[box]හෙලෝ…ව්!!!!! ඔන්න මම “සුටුස් ගාල” හැරෙන තැපෑලෙන් ආයෙත් ආව 😀 , මොකක්ද යකෝ මේ නටන නාඩගම, අද උදේම එකක් දීල දැන් ආයෙත් තව එකක් දෙනව. උදේ දුන්නෙ හැමෝම බලපු එකක් නොවැ. ඉතින් බොලවු ඒක විමුවගේ හිතට හරි නැහැ වගේ, ඕං ඒ නිසා මම තවත් පස්ට පහරකුත් අරගෙන සුටූස් ගාල ඔයාලව බලන්න හැරෙන තැපෑලෙන් ආයෙත් ආව. […]
හෙලෝ…ව්!!!!! ඔන්න මම “සුටුස් ගාල” හැරෙන තැපෑලෙන් ආයෙත් ආව 😀 , මොකක්ද යකෝ මේ නටන නාඩගම, අද උදේම එකක් දීල දැන් ආයෙත් තව එකක් දෙනව. උදේ දුන්නෙ හැමෝම බලපු එකක් නොවැ. ඉතින් බොලවු ඒක විමුවගේ හිතට හරි නැහැ වගේ, ඕං ඒ නිසා මම තවත් පස්ට පහරකුත් අරගෙන සුටූස් ගාල ඔයාලව බලන්න හැරෙන තැපෑලෙන් ආයෙත් ආව. මං හිතනව කවුරුත් මේක කලින් බලල නැතුව ඇති කියල හොඳේ 😀 මේක ඔයාලට දෙන්න මට විකියත් එක්ක ද්වන්ධ සටනක් කරන්නත් උනා. මේ බලන්න තාමත් ලේ ගලනව. Hikz 😛 මොකද විකිය කියනව මෙකට කැමති අය ගොඩක් අඩුයිලු. 🙁 නෑ නෑ නෑ…… පොඩි කාලෙ ඉදම්ම පුටු රත්කර-කර “ටොම් ඇන්ඩ් ජෙරී” බලපු, “රොබින් හුඩ්ගෙයි මැරියන් අක්කගෙයි” කතා බලපු, තාමත් මේව බලන්න ආස අපි වගේ අලි බබාලට මේ කස්ටියම එකට ඉන්න එකක් එපාවෙන්නෙ කොහොමෙයි. 😀 ඔන්න ඉතින් කොහොමහරි මම දින්න හරිද. 😀 ඉතින් සහෝදර සහෝදරියනී.. මම ඔයාලට පාන්දර ජාමෙට දීපු WALL•E [ඔයා කොහේ හිටියත් මම එනවා] බයිස්කෝප් පටයේ සිංහල උපසිරසියට කොමෙන්ට් නොවැටුනත් තරහ වෙන්නේ නෑ කිවුව මතක ඇතිනෙ. ඒත් පැල් බැඳගෙන, බඩ බැදගෙන, උඩ පැන පැන, පොරි හප හපා, අලි බබාලට සූප්පු උරන ගමන්, සෙවල පෙරාගෙන බලන්න කියල, තේරෙනෙ සිංහලෙන්ම අරගෙන ආපු මේ උපසිරසියට කොමෙන්ට් නොවැටුනොතින්නම් මම තරහයි! අනික එහෙම උනොතින් විකිය මට සද්දෙට හූවක් කියාවි බොලව්. 😛 විකාර හොඳටෝම ඇති වගේ නේද? ඔන්න එහෙනම් මෙන්න මේකයි විස්තරේ.
කෝ…? ආහ් මේ තියෙන්නෙ, Spike Brandt සහ Tony Cervone යන අධ්‍යක්ෂක වරුන් දෙදෙනා යටතේ Turner Entertainment සහ Warner Bros Animation හිදී නිපදවී පසුගිය වසරේ සැප්තම්බර් මස 28වන දින, අමෙරිකා එක්සත් ජනපදයේදී එලි දැක්වූ මෙය, අන්තර් ජාතික බයිස්කෝප් පට දර්ශකයේ කටුව “6.5”ක් වැනි අගයක් කරා ගෙනගොස් තිබෙන්නේ, මෙවැනි බයිස්කෝප් පට සදහා සාමාන්‍යයෙන් නොලැබෙන අගයක් එහි සටහන් කරමින් වීම විශේෂත්වයකි.
