Watch Trailer

ImMATURE [S01 : E5 Sinhala Subtitles | ආදර අන්දරේ අවසන් කතාන්දරේ [සිංහල උපසිරැසි සමඟ]

ස්පොයිල් වෙයි කියලා ලිපිය කියවන්නේ නැතිව වෙනදට සබ බාගෙන ගියාට කමක් නැහැ. අද ලිපියත් කියවන්න. කතා සාරාංශේ ගැන මෙලෝ දෙයක් කියලා නෑ මම!! මුලින්ම කියන්න ඕනේ, පුරා සති එකහමාරක් ImMATURE කතාමාලාව සමඟින් එකතු වුණු හැම දෙනාටම ස්තූතියි. මම හිතුවටත් වඩා ප්‍රතිචාර ලැබුණා. පළවෙනි කතාංගයේ ඉඳන් කතාමාලාව පුරාවටම…

ස්පොයිල් වෙයි කියලා ලිපිය කියවන්නේ නැතිව වෙනදට සබ බාගෙන ගියාට කමක් නැහැ. අද ලිපියත් කියවන්න. කතා සාරාංශේ ගැන මෙලෝ දෙයක් කියලා නෑ මම!!

මුලින්ම කියන්න ඕනේ, පුරා සති එකහමාරක් ImMATURE කතාමාලාව සමඟින් එකතු වුණු හැම දෙනාටම ස්තූතියි. මම හිතුවටත් වඩා ප්‍රතිචාර ලැබුණා. පළවෙනි කතාංගයේ ඉඳන් කතාමාලාව පුරාවටම ගොඩදෙනෙක් අදහස් පළ කරලා තිබ්බා. ලොකු ඇබ්බැහියක සාක්ෂි තමයි ඒ..! සම්පූර්ණ කතාමාලාවකට උපසිරැසි ගන්වපු පළවෙනි පාරම, වැඩේ සාර්ථකයි කියලත් දැනුණා. ඉතින් බොහොම ස්තූතියි ඒ වෙනුවෙන්.

අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ, අද ගෙනත් තියන්නේ පස්වන කතාංගය. එහෙමත් නැත්නම් අවසන් කතාංගය. එපිසෝඩ් පහක් වගේ පොඩි කොටස් ප්‍රමාණයකින් අවසන් වුණාට කතාමාලාවේ රහ කොහොමද කියලා බලපු හැමෝම දන්නවනේ… පොඩි ඉල්ලීමක් තියෙනවා, අද පළවෙනි වතාවට මේ කතාමාලාව ගැන කියවන මිතුරන්ට පේන්න කතාමාලවේ හොඳ.. නරක.. පහළින් කමෙන්ට් කරගෙන යන්න.

පළවෙනි කතාංගයේ සිට මේ දක්වාම ImMATURE උපසිරැසි ගැන්වීමේදී මට උපකාර කරපු කෙනෙක් ඉන්නවා. ඒ බේනුක නිම්හාන් සොයුරා. පළවෙනි ලිපියේදී ඔහුව මතක් කරන්න බැරි වුණේ මගේ අතපසුවීමෙන්.. ඔහුටත් ස්තූතිවන්ත වෙනවා කරපු උපකාරවලට. දැන් කට්ටිය බලනවැති, ඇයි මේ වල්පල් කියෝ කියෝ ඉන්නේ කියලා?? අද කතා සාරාංශය ගැන මුකුත්ම කිව්වෙත් නෑනේ..

මෙච්චර කල් කතා සාරාංශය කිව්වට අද නම් කිසිම දෙයක් කියන්නේ නැහැ. මොකද පොඩි හරි අතපසුවීමකින් මොනයම් හෝ කාරණයක් එළියට පැන්නොත් මෙච්චර දවස් කතාමාලාව පුරාම තිබුණු ආතල් එකත් ඉවරයි! ලාවට ලාවට කියන්න ගිහින් වැඩේ නරක් කරගන්නවට වඩා හොඳයි, කිසිම දෙයක් නොකියා ඉන්න එක… එනිසා, අවසන් කතාංගය බලලාම හොඳ නරක තීරණය කරන්න.

