Watch Trailer

Dahmer – Monster: The Jeffrey Dahmer Story [S01 : E01] Sinhala Subtitles | බිහිසුණු දාම ඝාතකයෙකු හෙළිදරව් වීම! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ පාර අරන් එන්න ලෑස්ති වෙන්නේ මේ දවස් වල සෑහෙන කතාබහට ලක්වෙන සහ සැබෑවටම සිටි දාම ඝාතකයෙක් ගැන කියෙවෙන මිනි ටීවී සීරිස් එකක්. මේක නිකුත් වෙන්නේ 2022 සැප්තැම්බර් 21 වෙනිදා. කොටස් 10කින් සමන්විත මෙම කතා මාලාව ඔබට වෙනස්ම අද්දැකීමක් ගෙන ඒමට හැකිවෙනු ඇති බව නොඅනුමානයි. හැබැයි මේක 18 වැඩි අයට…

ඔන්න එහෙනම් මේ පාර අරන් එන්න ලෑස්ති වෙන්නේ මේ දවස් වල සෑහෙන කතාබහට ලක්වෙන සහ සැබෑවටම සිටි දාම ඝාතකයෙක් ගැන කියෙවෙන මිනි ටීවී සීරිස් එකක්. මේක නිකුත් වෙන්නේ 2022 සැප්තැම්බර් 21 වෙනිදා. කොටස් 10කින් සමන්විත මෙම කතා මාලාව ඔබට වෙනස්ම අද්දැකීමක් ගෙන ඒමට හැකිවෙනු ඇති බව නොඅනුමානයි. හැබැයි මේක 18 වැඩි අයට තමයි නිර්දේශ කරන්නේ අමුතුවෙන් ඒකට හේතුව කියන්න ඕන්නෑනෙ, මේ ලිපිය කියවලා ඉවර වෙද්දිත් ඔයාලට ඒක තේරෙයි. මේක නිකුත් වෙන්නේ Netflix හරහා. මේක නෙට්ෆ්ලික්ස් එකේ පලමු සතිය තුල දෙවෙනියට වැඩිම නැරඹුම් වාර ප්‍රමානයක් ගත්ත ඉංග්‍රීසි සීරිස් එක වෙන්න සමත් වෙලා තියෙනවා, ඒ නැරඹුම් වාර 299.8 අරගෙන. මේ ස්ථානයේ පලවෙනි තැන හිමිවෙන්නේ පලමු සතිය තුල නැරඹුම් වාර 355 ලබා ගත්ත ස්ට්‍රේන්ජර් තින්ග්ස් 4 වන කතා සමය. තවද මේ කතා මාලාව මුල් දින 12 ඇතුලත නැරඹුම් වාර 496ක්ද ගන්න සමත් වෙනවා. ඒ වගේම ඔක්තොම්බර් 03 වෙනිදා වෙනකොට ස්‍ට්‍රීමින් සර්විස් හරහා වැඩිම පිරිසක් නැරඹූ දෙවෙනි කතාමාලාව වෙන්නත් සමත් වෙලා තියෙනවා. පලවෙනි ස්ථානය හවුස් ඔෆ් ද ඩ්‍රැගන් සහ තෙවෙනි ස්ථානය රින්ග් ඔෆ් පවර්ද වුණා. දැං හිතා ගන්න පුළුවන්නේ සීරිස් එකේ තත්වෙ කොහොමද කියලා, කොහොමත් නෙට්ෆ්ලික්ස්ලා මේ ටයිප් සීරිස් ගහන්න දක්ෂයොනේ. තවද මේ කතා මාලාවට IMDb 8.4 ඉහල අගයක්ද කුණු තක්කාලි 53% ගන්න හැකි වෙලා තියෙනවා. මේ කතාමාලාව නිර්මානය කරන්නේ American Horror Story වැනි අතිශය ජනප්‍රිය කතා මාලා නිර්මාණය කරපු Ryan Murphy, සහ Ian Brennan යන දෙදෙනායි.

