මේ Spring Season එකේ Most Hype ම ඇනිමෙ සීරීස් එක වෙන උද්වේගකර Demon Slayer Season 3 හි Episode 7 එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ. වැඩි වර්ණනාවක් නැතුව, වෙනද වගේම අලුත් කොටසට යන්න කලින් මෙතෙක් කතාවෙ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු. අලුත් අසිපතක් ලබා ගැනීමේ අරමුණින් තන්ජිරෝ කමාඩෝ යක්ෂ නාශක බලකායේ නිචි…

මේ Spring Season එකේ Most Hype ම ඇනිමෙ සීරීස් එක වෙන උද්වේගකර Demon Slayer Season 3 හි Episode 7 එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ. වැඩි වර්ණනාවක් නැතුව, වෙනද වගේම අලුත් කොටසට යන්න කලින් මෙතෙක් කතාවෙ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු.
අලුත් අසිපතක් ලබා ගැනීමේ අරමුණින් තන්ජිරෝ කමාඩෝ යක්ෂ නාශක බලකායේ නිචිරින් අසිපත් සාදන අසිපත් සාදන්නන්ගේ ගම්මානයට පැමිණෙනවා. සහෝදර යක්ෂ නාශයකයෙක් වෙන ගෙන්යා ශිනසුගවා, මීදුම් හෂිරා වෙන මුයිචිරෝ තොකිතෝ සහ ලව් හෂිරා වෙන මිට්සුරි කන්රොජි ත් මේ ගමේදි තන්ජිරෝට මුණ ගැහෙනවා. හිටි හැටියේම මේ සැඟවුනු ගම්මානයට යක්ෂයින්ගේ ප්‍රහාරයක් එල්ල වෙනවා. ආකාර දෙකකට එල්ල කරන මේ ප්‍රහාරය දියත් කරන්නේ ඉහළ පෙළේ පස්වෙනි යක්ෂයා වෙන ගියොක්කො සහ ඉහළ පෙළේ හතරවෙනි යක්ෂයා වෙන හන්ටෙන්ගු විසිනුයි. තන්ජිරෝව ඝාතනය වෙනුවෙන් හන්ටෙන්ගුත්, ගම විනාශ කිරීම වෙනුවෙන් ගියොක්කොත් තම පියවරයන් ඉදිරියට තබනවා. ඒත් සටනේදී නොසිතූ නොවිරූ විදිහට හන්ටෙන්ගුගෙන් බෙදී ගිය හැඟීම් යක්ෂයින් හතර දෙනාව ඝාතනය කරන වැඩේ තන්ජිරෝ, නෙසුකෝ, ගෙන්යා කියන තුන් දෙනාට පැවරෙද්දි මුයිචිරෝ සහ මිට්සුරි ගම ආරක්ෂා කිරීම වෙනුවෙන් රාජකාරිය ඉටු කරන්නට පටන් ගන්නවා. ඒ අතරින් ගියොක්කොව මුණ ගැහුනු මුයිචිරෝ, ඉතාමත් කෙටි සටනකින් ගියොක්කොගේ Blood Demon Art එකකට හසු වෙලා කිසි දෙයක් කර කියාගන්න බැරි තත්වයට පත් වෙනවා.
ඒ අතරෙ අනිත් පැත්තෙන් සිද්ධ වෙන තන්ජිරෝ සහ හැඟීම් යක්ෂයින් අතර සටන දරුණුවටම සිද්ධ වෙනවා. කොහොමහරි මේ තුන්දෙනා හැඟීම් යක්ෂයින් හතරදෙනාගේම ගෙල සිඳින්නට සමත් වුනත්, ඒකත් අන්තිමේදි නිශ්ඵල දෙයක් බවට පත් වුනා. මොකද ඒත් හන්ටෙන්ගු ඇත්තටම විනාශ වුනේ නෑ. ඒ සටන නිසා ගෙන්යාගේ පෙනුමත් වෙනස් වෙලා අමුතු හැකියාවන් ටිකකුත් ගෙන්යාට ලැබිලා. ඒ මොකක්ද කොහොමද කියල නම් තාම අපිට බලාගන්න ලැබුනේ නැති වුනත් ගෙන්යාගේ අතීත කතාවක් නම් අපිට බලාගන්න ලැබුනා. මේ හතරදෙනා විනාශ වුනේ නැත්තෙ මොකද, ඇත්තටම තවත් පස්වෙනි යක්ෂයෙක් ඉතුරු වෙලා ඉන්නවා කියල තන්ජිරෝ දැනගන්නවා. හැබැයි පුදුමය කියන්නෙ මේ ඉතුරු යක්ෂයා මීයෙක් තරම්වත් ලොකු නැති එකයි. ඒ අස්සෙ ඒ යක්ෂයා පණ බේරගන්න දුවන එක ඇරෙන්න දෙයක් කරන්නෙත් නෑ. ඉතින් තන්ජිරෝ දැන් මේ පුංචි යක්ෂයා පස්සෙන් පන්නනවා. එහෙනම් මේ අන්තිමයවත් ඉවරයක් කළහම ඉහළ හතරවෙනියත් ඉවරයිද? තියෙන්නෙ එක පුංචි ඉලක්කයයි. ඉන්නෙ පණ බයේ දුවන යක්ෂයෙක්…පේන විදිහට ලේසියි වගේ… එහෙනම් ඉහළ හතරවෙනියාගේ ස්ථානයත් හිස් වේවිද? අනිත් පැත්තෙන් ගියොක්කොට එරෙහිව මුයිචිරෝගේ සටන කොහොම සිද්ධ වේවිද? බලන්න එහෙනම් මොකද වෙන්නෙ කියලා. උපසිරැසිය ගැන පහලින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. තව සතියකින් Demon Slayer Season 3 හි Episode 8 එකෙන් මුණගැහෙමු. එතකන් හැමෝටම ජය වේවා.👋
ලංකන් Weebs වෙනුවෙන් – මලිත් කෞෂාල්
Episode Name : AWFUL VILLAIN
Air Date : 2023.05.21
Runtime : 24 min.
IMDB Rating : 8.2
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
9,394 downloadsDownload Demon.Slayer.Kimetsu.no_.Yaiba_.S03E07.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2021
- #2023
- #Akiyuki Shinbo
- #Demon Slayer
- #Demon Slayer S03 Sinhala Sub
- #Demon Slayer Season 03 Sinhala sub
- #Demon Slayer Sinhala Sub
- #Editor's Pick
- #Hitoshi Ône
- #Kimetsu no Yaiba
- #Mamoru Miyano
- #Masaki Suda
- #MaxxA
- #Mugen Train Arc
- #Nobuyuki Takeuchi
- #Offbeat
- #Season 3
- #Shunji Iwai
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Suzu Hirose
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
11 comments
Anjana
Akila Dilhara
Thanks Brother....
Akila Dilhara
Thanks Brother...
seneth
Thanks
TharuN
Pattaa .. Thank you so mush
Dasun
Thank you for super fast sub..
tharindu
godak thanks
tharindu
maru
Pavith Wijesooriya
උපසිරසියට ගොඩක් ස්තූතියි මලිත් සහෝ...
Omila Vilochana
demon slayer season 3 ep 8,9,10 සින්හල සබ් නැද්ද
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![ඩීමන් ස්ලේයර් [S03 : E07] Sinhala Subtitles | ඒකාබද්ධ වූ කෝපය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/DMNSlR-S03-a.jpg)



Thanks sub ekata