Watch Trailer

Chainsaw Man [S01 : E02] Sinhala Subtitles | ටෝකියෝ වෙත පැමිණීම [සිංහල උපසිරසි] 18+

බයිස්කෝප් වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්. චේන්සෝ මෑන් දෙවෙනි එපියට සබ් අරගෙන ඔන්න මම ආවා. ඉතින් මේ වෙනකොට චේන්සෝ මෑන් බලන්න ගොඩක් අය සැඳී පැහැදී ඉන්නවා. පළවෙනි එපියට මේ වෙනකොට Imdb 8.8 ක වගේ අගයක් ලැබිලා තියෙනවා. ඉතින් පළවෙනි එපිය බලපු ඔයා, චේන්සෝ මෑන් ඔපෙනින්ග් තීම් සෝන්ග් එක දකින්න ඇතිනේ. ඉතින් එ…

බයිස්කෝප් වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්. චේන්සෝ මෑන් දෙවෙනි එපියට සබ් අරගෙන ඔන්න මම ආවා. ඉතින් මේ වෙනකොට චේන්සෝ මෑන් බලන්න ගොඩක් අය සැඳී පැහැදී ඉන්නවා. පළවෙනි එපියට මේ වෙනකොට Imdb 8.8 ක වගේ අගයක් ලැබිලා තියෙනවා.

ඉතින් පළවෙනි එපිය බලපු ඔයා, චේන්සෝ මෑන් ඔපෙනින්ග් තීම් සෝන්ග් එක දකින්න ඇතිනේ. ඉතින් එකේ නම තමා ‘Kick Back’. ගායනා කරන්නේ Kenshi Yoneza විසින්. විශේෂයෙන්ම මේකේ විෂුවල් සඳහා චිත්‍රපට කිහිපයක් ඉන්ස්පය කරගෙන තියෙනවා කියලා හෙලිවෙලා තියෙනවා. ඉතින් පහල තියෙන්නේ ඒ දර්ශන අඩංගු චිත්‍රපට. No Country for Old Men (2007), The Big Lebowski (1998), Pulp Fiction (1994), Once Upon a Time in Hollywood (2019), Attack of Killer Tomatoes (1978), The Texas Chainsaw Massacre (1974), Constantine (2007), Don’t Look Up (1996).

හරි එහෙනම්, කලින් කොටසේ කතාව මතක් කරගෙන ඉමු. ඩෙන්ජී ගත කළේ මොනවගේ ජීවිතයක්ද කියන්න ඔයාලා දැක්කනේ. වේල් තුනටවත් හරි හමන් කෑමක් බඩට දාගන්න මිනිහට අතේ සතේ නෑ. සල්ලී හොයන්න ඇස්, වකුගඩු විතරක් නෙමේ, අහවල් එකේ කෑල්ලකුත් විකුණලා. යන්තමින් හරි අල්ලන් ඉන්නේ ‘ඩෙවිල් හන්ටින්’ වලින් ලැබෙන මුදලින්. ඒකත් ණය වලට සහ මිනිහගේ අනිත් වියදම් වලට කැපුණට පස්සේ සොච්චමයි ඉතිරි. අඩුම තරමේ මිනිහට යන්න කියලා ‘රිම්’ එකක්වත් නෑ.

යකුසා එකේ හිටිය අර නාකී ඩයල් එක ඩෙන්ජීව ණය ගොඩකට හිර කරලා තියෙන්නේ. ඒ කෑලී කපලා විකුණනවා කියන තර්ජනයත් එක්කමයි. ඉතින් ණය ගෙවනවා ඇරෙන්න මිනිහට වෙන දෙයක් නෑ. යාළුවෙක්ට කියලා ඉන්නේ ‘පොචිතා’ විතරයි. ඉතින් මේ ‘පොචිතා’ ගැන වචනයක් කිව්වොත්, ඔයාලා දකින්න ඇති ඒ ‘ඩෙවිල්’ කෙනෙක් කියලා. ඇත්තටම ඒ තමා ‘චේන්සෝ ඩෙවිල්’. ඩෙන්ජී මෙයාව හුරතලේට ඇති කරන නිසා ‘පෙට් ඩෙවිල්’ විදිහටත් හඳුන්වනවා.

ඩෙන්ජී එයාට තියෙන ආශාවන් ගැන හරිම විවෘතයි. රස කෑම කන එක ගැන, කෙල්ලෙක් එක්ක සෙට් වෙන එක ගැන මිනිහා හීන දැක දැක ඉන්නකොට ඔන්න ඕඩරේ එනවා ඩෙවිල් හන්ටින් වලට. ඉතින් ඩෙන්ජී දන්නේ නැතුවම යන්නේ ‘සොම්බි ඩෙවිල්’ ළඟට. ඩෙවිල් හන්ටර්ස්ලව ගෙනල්ලා දෙනවා කියන පොරොන්දුව මත යකුසා, සොම්බි ඩෙවිල් එක්ක ගිවිසුමකට ඇවිල්ලා. සොමිබ් ඩෙවිල්ගේ බලය ලැබුණු යකුසා කණ්ඩායමේ සාමාජිකයෝ ඔක්කොම ‘සොම්බියෝ’ වෙලා. ඉතින් මෙතනදී ඩෙන්ජිව සාහාසික විදිහට මරලා දානවා.

