සුපුරුදු විදිහටම ශ්‍රී ලාංකික ඇනිමෙ රසික රසිකාවියො හැමෝවම අපේ ඇනිමෙ ෆැන්ටසියට කොන්නිචිවා කියල පිළිගන්නවා.ඔන්න ඉතින් පොරොන්දු වුනු විදිහටම ශ්‍රී ලංකාවේ Most Hype ම ඇනිමෙ සීරීස් කිහිපය අතරින් එකක් වෙන Kimetsu No Yaiba AKA Demon Slayer ඇනිමෙ සීරීස් එකේ අලුත්ම Season 3 හි සිංහල උපසිරැසි අරගෙනයි මේ ඇනිම…

සුපුරුදු විදිහටම ශ්‍රී ලාංකික ඇනිමෙ රසික රසිකාවියො හැමෝවම අපේ ඇනිමෙ ෆැන්ටසියට කොන්නිචිවා කියල පිළිගන්නවා.ඔන්න ඉතින් පොරොන්දු වුනු විදිහටම ශ්‍රී ලංකාවේ Most Hype ම ඇනිමෙ සීරීස් කිහිපය අතරින් එකක් වෙන Kimetsu No Yaiba AKA Demon Slayer ඇනිමෙ සීරීස් එකේ අලුත්ම Season 3 හි සිංහල උපසිරැසි අරගෙනයි මේ ඇනිමෙ නිවහනට ගොඩවදින්නේ.දැනටමත් awards කිහිපයක්ම ලබාගෙන New Generation Anime අතරේ ඉහළ ස්ථානයක ඉන්නා ඇනිමෙ එකක් වෙන මේක ගැන ලොකුවට තියා පොඩියටවත් වර්ණනා කරන්න දෙයක් නෑ කියලයි අපේ හැඟීම.මොකද අපි මීට අවුරුදු දෙකකට කලින් සිංහල උපසිරැසි නිර්මාණය කරලා anime community එකට අරන් ආපු මේ ඇනිමෙ එක අද කා අතරත් ජනප්‍රිය බව නොරහසක්.❤️
මේ වෙන කොට සම්පූර්ණ සීසන් දෙකකින් හා චිත්‍රපට දෙකකින් නෙමෙයි ඇත්තටම කිව්වොත් චිත්‍රපට තුනකින් සමන්විත මේ ඇනිමෙ සීරීස් එකේ මීළඟ Season 3 එක Swordsmith Village Arc නමින් නිකුත් වෙන බව දැනුම් දුන්නු දා ඉඳන් මේ වෙනුවෙන් තියෙන hype එක තවත් වැඩි වුනා.ඊටත් පස්සෙ Season 3 Release Date එක 2023 වසරේ අප්‍රේල් 9 දා බව නිවේදනය කළ වෙලේ ඉඳන් තිබුනු hype එක ආයෙත් අලුත් වුනා කිව්වොත් නිවැරදියි.Action,Fantasy,Historical,Shounen යන Genre වලට අයත් වෙන මේ සීරීස් එක මේ වෙනකොට Season 1 කොටස 26 කින් යුතුව 2019 වසරේදීත්,ඉන් පසුව පැමිණි Demon Slayer Mugen Train movie එක 2021 වසර මැදදීත්,ඉන් පසුව කොටස් 18 කින් යුතුව Season 2 එක 2021 වසර අගදීත් නිකුත් වුනා.මේ Season 2 එක කොටස් 7 කින් යුතුව Mugen Train Arc සහ කොටස් 11 කින් යුතුව Entertainment District Arc යන නමින් කොටස් දෙකක් විදිහටයි නිකුත් වුනේ.දෙවෙනි චිත්‍රපටය තමයි 2023 වසරේ නිකුත් වුනු Demon Slayer To The Swordsmith Village යන නමින් නිකුත් වුනු චිත්‍රපට.ඇත්තටම මේ චිත්‍රපටයෙන් 3/4 ක් ම Entertainment District Arc හි සිදුවීම් ඇතුළත් වෙන විදිහට තමයි නිර්මාණය කරල තිබුනේ.
ඒ කොහොම වුනත් මේ Season 3 එකට පරණ සිදුවීම් මොකුත්ම ඇතුළත් වෙන්නෙ නෑ.සුපුරුදු විදිහටම Ufotable Studio එකෙන් ඇනිමේෂන් නිෂ්පාදන කටයුතු කරනවා වගේම මේ සීසන් එකේදි තවත් improve කරපු ඇනිමේෂන් බලාගන්න ලැබෙන බවට දැනුම් දීල තියෙනවා.ඒ වගේම Opening Theme song එක වෙන “Kizuna no Kiseki” ගීතයත් Ending Theme song එක වෙන “KoiKogare” යන ගීත දෙකම MAN WITH A MISSION කණ්ඩායම සමග Milet ගායිකාව ගායනා කරනවා.අහලම බලන්නකො මේ ගීත දෙකම.❤️