මෙන්න මේකයි කතාව… 😀
“ඔන්න ඉතින් සුපුරුදු පරිදිම රොබින් හුඩ් ෂර්වුඩ් කැලේට වෙලා සහචරයොත් එක්ක රැකගෙන ඉන්න්ව නොටිංහැම් වල ෂෙරිෆ් අසාධාරන විදියට දුප්පත් ජනතාවගෙන් බලෙන් අරගත්තු සල්ලි කරත්තෙ එනකම්…..” එක්කොත් මට කතාව කියන්න බෑ වගේ අප්පා… “සර් ජෙරී” ඉන්නෙ කාත් එක්කද? “සර් ටොම්” ඉන්නෙ කාගෙ පැත්තෙද? මේ දෙන්න රොබින් හුඩ්ගෙයි-මැරියන් කුමරියගෙයි කතාව ඇතුලෙ මොනාද කරන්නෙ? සර් ජෙරීට තියනව භයානක ආයුධයක්(කිති කැවීම) :P, ඉතින් වෙනද වගේම ඒකෙන් පහර දෙන්නෙ සර් ටොම්ටද? මේ දෙන්නට-දෙන්න තාමත් තරහයිද? මාළිගාවෙ ඉන්න ද්‍රෝහියා කවුද? අන්තිමේදි වීරය වෙන්නෙ කවුද? රොබින්ට මේ පාර මොක්ද වෙන්නෙ? නොටිංහැම් වල ෂෙරිෆ් මැරියන් කුමරියව විවාහ කර ගනීවිද? මැක්වුල්ෆ් එක්ක ට්‍රිපල් සහ ඩෘපි මේකෙත් පිස්සුවක් නටාවිද? ඇයි මම “සර් ජෙරී” සහ “සර් ටොම්” කියල කතා කලේ?
කම්මැලි නැතුව බාගත කරගෙනම බලන්නකො ඕං…. 🙂
අදනම් වෙනද වගේ ලොකු විස්තරයක් නෑ නේද? 😉 ඉතින් යාළුවනේ කවුරු මොනා කිවුවත් “සිංහල උපසිරසි කලාවේ මහ ගෙදර” වන www.බයිස්කෝප්lk.com සමග එකතුවෙලා උදේ කිවුව වගේ, මගේ “විසිවෙන” උපන්දිනේ වෙනුවෙන් මේ විදියට ඔයාලට සිංහල උපසිරසි දෙකක්ම අරගෙන එන්න හැකිවීම ගැන විකිය සහෝට මගේ විශේෂ ප්‍රමාණය පිරිනමනව. ආ බොල මැට්ටෝ ඒක ප්‍රමාණය නෙමේ ” ප්‍රණාමය” 😛 ඔහොම තමා… මිනිස්සුන්ට වරදිනවනෙ ඉතින්.. Hikz 😉 අවංකවම ගොඩක් ස්තුතියි විකියෝ බෑ කිය-කිය හරි මට අද දවසේ ඉඩ ප්‍රස්ථාවන් දෙකක්ම වෙන් කරල දුන්නට! 😛 මට අද අමතක වෙන්නෙ නැති උපන් දිනයක් සමරපු දවසක්, ඉස්සර කාලෙ වැඩිහිටියො කිව්වෙ “ගහක් සිටුවා උපන්දිනය සමරමු” කියල උනාට දැන් ඉතින් කියන්ට වෙන්නෙ බයිස්කෝප් අඩවියට උපසිරසියක්-දෙකක් කරල උපන්දිනේ සමරමු කියල තමා 😛 ඒකත් නරකම නෑ ඉතින් නැද්ද මං අහන්නෙ. 🙂
**(වැදගත්) ප.ලි:
ඉතින් යාළුවනේ මේ ප්‍රීතිමත් දිනයේ ඔයාටල කියන්න දුක හිතෙන දේකුත් තියනව 🙁 මට ආයෙ උපසිරසියකුත් අරගෙන ඔයාලත් එක්ක එකතු වෙන්න එන්න වෙන්නෙ මාස හතරකට පස්සෙ තමයි. මොකද මම මේ වසරෙදි ජීවිතේ ලොකු කඩයිමකට මූන දෙනව. ඒ කඩයිම හරියාකාරව පැනගන්න බැරි උනොත් මට නැතිවෙන්න දේවල් බොහෝමයි යාළුවනේ 🙁 ඉතින් මම ඔයාලගෙන් තාවකාලිකව සමුගන්නයි හදන්නෙ. ඒත් සහෝදරවරු ගොඩක් මහන්සිවෙලා අරන් එන උපසිරසි වලට කොමෙන්ට් එකක් දාල දිරිමත් කිරීමක් ලබාදෙන්න සතියකට වතාවක් හරි බයිස්කෝප් අඩවියට ගොඩ වදින්නම්, අනිවාර්යෙන්ම 🙂 ඉතින් යාළුවනේ, ලග එන නව වසර ඔයාලට “කිරියෙන් පැණියෙන් ඉතිරෙන සතුට දෝරෙ ගලායන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!”
