හා තායි සික් කියපු 4789 හොයාගෙන යන හ්යුන් ජේ යන්නෙ මනෝචිකිත්සක රෝහලක 4789 කියන ප්‍රභූ කොටසක.ඒ කාමරේ ඉන්නෙ ඊම් සූ ටක් කියන රෝගියෙක්.මෙයාව මේ රෝහලට ඇතුල් කරලා තියෙන්නෙ හා තායි සික්.අවුරුදු පහකට කලින් හා තායි සික්ගෙ කීමට මෙයා ජුන්ජියන් තුංමං හන්ධියට පිච්චුන මිනියක් ගිහින් දානවා.ඒත් මෙයා මේක කරද්දි මෙය…

හා තායි සික් කියපු 4789 හොයාගෙන යන හ්යුන් ජේ යන්නෙ මනෝචිකිත්සක රෝහලක 4789 කියන ප්‍රභූ කොටසක.ඒ කාමරේ ඉන්නෙ ඊම් සූ ටක් කියන රෝගියෙක්.මෙයාව මේ රෝහලට ඇතුල් කරලා තියෙන්නෙ හා තායි සික්.අවුරුදු පහකට කලින් හා තායි සික්ගෙ කීමට මෙයා ජුන්ජියන් තුංමං හන්ධියට පිච්චුන මිනියක් ගිහින් දානවා.ඒත් මෙයා මේක කරද්දි මෙයාව දකින පඹයා මෙයාගෙ පෙම්වතියව මරලා ඔහුව පණපිටින් වලලනවා.මේ වෙලාවෙ ප්‍රධානී චෝයිත් මෙතනට එනවා.ඔහු මේ විමර්ශන ගැන මෙච්චරම හොයන්න හේතුවත් මෙතනදි දැනගන්න පුළුවන්.ඔය වෙලාවෙ ඊම් සූ ටක් දොස්තර කෙනෙක්ටත් පහර දීලා රෝහලෙන් පැනගන්නවා.ප්‍රධානී චෝයි 4789 ගැන දැනගන්නෙ කාගෙන්ද කියලා දැනගන්නත් පුළුවන් වෙනවා.ඊම් සූ ටක් රෝහලෙන් පැනලා යද්දි පොලිස් රේඩියෝ වලට සවන් දෙන පඹයා ඔහුව අරන් ගිහින් මරලා දානවා.

ඊම් සූ ටක් රෝහලෙන් පැනලා යන්න කලින් කියපු ඩොලාක් කියන තැනට යන හ්යුන් ජේ පඹයා හැංඟිලා ඉන්න තැන හොයාගන්නවා.මේ වෙලාවෙදි තමන්ගෙ අම්මව හප්පලා ගිය වාහනය ගැන හොයන සු යන්ග්ට සුන්බුන් අංගනයක ඉන්න කෙනෙක්ගෙන් ඇමතුමක් එනවා චිම් සා බොං කියන කෙනා අපරාධකරුව දන්නවා ඇති කියලා.ඇය චිම් සා බොං ගැන අංශ ප්‍රධානී බැන්ග්ට කියනවා.ඒත් ඒ ගැන හොයන බැන්ග්ව කවුරුහරි ඝාතනය කරනවා.චිම් සා බොං අත්අඩංගුවට ගන්න සු යන්ග් තමන්ගෙ අම්මව හප්පලා ගිය මිනිහව හොයාගන්නවා.ඒත් ඔහුව අත්අඩංගුවට ගන්නෙ නැතුව ඇය එතනින් එනවා.ඒ අතරමගදි හ්යුන් ජේගෙන් එන ඇමතුමට ඇය එතනට එනවා.මෙතනදි දැනගන්න පුළුවන් කොහොමද හැමදේම සම්බන්ධ වෙන්නෙ කියලා..ඒ ගැන කියන්නෙ නෑ,බලලම දැනගන්නකෝ.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,881 downloadsDownload Tell-Me-What-You-Saw-S01E11.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

LaHIRU

Subtitles

3,881 downloadsDownload Subtitles25 KB

7 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Prabodha

    Sthuthi obata

  3. Ishan Madusha

    ස්තූතියි සහෝ

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Anonymous

    Thanks

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  7. Krishani

    Thank you