Watch Trailer

The X-Files [S08 : E20] – Sinhala Subtitle | පිටසක්වල පිටපත් [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසේ ක්ෂුද්‍ර ජීවි විද්‍යාඥයෙක්ගේ භයානක සොයා ගැනීමක් දකින්න ඇති. ඔහු තමන්ගෙ විෂය ක්ෂේත්‍රය වෙනුවෙන් කොයි තරම් කැප වෙලාද කියනවා නම් ඔහුගේ සොයා ගැනීමේ පර්‍යේෂණ මීයා වෙලා තියෙන්නෙත් ඔහු. නමුත් එයින් මිනිස් ජීවිත දෙකක් විනාශ වුනා. තව පොඩ්ඩෙන් ඩොගට්ගෙයි, හැරිසන්ගෙයි ඇස් අන්ධ වෙනවා, ඩොගට්ගෙ ඉලක්ක…

පසුගිය කොටසේ ක්ෂුද්‍ර ජීවි විද්‍යාඥයෙක්ගේ භයානක සොයා ගැනීමක් දකින්න ඇති. ඔහු තමන්ගෙ විෂය ක්ෂේත්‍රය වෙනුවෙන් කොයි තරම් කැප වෙලාද කියනවා නම් ඔහුගේ සොයා ගැනීමේ පර්‍යේෂණ මීයා වෙලා තියෙන්නෙත් ඔහු. නමුත් එයින් මිනිස් ජීවිත දෙකක් විනාශ වුනා. තව පොඩ්ඩෙන් ඩොගට්ගෙයි, හැරිසන්ගෙයි ඇස් අන්ධ වෙනවා, ඩොගට්ගෙ ඉලක්කෙ වැරදුනා නම් මෝල්ඩර් මැරෙන්නත් තිබ්බා. කොහොම නමුත් හැරිසන්ට එතනින්ම X ෆයිල්ස් එපා වෙලා කියලයි ඩොගට් කිව්වේ. ඒ කියන්නෙ නිල වශයෙන් දැන් X ෆයිල්ස් ගැන බලන්න ඉන්නෙ ඩොගට් විතරයි.

හැබැයි අපි හැමෝම දන්නවා මෝල්ඩර් ඒක එහෙම වෙන්න දෙන්නෙ නෑ කියලා.ඉතින් අද කතාව දිග හැරෙන්නෙ ස්කලී සහ ඇයට ලැබෙන්න ඉන්න දරුවා සම්බන්ධෙන්. ස්කලීගෙ දරුවා උපදින්න ඉඩ තියන්නෙපා කියලා කලින් ක්‍රයිචෙක්නුත් කිව්වා. ඒත් ස්කිනර් ඒකට එකඟ වුනේ නෑ. ඒ අතරේ ඔන්න අද කතාවේ ස්කලීට උදව් කරන්න කියලා කාන්තාවක් එනවා. හැබැයි එයාගෙ අරමුණ උදව් කරනෙක නම් නෙවේ.

ස්කලීගෙ ගෙදර එහෙම වෙද්දී “සියුස් ජෙනටික්ස්” එකේ ගින්නක් ඇති වෙනවා. ඇති වෙනවා කිව්වට හිතාමතා ගිනි තියනවා. සියුස් ජෙනටික්ස් කියන්නෙ කාන්තාවන්ගෙ ගර්භාෂ වල පිටසක්වල ජීවි කළල තැන්පත් කරලා ඒ ජීවීන් වර්ධනේ වෙන්න සලස්වන කට්ටිය කියලා ස්කලී කිව්වා. සත්‍ය වශයෙන්ම ස්කලීලා හැප්පෙන්නෙ මේ මොකක් එක්කද? කාත් එක්කද? අවසාන කොටසෙන් හමුවෙමු. ආයුබෝවන්!

ලිපිය : හෙළිලි හේමමාලි

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය FUM-WEB හා ඇතැම් BR, DVD පිටපත් සඳහා අදාළ වේ.

2,405 downloadsDownload X-Files-S08e20-519200402.zip108 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

2,405 downloadsDownload Subtitles108 KB

7 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. X-Files Fan

    Thanks so much bro.

  3. chandima

    dannema natuwa 20 tath awa neda... season 8 tawa kathawak witarai. season 9th oya gammenma aragabna ennako

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    තව ටිකයි...

  5. suranuwan

    thanks bro...

  6. Pramukmili

    Thanxx bro................

  7. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
    X-Files season 09 ටත් සබ් දෙන්න සහෝ.

    හැකිනම් නවතා දමා ඇති The Adventures of Sherlock Holmes කතා මාලාවේ Season 5,6,7 යන ඒවාටත් සබ් දෙන්න පුලුවන්ද? වැඩිය නෑ episodes 15 යි තියෙන්නේ සීසන් තුනටම.
    ඔබට කාල වේලා නැති නම් නවක උපසිරැසි කරුවකුට හෝ බාරදෙන ලෙස කරුණාවෙන් ඉල්ලමි.

    තව Sherlock Holmes සුපිරි චිත්‍රපට කිහිපයක් තියනවා. හැකිනම් කවුරුන් ලවා හෝ කරවා දෙන්න.

    The Sign of Four 1983
    Sherlock Holmes Smarter Brother 1975
    The Private Life of Sherlock Holmes 1970
    The Hound of the Baskevilles 1959

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.