Watch Trailer

Chainsaw Man [S01 : E08] Sinhala Subtitles | ටෝකියෝවේ ව්‍යසනය…… [සිංහල උපසිරසි] 18+

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්. 8වෙනි එපියටත් සබ් ගෙනාවා ඔන්න. එහෙනම් කලින් කොටස පොඩ්ඩක් මතක් කරගමු. මකිමා ඩෙන්ජිට ලබා දීපූ අලුත්ම මෙහෙයුම තමා ගන් ඩෙවිල්ව මරලා දාන එක. ඩෙන්ජියට ඒක කරන්න පුලුවන් කියලා මකිමා සෑහෙන විශ්වාසෙන් ඉන්නේ. ඉතින් හෝටලේක ඉන්න ඩෙවිල් කෙනෙක්ව මරන්න ඩෙන්ජී, පවර්, අකී, හි…

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්. 8වෙනි එපියටත් සබ් ගෙනාවා ඔන්න. එහෙනම් කලින් කොටස පොඩ්ඩක් මතක් කරගමු.

මකිමා ඩෙන්ජිට ලබා දීපූ අලුත්ම මෙහෙයුම තමා ගන් ඩෙවිල්ව මරලා දාන එක. ඩෙන්ජියට ඒක කරන්න පුලුවන් කියලා මකිමා සෑහෙන විශ්වාසෙන් ඉන්නේ. ඉතින් හෝටලේක ඉන්න ඩෙවිල් කෙනෙක්ව මරන්න ඩෙන්ජී, පවර්, අකී, හිමෙනෝ, කොබෙනී සහ අරායී පිටත් වෙනවා. මෙහෙයුමට ගිය මේ කට්ටිය මේ ඩෙවිල්ගේ බලය නිසා 8වෙනි තට්ටුවේ හිර වෙනවා. ඒ තමා ඉටර්නටි(අනන්තය) ඩෙවිල්. ඉතින් ඩෙන්ජිව මරලා දැම්මොත් අනිත් හැමෝටම යන්න දෙනවා කියලා ඒ ඩෙවිල් ගිවිසුමකට එන්න හදනවා. නමුත් අකී ඒක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් වෙන මුකුත්ම කරන්න නැතිව අසරණ වෙලා ඉන්නකොට මේ ඩෙවිල්ව මරලා මේ අපාය ඉවරයක් කරන්න ඩෙන්ජී ඉදිරිපත් වෙනවා. ඒ කොබෙනී සහ අරායී ඩෙන්ජිව මරන්නම හදන නිසා. අකීට කොබෙනිගේ පිහි පාරකුත් වැදුණා මතක ඇතිනේ?

ඉතින් ඩෙන්ජී ආයෙත් චේන්සෝ ඩෙවිල් වෙලා මේ ඩෙවිල් එක්ක සටන් කරනවා. ඒ වේදනාව දරා ගන්න බැරුවම ඒ ඩෙවිල් ඩෙන්ජිට කියලම සියදිවි නසාගන්නවා. ඉතින් කට්ටිය බේරිලා ආයෙත් ආවට පස්සේ ඔන්න ගැදරින් පාටි එකකට කට්ටිය සෙට් වෙලා. රස කෑම කන ගමන් කට්ටිය අඩියක් එහෙම ගහලා ආතල් එකක් ගන්නවා. ඉතින් ඩෙන්ජී බලාපොරොත්තු උනු අර “ෆ්‍රෙන්ච් කිස්” එකත් හිමෙනෝගෙන් ලැබුණා. මතක ඇති නේද ඒ කිස් එක? ඉතින් හිමෙනෝ ඩෙන්ජිව වෙරිමරගාතේ එයාගේ ගෙදරට අරගෙන යනවා. පස්සේ ඕන් මොකක්ද කරමු කියලා කියනවා.

ඉතින් අද කතාව බැලුවොත්, චේන්සෝ මෑන් කියන්නේ ගොඩක් වයලන්ස් පිරුණු ඇනිමේ එකක්. හැබැයි මේ ගිය එපි ටිකේ ආතල් එහෙම තිබ්බා. ඉතින් අද එපියෙන් පස්සේ තමා අපි හරියටම කතාවට සෙට් වෙන්නේ. මෙතැන් පටන් එක දිගට දරුණු සටන්, ලේ හැලීම්, අහිමීවීම් එක්ක තමා අපිට ඉදිරියට යන්න වෙන්නේ. එහෙනම් අද කොටස බලලම ඉන්නකෝ.

අද කතාවේ නම – Gunfire Transcription
Imdb අගය – 8.8
Directed by – Shota Goshozono
Storyboarded by – Shota Goshozono
Ending Theme Song – First Death
ගායනය – TK from ‘Ling Tosite Sigure
විකාශය වූ දිනය – 2022 නොවැම්බර් 29

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Web/Bluray පිටපත් සඳහා අදාළ වේ.

 

4,652 downloadsDownload Chainsaw-Man-S01-E08-Bluray-Updated.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

4,652 downloadsDownload Subtitles17 KB

8 comments

  1. Bhashitha Muthukumarana

    Thank you brother.

  2. Pasindu

    Chainsaw man ep download karanna link ekk dennako

    1. Pavith Wijesooriya

      baiscopedownloads වල බලන්න සහෝ...

    2. grrfg ttf

      uba tangalle pasindud?

  3. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  4. Pavith Wijesooriya

    සබ් එක පොඩ්ඩක් පරක්කු වෙයි සහෝලා. ඉක්මනටම දෙන්න උත්සහ කරන්නම්.

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. chinthaka.max4

    thankx machan