Watch Trailer

ImMATURE [S02: E04] Sinhala Subtitles | චායාට දැල දැමීමේ මායාව [සිංහල උපසිරසි]

ඉතින් දවස් කීපයක ඉඳන් මේ එක්කහු වෙලා ඉන්නේ බහුතරයක් ගොඩක් ආදරයෙන් රස වින්ද කතාමාලාවක දෙවැනි කතාසමයත් එක්කලා. ඔව්, TVF Immature කතාමාලාව. පුංචි කොල්ලෝ තුන්දෙනෙක් එක්කහු වෙලා ඉස්කෝලේ නටපු එක එක පිස්සු සිද්ධීන් අමතක වෙන්න විදිහක් නම් නෑ කාටවත්. ඒ පිස්සුව ඩබල් වෙලා තමා දැන් දෙවැනි කතාසමයක් ඇවිත් තියෙන්…

ඉතින් දවස් කීපයක ඉඳන් මේ එක්කහු වෙලා ඉන්නේ බහුතරයක් ගොඩක් ආදරයෙන් රස වින්ද කතාමාලාවක දෙවැනි කතාසමයත් එක්කලා. ඔව්, TVF Immature කතාමාලාව. පුංචි කොල්ලෝ තුන්දෙනෙක් එක්කහු වෙලා ඉස්කෝලේ නටපු එක එක පිස්සු සිද්ධීන් අමතක වෙන්න විදිහක් නම් නෑ කාටවත්. ඒ පිස්සුව ඩබල් වෙලා තමා දැන් දෙවැනි කතාසමයක් ඇවිත් තියෙන්නේ. මේ සැරේ කතාමාලාව නිකුත් කරන්නේ ඇමසෝන් ප්‍රයිම් ඔස්සේ. මොකෙන් කොහොම ආවත් Immature කියන්නේ කවුරුත් බලන්න මගහැරගන්න කතාමාලාවක් නෙමේ කියලා නම් සහතිකයි. ඉතින් මේ කතාසමයෙත් අපි අවසානෙට ළඟාවෙලා ඉන්නේ. මේකත් එක්ක තව එක කොටසයි බලන්න තියෙන්නේ. දෘව්, කබීර්, සුසු, චවී, චායාගේ ජීවිත වල මොන මොන දේවල් වෙයිද කියලා දැනගන්න කට්ටිය දිගටම රැඳිලා ඉමු TVF Immature එක්ක.

කලින් බලපු තුන්වෙනි කොටසෙදි මතකනේ, පිස්සු තුන්කට්ටුව සිව් කට්ටුව බවට පත්වුණා. චායාත් මේ කොල්ලන්ගේ ගැන්සියට එකතු වුණා. ඒ එකතු වෙලා කළේ එසේ මෙසේ වැඩත් නෙමේ කියලා දැක්කනේ. ඉතින් චායාගේ සමීප ආශ්‍රයත් එක්ක දෘව් සතුටින් දවස් ගෙවන්න ගත්තා. කලින් වගේ චවි ගැන හිත හිත ඉන්නේ නැතුව ඔය තුන්දෙනා එක්ක පිස්සු නට නට ඉන්න ගත්තා. හැබැයි ගොඩක් වෙලාවට චායාට කතා කරද්දී දෘව්ට කියවුනේ චවී කියලමයි. චායාට නම් මේක ප්‍රශ්නයක් වුණේම නෑ වගේ පෙනුනේ නම්. ඉතින් මේ සිව් කට්ටුවේ සමාගමට හෙනයක් පාත් වෙන්න ගන්නවනේ. ඒ තමා චායාගේ ෆෝන් එක හදිසියේ ප්‍රින්සිපල්ගේ අතට පත් වීම. මේකෙන් ලොකු මෙහෙයුමක් සිද්ධ වෙනවා වගේම අවසානෙදි වෙච්ච දේත් දකින්න ඇති. නොබලපු අයත් ඉන්න නිසා එයාලට බලන්න ඉඩ දීලා අපි අද හතරවෙනි කොටස පැත්තට යමු.

අද කොටස ඉස්කෝලේ ටැලන්ට් ෂෝ එක ගැන. හැමෝම මොන මොනවම හරි ඉදිරිපත් කරන්න ඕන. චායාට නම් මේක මල විකාරයක් වෙලා තිබ්බේ. දැන් එයාගේ මිතුරු සංගමෙත් නෑනේ. කෙල්ලන්ව එයාට කොහොමත් පේන්න බෑ. එයා තනියමම වගේ තමා දැන් හිටියේ. බලමුකෝ මේ කොටසින් මොන මොන දේවල් සිද්ධ වෙයිද කියලා එහෙනම්.

අවසාන කොටසින් හමුවෙමු එහෙනම්.

කතාංගයේ නම : “Chhayajaal”
කතා රචනය : D. Krishna Prasad, Abhishek Yadav, Nishaad Zaveri, 
අධ්‍යක්ෂණය : Prem Mistry හා Vaibhav Bundhoo
IMDb අගය : 8.2
විකාශය වු දිනය : 26 August 2022
මීළඟ කතාංගය : “A Night To Remember”

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

1,745 downloadsDownload Immature.S02E04.zip1.3 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු හේෂාන්

Subtitles

1,745 downloadsDownload Subtitles1.3 MB

5 comments

  1. මයුර

    zසබට තුති මචෝ...

  2. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  3. Naleen

    පලමු සීසන් එක ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් දෙන්නකො..කොහෙවත් නෑ නේ සොයා ගන්න

  4. sahangayantha

    Thanks a lot saho sub ekata

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P