සීරිස් එක ගැන කතා කලොත් මේකෙ තියෙන්නේ ජෙෆ්‍රි ඩාමර් කියලා සැබෑවටම සිටි භයානක දාම ඝාතකයෙක් ගැන. ඔහු කෙතරම් බයානකද කියනවා නම් ඔහුව මිල්වෝකී කැනිබල් නැතිනම් මිල්වෝකී මොන්ස්ටර් කියලත් හදුන්වලා තියෙනවා. ගොඩක් දෙනෙක් ඔහු ගැන අනිවාරෙන් අහල ඇති මොකද මීට කලින් ඔහු ගැන වාර්ථාමය වැඩසටහන් වගේම චිත්‍රපටත් නිපදවලා තියෙනවා. දන්නැති කට්ටියට ඔන්න ඔහු ගැන දැනගන්න මේ ටීසී සීරිස් එක බලන්න පුළුවන්. මේ සීරිස් එක තුලදි ඔයාලට ඔහු තරුණ වියේ සිට කරපු අපරාධ ගැන හොඳ හැටි දැකගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඔහු ගැන වැඩි දෙයක් මං කියන්න ඕන්නෑ කියල හිතනවා, ඒත් ඔහු ගැන මතක් කිරීමක් නොකළොත් ඒක අඩුපාඩුවක් කියල හිතෙන නිසා පොඩි විස්තරයක් කරන්නම් ඔහු ගැන.

ජෙෆ්‍රි ඩාමර් ඉපදෙන්නේ 1960 මැයි 21 වෙනිදා. ඔහුගේ පියාගෙ නම තමයි ලයනල් ඔහුගේ මවගෙ නම ජෝයිස්. තව ඔහුට කුඩා බාල සහෝදරයෙකුත් සිටියා. ඔහුගෙ පියා ලයනල් හරිම කාර්ය බහුල චරිතයක් වැඩි හරියක් ගෙදරින් පිට තමයි හිටියේ. ඔහුගෙ අම්මත් රෝගී තත්වෙකින් පසුවුණේ. ඇයට මානසික ආබාදයකුත් තිබිල තියෙනවා. ඉතින් පොඩි කාලෙ ඉදන් ජෙෆ්ට දෙමාපියන්ගෙන් නිසි අවධානයක් ලැබෙන්නෑ. කියවෙන විදිහට ඔහුට අවුරුදු හතරෙදී හර්නියා රෝගයට ගොඳුරු වෙලා ඔහුට සැත්කමක් කරනවා. ඊට පස්සෙ ඉදන් ඔහු කලින් හිටිය වගේ නෙවෙයි ඉදල තියෙන්නේ. ඔහුට අමුතු ආශාවන් මතුවෙන්න අරන් තියෙනවා. එදැයින් පස්සෙ ඉදන් ඔහු නිහඩ අමුතු චරිතයක් වෙලා තියෙනවා. ඔහු පොඩි කාලෙදි ඔහුගේ තාත්ත එක්ක මැරිච්ච සත්තුන්ව කපල පරීක්ෂණ කරල තියෙනවා. ඒවගේම ජෙෆ් ඒවට ගොඩක් ආස කරලත් තියෙනවා. සතුන්ව කපල බලන ඒව ඔහු තනියෙනුත් වැඩි වැඩියෙන් කරල තියෙනවා. ඒත් ඔහුට ඒ මදිවෙනවා ඔහුට ඕන වෙනවා කුණු නොවූ සත්ව ශරීරයක් කපල බලන්න.

