කාගෙත් ආදරණීය TVF සෙට් එක නිර්මාණය කරපු අපිව උන්මාදයකට පත් කරපු තවත් කතාමාලාවක් තමයි මේ Immature කියන්නේ. පළමු කතාමාලාවත් එක්ක එකතු වුණු අය දන්නවා මේකේ තියෙන රහ. අවුරුදු 3කට පස්සේ තමා මේ දෙවැනි කතාසමය ආවේ, කවුරුත් හිතුවේ නැති විදිහට. IMDb අගයත් 8.7කට කරකවගෙන ඉන්න එකේ තාමත් බලලා නැත්තම් බලන්න ගන්න ක…

කාගෙත් ආදරණීය TVF සෙට් එක නිර්මාණය කරපු අපිව උන්මාදයකට පත් කරපු තවත් කතාමාලාවක් තමයි මේ Immature කියන්නේ. පළමු කතාමාලාවත් එක්ක එකතු වුණු අය දන්නවා මේකේ තියෙන රහ. අවුරුදු 3කට පස්සේ තමා මේ දෙවැනි කතාසමය ආවේ, කවුරුත් හිතුවේ නැති විදිහට. IMDb අගයත් 8.7කට කරකවගෙන ඉන්න එකේ තාමත් බලලා නැත්තම් බලන්න ගන්න කියලා තමා කියන්නේ. ඉතින් අපි දෙවැනි කතාසමයේ තුන්වෙනි කොටසට තමා ඇවිල්ලා ඉන්නේ. කලින් කොටස මතක් කරගෙනම යමු අද කොටසට.
මතකනේ කලින් කොටස පටන් ගනිද්දිම දෘව් සහ චවී සම්බන්ධව පෙන්නපු දර්ශන ටික. ඒ කියන්නේ දෙන්නාගේ සම්බන්ධෙ පොඩ්ඩකට නවත්තමු කියලා කිව්වට ආයෙම දෙන්නා එකතු වෙලා වගේ නේද? එහෙම හිතලා හිත ගන්න වුණේ නැහැ, ඒ පෙන්නපු දේවල් හීනයක් කියලා ඔප්පු වුණා. ඉතින් නිල වශයෙන් දෘව් සහ චවී හිටියේ වෙන්වෙලා. තාවකාලිකව කියලා කිව්වට ඕවා කොහොම වෙයිද කවුද දන්නේ? මොකහරි, දෘව් හිටියේ නම් විරහ වේදනාව විඳිමින්, උදව්වට මොට්ට යාළුවො දෙන්න නම් ළඟම හිටියා. ඔය අතරේ මතකයිනේ එයාලගේ ලිංගික අධ්‍යාපන පීරියඩ් එකට අලුතින් ආපු මිස්ව. කවුරුත් ආසාවෙන් සහභාගී වෙන පන්තියක් වුණු මේක තවත් ආස හිතෙන එකක් වුණේ අලුත් මිස් නිසා. මෙයා පාඩම පටන් ගන්න කලින් කළේ එක ගැහැණු ළමයි සහ පිරිමි ළමයිව ජෝඩු විදිහට එකට වාඩි කරවපු එක. දෘව්ට සෙට් වුණේ කවුද කියලා මතක ඇතිනේ, චායා.. අපේ අලුත් කතා නායිකාව ද? බලමු ඒ ගැන. චායා කියන්නේ මුළු ඉස්කෝලේ කොල්ලෝ ටිකවම පිස්සු වට්ටපු කෙනෙක් වුණත් දෘව්ට නම් එයා ගැන ගානක් ගියේ නැහැ. මොකද මූ තාම හිටියේ චවීගේ ලෝකේ නිසා.
ඉතින් අද කොටසත් චායා සම්බන්ධ කොටසක්. නිකම් එකක් නෙමේ බරපතල එකක්. බලලම ඉමු එහෙනම්.
කතාංගයේ නම : “Roop Ki Rani Choron Ka Raja”
කතා රචනය : D. Krishna Prasad, Abhishek Yadav, Nishaad Zaveri,
අධ්‍යක්ෂණය : Prem Mistry හා Vaibhav Bundhoo
IMDb අගය : 8.2
විකාශය වු දිනය : 26 August 2022
මීළඟ කතාංගය : “Chhayajaal”
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
1,581 downloadsDownload Immature.S02E03.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
4 comments
Anonymous
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥sahangayantha
Thanks a lot saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Download link please thanks for sub