ඉතින් හැමෝම එකතු වෙලා ඉන්නේ TVF Immature කතාමාලාවත් එක්ක. පළමු කතාසමයෙන් අවුරුදු 3ක දිග නිහැඬියාවකට පස්සේ කවුරුත් පුදුම කරගෙන තමයි මේ Immature දෙවැනි කතාසමය දිගහැරුනේ පසුගිය අගෝස්තුවේ. කලින් වගේ MX Player හරහා නෙමේ මේ සැරේ Amazon Prime හරහා තමා Immature ගොඩ බැස්සෙත්. ඉතින් කලින් කතාසමයේ වගේ දැඩි ප්…

ඉතින් හැමෝම එකතු වෙලා ඉන්නේ TVF Immature කතාමාලාවත් එක්ක. පළමු කතාසමයෙන් අවුරුදු 3ක දිග නිහැඬියාවකට පස්සේ කවුරුත් පුදුම කරගෙන තමයි මේ Immature දෙවැනි කතාසමය දිගහැරුනේ පසුගිය අගෝස්තුවේ. කලින් වගේ MX Player හරහා නෙමේ මේ සැරේ Amazon Prime හරහා තමා Immature ගොඩ බැස්සෙත්. ඉතින් කලින් කතාසමයේ වගේ දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගන්න සමත් වුණා මේ කතාසමයත්. මේ වෙද්දි IMDb අගයත් 8.7 අගයක නොසැලී තියාගෙන ඉන්නවා. හරි, කතාවෙන් කතාවෙන් අපි මේ කතාසමයෙත් අවසන් කොටස වෙනකම් ඇවිල්ලා ඉන්නවා නේද? ආයේ තව කතාසමයක් එයිද නැත්තම් මෙතනින් Immature ඉවර වෙයිද කියන එක නම් ප්‍රශ්නයක්. වැඩිය පුරෝකථනය කරන්න බෑ හිටිගමන් නොව මෙයාලා වැඩ දෙන්න ගන්නේ. හරි, අපි කලින් කොටස ටිකක් මතක් කරගෙනම අද කතාව බලමු.
කලින් කොටසේ මතකයිනේ ඉස්කෝලේ තිබ්බ ටැලන්ට් ෂෝ එක. ඒකෙදි චායා, දෘව්, කබීර් සහ සුසු මොන මොනාද ඉදිරිපත් කරේ කියලා කට්ටියට අමතක නැතුව ඇති. සුසුව අමාරුවේ දාන්න හිතාගෙන කබීර් කරපු වැඩෙන් අන්තිමට සුසුව මුළු ඉස්කෝලෙම ජනප්‍රිය තරුවක් වුණා. කබීර්ගේ හීන කුමාරිත් සුසුට නොම්බරේ දීලා යනවා මතකනේ. ඒ අස්සේ කබීර් තමන්ගේ හීන කුමාරිට කවියක් ඉදිරිපත් කරා ටැලන්ට් ෂෝ එක හරහා. ඒත් ඒක වැදුනේ කාටද කියලා දැක්කනේ. කබීර් ලණුවක් කාලා. ඒ අතරේ අපේ දෘව් මැජික් දර්ශනයක් කරා. ඒ චායාගේ සහයෝගයත් එක්ක. චායා සහයෝගය දුන්නේ අකමැත්තෙන් වුණත් වැඩේ ඉවර වෙද්දි දෙන්නගේ යාළුකම ආපහු පටන් අරගෙන තිබ්බා. දැන් චවී ගැන දෘව්ට වගේ වගක් නැද්ද? ඇත්තටම චවීට මොකද වුණේ?
ඔය හැමදේම බලාගෙන අපි එනවා දැන් පස්වෙනි කොටස නොහොත් මේ කතාසමයේ අවසානෙට. අද ඉස්කෝලේ කට්ටිය යනවා හොඳ පික්නික් එකක්. නිකම්ම නිකම් පික්නික් එකක් නෙමේ මේක අති භයානක එකක් වෙනවා. බලලම ඉන්නකෝ මොකද වෙන්නේ කියලා එහෙනම්. මුකුත් කියලත් බැහැනේ. හරි, මේ අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ සමුගන්න එහෙනම්. ආයේ Immature තුළින් හමුවෙන්න ලැබේවිදැයි කියන කුකුසත් එක්ක අපි එහෙනම් සමුගන්නවා. සමුගන්න ගමන්, පලවෙනි කතාසමය ඇදගෙන ආපු කවිනු සහෝදරයාවයි, දෙවැනි කතාසමයට දායකත්වය දුන්නු සිසිත සහෝදරයාවයි ආදරයෙන් මතක් කරනවා. අපිත් එක්ක එකතු වුණු ඔය හැමෝටමත් ගොඩක් ස්තූතියි. අලුත් වැඩකින් ආයෙම මුණගැහෙමු. ජයවේවා.
කතාංගයේ නම : “A Night to Remember”
කතා රචනය : D. Krishna Prasad, Abhishek Yadav, Nishaad Zaveri,
අධ්‍යක්ෂණය : Prem Mistry හා Vaibhav Bundhoo
IMDb අගය : 7.4
විකාශය වු දිනය : 26 August 2022
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
1,261 downloadsDownload Immature.S02E05.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
7 comments
Buddhika Lakmal (laKMal)
Imax_17
Ko meke sub wada naane?
Naleen
පලමූ සීසන් එක ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් දෙන්නකො..කොහෙවත් නෑ නේ සොයා ගන්න..
sahangayantha
Thanks a lot sub ekata❤
Madusha
Tnx brdh❤️...
Danindu
Thanx brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