ඒ නිසා ඔහු මැරුණ බල්ලෙක්ව ගහකට තියල ඇණ ගහල හම ගහලා ඔහුගේ ආශා ඉශ්ට කරගෙන තියෙනවා. තාත්ත ඒවට මුකුත් කියල නෑ තාත්ත ඒවට සතුටු වෙලා තියෙනවා. මොකද ඔහු තමන්ගෙන් දෙයක් ඉගෙන ගෙන කියල හිතලා. ඔහු ඉස්සරහට හොඳ වෛද්‍යවරයෙක් වෙයි කියලා ලයනල් හිතල තියෙනවා. ඔහොම හිටපු ජෙෆ් වයස අවුරුදු 15, 16 වෙද්දි මිනිහෙක්‍ට ඒව කරල බලන්න තදටම ඕන වෙලා තියෙනවා. ඔහු ඒ කළ වෙනකොට සමලිංගික හැඟීම් පහලවුණ කෙනෙක් වෙලා හිටියේ. ඉතින් ඔහු පිරිමි සමඟ ලිංගිකව එකතුවෙන ඒවද තවද ඔහුන්ව අමානුශික විදිහට ඝාතනය කරන්නත් හීන මවල තියෙනවා. ඒ වගේම මොහුට ඒව ගැන බයකුත් ඇතිවෙලා තියෙනවා ඒත් ඔහුගෙ බයට වඩා ඒ ගැන තිබූ මහත් ආශාව වැඩි වෙලයි තිබිල තියෙන්නේ. ඔහු 17 ලබන කොට මෙවැනි විකෘතී ආශාවන්ගෙන් පිරිලයි ඉදල තියෙන්නේ. ඉතින් මේකාලෙදි වෙන්න හොඳම නැති දෙයක් සිද්ධ වෙනවා ඒ තමයි මෙයාගෙ අම්මයි තාත්තයි දික්කසාද වෙනවා. ඒකට හේතුව වෙන්නේ ලයනල්ට වෙන සම්බන්ධයක් ඇති බව ජෝයිස්ට හෙලිවීම.

ඉතින් අම්ම තමන්ගෙ මල්ලිවත් අරන් ගෙදරින් යනවා ජෙෆ්ව තනියම ගෙදර දාල. තාත්තත් ඔහුගේ අළුත් පෙම්වතිය එක්ක වෙන තැනක නතර වෙනවා ජෝයිස් ගෙදර ඇතී කියල හිතලා. ඒකෙන් මේකෙන් වෙන්නේ ජෙෆ් ගෙදර තනිවෙන එක. එතකොට ඔහුට දහ අට ලබලා. ඒ වෙනකොට ජෙෆ් අධික ලෙස මතට ඇබ්බැහි වෙනවා. ඔහු ස්කෝලෙ ගිහින් තියෙන්නෙත් බීමතින්. ඔන්න දැං තමයි ඔහුගේ පලවෙනි මිනීමැරුම සිදුවෙන කාලය වෙන්නේ. එනම් 1978දී. මේක වෙන්නේ ජෙෆ් වාහනේ යමින් ඉද්දි ස්ටීවන් හික්ස් කියලා තරුණයෙක් ඔහුගෙන් ලිෆ්ට් එකක් ඉල්ලනවා. ජෙෆ් ඒකට කැමති වෙලා මුලින් ස්ටීවන්ව ඔහුගේ ගෙදරට එක්කන් යනවා. ජෙෆ්ට ඔහු ගැන කැමැත්තක් ඇති වෙනවා. ඒත් ඔහු ආව වෙලේ ඉදන් කියවන්නෙම කෙල්ලො ගැන ඉතින් ජෙෆ්ට ඒක එපා වෙනවා. ඔහු ස්ටීවන්ට බීම එකක් දෙනවා මත් කුඩු දාල. පහුව ස්ටීවන් යන්න හදද්දි ජෙෆ් ඩබ්බෙල් එකකින් ගහලා ඔහුව මරණවා. ඒත් ජෙෆ්ට ඕන වෙලා නෑ ඔහුව මරන්න තනිකරම ඒක වෙන්නෙ ඔහු පාලනයෙන් තොර වෙලා. පසුව ඔහුගේ සිරුර ගෙදර තියාගෙන පොඩි පොඩි කෑලි වලට කපලා විසික් කරල තියෙනවා. ඊට සතිකීපෙකට පස්සෙ තාත්ත එනව ගෙදර එද්දි දකින්නේ ජෙෆ් පිස්සෙක් වගේ හොඳටම බීල ඉන්නවා. එවිටයි ලයනල් දැනගන්නේ ජෙෆ් තනියම ගෙදර ඉදල තියෙන්නෙ කියලා.

