වහාන්හි සියලුම මිනිසුනි. මේ මොහොතේ පටන්, මම වහාන් වලට බැඳී තිබූ… නුඹලාගේ නම් නිදහස් කර හරිනවා. මේ මොහොතේ සිට ඔබ තනිවමයි. ජීවත් වෙනවාද නැද්ද යන්න… තනිවම තීරණය කළ යුතුයි. සමහරුන් මියැදේවි. සමහරුන් ජීවත් වේවි. අපි මියගිය පසු නැවතත් හමුනොවේවි. අපට ජීවත්ව සිටිද්දි මුණ ගැසෙන්නට… හැකි වනු ඇති බවට බලාපොරොත…

වහාන්හි සියලුම මිනිසුනි.
මේ මොහොතේ පටන්,
මම වහාන් වලට බැඳී තිබූ…
නුඹලාගේ නම් නිදහස් කර හරිනවා.
මේ මොහොතේ සිට ඔබ තනිවමයි.
ජීවත් වෙනවාද නැද්ද යන්න…
තනිවම තීරණය කළ යුතුයි.
සමහරුන් මියැදේවි.
සමහරුන් ජීවත් වේවි.
අපි මියගිය පසු නැවතත් හමුනොවේවි.
අපට ජීවත්ව සිටිද්දි මුණ ගැසෙන්නට…
හැකි වනු ඇති බවට බලාපොරොත්තු වෙමු.
අපි නැවතත් කිසිදිනෙක…
එක්ව මියයාමට නොසිතමු.

ටාගොන්ට අවශ්‍යව තිබූයේ තම පියාගෙන් ගැළවීමට නිසා ඉයුන්සම් විසින් නොදැනුවත්වම සාදා දුන් අවස්ථාව ‍ප්‍රයෝජනයට ගත් ටාගොන් තමන්ගේ පියාව මරා දැමුවා. මේ නිසා වැඩිම පාඩුව වුණේ ඉයුන්සම්ටයි. තමන්‍ගේ පිරිස බේරාගන්න බැරි වුණා විතරක් නෙවෙයි මේ නිසාම ඔහු රටේ නායකයාව ඝාතනය කළ බවට කතාව පැතිරුණ නිසා ඔහුට තමන්ගේ ජනතාව වෙනුවෙන් වෙනත් යමක් කරන්න තිබුණ අවස්ථාවත් ඇහිරී ගියා. නමුත් ටාගොන්ට ඉයුන්සම්ව මරා දැමීමට හැකි වුණේ නැහැ. ඒ වගේම ඉයුන්සම්ට දැනගන්න ලැබුණා ටාගොනුත් තමන් වගේම ඉගුටු කෙනෙක් බව. දැන් සන්උන්ග් නිරූහා මිය ගිහින් නිසා ටාගොන් තමන්ට ආධ්‍යාත්මික හැකියාවන් ඇති බව කියන කාරණයත් පදනම් කරගෙන නායකයාගේ අවමංගල්‍ය පූජාව වන ඔලිම්සානි පූජාව සිදු කළා. ඒ වෙලාවේදි ටාගොන්ගේ සහ ටියාල්හාගේ සැලසුම් පරිදි ට‍ාගොන් යනු අරාමුන් හේසුල්ලා බව මිනිසුන්ට දැනගන්න ලැබෙනවා.

මේ අතරේදී තමන් ටාගොන් ගැන දැනගත් තොරතුරු වලින් ප්‍රයෝජනයක් ගැනීමට ඉයුන්සම් සූදානමින් ඉන්නවා. නමුත් ටාගොන් අරාමුන් හේසුල්ලා යනුවෙන් හඳුනාගත් නිසා ඉයුන්සම්ට ‍ඔහු දන්නා දෙයින් ප්‍රයෝජනයක් ගැනීමට හැකිවේවිද? ආර්ත්දල්හි මීළඟ නායකයා කවුරුන්ද? වහාන් ගෝත්‍රයට දිවි බේරාගැනීමට හැකි වේවිද?

මේ අයුරින් මෙම කතා මාලාවේ පළමු සමය අවසන් වෙනවා. දෙවියන් විසින් දෙලොවට එවූ දෙව්ලොව භාණ්ඩ තුන කුමක්ද? ඒවා ඇත්තේ කොහේද? ඉයුන්සම්ගේ සිහින ‍වලින් පෙනුනේ මොනවාද? අනාවැකියේ දරුවන්ට ඉදිරියේදී කුමක් සිදු වේවිද? ටාන්‍යාට හමුවූ අමුත්තා කවුරුන්ද? මේවාට පිළිතුරුත් සමඟ හැකි ඉක්මනින් දෙවන කතා සමයෙන් මුණ ගැසෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,307 downloadsDownload Arthdal.Chronicles.S01E06.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

3,307 downloadsDownload Subtitles35 KB

6 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    Season 2 එකත් ඉක්මනටම අරන් එමු....

  3. Surendra weerasinghe

    The king sub thennakoooooo plzzzz

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Nilush Angana

    Sub ekata thanx