ඔයාලා euthanasia හෙවත් සහන මරණය ගැන දන්නවාද? euthanasia හෙවත් සහන මරණය ගැන කියන්නේ යම් රෝගියෙක් සුව කළ නොහැකි වේදනාකාරී අසාධ්‍ය රෝගයකින් දැඩි ලෙස පීඩා විඳින යම් පුද්ගලයෙක්ට මරණය තෙක් පීඩා විඳීමට ඉඩ නොතබා රෝගියාගේ කැමැත්ත හා වෛද්‍යවරයාගේ අවසරය සහිතව පහසු මරණයක් ලබාදීමයි. මේ මාතෘකාව ලංකාවේ ඒ තරම් ‍ප්…

ඔයාලා euthanasia හෙවත් සහන මරණය ගැන දන්නවාද?

euthanasia හෙවත් සහන මරණය ගැන කියන්නේ යම් රෝගියෙක් සුව කළ නොහැකි වේදනාකාරී අසාධ්‍ය රෝගයකින් දැඩි ලෙස පීඩා විඳින යම් පුද්ගලයෙක්ට මරණය තෙක් පීඩා විඳීමට ඉඩ නොතබා රෝගියාගේ කැමැත්ත හා වෛද්‍යවරයාගේ අවසරය සහිතව පහසු මරණයක් ලබාදීමයි. මේ මාතෘකාව ලංකාවේ ඒ තරම් ‍ප්‍රසිද්ධ මාතෘකාවක් නම් නෙවෙයි. මේ සඳහා මේ වන විට අවසර පවතින්නේ ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, බෙල්ජියම සහ තවත් රටවල් කිහිපයක පමණයි. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් වල මෙය සැලකෙන්නේ මිනී මැරුමක් වශයෙනුයි. ඇත්තටම මේ මාතෘකාව බොහෝ වෙලාවට උභතෝකෝටික ප්‍රශ්නයක් ලෙස සලකන්න පුළුවන්. යම් රෝගියෙක් මිය යාමට පෙර ඒ රෝගියාගේ ජීවිතය අවසන් කිරීම ඇත්ත වශයෙන්ම සුදුසුද? මේ ගැන සමාජයේ ඒ තරම් හොඳ අදහසක් නම් පවතින්නේ නෑ. නිකමට වගේ මම කිහිප දෙනෙකුගෙන් මේ ගැන අහලා බැලුවා. එතනින් හුඟක් අය මේක බරපතළ ගණයේ මිනීමැරුමක් වශයෙනුයි හිතුවේ. ඉතින් හිතාගන්න පුළුවන්නේ සමාජයට බැස්සාම මේ ගැන ඇත්තේ මොන වගේ අදහසක්ද කියලා.වෛද්‍යවරයෙකුට තමන්ගේ රෝගියා වෙනුවෙන් මේ වගේ තීරණයක් ගන්න වුණොත් මොන වගේ තත්වයක් ඇති වෙයිද? ඒ ගැන හිතලා බලන එක ඔයාලට බාරයි.