ඔහුගේ දෙවෙනි මිනීමැරුම වෙන්නේ 1987දී. එනම් පලමු මිනීමැරුම කරලා අවුරුදු නවයකට පස්සේ. එතකන් ඔහු තමන්ගේ හැගීම් පාලනේ කරන් ඉදල තියෙනවා. ඒ වෙනකල් ඔහු කරපු දේවල් කතා මාලාවෙදි ඔයාලට බලාගන්න පුළුවන්. මේ කාලෙදි ඔහු ඉන්නේ තමන්ගෙ ආචිලගෙ ගෙදර. එතනදි ඔහු පිරිමි සමලිංගිකයො ගැවසෙන බාර් එකකට ගිහින් ස්ටීවන් ටූමී කියල කෙනෙක්ව දැලේ දාගෙන හෝටලේකට එක්කන් ඇවිත් තියෙනවා. එතනදි ජෙෆ් ඔහුව හොඳටම මත් කරල තියෙනවා. ඔහු විතරක් නෙවේ ජෙෆ්ද හොඳටම මත් වෙනවා. ඒ නිසා එතනිදි වුණ දේවල් ඔහුටවත් මතක නෑ. ඒත් පහුවදා බලනකොට ස්ටීවන් මැරිල ඉන්නව දකිනවා දරුණු විදිහට ඔහුගේ ශරීරෙට හානි වෙලා. පේන විදිහට ජෙෆ් ඔහුට මැරෙනකල්ම හොඳට පහර දුන් බවකුයි පෙනිල තියෙන්නේ. ජෙෆ්ට ඕන වෙලා නෑ ඔහුට රිද්දන්න ඒත් මේ වුණ දේ ගැන ඔහු කලකිරිලත් නෑ. ඒකට ඔහු තවත් ඇබ්බැහි වෙලා. ඉතින් මෙයා සූට්කේස් එකක් අරන් ඇවිත් ඒකට මිනිය දාල ආච්චිලගෙ ගෙදර ගිහින් ඔහුව පොඩි පොඩි කෑලි වලට කපල විසික් කරලා. තවද ඔහුගේ කැටකටු කෑලි වලට කුඩු කරලා. තවද ඔහු හිස්කබල තියාගෙන තියෙනවා මතක සටහනක් විදිහට. මෙතන ඉදන් ඔහුගේ කුරිරු ඝාතන මාලාව ආරම්භ වෙනවා. ඔහු ආච්චිගෙ ගෙදරදි මිනීමැරුම් සිදු කරනවා. ඔහු තමන්ගෙ ගොඳුරු වල ඡායාරූපත් අරන් තියෙනවා මොකද ඔවුන් කොහොමද හිටියේ ඔවුන්ගේ ලස්සන කොහොමද තිබ්බෙ කියලා මතක තියාගන්න.

පසුව ඔහු 1990දී ආචිගෙ ගෙදරින් තමන්ගෙම කියලා මහල් නිවාසෙකට මාරු වෙනවා. එතනදි තමයි ඔහු වැඩි හරියක් ඝාතක සිදු කරන්නේ. ඒ වගේම ඔහු පොලීසියට අහුවෙන්නත් ගිහින් තියෙනවා, අවුරුදු 14 ළමයෙක්ව මත් කරලා මරන්න යද්දි ඔහු පැනගෙන. පසුව පොලීසිය පැමිනි පසු ඔහු පොලීසියට ඒත්තුගන්නනවා එයාල පෙම්වතුන් කියාත් කොල්ලට 18ක් කියාත් පසුව කොල්ලව ජෙෆ්‍රිට බාර දෙනවා. ඉන්පසු ජෙෆ් ඒ පොඩි කොල්ලවත් ඝාතණේ කරනවා.