පළවෙනි ලිපියේදී මතක් කරපු කරුණු කාරණා කීපයක් ආයෙත් මතක් කරන්නම්. 2019 මුල් කාර්තුවේදී MX Player වෙබ් අඩවිය හරහා විකාශය වෙමින් දැනට මිලියන 17+කට අධික වාර්තාගත දර්ශනවාර ප්‍රමාණක් හිමි කරගත් මෙම වෙබ් කතාමාලව අයත් වන්නේ Comedy|Drama|Romance වර්ගීකරණයට. ඉස්කෝලේ කාලෙදී අපි හැමෝටම පොඩි පොඩි කල්ලි තිබුණනේ..? යාලුවෝ දෙතුන් දෙනා එක්කහු වෙලා ගැන්ග් එකක් හදාගෙන උපරිම විනෝදෙන් ගත කරපු කාලයක් තිබුණනේ..? ImMATURE කියන්නෙත් අන්න ඒ වගේ කොල්ලෝ තුන්දෙනෙකුයි ඔවුන් අතරට එන ගෑණු ළමයෙකුයි වටා ගෙතෙන කතාවක්.
විශ්වාස නැත්නම් මුල ඉඳන් ලිපි මාලාව කියෝගෙන එන්නකෝ. කමෙන්ට් තීරයේ අදහස් බලන්නකෝ. මුල ඉඳන්ම එකතු වුණු බොහෝ දෙනෙක්ගේ අත්දැකීම් එතන ඇති.

වල්පල් කියෙව්වා ඇති. එහෙනම් අපි සමුගන්නවා. 2018 වසරේ කොලිවුඩයෙන් බිහි වුණු සාර්ථකම චිත්‍රපටය වගේම පසුගිය වසරේ මුලු ඉන්දියාවෙන්ම බිහි වුණු දැවැන්තම Women-Centric චිත්‍රපටය Kanaa සමඟින් ළඟදීම ආපහු මුණගැහෙමු.

ලිපිය මුලදී කරපු ඉල්ලීම මතක ඇති කියලා හිතනවා.. ඔහේ නිකන් උපසිරැසිය බාගෙන යන්නේ නැතිව තමන්ගේ පුංචි අදහසත් සඳහන් කරගෙනම යන්න. කතාමාලාව ගැන හිතෙන දේවල්, අදහස් උදහස් ඔක්කොම බේරුමක් කරගන්න. ඇයි ඉතින් මේ අන්තිම කොටහ නොවැ!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,325 downloadsDownload imMATURE-S01E05.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

4,325 downloadsDownload Subtitles22 KB

69 comments

  1. kuma2lasa

    thanks bro

  2. wanuja

    aparade english sub eken iye ra baluwe.thanks bro.supiri kathandarayak <3

  3. Cmj

    Superb series! Thanks for the sub bro!

  4. Stranger

    thanks

  5. Chathura_sam

    mekanm supiri machn...thanks sub dunnata...keep it up!!

  6. Ayesh Prashan

    supirie..supirie..supirie..katha 2k nae aniwa balanna ona series ekak.baluwe nathi aya adama balanna..sub walata godak sthuthie

  7. Krishan NiShalya

    බොහොම ස්තූතී මේවගේ පට්ටම පහර කතාවකට සිංහල උපසිරැසි ලබාදීම වෙනුවෙන්..

    අනිවා බලන්න මාරම පහර..

    අපෙ කතාවත් මෙහෙම උනානම් කියලත් හිතෙයි..

    මාරම ආසාවෙන් බලව්වෙ...

    තවත් වතාවක් බොහොම ස්තූතී මේක දුන්නට..

    Good Luck Bro..

    පුලුවන් නම් තවත් මේවගේ කතා හොයාගෙන උපසිරැසි ලබාදෙන්න

  8. සසිඳු කවීශ ගමපතිරණ

    සිංහල උපසිරැසියට ස්තුතියි සහෝ!
    ගොඩක් ආසාවෙන් බලපු පට්ටම කතාවක්.
    Season 2 එකක් ආවොත් අනිවා බලනවා.

  9. Niranga.lakshitha

    Thanks macho....

