් සුබපැතුම් මල්ලී.
නියමයි නියමයි සිරාජ් මලේ
50 ත් ගහලා නේද ඉතින්…
ජය..ජය…ජය…
දෙමළ ෆිල්ම් නම් ඉතින් සිරාජ් තමයි නේ…
ඇත්තටම උපසිරැසි 50 ක් නිර්මාණය කරනවා කිටයන්නේ අමාර් දෙයක්..
ඉක්මනින්ම 100 ගහමු නේ..
ජයෙන් ජයම වේවා..
ඉදිරියටම යමු…
50 වෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ…
බොහොම ස්තූතියි සහෝ මෙච්චර කාලයක් සබ් අරන් ආවට…
වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
ඔබට ජයෙන් ජය…
උණුසුම් සුබ පැතුම් සිරාජ් මළේ. කමෙන්ට් එකක් දාන්න මෙච්චර කල් ගියාට සමාවෙන්න. කිව්වත් වගේ දැන් නම් 50 පහු කරල ඉස්සරහට ගිහින් තියෙන එකේ ඉක්මනින්ම 100 කරා යන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි කියනවා සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛
50 වන උපසිරැස නිර්මාණයට සුබ පතන්නවා
උපසිරසියට බොහොම ස්තූතියි
ජයවේව!
50 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ, ජය වේවා !!!
කොල්ලා 50 ක් කරලා එහෙනම්, බොහොම සතුටුයි මලේ… ඒ වගේම මාව මතක් කරාටත් බොහොම ස්තුතියි… නමුත් මේ නම් මදි කොල්ලෝ එහෙනම් ඉක්මනින් අපිට තව 50 ඕන හරිය…. හදවතින්ම සුභ පතනවා මල්ලි ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්නත්…. අපිට තව සබ් ලබාදෙන්න හැකි වෙන්නත් කියලා එක සිතින් පතනවා… ජය වේවා !
බොහොම ස්තුතියි සහෝ..
සුබ පැතුම් මල්ලි. තවත් සබ් කරන්න ශක්තය ලැබේවා.. ජය වේවා…!!!!
^1Thanx Machan….
Thnx bro…& good luck
එල සහෝ කිව්වා වගේම තේරි ඉක්මනට දිල
50 වෙනි සබ් එකට මගේ උනුසුම් සුභ පැතුම්
50 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ
ජය වේවා !!!
50 වැනි උපසිරසට සුබපැතුම් සහෝ
thank you
Thanks & wish you all the best.
Keep up the good work 🙂
50 වෙනි උපසිරැසියට සුභ පැතුම් සිරාජ් මල්ලි. තව තවත් නිර්මාණකරනයේ යෙදෙන්න කියලා ඉල්ලනවා,
ඉක්මනින්ම 51න් පටන් අරං 100ට එමු!
ජය වේවා!
යකෝ දෙමළම ගැහුවා කියන්නේ ඉතිං…
කියන්න දෙයක් නෑ ඕයි.
චිත්‍රපටිම පනහක් 😀 හැබැයි ටිකක් කාලේ වැඩියි වගේ නේ. තව ලංකරලා 100ක් ගහමු
මොකෝ කියන්නේ? නොවැම්බර් වලට කලින් 100ක් ගැහුවොත් උබ වැඩ්ඩා 😀
කෝම වුනත් ජයම වේවා මචං. ජය!
Thank you very much.. for subtitle.
මුළින්ම 50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…
කොල්ලගෙ සබ් නම් මං මට අහුවෙන්නෙම නෑ. මොකෑ ඉතින් මේ යකා කරන්නෙම ටැමිල් විතරයි නොවැ…
හැබැයි ඉතින් නොවරදවාම අපේ ෆිලුමක් බැලුවොත් කමෙන්ට් එකක් දාලා සුභ පතන්න අමතක නොකරන කොල්ලෙක් තමා මලයා.
ලිපියේ මාවත් මතක් කරලා තියෙන්නෙ… හෙ හේ…
එහෙනම් මගේ අතින් දෙමළ ෆිල්ම් නොබැලුනත් දෙමළ ෆිල්ම් බලන බයිස්කෝප් රසිකයෙන් වෙනුවෙන් ඔයා මේ කරන වැඩේට හදවතින්ම සුභ පතනවා.
එහෙනම් සීයත් ඉක්මනටම ගේමු…
සබ් කරන්න අවශ්‍ය ශක්තිය තව තවත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…!
ජය වේවා…!!!
50 උපසිරසි නිර්මානයට උණුසුම් සුබ පැතුම්
FASTTA ELAZ NIYAMA FILM EKA BRO සිරාජ් ප්‍රියන්ත DIGATAMA SUB DEmu TNX
50 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් සිරාජ් මල්ලි.