MAN WITH A MISSION X Milet
Chapters 205 කින් යුත් Koyoharu Gotouge සෙන්සේගේ Kimetsu No Yaiba manga එකේ chapter 98-127 අතර තියෙන chapters ටික තමයි මේ Season 3 එකට ඇතුළත් වෙන්නේ.ඒ වගේම Season 3 එකට කොටස් 12 ක් ඇතුළත් වෙන බවත් දැනුම් දී තිබෙනවා.

Kimetsu No Yaiba Manga (Volume 1)
ඉතින් මම හිතුවා Season 3 එකට යන්න කලින් මීට කලින් මුළු සීරීස් එකේම කතාව ඉතාමත් කෙටියෙන් ක්ෂණික නූඩ්ල්ස් වගේ මතක් කරගෙන යන්න…✌️
Season 1

Demon Slayer කතා මාලාවේ ප්‍රධාන චරිතය තන්ජිරෝ කමාඩෝ කියන වයස අවු.14 ක පිරිමි ළමයෙක්.යක්ෂයන් සැරිසරන ලෝකයක අඟුරු විකිණීම ජීවිකාව කරගත්තු තන්ජිරෝගේ පවුලේ ඉන්නෙ අම්මයි,බාල සහෝදරියන් තුන් දෙනයි එක බාල සහෝදරයයි.දවසක් තන්ජිරෝ ගෙදර නැති වෙලාවක මේ මුළු පවුලම යක්ෂයෙකුගේ ගොදුරක් බවට පත් වෙනවා.යක්ෂ ප්‍රහාරයෙන් ඉතුරු වෙන වැඩිමල්ම නංගි වෙන “නෙසුකො කමාඩෝ” යක්ෂණියක් වෙනවා.තන්ජිරෝ නංගිව ආපහු මනුස්සයෙක් බවට හරවන්නත් පවුල මරපු යක්ෂයාගෙන් පලි ගන්නත් කියල හිතාගෙන ‘යක්ෂ නාශක බලකායට” (Demon Slayer Corps) බැඳෙනවා.එහිදී “සෙනිට්සු අගත්සුමා” සහ “ඉනොසුකේ හෂිබිරා” කියල තවත් යක්ෂ නාශකයො දෙන්නෙක් මුණ ගැහෙනවා.මේ තුන්දෙනා හොඳ මිතුරන් බවට පත් වෙන අතරෙ, යක්ෂණියක් වුනත් මිනිස් ගති නැති නොවුනු නෙසුකොත් තමන්ගෙ යක්ෂ බලයන් වලින් මෙයාලට සටන් වලදි උදව් කරනවා.යක්ෂයින්ගේ ප්‍රධානියා “කිබුට්සුජි මුසාන්” යන අයෙක් බවත් බවත්, ඔහුට ඉහළ පෙළේ බලවත් යක්ෂයින් 6 ක් සහ පහළ පෙළේ යක්ෂයින් 6 ක් සිටින බවත් තන්ජිරෝට දැනගන්න ලැබෙනවා.පහළ පෙළේ යක්ෂයෙක් ගැන ලැබෙන තොරතුරු අනුව හඹා යන තන්ජිරෝ ප්‍රමුඛ කණ්ඩායම ඒ යක්ෂයාවත් විනාශ කරනවා.ඔන්න ඔනතින් Season 1 ඉවර වෙනවා… මීළඟට තියෙන්නෙ Mugen Train movie එක.
Demon Slayer Mugen Train Movie

