Watch Trailer

His Dark Materials [S03 : E07] Sinhala Subtitles | ස්වර්ගයේ විනාශය [සිංහල උපසිරසි]

පෙර කොටස ගැන කෙටි මතක් කිරීමක් කළොත් මැක්ෆෙල්ගේ බෝම්බය වැදුණත් ලයිරාට හානියක් සිද්ධ වෙන්නෙ නැහැ. ඒකට සමහර විට ඇය මළවුන්ගෙ භුමියේ ඉන්න එක හේතුවක් වෙන්නත් ඇති. නමුත් මරීසා ප්‍රා පවෙල්ගෙන් විමසන විට ඔහුට සත්‍යමාපකය කියන්නෙ ඇය මිය ගිහින් කියලා, ඒ නිසාම දුක්බර ආරංචියත් එක්ක මරීසා කෙළින්ම එන්නෙ ඇස්රියෙල්…

පෙර කොටස ගැන කෙටි මතක් කිරීමක් කළොත් මැක්ෆෙල්ගේ බෝම්බය වැදුණත් ලයිරාට හානියක් සිද්ධ වෙන්නෙ නැහැ. ඒකට සමහර විට ඇය මළවුන්ගෙ භුමියේ ඉන්න එක හේතුවක් වෙන්නත් ඇති. නමුත් මරීසා ප්‍රා පවෙල්ගෙන් විමසන විට ඔහුට සත්‍යමාපකය කියන්නෙ ඇය මිය ගිහින් කියලා, ඒ නිසාම දුක්බර ආරංචියත් එක්ක මරීසා කෙළින්ම එන්නෙ ඇස්රියෙල් ළගට. නමුත් තමන්ගෙ දුව මිය ගියා කියන ආරංචිය අහලා ඇස්රියෙල් පොඩ්ඩක්වත් දුක් වෙන පාටක් පෙනුනේ නෑ. ඇස්රියෙල්ගේ එකම අරමුණ ස්වර්ග රාජ්‍යය විනාශ කිරීම. ඉතින් ඔය අතරේ රූටාගෙ මරණය ගැන ආරංචි වෙන සෙරෆිනා කෙළින්ම එන්නෙ ඇස්රියෙල්ගේ කදවුරට. ඒ ආවේ බොහොම කේන්තියෙන් උනත් ඇස්රියෙල්ට හැකියාව ලැබෙනවා ඇයවත් තමන්ගෙ පැත්තට ගන්න.

ඔය අතරේ මළවුන්ගෙ භුමියේ ඉන්න විල් ලයිරා සහ රොජර් කට්ටිය පිට වෙන මාර්ගය හොයාගෙන දිගටම ගමන් කරනවා. ඒ අතරේ මෙටාට්‍රොන්ගේ ආගාධයේ යම් ශක්තියක් විල් සහ ලයිරාගේ හිත් වෙනස් කරන්න උත්සහ දරනවා වගේ එකක් තමයි පෙනුනේ. කොහොමින් හෝ මේ යන ගමනෙදි ලීගේ උදව්වෙන් විල්ට තමන්ගෙ තාත්තාවත් හම්බ වෙන්න ලැබෙනවා. ඒ වගේම ලයිරාට හැකියාවක් ලැබෙනවා මළවුන්ගෙ භුමියේ ඉන්න ජිවින්ව පවා තමන්ට උදව් කරන්න නම්මව ගන්න. ඒ නිසාම ඒ අය ලයිරාගේ ජීවිතය බේරනවා වගේම යම් ගණුදෙනුවක් වෙනුවෙන් සියළුම ආත්ම පිටමන් කරන්නත් එකග වෙනවා.

කොහොම හරි ලයිරාගේ මේ ක්‍රියාවෙන් මෙටාට්‍රොන්ගේ බලය යම් තාක් දුරකට බිද වැටෙන නිසාම ඔහු තීරණය කරනවා ස්වර්ග රාජ්‍යය, පෘථිවියට පහර දිය යුතුයි කියලා. පෙර කොටස අවසන් උනේ එතනින්. ඉතින් මේ කොටසින් දැක ගන්න පුළුවන් ස්වර්ග රාජ්‍යය හා ඇස්රියෙල්ගේ ජනපදය අතර සටන මොන වගේ වෙයිද කියන එක. එහෙමනම් මීලග කොටසින් හමුවෙන තෙක් මං ඔබෙන් සමුගන්නවා.

 

 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,496 downloadsDownload His-Dark-Materials-S03-E07.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,496 downloadsDownload Subtitles20 KB

4 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anuja Lakshitha

    thanks ayye sub ekt

  3. Anonymous

    All episode hyperlink is wrong. it's direct to the cobra kai.

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.