මේ ටැමිල් අහේනිය තියෙන අපේ එවුන් එක්ක හරි හරියට ෆිල්ම් කරලා කරන සේවය අගය කරන්න ඕනේ. ගොඩක් සතුටුයි මෙච්චර දුර ගමනක් ආවට. මං ටැමිල් නොබලන හින්දා මෙලෝ මලදානයක් මං නම් දන්නේ නෑ ඕං. ඒත් කමක් නෑ.
නවතින්න එපා. දිගටම උපසිරැසිකරණයේ යෙදෙමු.
තවත් කඩයිම් වලින් මුණගැහෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
උපසිරැසියට තුති. ජයෙන් ජය.!
tnx bro
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා සිරාජ් සහෝ!!! ඉදිරි කඩයිම් වලටත් ඉක්මනින්ම ලගාවෙන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!! ජය!!!!
Thanks..
Good Luck…
උණුසුම් සුභ පැතුම් සහෝ!!
ජයෙන් ජය!
50වන උපසිරැස නිර්මාණයට HAPPY HAPPY !!!!
thanks
#Hail_Hydra
Ade mchan oya. 700 mb copiya mx eke play wennath
Thank you very much for Sinhala subtitle.
එල එල…සිරාජ් මලේ….බයිස්කෝප් එකේ සුපිරි ටැමිල් ෆිල්මක්නම් අනිවා සිරාජ් මල්ලි තමයි සබ් දෙන්නෙ…එහෙනම් 50වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පැතුම්…!100ත් ඔහොම්ම ගහමු…ජය වේවා…!
sup ekata thanks,,,, 1.46GB rip eka download karannee.. sub eka ekata seth unoth thawaparak thanks mc
elaaaaaaaaa bro……..
thanks…………………………………………..
meka denakan balagena hitiye thnx
Jaya Weewa!!!!!
gud luck
50 ට සුබ පැතුම් සහෝ….
වැඩේ දිගටම කරගෙන යමු.
ජයෙන් ජය..
ස්තූතියි…. 🙂
niyamai sahooo niyamai degatama me wage karagena ayamaooo jaya..
Elz siraj malli
Tamil walinma 100k gahamu
50ta suba patum
☺☺
sub 1ta thankz bro….
wooooow grt job brooooooo
දිගු ගමනක් යාමට ජයෙන් ජයම වේවා…!
tnx sahoo..e wagema obage idiri wadakatayuthu sarthaka wenna ki handawathnma suba oathnawa
Congtz Bro !!!!!
thanks Malli…
මචං මම කවදාවත්ම බයිස්කෝප් එකේ comment දාලා නැ ඒ ගැන සමාව ඉල්ලනවා අපේ සහෝදටයෝ set 1 ඇත්තටම ගොඩක් ලොකු සේවයක් කරන්නේ sub දීලා ඒ සේවයට ගොඩක් පිං මචංලා
thx yaluuu…….
congratz machan mama me film ekanam baluwa awulak na apahu sarayak sinhalenma balanawa ikmanatama 100 gahannath puluwan wenna kiyala prarthanaa karanawa
thx macho.jaya wewa!!!!!!!!!!
thanks dr…………….
really appreciate your works..thanks SIRAJ for giving us all of this…wish u’r great future…..
Ammo mekata sub denakm balan unne….Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…jaya wewa………..
ado kauru hari link eka dana eka hodai bn neththem epa wenawene thanz machooo sab ekata elama
thanks for the subs ..!
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
උපසිරැසියට ස්තූතියි.
ජය වේවා..!!
ඊයෙ ෆිල්ම් එක ඩවුන් කරා.. මම දන්නව අද උබ මේකට සබ් දෙනව කියල ඒක නිසා නොබලා හිටිය.. thanks boss
සුබ පැතුම් සිරාජ් මල්ලි !!! දමිල චිත්‍රපට වලට වැඩි දායකත්වයක් දෙමින් ඔයා ලොකු සේවයක් කලේ. ඒ සේවය ඉදිරියටත් මේ විදිහටම බලාපොරොත්තු වෙනවා. ජය වේවා !! ෆිල්ම් එකනම් ඊයේ රෑම බැලුවා. සබ් එකටත් ගොඩක් ස්තුතියි !!!
