බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක් වේවා එහෙනම්; උද්වේගකර “Hell’s Paradise” ඇනිමේ කතා මාලාවේ 5වෙනි එපියෙ සිංහල උපසිරසි එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ. එහෙනම් කලින් එපියෙ සිදුවීම් කෙටියෙන් ආවර්ජනය කරගෙන මේ අලුත් එපිය දිහාවට හැරෙමු. පසුගිය මතකයන් : – කලින් එපිය ආරම්භ උනේ, “කෙන්රියු” ( The Blade Dragon…

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක් වේවා එහෙනම්; උද්වේගකර “Hell’s Paradise” ඇනිමේ කතා මාලාවේ 5වෙනි එපියෙ සිංහල උපසිරසි එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ. එහෙනම් කලින් එපියෙ සිදුවීම් කෙටියෙන් ආවර්ජනය කරගෙන මේ අලුත් එපිය දිහාවට හැරෙමු.
පසුගිය මතකයන් : –
කලින් එපිය ආරම්භ උනේ, “කෙන්රියු” ( The Blade Dragon ) එහෙම නැත්නම් “හස්ෂු මුෂෝ” ( Unparalleled in Eight Provinces ) ලෙස හඳුන්වන, අපරාධකාරයින්ගෙන් එකෙක් වෙන “තමියා ගන්තෙත්සුසායීගෙ” කතාවෙන්. මිනිහා ඇයි මරණ දණ්ඩණයට නියම වුණේ කියන පැනයට පිළිතුරු ලබාදෙමින්, මිනිහගෙ අතීත කතාව අපිට දැනගන්න ලැබුණා. ඒත් එක්කම පාරාදීසයක් කියල කියන මේ දූපතේ නිරුවත දැන් එළිවෙන්න පටන් අරගෙන. ඇත්තටම මේක පාරාදීසයක්ද, නැතිනම් “පාරාදීසෙක වෙස්ගත් මිහිපිට නිරයක්ද?” තමියා ගන්තෙත්සුසායී එක පසෙකින් යෝධයෙක් වැනි ජීවියෙක් සමඟ මුහුණලා ඉන්නකොට, අනිත් පසින් ගබිමරු හා සගිරි මාළුවෙක් වැනි යම් අසාමාන්‍ය ජීවියෙක් හා සටනට සැරසෙනවා. ඇත්තටම මේ සත්තු මොක්කුද?
ගබිමරුත් ඒ අසාමාන්‍ය සත්ත්වයා හා තියුණු සටනක නියලුණා දකින්න ඇතිනේ. කොහොමහරි ඒ මොහොතේ තවත් පිරිසක් එතනට කඩන් පාත් වෙනවා. අපරාධකාරයින්ගෙන් කෙනෙක් වෙන, කුනොයිචි( ගැහැණු නින්ජාවරියන් ) කෙනෙක් වෙන යුසුරිහා සහ යමදා අසයිමෝන්වරු වෙන ගෙන්ජි සහ තෙන්සා තමයි මේ විදිහට පැමිණෙන්නේ. මෙතනදී ගෙන්ජිට යුගල් කරපු අපරාධකාරයා; “මොරො මකියා” යුසුරිහා විසින් ඝාතනය කරලා කියල අපිට දැනගන්න ලැබුණා. මකියව ඇමට දාලා, මේ අස්වාභාවික ජීවීන්ව අධ්‍යනය කරලා කරුණු කාරණා රැසක් අනාවරණය කරගන්න යුසුරිහා සමත් වෙනවා. ඉතින් ඒ තොරතුරුවලට ගබිමරුගෙ ශක්තිය හිලව් කරන්න කියන කොන්දේසිය මත, දැන් මේ ඔක්කොම එකට එක්කහු වෙනවා. මේ අතරෙ සගිරිත් හිටිහැටියෙම සිහි නැතුව ඇඳගෙන වැටෙනවා.
ගබිමරු හැරුණාම මේ දූපතට පයගහලා ඉන්න තවත් ප්‍රචණ්ඩකාරී චරිතයක් තමයි සොකු-ඕ ( The Bandit King ) ආසා චොබෙයි කියන්නෙ. ඒ වගේම ඔහුට යුගල් කරපු අසයිමෝන්වරයා ඔහුගේ බාල සහෝදරයා කියන්නත් දැන් දන්නවනේ. ඉතින් මේ අයියාමලෝ මෙතෙක් ආපු මේ ගමන කොහොම එකක්ද කියන්න අපිට දැකගන්න ලැබුණා. දැක්කනේ අර ආපු සත්තු එක්ක චොබෙයි වියරුවෙන් වගේ සටන් කරපු විදිහ. අමරණීයත්වය ලබා දෙන “ෆුරෝෆුෂි නො සෙන්යකූ” ( The Elixir of Life ) හොයාගන්න තමයි මේ හැමෝම දතකන්නෙ. එහෙනම් මේ 5වෙනි එපියත් බලලා කතාවේ ඉදිරියට මොකද වෙන්නෙ කියල දැනගන්න. 6වෙනි එපියෙන් හමුවෙමු එහෙනම්. 😀
අද කතාංගය – The Samurai and The Woman
Imdb අගය – 7.7
අධ්‍යක්ෂණය – Shu Watanabe
විකාශය වූ දිනය – 2023 අප්‍රේල් 29
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,221 downloadsDownload Jigokuraku-S01E05.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
- #Editor's Pick
- #Hell's Paradise: Jigokuraku S01 Sinhala sub
- #Hell's Paradise: Jigokuraku Season 1 Sinhala subtitles
- #Hell's Paradise: Jigokuraku Sinhala sub
- #Hell's Paradise: Jigokuraku Sinhala subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #පවිත් විජේසූරිය
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Anonymous
Anonymous
ඉතුරු එපි ටිකත් ඕනෙමයි ගොඩක් කල් හිටිය hells paradise demon slayer ඉතුරු ටික එනකං
Pavith Wijesooriya
ඉක්මනින්ම ලැබෙයි සහෝ...
podda
thanks machoo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Hell’s Paradise: Jigokuraku [S01 : E05] Sinhala Subtitles | කබලෙන් ළිපට! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Hells-Paradise-S01-a.jpg)



1