Disney Hotstar වෙතින් නිකුත් කරපු තවත් ජනප්‍රියම කතාමාලාවක් තමයි Aarya කියන්නේ. 2020දි එලි බැහැපු මේ කතාමාලාවට අපි පහුගිය දා ඉඳන් උපසිරැසි දෙන්න පටන් ගත්තා. HotStar එකෙන් නිකුත් වන ඉන්දියන් කතාමාලා බොහොමයක් ප්‍රතිනිර්මාන වලට අයිතියිනේ. මේ ආර්යා කතාමාලාවත් Penoza කියන නෙදර්ලන්ත කතාමාලාවේ ප්‍රති නිර්…

Disney Hotstar වෙතින් නිකුත් කරපු තවත් ජනප්‍රියම කතාමාලාවක් තමයි Aarya කියන්නේ. 2020දි එලි බැහැපු මේ කතාමාලාවට අපි පහුගිය දා ඉඳන් උපසිරැසි දෙන්න පටන් ගත්තා. HotStar එකෙන් නිකුත් වන ඉන්දියන් කතාමාලා බොහොමයක් ප්‍රතිනිර්මාන වලට අයිතියිනේ. මේ ආර්යා කතාමාලාවත් Penoza කියන නෙදර්ලන්ත කතාමාලාවේ ප්‍රති නිර්මාණයක්. Aarya මේ වෙද්දි සාර්ථකව කතාසමයන් දෙකක් විකාශනය වෙලා තුන්වෙනි කතාසමයත් නිර්මාණය කරන ගමන් කියලයි ආරංචි නම්. ඉතින් දිගටම බලාගෙන යමු, අපි සූදානම් කතාමාලාව අහවරක් වෙනකම්ම උපසිරැසි සපයන්න. ඉතින් මේ පළමු කතාසමයේ මේ වෙනකම් කොටස් දෙකක් බලාගෙන ආවනේ. තුන්වෙනි කොටස බලන්න කලින් මෙතෙක් කතාව ටිකක් මතක් කරගෙන ඉමු.
තේජ් සරීන් කියන්නේ ධනවත් වෙළඳ ව්‍යාපාරිකයෙක්. එයාගේ බිරිඳ ආර්යා සරීන් සහ දරුවෝ තුන්දෙනත් එක්ක හරි ලස්සන පවුල් ජීවිතයක් ගෙනියන ගමන් තමයි හිටියේ. තේජ්ගේ ව්‍යාපාර වැඩ කටයුතු හොඳින් සිද්ධ වුණාට ඒවයේ තිබ්බේ නම් එච්චර හිතකර ස්වභාවයක් නම් නෙමේ. මේ හින්දම නිතරම වෙඩි හුවමාරු, කලකෝලහාල වලට මූණ දෙන්නත් තේජ්ට සිද්ධ වුණා. ඔය අතරේ තමා දවසක් උදේ නාඳුනන වෙඩික්කාරයෙක් තේජ්ට වෙඩි තියලා යන්නේ, එයාගේ පොඩි පුතා ඉස්සරහම. ඉක්මනට තේජ්ව රෝහල්ගත කරත් මනුස්සයා හිටියේ අසාධ්‍ය තත්ත්වයේ. මේ වෙඩි තැබීම ගැන ආර්යාට ජවාහර් ගැන තමා සැකයක් තිබ්බේ. ඔය අතරේ ජවාහර්ටත් වෙනම ප්‍රශ්න වගයක් ඇතිවෙලයි තිබ්බේ. තේජ්ගේ ප්‍රතිකාර කෙරෙන අතරේ ආර්යාව මුණගැහෙන්න එනවා ඒ.සී.පී. ඛාන්. එයා ඇවිල්ල ආර්යා එක්ක කියන දේවල් වලට ආර්යාගේ දෙලෝ රත්වෙනවා. තේජ් මෙච්චරකල් කරපු ව්‍යාපාර වගේම ඛාන් එක්ක තේජ් ගහපු ගනුදෙනුව, පෙන් ඩ්‍රයිව් එකක් මේ වගේ ගොඩක් දේවල් ගැන ආර්යා දැනගන්නවා. ඛාන්ගේ එකම ඉලක්කය වුණේ ඒ පෙන් ඩ්‍රයිව් එක. ඒත් ආර්යා ඒ ගැන මුකුත්ම දැනගෙන හිටියේ නෑ. ඛාන් ආක්‍රමණශීලී විදිහට ආර්ගේ ගෙදර හෝදිසි කරන්නත් වරෙන්තු අරන් තිබ්බා. ආර්ගේ ඔලුව වැඩ කරේ පිස්තොලේ ගැනම විතරයි. පිස්තෝල පලහිලව්ව ඉවරයක් කරලා තේජ්ව බලන්න රෝහලට යන ආර්යාට දරාගන්න බැරි ආරංචියක් තමයි කන වැකුනේ…
හතරවෙනි කොටසත් අරන් දහරක්කා ඒවි. ජයවේවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
841 downloadsDownload Aarya-S01E03.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
- #Aarya S01 Sinhala subtitles
- #Aarya Season 1 Sinhala subtitles
- #Aarya Sinhala sub
- #Aarya Sinhala subtitles
- #Ankur Bhatia
- #Chandrachur Singh
- #Editor's Pick
- #MaxxA
- #Namit Das
- #Offbeat
- #PHOENIX
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sushmita Sen
- #Vikas Kumar
- #Zach Gilford
- #උපසිරැසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Gayan Gamage
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Aarya [S01 : E03] Sinhala Subtitles | පාතාලයෙන් ඇරයුමක්..!! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Aarya-2020-Season-01-Cover-01.jpg)

තෑම්ස් මයියා! <3