ඉතින් මේ ගැන කතා කරන්න හිතුවේ අළුතින් උපසිරැසි අරගෙන එන මේ කොරියානු කතාව නිසා. Doctor John 2019 වර්ශයේ SBS නාලිකාවේ විකාශය වුණ Medical, Drama ගණයට අයත් කතා මාලාවක්. IMDb අගය 8.3ක අගයක් ගන්න සමත්වෙලා තියන මේ කතාව සහන මරණය කියන තේමාව යටතේ තමයි ගලාගෙන යන්නේ. මේ කතාවේ ප්‍රධාන නළුවා වශයෙන් මගෙත් ප්‍රියතම නළුවෙක් වන Ji Sung වෛද්‍ය චා යෝ හන් ලෙස රංගනයෙන් දායක වෙනවා. Kill Me Heal Me කොරියානු කතා මාලාව නැරඹුව කෙනෙකුට නම් ඉතින් මෙයාගේ රංගනය කොයි තරම් විශිෂ්ටද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. සාමාන්‍යයෙන් අනිත් නළුවන්ට වඩා එකම සීමාවකට කොටු නොවී රංගන දක්ෂතා දක්වන නළුවෙක් වශයෙන් මෙයාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම Lee Se-young කන්ග් සි යොන්ග් නම් වෛද්‍යවරිය ලෙසිනුත් Lee Kyu-hyung සොන් ස්යොක් කී නම් අභිචෝදක වරයා වශයෙනුත් Hwang Hee ලී යූ ජූන් නම් වෛද්‍යවරයා වශයෙනුත් රංගන දායකත්වය දක්වනවා. පැය බාගයේ කොටස් 32කින් සමන්විත බව පැවසුණත් කතාව පැයේ කොටස් 16ක් වශයෙන් තමයි තියෙන්නේ. මේ කතාවේ ඉංග්‍රීසි උපසිරැසි පිටපතට මේකේ තියන සින්දු ටික ඇවිත් තිබුණේ නෑ. සින්දු වලට උපසිරැසි නැතුව කොරියානු කතාවක් බලනවා කියන්‍‍නේ ඉතින් ඒ කතාව අපරාදෙනේ. ඒ නිසා අරාබි උපසිරැසියකුයි ප්‍රංශ උපසිරැසියකුයි අරගෙන ඔන්න කොහොමහරි සින්දු ටිකත් උපසිරැසි ගැන්වුවා.

රෝගයක් කියන්නේ රෝගීන්ට බලාපොරොත්තු සුන් වීමක් වගේම වෛද්‍යවරයෙක් කියන්නේ රෝගීන්ට බලාපොරොත්තුවක්. ඉතින් මේ වෛද්‍යවරුන්ට තමන්ගේ රෝගීන්ට බලාපොරොත්තුවක් වෙන්න පුළුවන් වේවිද? කටුක ගමන් මාර්ගයන් මැද්දෙන් තමන්ගේ රෝගීන්ගේ වේදනාවන් නැති කරන්න ගන්නා උත්සාහයන් සාර්ථක වේවිද? ඒ ගැන දැනගන්න නම් මේ කතාව බලන්න ආරාධනා කරනවා.

මීළඟ කොටසින් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,482 downloadsDownload Doctor-John-S01E01.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Next BT1

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

3,482 downloadsDownload Subtitles31 KB

18 comments

  1. Kasun Lakshan

    ලබා දුන් උපසිරසට හා සිංදු වෙනුවෙන් උපසිරස කිරීමට ගොඩාක් ස්තුතියි !!!
    ඒක ගොඩක් වටිනවා

  2. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  3. Anonymous

    "Lawless Lawyer" korean tv series ekata sub denwda
    Supiri series ekak

    1. Anonymous

      Mahnasiyata sthuthiya!

  4. මයිකි

    සුපිරි කොරියන් කතා එක දිගට. තැන්ක්ස් අක්කා

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Chamod vass

    බොහොම ස්තූතියි සිස් සබ් එක දුන්නට..අනිත් එපිසෝඩ් ටිකත් ඉක්මනටම දෙමු..ජය වේවා..

  7. Thanuja

    Aluth kathawa.. asama Actor kenek.. Thank you soooo much.. BS!!

  8. Sanjaya

    thanks Dileka.. digatama sub denna.theruwansaranai

  9. geeganagamage

    ගොඩාක් ස්තුතියි හැකිනම් කවුරු හරි The King Eternal Monarch ට්වි සිරියස් එකේ අන්තිම කොටසට සබ් කරන්නකෝ .

  10. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

    1. di lu

      Thanks dr. Song wala therumatath thanks ️️

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Nightmare.SL

    Thank you so much...

  13. Jayasanka

    ගොඩාක් ස්තුතියි.

  14. Priyanka

    Subtitle eka download karanna behene.

    1. Yasindu

      Thanks sub ekata
      While you were sleeping ekatath sub dhennako puluwannam.

  15. Krishani

    Thank you