  10. geeganagamage

    බොහොම ස්තුතියි මේ වගේ ලස්සන ට්වි සීරියස් එකක් අවසන් වෙනතුරු අරගෙන ආවාට .

  11. rehani

    thank you..

  12. Chamath_CS

    thanzzz brooo thawa mee wage eewasa saba dendoooo

  13. Chamodsathsara

    Thks bro patta .....uba sub eka ikmnt dipu eka gana godak satutui.....mokda palweni episode eka balala pissu watunama uba sub denakn inn baruwa episode 5 ma bagena baluwa...sub dunnam aii baluwa...thks bro supiri katawak api lagta genwata
    .......

  14. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි කවිනු. සුපිරිම සිරීස් එකක් කියන්න දෙයක් නෑ. ජය වේවා...!!

  15. Kavinda Athukorala

    මේක සුපිරි එකක් බන් .. මුලින්ම කියන්නත් ඕන මේ තමා සම්පූර්ණ කතාමාලාවකට මන් හැමදාම වගෙ කොමෙන්ට් කරපු සීරියස් එකත් .. " මන් මුලින් කතාව බලන්න ගත්තේ එච්චර ආතල් එකක් නැති වෙයි ස්කෝලෙ කාලෙ මතක් වෙන්නත් එක්ක කියලා එකක් බලනවා කියලා" ..
    පලවෙනි එපියේ මැදක් යද්දි බලෙන් හිනස්සා ගන්න ඕන නෑ සමහර කොමෙඩි ඒවගෙ වගේ පට්ටම ආතල් අර තඩියා නැත්තම් කතාව බෝරින් ඌ තමා ගේම ගහන්නෙ පටන්.ගත්ත වෙලාවේ ඉදන් කටේ කොනේ ඉදන් හිනාව තිබ්බා.. මගෙ නම් හිතට සුපිරියටම වැදුනා ..
    උබ නියමට සබ් එකත් කරලා තිබ්බා ආතල් එක නියමට දැනෙන විදිහට ..
    ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මට එක්සෑම් වගයක් තියනවා මන් 2014 ඉදන් මේකට ජොයින් වෙලා සබ් බාගෙන කොමෙන්ට් දාලා යනවා එක්සෑම් ඉවර වෙලා මාත් බයිස්කෝප් පවුලට සම්බන්ධ වෙන්න හිතන් ඉන්නවා..
    Anyway තෑන්ක්ස් මචං අදමයි මෙහෙම ලොකු කොමෙන්ට් එකක් දැම්මෙ..
    මේක කියවලා රෙප්ලයි එක්කුත් දාන්න කියලා මතක් කිරීමක් කරනවා.. උබට සුභ සබ් අනාගතයක් පේනවා ජයෙන් ජය කවීනු

    1. කවිනු වීරක්කොඩි

      එකින් එකට රිප්ලයි නොකළට මේ හැම වචනයක්ම හරිම ආසාවෙන් කියවනවා! ❤❤❤
      ස්තූතියි සහෝ..

  16. [email protected]

    bro මේකේ season 2 එනවද ඉවසිල්ලක් නෑ

  17. Ishan Thisara

    Thanks bro...

  18. Puszz

    Scl daws mathak una sirawatama.. fatta❤️7

  19. Pasindu_Amanda

    සබ් ඔක්කොම එකපාරම ගත්ත නිසා එකින් එකට නම් කමෙන්ට් කරන්න බැරි උනා ස⁣හෝ..ඒත් කියන්න ඕන මේක..මම හිංදි ෆිලම් බැලුවට හිංදි සීරිස් බලපු කෙනෙක් නෙවෙයි..ඒත් දාන ලිපි හන්දම මම බලන්න ගත්තා..දැනට හිංදි සීරිස් 5 ක් විතර බැලුවා..ඒ අතරින් බලපු හොදම සීරිස් එක තමයි මේක..
    මේකට සබ් අරන් ආවට බොහොම ස්තූතියි..තව තවත් සබ්ස් මේ වගේ ගෙන්න කියල ආරාධනා කරන ගමන් සුභ පතනවා..
    ජය වේවා සහෝ !!

