Watch Trailer

ImMATURE [S02: E02] Sinhala Subtitles | අලුත් කිරිල්ලියෙක් ඇවිත් [සිංහල උපසිරසි]

ඉතින් අපි මේ එකතු වෙලා ඉන්නේ බහුතරයකගේ ප්‍රියතම කතාමාලාවක් වෙන TVF Immature එක්කයි. නොහිතපු විදිහට පහුගිය අගෝස්තු මාසයේදී තමයි මේ දෙවැනි කතාසමය ගොඩ බහින්නේ, ඒකත් ඇමසෝන් ප්‍රයිම් හරහා. සුපුරුදු විදිහටම කලින් කතාසමයේ වගේම දෘව්, කබීර්, සුසු සහ චවීගේ පිස්සු වැඩ එක්ක වගේම සීරියස් දේවල් එක්කත් අපිට මේ සැ…

ඉතින් අපි මේ එකතු වෙලා ඉන්නේ බහුතරයකගේ ප්‍රියතම කතාමාලාවක් වෙන TVF Immature එක්කයි. නොහිතපු විදිහට පහුගිය අගෝස්තු මාසයේදී තමයි මේ දෙවැනි කතාසමය ගොඩ බහින්නේ, ඒකත් ඇමසෝන් ප්‍රයිම් හරහා. සුපුරුදු විදිහටම කලින් කතාසමයේ වගේම දෘව්, කබීර්, සුසු සහ චවීගේ පිස්සු වැඩ එක්ක වගේම සීරියස් දේවල් එක්කත් අපිට මේ සැරෙත් ඔට්ටු වෙන්න පුළුවන් වෙයි. එහෙනම් මේ අරන් එන්නේ දෙවැනි කොටස. ඊයේ බලපු කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු.

අපේ සෙට් එක දැන් එච්චරම පොඩි නැහැ. 11 පන්තියේ ඉගෙන ගන්න ලොකු හාදයෝ ටිකක්. කලින් කොටස පටන් ගනිද්දිම පෙන්නුවේ ප්‍රේම කුරුල්ලෝ දෙන්නා වෙන් වෙන දර්ශනයක්. ඒ කියන්නේ චවී වැඩිදුර ඉගෙන ගන්න කෝටා යනවා. දෘව් තමන්ගේ යාළුවො දෙන්නා එක්කලා සුපුරුදු තැන නවතිනවා. හැබැයි දෘව් සහ චවී දෙන්නා හිටියේ තැන් දෙකක වුණාට හිතින් නම් හිටියේ එක ළඟ. දෙන්නා හැම වැඩේම කළේ එකට. කන බොන වගේම පන්තියේ උගන්වන වෙලෙත් දෙන්නා හිටියේ ෆෝන් එකේ හෝ ලැප් එකේ චැට් කර කර. දෘව් ඒවා එක්ක තනි වෙන්න වෙන්න කබීර් සහ සුසුගේ සමාගම දෘව්ගෙන් ටික ටික ඈත් වෙන්න ගත්තා. ඔය අතරම තමා ඉස්කෝලෙන් වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනකුත් කරන්න ගන්නේ. මේක කරන ගුරා නිසා මේ තුන්දෙනාගෙම ඔලු ගෙඩි තුන කචල් වෙලා තිබ්බේ. හැමදේම ඔහේ ගලාගෙන යද්දී චාවී ඉගෙනීමට වැඩි අවධානයක් දෙන්න ගන්නවා. මේක දෘව්ගේ පැත්තෙන් නම් එච්චර හොඳ දෙයක් වුණේ නැහැ. ඒ වගේම මතක ඇතිනේ කබීර් සහ සුසු ඉන්ටවීව් තියලා කරගත්ත දේ? හැමදේම සිද්ධ වුණේ දෘව්ට නරක විදිහටමයි. ඉතින් මේ යාළුකමට, ආදරේට මොකක් සිද්ධ වුණාද සිද්ධ වෙයිද කියලා කලින් කොටසෙදි අපිට බලාගන්න පුළුවන් වුණා.

හරි, අද කොටස ගැන මුකුත්ම කියන්නේ නැහැ. අලුත් පෝස්ටරේදී දකින්න ඇති නේද අලුත් චරිතයක් ඉන්නවා? අන්න එයා අද ගොඩ බහිනවා අපේ ඉස්කෝලෙට.. බලමු ඉස්සරහට මොනවයින් මොනවා වෙයිද කියලා. තුන්වෙනි කොටසින් හමුවෙමු කියන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා එහෙනම්.

කතාංගයේ නම : “Sambhog Shastra”
කතා රචනය : D. Krishna Prasad, Abhishek Yadav, Nishaad Zaveri, 
අධ්‍යක්ෂණය : Prem Mistry හා Vaibhav Bundhoo
IMDb අගය : 8.2
විකාශය වු දිනය : 26 August 2022
මීළඟ කතාංගය : “Roop Ki Rani Choron Ka Raja”

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

1,385 downloadsDownload Immature.S02E02.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

1,385 downloadsDownload Subtitles19 KB

4 comments

  1. Anonymous

    Farzi tv series sub plz

  2. Buddhika laKMal

    පට්ට වැඩක් බං...
    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  3. sahangayantha

    Thanks a lot saho sub ekata

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P