ඉතින් සීතල දෙසැම්බරයේ උණුසුම් වෙන්න ඔන්න චේන්සෝ මෑන් නමවෙනි එපියත් අරගෙන ආවා. දැන් තමයි කතාව හරිම ට්‍රැක් එකට වැටිලා තියෙන්නේ. දැන් ඉතින් සටන්, ලේ වැගිරීම් එක්ක තමා අපි ඉදිරියට යන්නේ. ගිය සතියේ එපිය නම් තනිකරම “කොන්ෆියුස් උනා බුන්ගා” වගේ තමා කට්ටියට. සෙට් එකක් එක පාර ඇවිල්ලා සටපට ගාලා දහ අතේ තියාගෙ…

ඉතින් සීතල දෙසැම්බරයේ උණුසුම් වෙන්න ඔන්න චේන්සෝ මෑන් නමවෙනි එපියත් අරගෙන ආවා. දැන් තමයි කතාව හරිම ට්‍රැක් එකට වැටිලා තියෙන්නේ. දැන් ඉතින් සටන්, ලේ වැගිරීම් එක්ක තමා අපි ඉදිරියට යන්නේ.
ගිය සතියේ එපිය නම් තනිකරම “කොන්ෆියුස් උනා බුන්ගා” වගේ තමා කට්ටියට. සෙට් එකක් එක පාර ඇවිල්ලා සටපට ගාලා දහ අතේ තියාගෙන ගියා. ඉතින් මේ ගේමට ආපු සෙට් එක ගන් ඩෙවිල්ගේ කන්ට්‍රැක්ට් එකකට මේක කරනවා කියලා අපි දැක්කා. මේ පහර දීමේ ප්‍රධාන ඉලක්කය වෙන්නේ ඩෙන්ජී. ඒ වගේම ස්පෙෂල් ඩිවිෂන් සියල්ලේම සාමාජිකයන් පවා මේ පහරදීමට ලක්වුණා. වැදගත්ම දේ උනෙ මකිමත් වෙඩිකාපූ එක. ඉතින් මකිමා මැරුණද? අඩේ කතාව එහෙනම් වැඩක් නෑ වගේ නේද? නෑ, ඔහොම බලාගෙන යන්න.
ඉතින් ගිය සතියේ ගේමට ආපූ සෙට් එක අතර අර ඩෙන්ජියව පොඩි කාලේ ණය ගොඩකට හිර කරපු නාකියගේ මුණපුරා කියලා කියාගත්තු එකෙක් ආවා. ඌත් මේ එසේමෙසේ එකෙක් නෙමේ. ඔළුවෙන් අත්පයවලින් කටානා එළියට ආපූ පොරක්. කටානා මෑන් කියලා කියන්නේ මේකාට. ඒ එක්කම තව කෙල්ලෙකුත් ආවා. ඒකිටත් ඩෙවිල් කෙනෙක් එක්ක ගිවිසුමක් තියෙනවා. ඒ තමා ස්නේක් ඩෙවිල්. ඉතින් කටානාකාරයා එක්ක සටන් කරලා තුවාල උනු අකීව බේරගන්න හිමෙනෝ එයාගේ ජීවිතය කැපකළා. ගෝස්ට් ඩෙවිල්ව පාලනය කරන්න නම් ශරීරයේ කොටස් කැප කරන්න ඕනේ. හිමෙනෝ දකුණු ඇහැ කැප කරලයි ගෝස්ට් ඩෙවිල්ගේ දකුණු අත පාවිච්චි කරේ. ඉතින් අකීව බේරගන්න ගෝස්ට් ඩෙවිල්ව සම්පූර්ණයෙන්ම පාලනය කරන්න ඕනේ නිසා හිමෙනෝ එයාගේ සියල්ලම කැප කළා. ඉතින් ඒ විදිහට කතාවට එකතුවුණු, ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් චරිතයක් කතාවට සමුදුන්නා.
ඉතින් අද මොකද වෙන්නේ? තාම මේ සටන ඉවර නෑ? මකිමාත් වෙඩි කෑවා. ගොඩක් ඩෙවිල් හන්ටර්ස්ලා වෙඩි කාලා එතනමයි. ඉතින් දැන් මොකද වෙන්නේ? අද එපිය නම් ඉතින් “යක්කුත් පිටියට ආවා” වගේ තමා. දැනට ආපූ සුපිරිම එපිය මේක කියලා කියන්න පුලුවන්. ඒ වගේම අද කතාවේ “මෑන් ඔෆ්ද මැච්” වෙන්නේ අපි හිතපුම නැති විදිහේ කෙනෙක්. එහෙනම් මේ එපිය බලලම ඉන්නකෝ.
අද කතාවේ නම – From Kyoto Transcription
Imdb අගය – 9.6
Directed by – Hironori Tanaka
Storyboarded by – Hironori Tanaka
Ending Theme Song – Deep Down
ගායනය – Aimer
විකාශය වූ දිනය – 2022 දෙසැම්බර් 06
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB/Bluray පිටපත් සඳහා අදාළ වේ.
5,044 downloadsDownload Chainsaw-Man-S01-E09-Bluray-Updated.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
12 comments
ගිහාන් ප්‍රමුදිත
Pavith Wijesooriya
කතාව තාම ඉවර නෑ සහෝ. සීසන් 1 ඉවර උනාට තව මේකේ ඉස්සරහට එනවා. මන්ගා එකත් තාම ඔන්ගොයින්. අනික ස්තූතියි ඔයාගේ අදහසට...❤️
ගිහාන් ප්‍රමුදිත
⛓♥
Hiru
<!--Thank you for the Subtitle file-->
Kavya Hirunada
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ..!
Anonymous
Thank you Baiscopelk
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Kasun Shamika
Thank you brother
හිෂාන්
Anonymous
kollo ep 10 ekath ikmanata dennako awith tika dawasak ne
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Episode 12 න් series එක ඉවර වෙනවා කියලා හිතද්දී පට්ට දුකයි... අපරාදේ... තව ටිකක් අදින්න තිබ්බා කතාව... ඒත්, මේ අවුරුද්දේ ආපු සුපිරිම Anime series එක මේක...
Thank you Bro, English Sub එකේ තියෙන ඒවා නිකන්ම සිංහලටම හරවන්නේ නැතුව, අපිට ලස්සනට ගාණට කතාව වදින්නම Subtitle එක දුන්නාට...❤