Watch Trailer

Chainsaw Man [S01 : E03] Sinhala Subtitles | ද්‍රෝහියා. [සිංහල උපසිරසි] 18+

බයිස්කෝප් වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්! උද්වේගකර ‘චේන්සෝ මෑන්’ තුන්වෙනි එපියට සබ් අරගෙන ඔන්න අදත් මම බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වඳිනවා. ඉතින් ‘චේන්සෝ මෑන්’ කියන්නේ මේ පාර Fall සීසන් එකේ ලොකු hype එකක් නිර්මාණය වෙලා තියෙන ඇනිමේ සීරීස් එකක්. ලෝකය පුරාම වගේම ලංකාවේ ඉන්න ඇනිමේ රසිකයෝත් ‘චේන්සෝ මෑන්’ බ…

බයිස්කෝප් වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්! උද්වේගකර ‘චේන්සෝ මෑන්’ තුන්වෙනි එපියට සබ් අරගෙන ඔන්න අදත් මම බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වඳිනවා. ඉතින් ‘චේන්සෝ මෑන්’ කියන්නේ මේ පාර Fall සීසන් එකේ ලොකු hype එකක් නිර්මාණය වෙලා තියෙන ඇනිමේ සීරීස් එකක්. ලෝකය පුරාම වගේම ලංකාවේ ඉන්න ඇනිමේ රසිකයෝත් ‘චේන්සෝ මෑන්’ බලන්න සතිපතා සැඳී පැහැඳී ඉන්නවා. ඉතින් ‘චේන්සෝ මෑන්’ සඳහා සිංහල උපසිරසියක් නිර්මාණය කරනවා කියන එක එහෙම ආවට ගියාට කරන්න පුලුවන් දෙයක් නෙමේ. මේකේ හැම වචනයක්ම සිංහලට හරවලා සබ් එක දුන්නොත් තනිකරම විකාරයක්, විහිළුවක් වෙනවා. ඉතින් කතාවේ තියෙන වයලන්ස් ගතියට ගැළපෙන විදිහට භාෂාව යොදලා, ඇනිමේ එකට ආවේණික වචන වෙනස් කරන්නේ නැතුවයි මේ සබ් දීලා තියෙන්නේ.🙂

හරි, එහෙනම් කතාවට එමු.ඩෙන්ජී කියන්නේ ලෙල්ලටම වැටුණු කොල්ලෙක්. එදා වේල කා ගන්නවත් මිනිහට අතේ සතේ නෑ. යන්තමින් හරි ගේම ගහලා ඉන්නේ ‘ඩෙවිල් හන්ටින්’ වලින් ලැබෙණ මුදලෙන්. ඒකත් ණය සහ අනිත් වියදම් වලට කැපුණට පස්සේ සොච්චමයි ඉතිරි වෙන්නේ. යාළුවෙක්ට කියලා ඩෙන්ජිට ඉන්නේ ‘පොචිතා’ විතරයි. ඉතින් මේ පොචිතා කියන්නේ ‘චේන්සෝ ඩෙවිල්’ කියලා ඔයාලා දැක්කනේ. ඩෙන්ජී මෙයාව හුරතලේට ඇති කරපු නිසා ‘පෙට් ඩෙවිල්’ විදිහටත් හඳුන්වනවා.

ඩෙන්ජී එයාට තියෙන ආසාවන් ගැන හරිම විවෘතයි. රස කෑම කන එක, කෙල්ලෙක් එක්ක යාළු වෙන එක වගේ. ඉතින් මේ දේවල් කරන විදිහ ගැන හීන දැක දැක ඉන්නකොට ඔන්න ඕඩරේ එනවා ‘ඩෙවිල් හන්ටින්’ වලට. ඉතින් ඩෙන්ජී දන්නේ නැතුවම යන්නේ ‘සොම්බි ඩෙවිල්’ ළඟට. ‘යකුසා’ කණ්ඩායම ඩෙවිල් හන්ටර්ස්ලව ගෙනත් දෙනවා කියන පොරොන්දුව මත සොම්බි ඩෙවිල් එක්ක ගිවිසුමකට ඇවිල්ලා. සොම්බි ඩෙවිල්ගේ බලය ලැබුණු ඔක්කොම යකුසා සාමාජිකයෝ සොම්බියෝ බවට පත්වෙලා. ඉතින් මෙතනදී ඩෙන්ජිව ඝාතනට කරලා දානවා. ඩෙන්ජී, පොචිතාගෙන් කලින් කරපු ඉල්ලීමකට අනුව පොචිතා ඩෙන්ජිගේ ශරීරය අත්පත් කරගන්නවා. ඒ ඩෙන්ජිගේ හදවත බවට පත් වෙමින්. ඒ ලැබුණු බලයෙන් ‘චේන්සෝ ඩෙවිල්’ බවට පත්වුණු ඩෙන්ජී, සොම්බි ඩෙවිල් ඇතුළු සියලුම සොම්බියෝ සමූල ඝාතනය කරනවා. මෙතනින් පස්සේ තමා ‘මකිමා’ කතාවට එකතු වෙන්නේ. ඇය ‘පබ්ලික් සේෆ්ටි ඩෙවිල් හන්ටර්’ කෙනෙක්. ඇය ඩෙන්ජිට විකල්ප දෙකයි දෙන්නේ. ඒ මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්න, නැත්නම් ඩෙවිල් කෙනෙක් විදිහට මැරිලා යන්න.

