චා යෝ හන් හෙවත් නේවාසික සිරකරු 6238. රෝගියෙකුට සහන මරණයක් ලබා දීම නිසා වසර තුනක සිර දඬුවමක් ලැබුණ විශිෂ්ට වෛද්‍යවරයා. තමන්ගේ රෝගියාට සහන මරණයක් ලබාදීමට සිදුවීම නිසා වසර දෙකකට පෙර තමන්ගේ වෛද්‍ය වෘත්තිය අත්හැර දැමූ ‍වෛද්‍යවරිය කන්ග් සි යොන්ග්. ඒත් චා යෝ හන්ගේ උපදෙස් මත පාර්ක් ජන්ග් බෝ කියන සිරකරුවාව…

චා යෝ හන් හෙවත් නේවාසික සිරකරු 6238. රෝගියෙකුට සහන මරණයක් ලබා දීම නිසා වසර තුනක සිර දඬුවමක් ලැබුණ විශිෂ්ට වෛද්‍යවරයා. තමන්ගේ රෝගියාට සහන මරණයක් ලබාදීමට සිදුවීම නිසා වසර දෙකකට පෙර තමන්ගේ වෛද්‍ය වෘත්තිය අත්හැර දැමූ ‍වෛද්‍යවරිය කන්ග් සි යොන්ග්. ඒත් චා යෝ හන්ගේ උපදෙස් මත පාර්ක් ජන්ග් බෝ කියන සිරකරුවාව බේරගන්න මහන්සි වෙලා එයාගේ රෝගය හොයාගන්න සි යොන්ග්ට පුළුවන් වුණත් නිශ්චිත රෝග නිර්ණයක් නොමැති කමින් වෛද්‍ය ලී යූ ජූන් එයාට ෆැබ්රි රෝගය වෙනුවෙන් ප්‍රතිකාර කරන්න අකමැති වෙනවා. ඒත් අවසානේ හරියටම එදාම හිරෙන් නිදහස් වෙන්න ලැබෙන චා යෝ හන් ඇවිත් රෝගියාට ප්‍රතිකාර කරනවා වගේම රෝගියාට බලාපොරොත්තුවක් වන ලෙස සි යොන්ග්ට පැවසූ ඔහුගේ වචන නිසා නැවතත් තමන්ට රෝගීන්ට ප්‍රතිකාර කරන්න පුළුවන් වෙයි කියලා සි යොන්ග් විශ්වාසය ඇති කරගෙන ආයෙමත් රෝහලට යන්න තීරණය කරනවා. නවත්තපු තැන ඉඳලා සි යොන්ග් නැවතත් තමන්ගේ වෘත්තිය පටන් ගන්නයි යන්නේ. ඒත් මේ වෙද්දි එයා එක්ක එකට හිටපු ශිෂ්‍යයෝ අවුරුදු දෙකකින් ජේෂ්ඨයෝ වෙලා. සි යොන්ග්ට කටයුතු කරගෙන යන්න වෙන්නේ එයාලා එක්කයි.

හා හා පුරා කියලා තමන්ගේ වෛද්‍ය දිවිය අළුතෙන් පටන්ගන්න යන සි යොන්ග්ට නැවතත් ඔහුව මුණ ගැසෙනවා. සියොල් හන්සේ රෝහලේ මහාචාර්යවරයෙක් වශයෙන්. මේ අතරේ තවත් වෛද්‍යවරයෙක් අළුතෙන් රෝහලට එකතු වෙනවා. මේ අතරේ රෝහලට එන්නේ අක්ෂි වෛද්‍ය අංශයට අදාළ වුණත් නිර්වින්දන වෛද්‍යවරයෙක් විසින් සැත්කමක් කරපු ප්‍රසිද්ධ සටන් කරුවෙක්. ඒ සි යොන්ග්ගේ පළවෙනි රෝගියාද? ඔවුන්ට ඔහුව බේරාගන්න පුළුවන් වේවිද?

මීළඟ කොටසින් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,225 downloadsDownload Doctor.John_.S01E03.Baiscopelk.com_.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

2,225 downloadsDownload Subtitles36 KB

6 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. kassa

    සිංහල සබ් ඒකට තැන්ක්ස් සිස්.. ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න..

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. roshanst

    thank you

  5. Jayasanka

    ගොඩාක් ස්තුතියි.

  6. Krishani

    Thank you