Season 1 හි සිද්ධ වුනු අවසාන සටනින් පස්සෙ තන්ජිරෝගෙ කණ්ඩායම දුම්රියක ඉන්න යක්ෂයෙක් ගැන හොයන්න පිටත් වෙනවා.එහිදී යක්ෂ නාශක බලකායේ ඉහළ නිළය වන “Hashira” නිළය දරන “රෙන්ගොකු කියොජුරෝ” ව මුණ ගැහෙනවා.ඉතින් මේ දුම්රියේදි වෙන සටනෙදි මෙයාලට පහළ පෙළේ පළවෙනි යක්ෂයා මුණ ගැහෙනවා වගේම රෙන්ගොකුගේ උදව්වත් එක්ක මේ යක්ෂයාවත් විනාශ කරන්න තන්ජිරෝට පුලුවන් වෙනවා.ඊට පස්සෙ මෙතනට එක පාරටම එන්නෙ ඉහළ පෙළේ තුන්වෙනි යක්ෂයා.මෙයාට මුහුණ දීමේ වගකීම රෙන්ගොකු තනිවම අරගන්නවා.අදහගත නොහැකි මට්ටමේ දරුණු වේගවත් සටනකින් පස්සෙ මේ ඉහළ තුන්වෙනියාව විනාශ කිරීමේ අසලටම රෙන්ගොකු ආවත් මේ ඉහළ තුන්වෙනියා අතින් ඔහු මරණයට පත් වෙනවා.මේ නිසා නැවත පිරවිය නොහැකි අඩුවක් යක්ෂ නාශක බලකායට එකතු වෙනවා.මෙතනින් මේ movie එක අවසන් වෙනවා.ඇත්තටම මේ movie එක Demon Slayer ෆැන්ස්ලගෙ ඇස්වලට කඳුළු ගෙනාපු කතාවක් කිව්වොත් හරියටම හරි.දැන් යමු Season 2 එකට.
Season 2