ඔහු තමන්ගෙ ගොදුරු මරන්න කලින් එයාලව මත් කරනවා. මොකද ඔහු කැමති වෙලා නෑ ඔවුන් වේදනා විදිනවට. කියවෙන විදිහට ඔහු මලමිනී එක්ක ලිංගිකවත් හැසිරිලා තියෙනවා තවද ඔහු ඝාතනේ කල මිනිසුන්ගේ හිස්කබල් තියාගෙන ඒවගෙනුත් ඔහු වින්දනයක් ලබල තියෙනවා. ඊටත් වඩා භයානකම දේ වෙන්නෙ ඔහු තමන්ගෙ ගොඳුරු වල මාංශ අනුභව කරලත් තියෙනවා. ඔහු මුලින් ඒව කාල තියෙන්නේ කුතුහලේට වගේ ඒත් පස්සෙ ඒවට ආස හිතිලා. ඒව ඔහුගෙම කොටසක් කියල ඔහුට දැනිලා. තවද මෙයා සොම්බින්වත් හදන්න උත්සහ කරල තියෙනවා මළසිරුරු වල මොලයක විවිද රසායනික ද්‍රව්‍ය එන්නත් කරලා ඒත් වැඩේ හරි ගිහින් නම් නෑ. මොහුගේ හිතේ තිබුල තියෙන්නේ මෙයත් එක්ක ඉන්න මළ සොම්බි හමුදාවක් හදාගන්න එක. ඒවිතරක් නෙවේ තවද මොහු වැඩ කරපු ඇම්බ්‍රෝසියා නම් චොකලට් ෆැක්ටරියක මෙයාගෙ ලොකර් එකේ මිනිස් හිස්කබලක් දාන් ඉදලත් තියෙනවා තෘප්තියට. මොකද මෙයාට ඕන වෙලා මෙයා මරපු කෙනෙක්ගෙ මෙතක සටහනක් මෙයත් එක්කම තියාගන්න.

1991දි තමයි පොරට වැඩ වරදින්නෙ. ඒක නම් මං කියන්න යන්නෑ ඔයාලට මේ කොටස බලලා ඒක දැනගන්න පුළුවන් වෙනවා. එතනින් ඔහුගේ ඝාතන ජීවිතේ නවතිනවා. ඔහු 1978 – 1991 දක්වා 17 දෙනෙක්ව ඩැහැගෙන තියෙනවා වගේම ඔවුන්ගේ මතක සටහන්ද තියාගෙන තියෙනවා. ඔහු මරපු බොහෝ දෙනෙක් කළු ජාතිකයො වගේම සමලිංගිකයොද වෙනවා. එතනිනුත් දහදෙනෙක් කළු ජාතිකයන් වෙනවා. ඒක ජාතිවාදී ප්‍රශ්නයක් නෙවේ මොකද ඔහුගේ වැඩියෙන්ම හිත් ගත්තේ හැඩි දැඩි කළු ජාතිකයන්ට නිසා.

