Watch Trailer

The Glory [S01: E03] Sinhala Subtitles | මගේ සෙල්ලමට වෙලාව ඇවිත්.. [සිංහල උපසිරැසි] 18+

Netflix ඔස්සේ විකාශනය වෙච්ච පට්ටම කොරියන් කතාමාලාවකට තමයි අපි මේ උපසිරැසි අරන් එන්න පටන් ගත්තේ. පලවෙනි කොටස් දෙකම ඔලිවර් මලයා අරන් ආවනේ. මේ කොටස් දෙක අරන් එන්නේ මං. හුස්මක් කටක් නොගෙන මේ වෙනකම් බලාගෙන ආවා වගේ දිගටම බලාගෙන යමු එහෙනම්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.1ක දැවැන්ත අගයකට හිමිකම් කියන The Glor…

Netflix ඔස්සේ විකාශනය වෙච්ච පට්ටම කොරියන් කතාමාලාවකට තමයි අපි මේ උපසිරැසි අරන් එන්න පටන් ගත්තේ. පලවෙනි කොටස් දෙකම ඔලිවර් මලයා අරන් ආවනේ. මේ කොටස් දෙක අරන් එන්නේ මං. හුස්මක් කටක් නොගෙන මේ වෙනකම් බලාගෙන ආවා වගේ දිගටම බලාගෙන යමු එහෙනම්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.1ක දැවැන්ත අගයකට හිමිකම් කියන The Glory කියන්නේ කොරියන් රසිකයෝ නොවෙන අය පවා ආදරය කරන Song Hye Kyo ප්‍රධාන චරිත මවන කතාමාලාවක්. මේ කෙල්ල තමා ඒ කාලේ අපි ආසාවෙන් බලපු Full House, Autumn in My Heart, Descendants of the Sun ඇතුළු ගොඩක් ඒවයේ හිටියේ. වටේ ගියා ඇති. කෙටියෙන් කිව්වොත් මේක පට්ටම කතාවක්, ආයේ කොරියන් කියලා විසික් කරලා දාන්න ගියොත් සොරි ඩොට් කොම්. ඒ හින්දා… බලන්නලා…..

දොන්ග්-යුන් ෆේස්බුක් සහ ඉන්ස්ටා මාර්ගයෙන් තමන්ගේ අතිජාත මිත්‍ර රැල ගැන හොයනවනේ. එක්කෙනෙක් කිව්වත් වගේ ආදරණීය අම්මා කෙනෙක් වෙලා. තවත් කෙනෙක් ගුවන් සේවිකාවක්, තව කෙනෙක් ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පිනියක්, අනිකා සෙල්ලක්කාර ධානපති ව්‍යාපාරිකයෙක්, ඉතුරු එකා මේ හැමෝටම වහල්කම් කරගෙන ජීවිතේ විනෝදෙන් අරන් යන ගමන්. මේ කවුරුත් නොදැන හිටියට එයාලගේ ජීවිත වලට නිතරම එක ඇහැක් වැටිලයි තිබ්බේ. ඒ දොන්ග්-යුන්ගේ. තමන් පොඩි කාලේ කරපු දේවල් තමන් පස්සෙන් පන්නන්න අරන් කියලා ඒ කාටවත් පොඩි හෝ හෝඩුවාවක් තිබ්බේ නෑ. කලින් කොටස බලද්දි දැක්කනේ යොන්-ජින්ගේ විවාහ මංගල්‍යයටත් දොන්ග්-යුන් ඇවිල්ලා හිටියා. ඒ විවාහය දිහා දොන්ග්-යුන්ටත් වඩා ද්වේෂයකින් බලන් හිටියේ වෙන කෙනෙක්. ඒ තමයි ජේ-ජොන්. හේතුව දැනටමත් ඔයාලා දන්නවා.

දොන්ග්-යුන් තමන් කරන පන්තියකට සදහටම සමු දීලා යන ගමන් ක්ලාන්ත වෙලා වැටුණා මතක ඇති. සිහිය එද්දි එයා හිටියේ රෝහලේ. තමන්ට එහා පැත්තේ ඇඳේ හිටි කෙනා තමන්ගේ ජීවිතේට විශේෂම කෙනෙක් වෙන්න යන බව එදා එයා නොදැන ඉන්න නම් ඇති. අපි නම් දන්නවා ඉතින්. කොහොම කොහොම හරි මේ යාළුකම ටික දුරක් ඇදිලා යනවා. ගෝ කියන ක්‍රීඩාව දොන්ග්-යුන්ට ඉගෙනගන්නත් පුළුවන් වෙන්නේ මේ යාළුකමට පින් සිද්ධ වෙන්න. ඒත් සුපුරුදු විදිහට හදිසියේම දොන්ග්-යුන් මේ යාළුකමටත් සමුදීලා අතුරුදහන් වෙනවා.

පහුගිය කොටසෙදි දොන්ග්-යුන් තමන්ගේ ආදරණීය යාළුවො පස් දෙනාගෙන් එක්කෙනෙක්ගේ මූණටම මුලිච්චි වෙනවා. ඒ තමයි මියොන්-ඕ. මිනිහා දැක්ක ගමන් මෙයාව අඳුන ගන්නවා. ඊට පස්සේ වෙච්ච දේ මං කියන්න යන්නේ නැහැ. අවසාන හරියෙදි මතක ඇති කුණු කූඩ අවුස්සන සෙල්ලම එක්කෙනෙක්ට මාට්ටු වෙන හැටි. ඒ කෙනා කියන හරි පුදුමාකාර දෙයින් දෙවැනි කොටස අවසන් වෙනවා.

එහෙනම් මේ කොටස එක්කත් එකතු වෙන්න. ඊළඟ කොටස අරන් ඉක්මනටම එන්නම්. ජයවේවා.


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,522 downloadsDownload The.Glory_.S01E03.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1All BT1Next BT1

 

 

Subtitles by

PHOENIX

Subtitles

1,522 downloadsDownload Subtitles25 KB

8 comments

  1. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  2. Pavith Wijesooriya

    උපසිරසියට ගොඩක් ස්තූතියි අයියේ... ❤️

  3. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහොම ස්තූතියි මයුර සහෝ.. ජය වේවා !!!

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. Ravindra

    Thanks

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.