මේ සීසන් එක නිකුත් වුනේ Mugen Train Arc සහ Entertainment District Arc කියල කොටස් දෙකක් විදිහටයි කියල මම කලින් මතක් කළා.මේ Mugen Train Arc එක රෙන්ගොකු කියොජුරෝට වැඩි කාලයක් වෙන් කරල පළවෙනි කොටස විශේෂ කොටසක් විදිහට අරන් ආපු එක ඇරෙන්න අනිත් හැම දේම Mugen Train movie එකේ සිදුවීම් විදිහටයි නිකුත් වුනේ.ඉතින් ඒකෙ කතාව මම මතක් කරන්නෙ නැතුව Entertainment District Arc එකේ කතාව මතක් කරගෙන යන්නම්… මේ වතාවෙ තන්ජිරෝගෙ කණ්ඩායමට ලැබෙන්නෙ තවත් Hashira කෙනෙක් එක්ක Entertainment District යන නමින් හැඳින්වෙන ප්‍රදේශයේ මෙහෙයුමකට යන්නයි.ටිකෙන් ටික සාක්ෂි ඔස්සේ හඹා යන මෙයාලට මෙහිදි මුණ ගැහෙන්නේ ඉහළ පෙළේ හයවෙනි යක්ෂයාවයි.ඇත්තටම ඉහළ හයවෙනියා එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් කියල අන්තිමේදි මෙයාලට දකින්න ලැබෙනවා.මෙතෙක් Demon Slayer සීරීස් එකේ දකින්න ලැබුනු දීර්ඝතම,දරුණුම,විනාශකාරීම සටන මේ සීසන් එකේදි සිද්ධ වෙනවා වගේම, ඒ සටනින් මේ යක්ෂයාව විනාශ කරන්න මේ හෂිරා ප්‍රමුඛ තන්ජිරෝගෙ කණ්ඩායම සමත් වෙනවා.සටනින් වුනු දරුණු තුවාල නිසා සටනින් මේ හෂිරා, යක්ෂ නාශක බලකායෙන් විශ්‍රාම යනවා.අවසානයේදී ඉහළ තුන්වෙනි යක්ෂයා “Infinity Castle” නමින් හැඳින්වෙන ස්ථානයේ ඉන්නවා අපිට බලාගන්න ලැබෙනවා.මෙතනින් Season 2 ඉවර වෙනවා….
ඉතින් හරියටම Season 2 ඉවර වුනු තැනින් තමයි මේ Season 3 ආරම්භ වෙන්නෙ.ඉතින් මේ පළවෙනි කොටස විනාඩි 49 ක ධාවන කාලකින් යුක්තයි.වෙන්නෙ මොකක්ද කියල නම් මම කිසිම ඉඟියක් දෙන්නෙ නෑ.මුල් සීසන් දෙක සහ Mugen Train movie එක නොබලපු අය, මේක බලන්න පටන් ගන්න කලින් අනිවාරෙන්ම ඒ ටික බලල එන්න.මොකද මම බෙදුවෙ ක්ෂණික නූඩ්ල්ස් එකක්… මතකයිනේ.ඉදිරි කොටස් වලට අපේ අනිත් සහෝදරවරු උපසිරැසි අරන් ඒවි.මම දැනට නවතින්නම්.පහලින් ඔයාගෙ comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා.තව සතියකින් Demon Slayer Season 3 Episode 2 වලින් මුණගැහෙමු.
ලංකන් Weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : Someone’s Dream
Air Date : 2023.04.09
Runtime : 49 min.
IMDB Rating : 8.8
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
11,090 downloadsDownload Demon-Slayer-Kimetsu-no-Yaiba.-S03E01.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2021
- #2023
- #Akiyuki Shinbo
- #Demon Slayer
- #Demon Slayer S03 Sinhala Sub
- #Demon Slayer S03E01 Sinhala Sub
- #Demon Slayer S03E01 Sinhala Subtitles
- #Demon Slayer Season 03 Sinhala sub
- #Demon Slayer Sinhala Sub
- #Editor's Pick
- #Hitoshi Ône
- #Kimetsu no Yaiba
- #Mamoru Miyano
- #Masaki Suda
- #MaxxA
- #Mugen Train Arc
- #Nobuyuki Takeuchi
- #Offbeat
- #Season 3
- #Shunji Iwai
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Suzu Hirose
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
44 comments
Anuja Lakshitha
ලංකන් Weebs
බොහොම ස්තූතියි.❤️
Dasun
Gindara lipiyak...ow aththa..lankawe unmaadayak una anime ekak.. gindara sinhala sub ekka balanna labena ekath koi tharam nam deyakda...
ලංකන් Weebs
බොහොම ස්තූතියි සහෝ.❤️
Salani
❤❤❤❤ thanks ❤
ලංකන් Weebs
බොහොම ස්තූතියි.❤️
Naveen Mbr
බොහෝම ස්තූතියි!
ලංකන් Weebs
ස්තූතියි.❤️
Pavith Wijesooriya
ලිපිය නම් පහරක් අයියේ!
සබට තුති වේවා එහෙනම්... ❤️ලංකන් Weebs
බොහොම ස්තූතියි මලයා.❤️
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
ලංකන් Weebs
ස්තූතියි.❤️
Nuwa
Thanks brother
ලංකන් Weebs
Welcome brother.❤️
tharindu dilshan
Thanks sago aadarei pelenna <3
ලංකන් Weebs
Welcome brother.❤️
Dilshan buddika
සුපිරි ❤️
ලංකන් Weebs
ස්තූතියි.❤️
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
ලංකන් Weebs
ස්තූතියි.❤️
Kaluwa
❤️
ලංකන් Weebs
Thank you.❤️
දසුන් ඉසුරිඳු
ඉක්මනටම උපසිරස ගෙනාවට බොහොම ස්තුතියි. ❤️
ලංකන් Weebs
ස්තූතියි.❤️
Navodya Vidyanga
එළ බලන්න ආසාවෙන් හිටපු එකක් ඉතුරු ටිකත් දිගටම කරගෙන යමු ජය වේවා
ලංකන් Weebs
ස්තූතියි.❤️
Navindu Mihiran
episode 2 denne kawadda
Nuwan
Thank you very much brother ❤❤❤❤
Anonymous
Episode 2 ko
Ri th A
Repir krnn winar file ek
Nuwan
Thank you very much brother ❤❤❤
ලංකන් Weebs
Thank you.❤️
Ri th A
දිගටම දාන්න කෝල්ලෝ උබලනම් සුපිරි..තව එපි 6 ක් තියේ සීසන් තුනේ පුලුවන් නම් ඒකත් දාහම් දිගටම වැඩේ කරන් යන්න සුබ පතනවා
ලංකන් Weebs
බොහොම ස්තූතියි.❤️
Akila Dilhara
Thanks Brother...
Ishan Eranda
Ithuru ewa denne nathda bro
rasa
Thanks for sub plz give us to next all subs quiclkly
Janindu
Thanks kollo sub ekta❤️
Anonymous
Thank you very much machan.
Digatama anime walata sub hadala denna.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහෝම ස්තූතියි.
Chamudith
මෙන්න මේ වගේ විස්තරාත්මක ලිපියක් හැම sub එකක page එකකම තියෙනං අපි සතුටින්
Kavee
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ… ❤
Good Luck Team Lankan Weebs ❤.Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![ඩීමන් ස්ලේයර් [S03 : E01] Sinhala Subtitles | සිහිනයක් සමගින් අසිපත් සාදන්නාගේ ගම්මානයට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/DMNSlR-S03-a.jpg)



sub team ekt thanks