ජයෙන් ජයම වේවා, හැම දෙනාටම, තෙරුවන් සරණයි!!! ජේසු පිහිටයි!!! අස්සලාම් අලෙක්කුම්!!!
මම ගිහින් එන්නා…ම් 😀
හිප්-හිප් හුරේ….!
හුරේ කියනකොට හිමින් කියන්ට මගේ අස්පය කුලප්පු වෙනව 😛
We do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත
3,450 downloadsDownload Tom.And_.Jerry_.Robin_.Hood_.And_.His_.Merry_.Mouse_.2012.zip82 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/වීමා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
104 comments
nipuna
රොයිලි
මෙන්න බොලේ මෙයා ලඟ නවනවා. බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සුබ පතනවා අර කියපු කඩඉම සාර්ථකව පැනගන්න ලැබේවා කියලා. ජය෴෴ :P :P
chami
thnxxxxxxxxxxxxxx
tharanga
සුභ පැතුම්....! දිගටම සබ් දෙන්න වගේම විභාගෙත් ගොඩ දා ගන්න
geeth
loweth na maxxma amcho
quik
thanks
උදාර
පට්ට මචං ජය
zumo man
elazzzz thnxzzzz
හසන්ත වික්‍රමරත්න
අද ඉපදිච්ච් දවසනේ මේකා කාටූන් මයි දෙන්නේ පොඩි එකා වෙන්න. ටොම් ඇන්ඩ් ජෙරී නම් මම තාමත් බලන එකක්. දැන් පුතා එක්ක බලනවා. කොච්චර බැලුවත් එපා නොවෙන කාටූන් එකක්. ඒ වගේම බර කාලෙක ඉඳන් තියන කාටූන් එකක්.මේ කාටූන් එකට හිනා නොයන එකාට හිනා නහරේ පිහිටලා නැති වෙන්න ඕනේ. එහෙනම් තැන්කු කිව්වා.
shann
නියමයි සහෝ ස්කුබි එකේ කාටුන් තියෙනවා එයින් එකකුත් දෙන්න.. ජය
jeewantha
loweth na tx kolllo and good luck
wow
wow... maru :D
lasidu
මැක්සා මචං සුපිරි
hh
gr8 vima :D
chamath cafe
නියම කොල්ලෙක්නේ විමා උපන්දින තෑගී නේ
ganidu
ජය වේවා සහෝ
pubudu
elakiri machan ohomayn ex akath goda daganna
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මැක්සා මචන්.... පට්ටම විදියට ලිපියනම් තියෙනවා...අනිවා රොබින් හුඩ් ටොම් ඇන්ඩ් ජෙරී කියන්නේ....අපේම පවුලේ උන්දලා නොවැ...ඉතින් නොබලා කෝමෙයි....බොහොම පින් මචෝ....උපන්දිනේ දවසෙම මැක්සම දෙකක් අරන් ආවට..... එන්න තියෙන කඩයිමත් ඉතා හොදින් ජයගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා...ජය වේවා...
was
එලම ෆිල්ම් එකක් දීලා තියෙන්නේ මරු
elakiri
එලම කිරි යාලුවා
chandima
maxxa macccccaaaaaaaaaa bro
dj
සුපිරි මචං මේක අනිවා බලනවා
ඒ වගේම සුභ පැතුම්!“චූටී මල්ලි”
ලග නවනවා කියලා මෙහෙමත්...
කමක් නෑ කොල්ලෝ ඕවා ඉතින් අපි වෙනුවෙන්නෙ
හැබැයි ඔයා මාස 4ක් නෑ කියන්නෙ දුකත් වගෙ
කඩයිම පාස් කරලම එන්නකො එහෙනම්
ඔබට ජය....notisamanalaya
එලම කිරි මචන්….
wall e
තෑන්ක්ස් මචං සුපිරි වැඩක් වගේ
ganesh
මෙක නමි බලන්න ම ඔනැ
hasithadn
thankz..........
rusuru | රුසිරු
එලස් ජය
Nadeera
රෙහාන් චානක
Thankuu Wewaa.. Birthday samaranna kiyaapu krameee
rasta boy
elakiri shan aiye (Megamind) puluwannam meka dennako
thilanka
සබ් එකට ගොඩාක් ස්තූතියි...
shani
thanks for sinhala sub.
mindika
THANKS !!!!!!!!!!!!!!!!!!!!