ඔහුගේ මෙම වියරු ආසාවන්ට මුල වෙන්න ඇත්තේ අර කලින් මතක් කරපු ඔහුට වයස අවුරුදු හතරෙදි කරපු හර්නියා සැත්කම කියලා විශ්වාස කරනවා. මොකද ඒකෙන් ඔහුගේ මොලයට හානි වෙන්න ඇතැයි කියලා පැවසෙනවා. ඒ සැත්කමෙන් පස්සෙ තමයි ඔහුගේ අමුතු වැඩ පටන් අරන් තියෙන්නෙත්. එහෙනම් ඔය කියෙව්ව ඇතිනේ, මං මේ කියපු තොරතුරු මං කියන ඒව එහෙම නෙවේ අන්තර්ජාලයෙන් ගත්තු ඒව වගේම ඔහු සම්බන්ද වුන වැඩ සටහනකදී ඔහුම අනාවරණය කරපුවා. ඒ වැඩසටහනේදි ඔහු තවද පවසා සිටියා, ඔහුගේ නිවසේ මළසිරුරු තියන් හිටපු එක ඔහුට පිළිකුලක් වෙලාවකට ඇතිවුණත් ඔහුගේ ආශාව ඊට වඩා දරුණු වුණා කියලා. තවද බැරිවෙලාක්වත් ඔහුව ආයෙත් නිදහස් කළොත් ඔහු ආයෙත් මිනීමැරුම් කරන්න ඉඩ තියෙයි කියලත් ඔහුම පිළිගන්නවා. ඒත් ඔහුව නිදහස් නම් කරන්නෑ, ඔහු මිය යනවා 1994 නොවැම්බර් 24 වෙනිදා. ඒවා පිලිබදව මේ කතා මාලාවෙදී ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා ඔහුගේ මරණය කෙසේද සිදුවෙන්නෙ කියලා. තවද විශේශයෙන් කියන්න ඕනෙ මේ කතා මාලාවේ ජෙෆ්‍රි ඩාමර්ගේ චරිතය නිරූපනය කරන Evan Peters ඒ චරිතයට උපරිම සාධාරණයක් කරනවා. ඔයාලට බලද්දි තේරෙයි. ඒවගේම මේක 18 වැඩි අයට නිර්දේශ කරල තියෙන්නෙ ඇයි කියලත් දැං තේරෙණවනේ.

මේ කතාමාලාවෙදි ඔහු කරපු වැඩ වලින් බොහෝමයක් අන්තර්ගත කරලා නැතිවුණත් මිණීමරන ඒවට ලේ පෙන්නන ඒවට අකමැති අය මේක නොබල ඉන්න එක වඩා හොඳයි කියලයි මං නම් හිතන්නේ. එහෙනම් මෙතැන් සිට ඔයාලට මේ කතාමාලාව නරඹන්න ආරාධනා කරනවා. ඒවගේම මතක් කරනවා මේක කන්ඩායම් වැඩක් මේකට උපසිරැසි කරන්න සහභාගී වුණ රොෂාන් ශමීර / යුරාන් ධනුක / දර්ශන ප්‍රදීප් / තරිඳු ලක්ෂාන් යන සහෝලවත් මතක් කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා!


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,540 downloadsDownload Monster.The_.Jeffrey.Dahmer.Story_.S01E01.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles

5,540 downloadsDownload Subtitles17 KB

19 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බෝහොම ස්තූතියි සහෝ
    ජය වේවා

  2. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  3. Neo

    Thanks brother
    Keep it up

  4. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  5. madusanka

    episode 6 idala thamai sub natte.. e tika puluwannm ikmnata denna ..

    1. Bimsara Yashan(ඔලිව)

      මුළු සීරිස් එකටම සබ් කරල තියෙන්නෙ. ඉක්මනින් ලබාගන්න පුළුවන්.

    2. Anonymous

      supiri sub ekak balanna aththe E6 wenakam ehenam.

    3. isanka

      එහෙනම් දැම්මනම් හරි නේද වෙන සයිට් වල 5ට එනකල් හදල තියෙන්නෙ.. 5න් පස්සෙ තමා බඩු නැත්තෙ...

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  8. M001

    The greatest beer ran ever, Don't worry darling subtitles plz upload plz

  9. Anonymous

    The greatest beer ran ever, Don't worry darling subtitles plz upload plz

  10. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි!

    විස්තරාත්මක ලිපියක්.

  11. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  12. danuwa

    lipiya nm wasiyk mchn

  13. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  14. Dewadithya

    Thanks for Sub!

  15. Lahiru Lakshan

    thanks machn....

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.