The Family Man, Farzi, Breathe, Mirzapur වගේ සුපිරි ඉන්දියන් කතාමාලා රැසක් දායාද කරපු ඇමසෝන් ප්‍රයිම් වෙතින් එලි දක්වපු තවත් සුපිරි කතාමාලාවක් තමා අපි මේ දවස් වල බලාගෙන යන්නේ. Crime|Drama|Mystery ගණයට අයිති වෙන මේ Dahaad කතාමාලාවට ලබාගෙන තියෙන IMDb අගය 7.4ක්. මේ කතාමාලාව පුරා එක හුස්මට කුතුහලයෙන් බ…

The Family Man, Farzi, Breathe, Mirzapur වගේ සුපිරි ඉන්දියන් කතාමාලා රැසක් දායාද කරපු ඇමසෝන් ප්‍රයිම් වෙතින් එලි දක්වපු තවත් සුපිරි කතාමාලාවක් තමා අපි මේ දවස් වල බලාගෙන යන්නේ. Crime|Drama|Mystery ගණයට අයිති වෙන මේ Dahaad කතාමාලාවට ලබාගෙන තියෙන IMDb අගය 7.4ක්. මේ කතාමාලාව පුරා එක හුස්මට කුතුහලයෙන් බලාගෙන යන්න පුළුවන් කොටස් 8ක් අඩංගු වෙලා තියෙනවා. රංගනයෙන් Sonakshi Sinha, Vijay Verma, Gulshan Devaiah, Sohum Shah ඇතුළු පිරිසක් එක්කහු වෙනවා. අධ්‍යක්ෂණයෙන් එකතු වෙන්නේ Reema Kagti සහ Ruchika Oberoi කියන අය. මේ Reema තමා Zindagi Na Milengi Dobara, Talaash වගේ සුපිරි සිනමාපට රචනය කරලා තියෙන්නෙත්. ඒ නිසා Dahaad මගහැරගන්න හිතන්නවත් එපා. මෙච්චර දවස් කුතුහලයෙන් ඉතිරුණු කොටස් පහක් බලාගෙන එන්න ඇතිනේ. දැන් අරන් එන්නේ හයවෙනි කොටස. මේ වෙනකම් මොනවද සිද්ධ වුණේ කියලා බලමු.
රාජ්ස්ථාන් ප්‍රදේශයේ තරුණියක් අතුරුදන් වෙලාය කියලා මන්ඩාවා පොලිසියට තරුණියගේ අයියා ඇවිල්ලා පැමිණිලි කරනවා. ආදර සම්බන්ධයක් නිසා පැනලා ගියාය කියලා හිතලා පොලිසිය මේ ගැන වැඩිදුර හොයන්නේ නැහැ. ඊටත් ටික දවසකින් උප පරික්ෂක අංජලී භාටි අර තරුණියගේ මිනිය හොයාගන්නවා මෝචරියක තිබිලා. ඇය දිවිනහගෙන පොදු වැසිකිලියක් ඇතුලේ මැරිලා වැටිලා ඉඳලා. දොරත් ඇතුලින් අගුලු දාගෙන තිබිලා තියෙන්නේ. මිනියේ වතගොත හොඅන්න විදිහක් නැති නිසා මෝචරියට යවලා තිබ්බා. ඉතින් ඔක්කොමත් හරි, මේ තරුණිය එක්ක පැනලා ගියා කියන හාදයා ගැන කිසිම තොරතුරක් තිබ්බේ නැහැ. මරණයට කලින් කෙල්ල ලිංගිකවත් එකතු වෙලා තිබ්බා. ඒ නිසා මේ සිද්ධිය දිවි නහගැනීමකට විතරක් ලඝු නොකර හොයාබලන්න අංජලී හිතාගන්නවා. මියගිය තරුණියගෙ දුරකතන ඇමතුම් වාර්තා ඔස්සේ ගිහින් අංජලී එක නොම්බරයක් හොයාගෙන ඒ ඔස්සේ යනවා. අන්තිමට ඇය නතරවෙන්නේ ඇඟ කිලිපොලා යන හෙලිදරව්වකින්. අසාර්ථක උත්සහයන් ගණනාවකට පස්සෙ අතුරුදහන් වෙච්ච ෆෝන් එකකින් හදිසියෙ නිකුත් වෙච්ච තරංගයක් නිසා අංජලී ඇතුළු පිරිසට එක්කෙනෙක් පිලිබඳව සැකයක් යොමුවෙන්න ගන්නවා. ඒ තමයි මහචාර්‍ය ආනන්ද්. තමන්ගෙ සැකය කොච්චර දරුණු වුණත් ආනන්ද්ට විරුද්ධව කිසිම සාක්ෂියක් හොයාගන්න අංජලීට බැරිවෙනවා. ඔය අතර ආනන්ද් මහ රෑ එයාගෙ මල්ලිව මුණගැහෙන්න එනවා බෝතලයකුත් අරන්. ඒ එන්නේ ලොකුම සැලැස්මක් හිතේ තියාගෙනමයි.
දැන් එතන ඉඳන්..

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,024 downloadsDownload Dahaad.S01E06.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
10 comments
Anonymous
nisa
sub akata thnkx
Anonymous
sub is wrong
whoami
thanks bro sub ekata
Nishshanka Mallawarachchi
Thank You!
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kantha_DLA
ගොඩක්ම ස්තූතියි PHOENIX ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Sanjeewa Malith
Thank u subtitles akata ❤❤
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dahaad [S01 : E06] Sinhala Subtitles | හෝඩුවා පිට හෝඩුවා..!![සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/05/Daahad-2023.jpg)

Complete season ekma download karanna deela thyna link eke copywalata sub setda?