Pri
I like it. Thanks a lot brother
lahiruS
patta machan
sujeewa
සුභ පැතුම්….! දිගටම සබ් දෙන්න වගේම විභාගෙත් ගොඩ දා ගන්න
lahiruS
machan mata wechcha waradeemak da danne naa a wunath 210MB kiyana link 1a click kalama mata ena torrent eken download wenne 698mb copyak
ශාන් විමුක්ති [වීමා]
@ lahiruS
නෑ මචෝ..
ආයෙ බලපන්. 200MB link එක ඒක තම
අවුලක් නෑනෙ?ශාන් විමුක්ති [වීමා]
@ shann
උබට සෑහෙන දුර පේන පාටයි බන්, ඕක sOOn OOON
විමා විමා ආයෙත් ආයෙත් එන්නෙ එන්නෙ ඩබල් ඩබල් අරන් අරන් ;) ;)dev
ela ela
bohoma stuti saho....
kiwwa kadaima sartaka wewa.. .uda
අඩේ මම උඹේ රචනා ශෛලිය විශ්ලේෂණය කරල බැලුහාම..අ..අ.......
මට පේනවා උඹ ඉහවහා ගිය සතුටකින් ඉන්න බව! විකියාව පරදලා ජය ගත්ත එකට ද?
එකම දවසෙ සබ් දෙකක් දුන්න එකට ද? නැතිනම් ඒ දෙකටම ද? :Dඅනිවා සහෝ මොකෝ මෙච්චරට සතුටක්! මාස 4කට එන්නෙත් නැතිනම්! හරි හරි ඉතින් උපන්දිනේ නොවැ. උඹේ සතුට මටත් නිකම් බෝ වුණා වගේ... මේ.. මේ බලපන් නිකං මාව නැළවෙන හැටි. අනිවා සදුදට මේක ගන්නම්! මොකොද මාත් තවම මේවා බලනවා අහුවෙන අහුවෙන හැම එකම! ;)
එහෙමනම් ජය! ආයෙ කියන්ඩ දෙයක් නෑ උපන්දිනේනම් නියමෙටම සැමරුව!
මම ප්‍රාර්ථනා කරනවා උඹට හැම මාසෙකම එක ගාණේ උපන්දින එළඹේවා කියලා :Pශාන් විමුක්ති [වීමා]
@උදා
ලොලේ ලොල්..
හිනාව මිනිසා තර කරයි කියනවනෙ උදෝ..
ඒ නිසා කස්ටියට හිනා වෙවී බලන්න මුලපිරීමක් විදියට සතුටු හිතෙන විදියට ලිපියත් ඇදල දැම්ම :P
එකම දවසෙ සබ් දෙකක් කරගන්න ලැබුනු එකත් ලොකු දෙයක් ඉතින් අනික ඉතින් උපන් දිනේට දීපු තෑග්ගනෙ ,මේ සබ් දෙක ඒව තමා අප්පා සංතෝසෙට හේතු
හිහ් හිහ් හී...
අනිවා අනිවා
හැම මාසෙකම උපන් දිනේ තියනව වගේ පැල් බැදගෙන වැඩ පටන් ගන්නම්කෝ... ඔහොම ඉවසල ඉන්ටකෝ ටිකාක්.........තාරක
සුභම සුබ උපන්දිනයක් පතනවා මුලු හදවතින්ම වීමා සහෝදරයාට. ඒවගේම විභාගයත් සාර්ථකව ගොඩදාගන්න පුලුවන් වෙන්න කියලා පතනවා. දිගටම මේවගේ උපසිරැසි දෙන්න. කාටුන් බලන ලොකු බබාලා ගොඩක් දෙනෙක් බලා ඉන්නවා අලුතින් එකක් එනකම්. ගොඩක් ස්තූතියි සහෝ...
CHATm
patta maxa thanks machan ela :D :D
malith
hei man man nam asai mekataaaaaaaaaaaaaaaaaaaaaaaaaa....
Uvais
Ela Saho..Tom and Jerry Mage kemathima cartoon eka.. Thanks Again :)
සමීර කරුණාරත්න
ජයෙන් ජය !
ජීවිතයේ ඉලක්ක දිනන්න අපි සුභ පතනව...!Gemunu
අම්මෝ ඔය නෑ කියුවට කමේන්ට්ස් තියෙන්නෙ ඇති වෙන්න. පට්ට මචන්. මමත් පොඩි කාලෙ ඉඳන් බලපු ආසම කාර්ටූන් එකක් තමා. තැන්කූ වේවා. ගුඩ් ලක්.
me
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
patta machan wish u happy b day