ආයූබෝවන් හැමෝටම. ඔන්න පොරොන්දු උන විදියට නැවත වතාවක් Carnival Row කතා මාලාවේ කොටසක් අරන් ආවා. හැමෝම පසුගිය කොටස නරඹන්න ඇති කියලා හිතනවා. මේ දක්වා නරඹපු හොඳම කොටසත් ඒක බව සලකන්න පුළුවන්. ඉතා අනපේක්ෂිත සිද්ධි කීපයක්ම ඒ කොටසේ සිද්ධ උනා වගේම මේ කතාසමයේ ප්‍රධාන දුෂ්ට මෘගයගේ බිහිසුණු වැඩ ටිකකුත් අපිට බලා…

ආයූබෝවන් හැමෝටම. ඔන්න පොරොන්දු උන විදියට නැවත වතාවක් Carnival Row කතා මාලාවේ කොටසක් අරන් ආවා. හැමෝම පසුගිය කොටස නරඹන්න ඇති කියලා හිතනවා. මේ දක්වා නරඹපු හොඳම කොටසත් ඒක බව සලකන්න පුළුවන්. ඉතා අනපේක්ෂිත සිද්ධි කීපයක්ම ඒ කොටසේ සිද්ධ උනා වගේම මේ කතාසමයේ ප්‍රධාන දුෂ්ට මෘගයගේ බිහිසුණු වැඩ ටිකකුත් අපිට බලාගන්න ලැබුනා. ඉතිං පරක්කු වෙලා තියෙන නිසා ඉක්මනට අද කතාව පැත්තට යමු.
අපිට කලින් කොටසින් ඇග්‍රයෙස් සහ ඉමොජින්ව දකින්න ලැබුනේ නෑනේ අද ඔන්න ඒකටත් හරියන්න එයාලව බලාගන්න පුළුවන්. ඒ වගේම ඒ දෙන්නගේ අනාගතය තීරණය වෙන දේකටත් අද මූණ දෙන්න වෙනවා. අපිට ටිර්නනොක්වල බිඳ වැටීම අහන්න ලැබිලා තියෙනවනේ. අන්න ඒකට සම්බන්ධ පයිලෝගේ අතීත සිදුවීමකුත් අද බලාගන්න ලැබෙනවා. මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි පණ බේරගත්ත වින්යෙට් සහ මිල්වර්ති දෙන්නට සහ වින්යෙට්ව බේරගන්න ගිහින් අමාරුවෙ වැටුන පයිලෝට මොකද උනේ කියලත් දැනගන්න පුළුවන්. දේශපාලන අරගල වලට මැදිවෙන රෝ එක ඉදිරි ඉරණමත් යහපත් නැති බවත් පෙනීගෙන යනවා. එහෙනම් සුපුරුදු විදියට ශාන් විමුක්ති සහෝට ස්තූති වෙන ගමන් මම ගිහින් එන්නම්. නැවතත් උපසිරසියකින් ඉක්මනට හමුවෙමු. ජයවේවා !!!
අද කතාංගයේ නම – “Original Sins”
කතා රචනය – Jim Dunn
අධ්‍යක්ෂනය – Julian Holmes
විකාශය වූ දිනය – 2023 මාර්තු 03
IMDb අගය – 7.3
මීළඟ කතාංගය – “Kindred”
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
2,330 downloadsDownload Carnival.Row_.S02E06-1.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #2019
- #2023
- #Andrew Gower
- #Cara Delevingne
- #Carnival Row S02 Sinhala subtitles
- #Carnival Row Season 2 Sinhala subtitles
- #Carnival Row Sinhala sub
- #Carnival Row Sinhala subtitles
- #David Gyasi
- #Editor's Pick
- #MaxxA
- #Orlando Bloom
- #Simon McBurney
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subtitles
- #Tamzin Merchant
- #යුරාන් ධනුක
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Bimsara Yashan(ඔලිව)
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
chinthaka.max4
thankx machan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akila Dilhara
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
Advertisement

සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!