ඉතින් ඩෙන්ජී, පොචිතාගෙන් කලින් කරපු ඉල්ලීමකට අනුව, පොචිතා ඩෙන්ජිගේ ඇඟ අත්පත් කරගන්නවා. ඒ ඩෙන්ජිගේ හදවත බවට පත්වෙමින්. මේ නිසා පොචිතාගේ බලයත් ඩෙන්ජිට ලැබෙනවා. දැන් ඩෙන්ජී තමා ‘චේන්සෝ ඩෙවිල්’ වෙලා ඉන්නේ. ඉතින් ඩෙන්ජී, ‘සොම්බි ඩෙවිල්’ ඇතුළුව සියලුම සොම්බියෝ සමූල ඝාතනය කරනවා.ඉතින් මෙතනින් පස්සේ තමා ‘මකිමත්’ කතාවට එකතු වෙන්නේ. එයා ‘පබ්ලික් සේෆ්ටි ඩෙවිල් හන්ටර්’ කෙනෙක්. මකිමා ඩෙන්ජිට විකල්ප දෙකයි දෙන්නේ. එක්කෝ ඩෙවිල් කෙනෙක් විදිහට මැරිලා යන්න, නැත්නම් මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න.

ඔන්න ඔය විදිහටයි පළවෙනි එපියේ කතාව ගලාගෙන ගියේ. අද කොටසෙදී ඉතින් ඩෙන්ජී ටෝකියෝවට එනවා. ටෝකියෝවේදී ඩෙන්ජිගේ ජීවිතය ගතවෙන හැටි තමා පෙන්වන්නේ. විශේෂයෙන්ම අද කොටසෙදී තවත් චරිත දෙකක් කතාවට එකතු වෙනවා. ඒ තමා ‘අකී හයකාවා’ සහ ‘පවර්’. ඉතින් අකී සහ පවර් කියන්නේ මේකේ කැපී පෙනෙන චරිත දෙකක්. අදට මේ දෙන්නගේ ඇපියරන්ස් එක විතරක් බලාගන්න.

ඉතින් අද කොටසෙදිත් Mappa ඇනිමේෂන් ලෙසටම දීලා තියෙනවා. ඒ වගේම අද කොටසෙ හොඳ හොඳ ආතල් ටිකකුත් තියෙනවා. Gore කියන තීම් එක යටතේ Action, Shounen, Supernatural කියන ශානර වලට වැටෙන ‘චේන්සෝ මෑන්’ බයිස්කෝප් වෙබ් අඩවිය ඔබ හමුවට ගේන්නේ 18+ කියන ලේබලෙත් එක්කයි කියලා අමතක කරන්න එපා. ඉතින් අද කොටස බලලම ඉන්නකෝ.🙂

අද කතාවේ නම – Arrival in Tokyo
🔹Imdb අගය – 8.4
🔹Directed by – Toko Yatabe
🔹Written by – Hiroshi Seke
🔹Storyboarded by – Toko Yatabe, Masato Nakasono
🔹Ending Theme Song – Time Left
🔹ගායනය – Zutomayo
🔹විකාශය වූ දිනය – 2022 ඔක්තෝබර් 18

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB/Bluray පිටපත් සඳහා අදාළ වේ.

4,872 downloadsDownload Chainsaw-Man-S01-E02-Bluray-Updated.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

4,872 downloadsDownload Subtitles25 KB

14 comments

  1. විමා

    සබට තුති මලේ, සුපිරි කතාව.

  2. Dasun

    ලිපිය සුපිරි .පළවෙනිම එපියෙ සබ් එකත් සුපිරි... කතාවෙ ඇනිමේෂන් නම් ටොප් කොලිටි එකෙන් තියෙනවා.. බලන අය 1080 p එකෙන්වත් බලන්න හොඳම experience එක ගන්න..

  3. DARK

    Thanks සගො සබ් දානවට ongoing උනාට කතාව ♥️

  4. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  5. හිෂාන් සමරසිංහ

    බොහෝම ස්තූතියි!

  6. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

    1. Anonymous

      Thanks jayawewa....!

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  8. Anonymous

    Thanks

  9. Anonymous

    One punch man subtitles dennko

  10. Anonymous

    sub ekata thanks bro.

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. HashLok

    S1E01 na neda? eka ko?

  13. chinthaka.max4

    thankx machan