Thinkalazhcha Nishchayam (2021) Sinhala Subtitles | සුජාගේ ගිවිසගැනීම සඳුදට! [සිංහල උපසිරසි]
සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 ඔක්තොම්බර් මස 29 වෙනි දින SonyLIV ඔස්සේ නිකුත් වුණ Thinkalazhcha Nishchayam (2021) මලයාලම් චිත්‍රපටියට සිංහල උපසිරැසිය අරගෙනයි අද මං බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වැදුනේ.
Senna Hegde අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටියට මේ වෙද්දි IMDb දර්ශකයේ 8.0/10 අගයක් වගේම 96% ගූගල් පරිශීලක අගයක් හිමිවෙලා තියෙනවා. මලයාලම් ප්‍රහසන චිත්‍රපටියක වන Thinkalazhcha Nishchayam, 51 වෙනි කේරළ ප්‍රාන්ත සිනමා උළෙලෙදී Best Story යන සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ වගේම Second Best Film ලෙස තේරී පත්වුණෙත් මෙම චිත්‍රපටිය. උතුරු කේරළයේ Kanhangad කියන ප්‍රදේශයේ රූගත කරන ලද මෙම චිත්‍රපටියට සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ ප්‍රදේශයේම ජීවත් වෙන ආධුනික පිරිස් කියලා අන්තර්ජාලයේ සඳහන් වෙනවා. මෙම ආධුනික පිරිසගේ රංගනය නම් ඉතාමත් ඉහල මට්ටමක තියෙනවා කියලා නොකියාම බෑ. පීතෘ මූලික සමාජයක ගෙදරක කටයුතු වෙන්නේ කොහොමද? පියාගේ වගකීම් හා බැඳුණු කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද ආදී ලෙස ලාංකිකයින් වෙන අපිටත් සමීප දේවල් මේ චිත්‍රපටිය පුරාවටම දකින්න පුළුවන්.
මේ කතාවට මූලික වෙන්නේ විවාහ ගිවිස ගැනීමේ අවස්ථාවක්. අපේ රටේ අද වුණත් නාගරිකව කෙසේ වෙතත් ග්‍රාමීයව ගෙදරක මඟුල් ගෙයක්, දානයක්, බණක් පැවැත්වෙනවා නම් නෑදෑයෝ, අසල්වැසියො එකතු වෙනවා. එකිනෙකාට උදව් කරනවා. තමන්ගේ තැනක වගේ ඒ කටයුතු නොපිරිහෙලා ඉටු කරනවා. ඕපදූප කතා කරනවා, සතුටු වෙනවා, ඇනුම් පද කියනවා, බැන ගන්නවා මේ විදියට කෝටියක් දේවල් ඒ් වගේ තැනකදි සිද්ධ වෙනවා. ඒ විදියටම මේ චිත්‍රපටියේ විජයන්ගේ දුවගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවයත් රස සාගරයක්. මිනිත්තු 108 ක් අපිටත් මේ උත්සවයේ අසිරිය විඳ ගන්න පුළුවන් වෙනවා.
කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්. කුවේට් විජයන් මේ ගෙදර තාත්තා. විජයන්ගේ නෝනා ලලිතා, සුරභි ලොකු දුව, සුජා මද්දුමයා, බාලයා සුජිත්. විජයන් කියන වචනෙට ගෙදර හැමෝම යටයි. විජයන් කොච්චර සැර පරුෂ මනුස්සයෙක් වුණත් විජයන්‌ගේ මනාපෙට ලොක්කිට කසාදයක් කරලා දෙන්න නම් බැරි වෙනවා. ලොක්කි හිතුවක්කාරකමට සන්තෝෂ්ව කසාද බඳිනවා. ඒ කාරණාවෙන් නොසෑහෙන්න හිත රිදිලා ඉන්න විජයන් දෙවෙනියාට මනමාලයෙක් කතා කරනවා. මනමාලයා මෝඩ පහේ කොල්ලෙක් වුණාට මොකද වැඩ කරන්නේ සාජා වල. ඉතින් සුජාට කසාදෙන් පස්සේ සැප පහසුවට ඉන්න පුළුවන්නේ. අනික කොල්ලා, සුජාව දැක්ක ගමන් කැමති වෙලා දවස් දෙකක් ඇතුලත ගිවිස ගැනීම කරන්න කටයුතුත් කතා කරනවා. ඒ්ත් මේ කසාදෙට සුජා කැමති වෙයිද? අක්කා හිතුවක්කාරෙට කසාදයක් කරන් තාත්තාගේ හිත රිද්දුවට සුජා එහෙම කරන්නෙ නැති වෙයිද? කතාව බලලම දැන ගමු.
Home (2021) මලයාලම් චිත්‍රපටිය බලපු අය Thinkalazhcha Nishchayam (2021) ආසාවෙන් රස විඳියි කියලා හිතනවා. මොකද මේකත් තාත්තා මූලික වුණ පවුලේ කතාවක්. 2021 නිකුත් වූ මලයාලම් චිත්‍රපටි අතරින් මඟ අරින්නේ නැතිව බැලිය යුතු තවත් රසවත් චිත්‍රපටියක් කියලා ආයෙමත් වතාවක් මතක් කරනවා. එහෙනම් තවත් සිංහල උපසිරැසියකින් මුණ ගැහෙමු. සුබ දවසක් වේවා.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.
4268 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Meke Link ekak nedda?
2020 ඉන්දියන් නැෂනල් සම්මානේ ගැහුව මලයාලම.
ජයවේවා…
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thank you
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Marakkar: Lion of the Arabian Sea -2021 sub plz
ස්තුතියි සිස්
dulquer ge KURUP 2021 sub please
KURUP – 2021Malayalam Film Ekawath Ikmanta Dennako
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
ෆිල්ම් එක තව දිගට තිබ්බ නම් මරු ඈ. පට්ට පට පට. තව මේ වගේ ඒවට සබ් ඕනෙ හොඳේ..
Thanks sister
තැන්කු වේවා
උපසිරසියට බොහෝම ස්තූතියි.
Thanks sister
Thank you
Thanks sister
Keep it up
සිංහල උපසිරසියට ස්තුතියි
Star malayalam movie ekata sub dennkow
උපසිරසියට තුති
ස්තුතියි
දිගටම මලයාලම් දෙමු
ගැම්මක් තමයි ❤
Churuli (2021) sub plz
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!
thanks..
Bhramam Sub Plz
Bhramam 2021 Sub Plz
Thanks
ස්තුතියි .ජයවේවා!
බොහොම ස්තූතියි අක්කේ… තාම බලන්න බැරි වුණා… දැන් නම් සබ් එක්කම බැලුවහැකි….❤️
බොම සුපිරියක් අක්කේ. ජයම වේවා. ගොඩක් ස්තුතියිිි ….එල
තෑන්ක්ස් අක්කේ
මලයාලම් වල ඔය තාත්වික ගතියට තමයි මම නම් කැමතිම
සිංහල උපසිරසියට ස්තුතියි
තෑන්ක්ස් සබ් එකට
thanx for sub
Patta
සබ් එකට බොහොම ස්තූතියි….!
Churuli 2021 malayalam movie akata sub aka denna.
ස්තූතියි අක්කේ.. දෙනකම් බලන් හිටියේ
Sub akta thanks
Thanks for sub