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනව සිරාජ් සහෝ…
100 කඩයිමත් ඉක්මනටම පහු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනව…
ජය වේවා…. 😀
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
50වන උපසිරස ගැන්වීමට හදවතින්ම සුභ පැතුම් සිරාජ් සහෝ
50වන උපසිරස ගැන්වීමට සුභ පැතුම් සිරාජ් සහෝ…
ඔයා මාවත් මතක් කරලා නොවැ… ස්තුතියි ඒකට…
ඕණෙ වෙලාවක ඕණෙ උදව්වකට ඉන්න කෙනෙක් තමයි සහෝ ඔයා…
එහෙනම් ඉතින් 100, 150, 200යෙ කඩඉම්වලට මීට වඩා ඉක්මනින්ම යන්න හැකියාව, කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…
එහෙනම් 51වෙනි උපසිරසෙන් හමු වෙමු…!
Thank u very much & good luck!
http://tamilmoviesz.com/index.php?/topic/3583-theri-2016-dvdrip-x264-400mb-tamil/
50 වන උපසිරසියට සුභ පැතුම්
සිරජ්ගේ උපසිරසි ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. සුපිරියි.. කිව්වම ඇති
ඇත්තටම සිරාජ් කියන්නේ බයිස්කෝප් එකට ලොකු සම්පතක්..
සාපේක්ෂ වශයෙන් ගත්තොත් බයිස්කෝප් කණ්ඩායමේ දෙමල චිත්‍රපටි වලට උපසිරසි ගන්වන අය අඩුයි
මීට වසරකට දෙකකට පෙර මේකේ දෙමල කැටගරිය රන් කරපු ඩයල් එකක් තමයි සිරාජ් කියන්නේ.
කටු කාගෙන, විභාග අස්සේ උපසිරැසි කරමින් අඩවියේ දෙමල කැටගරිය පාළු වෙන්න නොදී
අඩවියට ලොකු සේවයක් කරා ඒ දවස්වල. දැනුත් එහෙම තමයි ඉතින්..
ඉතින් හදවතින්ම සතුටුයි උඹ මේ කඩයිම පසු කරන මේ මොහොතේ.
මොකද මං වගේම තවත් ඉන්දියන් ෆිල්ම් පිස්සෙක් තමයි ඔයත්.
සුභ පතනවා ඉදිරි ගමනට
මීටත් වඩා ඉක්මනින් ඊළඟ කඩයිම පසුකරන්න ලැබේවා කියලා පතනවා
ජයෙන් ජය
oyala karana sewawa nisa thamai ratin pita inna api ape paluwawath maka ganne…..wedata apu gamanma api balanne baiscope eke monawada dala thiyena aluth sub kiyla….hmm oylata poddak teluu saha kannda movie walatath sub denna puluwannam godak hodai..aluth film wala hoda copy tikak awa..masterprice..bengaltiger..khaleja..express raja..shivalinga..ko2..rocky handsome..kanche..mewata puluwannam sub denna..jaya wewa..
Suba Petum Saho 50 weni nirmanayata.. hoda filmumak toragena tiyenawa… itin 100 weni upasirase nirmanet ekmanata karanna lebewa kiyala prartana karanawa… BEST OF LUCK saho…!!!!
Maxxaaaaa…all the best
Thanks.
සබ් එකට තුති සිරාජ් සහෝ තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු ( 50 සුබ පැතුම් බ්‍රෝ )
෴ ජය වේවා ෴
Tamilrockers eke tiyena 1 4gb copy ekata me sub eka galapenwada?
මේ hash එක බාවිතා කරන්න සහෝ 700mb ලින්ක් එකක්
0F0E977BC8CADE0D0F3EA19A49CF04A8F7CFE02F
Sub ekata thanks bro.
upasirasata thanxxxxxx…..
50වෙනි උපසිරැසි ගැන්වීමට හදවතින්ම සුභපැතුම් බ්‍රො .
ඔයාට ෆිං දීලම ෆිලුම බානව බොහොම ස්තුතියි උපසිරැසියට .
godak pin saho……
tnx brooooo
thanks…50 ta cngrtz…
Ela bro..
Great job..
But ogollan mechchara mahansi wela subtitle eka hadanawa wagema eke torrent link ekath dammoth narakada? Ethakotane wade complete wenne.. Ay dan issara wage link eka daanne naththe??
download links?
extratorrent walin search kranna
50 වෙනි උපසිරැසියට සුබ පැතුම් සිරාජ් !!!
50 වෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම්…
Ela Ela bro.. man hoya hoya hitiye… godak thanks….. link eka ona ayata menna ehenam link eka….
AAB9E8CFF6D4F70C326E5AC1F2F77F9EE89DCA4A – Googal Search karanna….
good luck
oka download karanna epa.. DvDScr ekak…
MOKKDA BN DVDSCR EKAK DUNNE AIYOOOOO
thank you browwwwww…….