  20. Dulangamanusha

    Bohoma sththi sub dunnt. patta katwa meka

  21. Nimeshh

    නියමයි පට්ට පදිරි තද කොර ...
    දිගටම subtitles දාන්න

  22. Thamanna

    තැංක්ස් ආයෙත් මිනි සීරියස් එකකින් හම්වෙමු<3

  23. anthimaya

    Thanks. You have done a great job!

  24. harshapriya

    Thank diy good luck

  25. Ramilka

    Thanks Bro Good Work Keep It

  26. Thiyuma Samarasinghe

    thanks for the sub machan!!! keep it up!!!

  27. DAVIN

    machan meka nm patta ah. pluwan nm tawa me wage tv srs diyan. pattama patta meka. Thanks bro & good luck!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  28. nmsmadushan

    Super....ආයෙත් ඉස්කෝලෙ ගියා වගේ.හැමෝම බලන්න ඕන කතාවක්.පාසල් කාලයේ පිස්සු කෙ⁣ලපු උන් විශේෂයෙන් බලපල්ල....

  29. Rukshan01

    මේක පට්ට සහෝ.....
    Thanx for sub...

  30. thanujamilandi

    Thank you sub ekata godaakk... aththatama lasssnaa kathawak.. Ekin ekata comment karanna bari unaaa.. e unath oyalage sewaya godak agayanawa.. Thank you! Jaya wewa!! BS!!

  31. wikz

    පට්ට වැඩක් බ්‍රෝ..ඉස්සරහටත් මේ වගේ සීරීස් කරන්න.❤️

  32. MAALnath

    Thanks ............................good luck .......................

  33. Eshanmahinsa

    thanks bro meke seo2 eida

  34. snperera

    thanx bro. mekanam supiri

  35. Sevidu98

    මේක මෙතනින් ඉවරයිද? Next seson එකක් එන්නේ නැද්ද? අනේ ඇයි එහෙම කරන්නේ

    1. madusanka sanjaya

  36. Nihal155

    Supiri series eka patta

  37. Sadeepa2001

    Kathawann supiri. Aye me wage mini series ekk one ahh ♥️♥️♥️

  38. Dilshan Tharinda

    thank machoo

  39. pradeep hashan

    sub ekata thanks

  40. britney sara

    බොහොම ස්තුතියි සබ්ස්වලට.
    අද ඉරිදා නිවාඩු දවසෙ කොටස් 5 ම එක හුස්මට බලන් ගියා, ඔයාගෙ මහන්සියට පින් සිද්ධ වෙන්න..

  41. Kanchaka

    Thanks bro

  42. Madusha Supun

    ස්තුතියි.ජයවේවා

  43. Ishara_sw

    සුපිරි ...බොහොම ස්තූතියි සබ් එකට තව මේ වගේ සුපිරි සීරීස් වලට සබ් දෙන්න..ඉස්සර ටත්....

  44. Tsandesh

    Thank you subz walata
    Mama complete eketa sub awain passe thamai baluwe
    Istuthi oya me karana wadeta kavinu bro
    Digatama tawa Indian web series walata sinhala sub Denna

    Supiri series eke hamoma balanna
    Poison (zee5)
    Halala (ullu)
    Puncch beat (alt balaji )

    Me udu tiyena Indian web series walathat sinhala sub Denna

  45. Sulakshana Thilakarathna

    hindi nm balanawa adui, namuth kotas 5i saha iskole kale gana thibba dewal nisa baluwa.. pattetama set una. sub pawa uparima widiyata thibba. onama kenkta meka set. bohoma isthuthi saho me kapaweemata. obata jaya wewa!

  46. isurujayasundara

    Supiri wedak saho..
    Me wage thawa ewta sub danna..
    Obata jaya..

  47. Milisan

    Machan supiri... sub niyameta set una... all the best

  48. Kavishka_JR

    සබ් ඔක්කොටම තෑන්ක්ස් බ්‍රෝ..✌️

  49. පැතුම් ඉෂාර

    මේ කතාව මාව අතීතෙට අරං ගියා... ඉස්කොලේ කාලේ කෙලපු පිස්සු ඒ ලව් එක... හම්මේ... බොහොම ස්තූතියි සහෝ සබ් එකට ! ජය✌

  50. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.