ඉතින් ඩෙන්ජි, මකිමත් එක්ක ටෝකියෝවට ආවා. ඒ ‘ටෝකියෝ පබ්ලික් සේෆ්ටි ඩෙවිල් හන්ටර්’ ප්‍රධාන මූලස්ථානයට. මෙතනදී ‘ඩෙවිල් හන්ටර්’ කෙනෙක් විදිහට ඩෙන්ජිට රස්සාවක් ලැබෙනවා. එයාව අනුයුක්ත කරන්නේ මකිමා යටතේ ක්‍රියාත්මක වෙන ‘ටෝකියෝ ස්පෙෂල් ඩිවිෂන් 4’ කියන කණ්ඩායමට. ඒ වගේම තවත් චරිතයක් කතාවට එකතු වුණා. ඒ තමා ‘අකී හයකාවා.’ ඉතින් ඔහුත් මකිමගේ කණ්ඩායමේම ඉන්න ඩෙවිල් හන්ටර් කෙනෙක්. ඩෙන්ජිගෙයි අකීගෙයි පළමු හමුවීම නම් එතරම් හොඳට ගියේ නෑනේ. මකිමා සම්බන්ධ හුටපටයක් නිසා දෙන්නගේ ගුටිබැට හුවමාරුවක් එහෙම උනා මතක ඇතිනේ.😅

ඒ වගේම තවත් ප්‍රධාන චරිතයක් වෙන ‘පවර්’ කතාවට එකතු වුණා. ඉතින් ඇයත් ඩෙවිල් හන්ටර් කෙනෙක්. විශේෂත්වය වෙන්නේ ඇය ‘ෆීන්ඩ්’ කෙනෙක් වීම. ඉතින් මේ ෆීන්ඩ් කියන්නෙත් ඩෙවිල් කෙනෙක් හා සමානම කෙනෙක්. හැබැයි ටිකක් වෙනස්. පවර් ‘බ්ල්ඩ් ෆීන්ඩ්’ විදිහටයි හ‍ඳුන්වන්නේ. මොකද මෙයාගේ හැකියාවන් ගොඩක් ලේ එක්ක බැඳිලා තියෙන නිසා. මෙයා තමන්ගේ ලෙයින් නිර්මාණය කරගත්තු ආයුධයකින් ‘සී ක්‍යුකුම්බර් ඩෙවිල්’ උන්හිටි තැනක් හොයාගන්න නැතිවෙන්න ගැහුවා මතක ඇතිනේ. ඉතින් මේ වගේ ෆීන්ඩ්ලා කීපදෙනෙක්ම අපිට ඉදිරියේදී දකින්න ලැබෙනවා. ඒ ගැන පසුවට කතා කරමු.

ඉතින් අද කොටසෙදී වැඩි හරියක් ඩෙන්ජී සහ පවර් වෙනුවෙන් වෙන්වෙලා තියෙන්නේ. ඉතින් ඩෙන්ජී අද ලොකු සටනකට මැදිවෙනවා. එහෙනම් ඒ දේවල් මේ එපිය බලලම දැනගන්න. අමතක කරන්න එපා, මේක 18+ ලේබල් එකත් එක්කයි ගේන්නේ කියලා.

🔹අද කතාවේ නම – Meowy’s Whereabouts
🔹Imdb අගය – 9.0
🔹Directed by – Hironori Tanaka
🔹Written by – Hiroshi Seko
🔹Storyboarded by – Hironori Tanaka
🔹Ending Theme Song – Hawatari Niku Cent
🔹ගායනය – Maximum The Harmone
🔹විකාශය වූ දිනය – 2022 ඔක්තෝබර් 25

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB/Bluray පිටපත් සඳහා අදාළ වේ.

4,475 downloadsDownload Chainsaw-Man-S01_-E03-Bluray-Updated.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

4,475 downloadsDownload Subtitles20 KB

11 comments

  1. සංජන චමෝද්

    මරු ආ!
    ඔක්කොම රිලීස් උනාම බලන්න ගන්නෝ.❤️

    උපසිරැසියට ස්තූතියි. 🤪

  2. Das

    පවිත්..සුපිරි ආ..ලිපියත් පහර...

  3. DON

    සුපිරී සහෝ

  4. Bhashitha Muthukumarana

    මොන site එකෙන් කලින්ම බාල Sub දුන්නත්, ලස්සනටම වැඩේ කරන්නේ Baiscopelk එකෙන්...

    Sub එක සුපිරියි. Thanks සහෝ.

  5. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  6. Anonymous

    Thanks jayawewa.....!

  7. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  9. Isuru Sandaruwan

    සුද්දා අද කීය වෙද්දිද දෙන්නේ සබ් එක

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. chinthaka.max4

    thankx machan