Watch Trailer

Aarya [S01 : E02] Sinhala Subtitles | ඉරණමේ ලියවුණු සෙල්ලමක්..!! [සිංහල උපසිරසි]

Aarya කියන්නේ 2020 වසරේදි Disney Hotstar වෙතින් නිකුත් කරපු හින්දි කතාමාලාවක්. කවුරුත් අපේක්ෂා කළ නොකළ විදිහේ දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක්, සාර්ථකත්වයක් මේ කතාමාලාව ලබාගත්තා කිව්වොත් බොරුවක් නෙමේ. ප්‍රේක්ෂක ප්‍රතිචාර වලට නොදෙවැනි විචාරක ප්‍රසාදයක්ද Aarya විසින් දිනාගත්තා. විශේෂම දේ වෙන්නේ මේ කතාමාලාව ස…

Aarya කියන්නේ 2020 වසරේදි Disney Hotstar වෙතින් නිකුත් කරපු හින්දි කතාමාලාවක්. කවුරුත් අපේක්ෂා කළ නොකළ විදිහේ දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක්, සාර්ථකත්වයක් මේ කතාමාලාව ලබාගත්තා කිව්වොත් බොරුවක් නෙමේ. ප්‍රේක්ෂක ප්‍රතිචාර වලට නොදෙවැනි විචාරක ප්‍රසාදයක්ද Aarya විසින් දිනාගත්තා. විශේෂම දේ වෙන්නේ මේ කතාමාලාව සුෂ්මිතා සෙන්ගේ පුනරාගමනය සටහන් කිරීම වෙන නිසයි. අවුරුදු ගණනාවක් බොලිවුඩයෙන් ඈත් වෙලා හිටිය සුෂ්මිතා ආපහු තමන්ගේ ගමන පටන් ගත්තේ ලොකුම පිපිරුමක් එක්කයි. Aarya මොන තරම් ප්‍රසාදයකට ලක් වුණාද කිව්වොත් 2021 වසරේදි Best Drama Series යටතේ International Emmy Award වෙනුවෙන්ද නිර්දේශ වෙනවා. හැබැයි ඒ සම්මානය ඩැහැගන්න Delhi Crimes තරම් නම් වාසනාවන්ත වුණේ නැහැ. ඉතින් නිර්දේශ වුණා කියන්නෙත් මොන තරම් දෙයක්ද? ඒ වගේම තමයි සුෂ්මිතා හොඳම නිළිය විදිහට බරගානක් නිර්දේශ වීම් අතරේ බර ගානක් සම්මාන වලටද හිමිකම් කිව්වා. මේ ලිපිය ලියන මොහොතේ Aarya දෙවැනි කතාසමයත් නිකුත් වෙලා අවසන්. තුන්වෙනි කතාසමයේ වැඩත් ආරම්භ වෙනවා කියලා ආරංචියි. ඉතින් කතාසමයන් දෙකක් වෙනුවෙන් IMDb අගය 7.8ක් වගේ ලොකු ගානක්. නොබලපු අය ඉන්නවා නම් දෙපාරක් නොහිතා Crime | Thriller ගණයට වැටෙන මේ කතාමාලාව රස විඳින්න කියලයි ආරාධනා කරන්නේ.

පලවෙනි කොටස බලපු අය දන්නවා ආර්යා කියන්නේ මොන වගේ කෙනෙක්ද? මොන වගේ ජීවිතයක්ද එයා අරන් යන්නේ කියලා. ඔව්, ආර්යා කියන්නේ ධනවත් ව්‍යාපාරිකයෙක්ගේ බිරිඳක්, දරුවන් තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක්. මේ පස්දෙනා හරි ලස්සනට, සතුටෙන් තමන්ගේ පවුල් ජීවිතය ගෙවන ගමන් හිටියේ. ආර්යාගේ සැමියා තේජ් සරීන්ට ලොකු ව්‍යාපාර ජාලයක් තිබුණා. මේ ව්‍යාපාර ජාලයට එයාගේ යාළුවො වගේම සහෝදර වෙන අයත් සම්බන්ධ වෙලා හිටියා. ඉතින් මේ කවුරු කවුරුත් ගොඩක් සහයෝගයෙන් තමා ව්‍යාපාර වැඩ කරගෙන ගියේ වගේම ජීවිතය අරගෙන ගියෙත්. මේ හැමදේම වෙනස් වෙන්න ගන්නේ තේජ්ට ආපු අමුතු ව්‍යාපාර යෝජනාවකින්. මේකෙන් මේ හැමෝගෙම ජීවිත කෑලි කෑලි වලට විසිරිලා යන්න ගන්නවා. මේක කොහොමද ආර්යාට බලපාන්නේ කියලා දිගටම බලාගෙන යමු. පලවෙනි කොටස අවසන් වුණේ ලොකුම ගැස්මක් ඇති කරලා වගේම කතාවට ලොකු මාවතක් ඇරලා දීලා. අපි එහෙනම් අද දෙවැනි කොටස බලලා ඉමු.

තුන්වෙනි කොටසින් ෆීනික්ස් ඒයි. ජයවේවා.

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,092 downloadsDownload Aarya-S01E02.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

1,092 downloadsDownload Subtitles22 KB

6 comments

  1. Anonymous

    සබට තුති මචෝ..

  2. Anonymous

    Patta

  3. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. Gayan Gamage

    තෑම්ස් සිසී! <3

  5. Isuru Chamara

    Thanks

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P