Watch Trailer

See (2019-2022) [S03 : E05] Sinhala Subtitles | ද්‍රෝහියන් අතර ද්‍රෝහියෙක්. [සිංහල උපසිරැසි] [18+]

කොහොමද යාළුවනේ, පොරොන්දු උන විදියට ආපහු SEE කතාමාලාවේ තුන්වෙනි කතා සමයේ පස්වෙනි කොටස ඉක්මනින් අරගෙන ආවා. මේ අවසාන කතාසමය නිසා දිගටම අපිත් එක්ක ඉන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. මේ වෙද්දි හතරවෙනි කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් වෙනදා විදියටම පෙර කොටස පොඩ්ඩක් මතක් කරගෙන අද කතාව පැත්තට යමු. පසුගි…

කොහොමද යාළුවනේ, පොරොන්දු උන විදියට ආපහු SEE කතාමාලාවේ තුන්වෙනි කතා සමයේ පස්වෙනි කොටස ඉක්මනින් අරගෙන ආවා. මේ අවසාන කතාසමය නිසා දිගටම අපිත් එක්ක ඉන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. මේ වෙද්දි හතරවෙනි කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් වෙනදා විදියටම පෙර කොටස පොඩ්ඩක් මතක් කරගෙන අද කතාව පැත්තට යමු.

පසුගිය කතාංගයෙන් . . ..

රෙන් කියපු තොරතුරු වලට අනුවා බාබාවාස් එක්ක හනීවා, රෙන්, කෝෆුන් සහ චාලට් බෝම්බ විනාශ කරලා, එතන වැඩ කරන දරුවන්ව බේරගන්න පිටත් වෙනවා. ඒ ගමනට බාබාගේ පරණ යාළුවා රේන්ජර්වත් එකතු කරගන්නවා. අපිට ඇහුන විදියට ටොර්මාඩා එක්ක රේන්ජර්ට පරණ හතුරුකමකුත් තියෙනවා වගේ. බෝ ලයන්ව මරපු එකට බාබා වාසුත් ටෝර්මාඩා එක්ක සෑහේන කේන්තියෙන් ඉන්නේ. මේ අස්සේ යාළුවන්ගෙ උදව්වෙන් හාලන් කොහොමහරි ට්‍රිවාන්ටීස් නගරයට පැනගන්නවා. ට්‍රෝවියර් එක්ක සැලසුමක් අනුව ආවට තමන්ව වෙනත් සැලසුමකට අහුවුන බව හාලන්ට තේරෙනවා. මොකද ට්‍රිවාන්ටියානුවන්ට කවදාවත් සාමය අවශ්‍ය නැති බවත් ග්‍රීන්හිල් දුර්ගයේ පරාජයෙන් උන ලැජ්ජාව නිසා පායානු දේශය සහමුලින්ම විනාශ කරනකන් ට්‍රිවාන්ටියානුවෝ පසුබහින්නේ නැති බවත් හාලන් තේරුම් ගන්නවා. මේ අදහසට එකඟ නැති හැමෝමවම ටෝර්මාඩා විසින් බෝම්බයකින් සමූල ඝාතනය කරපු හැටිත් අපි දැක්කා. බෝම්බ හදන තැනට ගිහින් ළමයින්ව නිවසින් බේරගෙන එතනින් එළියට එද්දි එතනට තවත් ට්‍රිවාන්ටියානු හමුදාවක් ආපු නිසා බාබාවාස් ඇතුළු කණ්ඩායමට ආපහු නිවස ඇතුලෙම කොටු වෙන්න සිද්ධ උනා. මේ අතරතුර කැලේ ඇතුලේ බොහෝම දුක් වින්ද සිබෙත්ට සර්පයෙක් දශ්ඨ කරත් අන්තිමේදී උනේ සිබෙත්ගේ විශට සර්පයා මැරෙන එකයි. අවසානයෙදි අපි දැක්කේ හමුදාවෙන් අයින් වෙලා වෙනම ඉන්න විච්ෆයින්ඩර් නායක ලුසියන්ව හම්බෙන්න සිබෙත් කේන් ඇවිත් ඉන්න විදියයි.

අද කතාංගයෙන් . . . . .

ලුසියන්ව හම්බෙන සිබෙත් තමන්ට ආවේණික රැවටිලි බස් වලින් විච්ෆයින්ඩර් හමුදාව තමන්ට අවනත කරගන්න උත්සහ කරනවා. බෝම්බ හදපු නිවසේ හිරවෙලා ඉන්න බාබාවාස් ඇතුළු කණ්ඩායම ටොර්මාඩාගේ හමුදාවකට එරෙහිව කරන සුපිරි සටනකුත් අද බලාගන්න පුළුවන්. ඒ වගේම ට්‍රෝවියර් හාලන්ගේ ගනුදෙනුවත් අද අවසාන වෙනවා. නොකියපු තවත් දේවල් අද කතාවේ ඇතුලේ තියෙනවා. එහෙනම් ඊළඟ කොටසත් අරන් මම ඉක්මනට ආපහු එන්නම් එතකන් හැමෝටම ජය වේවා !

කතාංගයේ නම : “The House of Enlightnment”
කතා රචනය : Adam Benic and Jennifer Yale
අධ්‍යක්ෂණය : Anders Engström
IMDb අගය : 7.7
විකාශය වු දිනය : 2022 සැප්තැම්බර් 23
මීළඟ කතාංගය : “The Lowlands”

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,907 downloadsDownload See.S0.E05.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

5,907 downloadsDownload Subtitles18 KB

7 comments

  1. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. Kushan

    Sub akta thanks

  5. චන්දිම

    ගොඩක් ස්තූතියි සබ් එකට..

  6. Dewadithya

    Thanks for Sub!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.