Watch Trailer

Euphoria [S02 : E04] Sinhala Subtitles | මැඩීගේ උපන්දින සාදය [සිංහල උපසිරැසි] [18+]

ආපහු සැරයක් හැමෝගෙන්ම සමාව ඉල්ලනයි යන්නේ. මේ කොටසත් නියමිත කාලය ඇතුලත කරගන්න බැරි උනා. කලින් කොටසෙදි මම කිව්වා වගේ රැකියාවත් එක්ක මේ කාර්‍ය කරන්න අමාරුයි තමයි. ඒත් ඔක්කොටම වඩා ආසාව ලොකු නිසා කට්ටක් කාලා තමයි මේවත් කරන්නේ. ඉතිං මුල් කොටස් තුනක්ම ඔයාලා දැන් නරඹලනේ ඉන්නේ. පරක්කු නිසා කලින් උන දේවල් මත…

ආපහු සැරයක් හැමෝගෙන්ම සමාව ඉල්ලනයි යන්නේ. මේ කොටසත් නියමිත කාලය ඇතුලත කරගන්න බැරි උනා. කලින් කොටසෙදි මම කිව්වා වගේ රැකියාවත් එක්ක මේ කාර්‍ය කරන්න අමාරුයි තමයි. ඒත් ඔක්කොටම වඩා ආසාව ලොකු නිසා කට්ටක් කාලා තමයි මේවත් කරන්නේ. ඉතිං මුල් කොටස් තුනක්ම ඔයාලා දැන් නරඹලනේ ඉන්නේ. පරක්කු නිසා කලින් උන දේවල් මතක් කරන්නේ නෑ. අද කොටසින් කැල්ගේ පරණ මතකයන් ආවර්ජනයත්. මත්ද්‍රව්‍ය නිසා රූ සහ ජූල්ස් අතර සම්බන්ධයට සිදුවෙන හානියත්, කැසී, නේට් සහ මැඩීගේ තුන්කොන් ආදරයේ තවත් ප්‍රශ්න සහ මැඩී උපන්දිනය සමරන්නේ කොහොමද කියලත් අද බලා ගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕන Euphoria 03 වන කතාසමයකුත් නිකුත් වෙන බව HBO ආයතනය පසුගියදා තහවුරු කලා. ඒ නිසා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න කියලා ඉල්ලනවා.

පරක්කු උන එකට ආපහු සමාව ඉල්ලන ගමන් මීළඟ කොටසත් ඉක්මනටම අපේ සචින්ත සහෝ දෙයි කියලා පොරොන්දු වෙනවා. මාව මේ කතාමාලාවටත් සම්බන්ධ කරගත්ත බිම්සර යශාන් සහෝටත්, චාමර සම්පත් සහෝටත්, අනෙකුත් කොටස් උපසිරසි ගන්වන්න සහයි උන සහෝදරයෝ හැමෝටමත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. උපසිරසිය අරගෙන කොමෙන්ට් එකක් හලාගෙන යන්න කියලා ඔයාලගෙන් ඉල්ලන ගමන් ගිහින් එන්නම්. නැවත උපසිරැසියකින් ඉක්මනින් හමුවෙමු.

අද කතාංගයේ නම – You Who Cannot See Think of Those Who Can
කතා රචනය – Sam Levinson, Ron Leshem
අධ්‍යක්ෂනය – Sam Levinson
විකාශය වූ දිනය – ජනවාරි 30, 2022
IMDb අගය – 8.6
මීළඟ කතාංගය – Stand Still Like the Hummingbird

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,203 downloadsDownload Euphoria-S02-E04.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

5,203 downloadsDownload Subtitles23 KB

13 comments

  1. THISARU PEERIS

    අපි මේ ඉන්ගිරීසි බැරුව නෙමේ සබ් එනකන් ඉන්නෙ.ඉක්මනට දෙන්න සබ්.

    1. Anonymous

      අමෝ අමෝ ඒක හික්ස්... සබ් බලන්නෙ අපරාධෙනෙ සගෝ. ඉංග්‍රීසි පුලුවන්නම් සබ් එනකල් දවස් ගණන් බලං ඉන්න මොළේ අමාරුවක්ද? හොඳ මානසික වෛද්‍යවරයක් හොයාගන්න. :P ගොං ජෝක් නොදා ස්තුතියි කියලා ගියානම් නරකද? :3

  2. Fes

    Thnks bro

  3. NO name

    ඉතුරු එපිටිකත් ඉක්මන්ට ඕන තෑන්ක්ස් සබ් එකට

  4. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  5. Anonymous

    Thanks jayawewa....!

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. CR7

    ithuru tikath denna... thnq sub walta

  8. awandhya

    Thank u bomkka Mindhunter tv series ekth krnnako

  9. Thilinda Randeera

    ස්තූතියි සහෝ දිගටම දෙන්න ❤❤❤❤

  10. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  11. Mano

    Godak sthuthi..Jaya wewa!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.