නියමයි සිරාජ් සහෝ. ෆෑන් බැලුවට පස්සෙ මේකත් තියටර් එකෙන්ම බලන්නයි හිතන් උන්නේ. ඒත් බැරිවුනා. දැන් නම් ඉතින් බලන්නම ඕන. හෙමි හෙමින්ම 100ත් ගහන්න කියලා සුබ පතනවා ඕන්…
Thanx
නියමයි … සහෝ…. මේක එනකන් තමයි බලන් ඉදියේ,,,,,,
50 ට cngrz…..
Thanks for sub and Good Luck!!
එලබන් ඉදිරියටම යමූ….අපේ ටැමිල් මෝවීස්වල සබ් වලට හොද ඉල්ලුමක් තියෙන්නේ…උබෙයි සදුන් අයියගෙයි අසාලිවීම් හින්ද තමයි……අතාරින්න එපා 100ටත් යමු…ජය වේවා……..
නියමයි සහෝ…..
50 ට සුබ පැතුම…
ජයවේවා…………
link aka nene………….
නියමයි සහෝ..
ඔයාගේ උපසිරසියක් නම් ඉතින් ආයේ අහන්න දෙයක් නෑ.සුපිරියටම තියෙනවා…
50 ට සුබ පැතුම්…
ඉදිරියටම යමු…ජයවේවා….!
thnx.. wait soo long for this movie… again thnx. best luck. keep it up bro…!!! 😀
thank u
Thankz mcn good luck
මේ බයිස්කෝප් වෙබ් අඩවිය අපේ ම එකක් විදියටයි හිතන්නෙ. එයට ඔබ දැක්වූ දායකත්වයට අමිලයි. මේ පසුකල 50වන පියගැටපෙළ නැග 100 ඉක්මවන්නට ඔබට ධෛර්ය ලැබේවා. අපට එය දකින්නට වාසනාව ලැබේවා.
50 වෙනි උපසිරසට මගෙන් සුභ පැතුම්…..ඉදිරියටත් උපසිරස කිරිමට ශක්තිය දෛවය ලැබෙවා… උපසිරසට තුති.
http://tamilrockers.to/index.php/topic/39897-theri-2016-dvdrip-x264-700mb-tamil/
Thx bro.enakam balan hitiye…..
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
ඒවගේම පළමු කඩයිම වෙන 50ට හදවතින්ම
සුබ පතනවා.හෙමින් හෙමින් හරි අත්නොහැර මේ
තරම් දුර ආපු එක ලොකු දෙයක්.ඔයාගේ උපසිරසි මමත්
බලලා තියෙනවා.ආයේ ඉතින් එව්වගේ අඩුපාඩුවක් කියලා දෙයක්
නැහැ කියන්න.සුපිරියටම තියෙනවා.දිගු කාලයක් වැය නොකර ඉක්මනින්ම
100 වෙනි උපසිරැසිය දෙන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනව.ඔබට ජයම වේවා!
අද මම ඵකටම බානවෝ……. තැන්ක්ස් සබ් වලට සහෝ.
uuuuuuuuuuuuuuuu…mama thamai mulnma feedback kare…godk kal balan hitiya meka enakan nam…thank you bro..a congrats digaatama karamu..ELAMA… : )
ඔහ් ඉතින් 50ට සුභ පැතුම් සහෝ
100ත් ලගදිම ගහමු
50වන උපසිරැස නිර්මාණයට සුබ පතන්න
උපසිරසියට බොහොම ස්තූතියි
එල සහෝ එල
ජයවේවා……
http://tamilrockers.to/index.php/topic/39899-theri-2016-dvdrip-x264-400mb-tamil/
http://tamilrockers.to/index.php/topic/39901-theri-2016dvdrip-xvid-mp3-700mb-tamil/
http://tamilrockers.to/index.php/topic/39917-theri-2016720p-dvdrip-x264-ac3-51-14gb-tamil/
Theri (2016) with Sinhala Subtitles | තම දුව වෙනුවෙන්… [සිංහල උපසිරසි සමඟ] [50]
DVDRip x264 400MB – http://uptobox.com/rfiwsm6ncoai
DVDRip x264 700MB – http://uptobox.com/xrdql66t54bs
DVDRip x264 1.4GB – http://uptobox.com/4o00al4jnwlr
සිංහල උපසිරසි- http://www.baiscopelk.com/theri-2016-with-sinhala-subtitles/
400MB – 2FBCC06A3B266866A9FDD74D1DA8467EEF486234
700MB – 354FE1E1DB3CDCA77DA1D8C5C9E05E755D7E4D02
1.46GB – 6AFBDE8943CEDA2A0C272FD21B39C5D672DFBAB8
සහෝමේ, සබ් එක 700MB කොපියටත් ගැළැපෙනවද?
Hash link hoyaganne khmda?
thanku bro.
Congratulations bro..